කෙලින්ම අපි කිව්ව පවු වැඩ නොකර ඉන්න කියලා.

කොහේ හිටියත් ඉන්න දිහාවක උන්ට පාඩුවේ ඉන්න දියන් බං කුඩුවක දාලා හිරකරගෙන තියාගන්නේ නැතිව.......





යකෝ අපේ ගෙදර ඉස්සරහා කනුවක ඉන්නවා සෑහෙන්න ඕකුන්. එක පාරක් ගැනලා බැලුවාම 11ක් හිටියා. පස්සේ CEB එකෙන් අලුත් කණුවක් ගහන්න ඇවිත් ඕකේ හිටිය ගිරා පැටව් දෙන්නෙක් අරන් දෙන්න හැදුවා ඇති කරන්න කියලා. කෙලින්ම අපි කිව්ව පවු වැඩ නොකර ඉන්න කියලා. යකෝ මොන සතාවත් කැමති නෑ කූඩු වෙලා ඉන්න.







yako ahinsaka saththu kuudu karala thiya ganna epa. uba kamatida ubawa kuduwakata dala thiyanawata


ලබු ගිරව (Alexandrine Parrot) ලන්කාවෙ ඉන්න ලොකුම ගිරා වර්ගය. මේ මැතක් වෙනකම් මන් ගාව එකේ හිටිය (female). හොදට කතා කරන්නත් පුරුදු වෙලා හිටියෙ. කන්නෙ පේර විතරයි. කන්න දෙන්න ගිහින් මාව විකුනුන. දවසකර කිලෝ පේර ගෙඩි 2 ක් කනව. ඒකෙත් කන්නෙ ඇට ටික විතරයි ඉතිරි ටික හප කරල දානව.
පස්සෙ මම එයාව male කෙනෙක් ඉන්න තැනකට දුන්න. කූඩුව නම් තියනව. ඒක කීයකට හරි විකුනන්න ඕනෙ
Aei pera ata witharak kanne?මේ මාල ගිරව් දෙන්නෙක් නේද මගේ ගාවත් හිටියේ මාල ගිරවෙකුයි රෑන ගිරවියෙකුයි..(දැන් මගෙන් අහන්න එපා කොහොමද ගිරවා ගිරවි හොයා ගත්තේ කියලා..දන්න කාලේ ඉඳන්ම උන් දෙන්නට කියුවේ එහෙමයි..)
රෑන ගිරවව බලලා යන්න රෑන ගිරව් සෙට් එකක් එනවා..උන් ආවම ඇතුලේ එකා හෙනම ගේම.මාල ගිරවා ඔහේ ඉන්නවා.දවසක් බලනකොට මාල ගිරවා මැරිලා..ඌට තමා වැඩියෙන් ම ආදරෙන් හැදුවෙත් ඌ හීලැයි අනිකා හපනවා..(ගිරවගේ හොටට අහු උනාම සැප කනේ..)
ඉතින් ටික දවසක් බලලා අපි කූඩුවේ දොර ඇරියා අනිකට යන්න දවසම ඇරලා තිබ්බත් ඌට යන්න ඕන කමක් තිබුනේ නෑ..කලින් කියන්න අමතක උනා මේ ගිරවිගේ කකුලක් මොකද්ද වෙලා තිබුණේ..(ඇඟිල්ලක් කැඩිලද කොහෙද..) පස්සේ ඊළඟ දවසෙත් දොර ඇරලා තිබ්බම අර සෙට් එක ආවා වෙනදා වගේම..කොහොම හරි සෙට් එක යනකොට මූත් කූඩුවෙන් එලියට ඇවිත් උන් එක්ක ගියා..කොහොම හරි මාසයක් විතර යනකන් ඒ ගිරවා උදේ කන්න දෙන වෙලාවට තව 3න් 4ර දෙනෙක් එක්ක ආවා.ඇවිත් උගේ කූඩුවේ වහලෙ වහලා ඉන්නවා කෑ ගහ ගහ.පස්සේ එන එක නැවතුණා..සත්තු හිර කරලා හදන එක හොඳ නෑ..මොන සැප දුන්නත්..අන්තිමට මම මගේ ගාව හිටි සත්තු ඔක්කොම නිදහස් කරා..ලේන්නු 4ක් හිටියා..උන් නම් මැරෙනකන්ම වගේ අත ඇරියත් ගෙදර.හාවෝ දුන්නා දන්න දන්න උන්ට.මගේ ගාව අවු 2ක් හිටි හාවා දීපු කෙනා ගාව සතියයි හිටියේ..ඉබ්බක් හිටියා ඌ නම් උගේ පාඩුඩේ වත්ත වටේම යනවා..බල්ලත් එක්ක ගේමක් දාන් නූලෙන් බේරිලා තිබුනේ.බල්ලොන්ගෙ ජරාව ඉබ්බා කනවා..බල්ලට තද වෙන්නේ නැද්ද..
ඔය මාල ගිරව නෙමෙයි ලබු ගිරව (Alexandrine Parrot) ලන්කාවෙ ඉන්න ලොකුම ගිරා වර්ගය
yako ahinsaka saththu kuudu karala thiya ganna epa. uba kamatida ubawa kuduwakata dala thiyanawata


Kurullanta eliye arakshitha thanaka kanda daapang unta adare nang... 