ඔහු අහිමි ව වසර 24ක්-Premakeerthi de Alwis

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ඌණ පූරණය ද, අවශ්‍ය අනෙකුත් සබැදි ද ගෙන ආවාට ස්තූතියි සොයුර......

මම ඊයේ සවස 4 වන තෙක් මුවින් නොදොඩා හුනිමි.........ඒ අප අතරින් මේ මනුෂයා සිහිවන්නේ කවරෙකුට ද යන්න දෙස බලමිනි.......සවස 4 වන විටත්, අප කිසිවකුට මේ මිනිසා සිහි නොවුනි.........:(- අප කොතරම් අකෘතඥ ද???????

මා හැමදා ඔබට කියන ලෙසට අදුරේ සිටිනවාට වඩා ගිනිකූරක්වත් දැල්වීම යහපත් බව අදහමි.
එනිසා මේ හුය පළ කළෙමි..............

හැබැයි කිඹුල් සහෝ මං ඇමණුම් දෙකක ඒ ගැන සටහන් තිබ්බා. ඔබ මේ හුයේ ඒ ගැන ස්තූතිය කර තිබුනා. එයට පෙර පේ‍්‍රම කීර්ති සොරාගත්තේ මීට වසර 24 පෙර මෙවැනි රාත‍්‍රීයක කියලා මගේ පේ‍්‍රමකීර්ති ගී ගැන තියෙන හුයේ සටහනක් තැබුවා. මේ ඒ සටහන

http://www.elakiri.com/forum/showthread.php?t=1557456&page=5

මීට වසර 24 කට පෙර මෙවැනි රාත‍්‍රියක තමයි පේ‍්‍රමකීර්ති කියන සොදුරු මිනිසාව බලහත්කාරයෙන් රැගෙන ගොස් හෙට වැනි දිනක අලූයම කාලයේ ඒ කියන්නේ ජුලි 31 අලූයම මුවට වෙඩි තබා ඝාතනය කරන්නේ

හෙට 2013 ජුනි 31 දිනට පේ‍්‍රමකීර්තිව ඝාතනය කොට වසර 24 යි.

ඒත් ඝාතකයින් තවමත් නිදැල්ලේ

සියලූ දේ පැය 24 අමතක වන අපේ මිනිසුන්ට පේ‍්‍රමකීර්ති ගැන වසර 24 පෙර මතකය අමතකවීම පුදුමවිය යුතු නෑ
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හැබැයි කිඹුල් සහෝ මං ඇමණුම් දෙකක ඒ ගැන සටහන් තිබ්බා. ඔබ මේ හුයේ ඒ ගැන ස්තූතිය කර තිබුනා. එයට පෙර පේ‍්‍රම කීර්ති සොරාගත්තේ මීට වසර 24 පෙර මෙවැනි රාත‍්‍රීයක කියලා මගේ පේ‍්‍රමකීර්ති ගී ගැන තියෙන හුයේ සටහනක් තැබුවා. මේ ඒ සටහන
    http://www.elakiri.com/forum/showthread.php?t=1557456&page=5
    සියලූ දේ පැය 24 අමතක වන අපේ මිනිසුන්ට පේ‍්‍රමකීර්ති ගැන වසර 24 පෙර මතකය අමතකවීම පුදුමවිය යුතු නෑ
    ඒ ගැන මම ඔබට ප්‍රශංසා කරනවා සොයුර.......
    නමුත් හුයක් ගෙන එන හේතුව අප කියන තුරු නොමතක වුනේ ඇයි අපේ රසිකයන් හට....????
    මම අවංකව ම සිතුවා මෙයට වඩා යම් සැමරුමක් ගෙන එක හුයක් මේ වෙනුවෙන් පල වේයැයි සිතා......
    පසු ගිය දින ගනනවාක දීම මෙය සිදු වුණා.....
    අප්‍රේල් 5 - ගුණදාස කපුගේ අනුස්මරණය-එදා මගේ සසල හද විල්තෙර රේඩියෝවේ අවසන් වැඩ සටහන බැවින් මම ඒ වැඩසටහනට පෙර විනාඩි 15ක පමණ සැමරුමක් එක් කලා.
    ජූලි 7 - එච් ඇාර් ජෝතිපාලයන් මියගොස් වසර 27ක් - නිකමට හෝ හුයක් පළවූයේ නෑ.....
     
    මං 31 හුයක සටහනක් ලියන්න කියලා හිටියේ, නමුත් නොසිතු ලෙස එදා ගොඩක් කාර්ය්‍ය බහුල වුනා. එත් මං හිතුවා ඔබ හෝ සස්ලිට් හුයක් දාලා ඇති කියලා. මොකද මං දන්නවා ඔබ දෙපළ දැඩි පේ‍්‍රමකීර්ති රසිකයන් කියලා. එත් එදා හවස තමයි එළකිරි මට එන්න පුලූවන් වුනේ, ඒ වේලාවේ මං මේ හුයේ සටහනක් තැබුවා.

    මාත් විශ්වාස කරනවා මීට වඩා වැඩි යමක් විය යුතුව තිබුනා කියන එක මං හිතනවා 25 වෙනි පේ‍්‍රමකීර්ති සමරු වැඩසටහන් ලබන වසරේ අපි එකතු වෙලා එළකිරියේ කරමු.

    පේ‍්‍රමකීර්ති පිළිබඳව සිනමා පටයක් කරන්න සුදානමක් තියෙන බව දැන ගන්න ලැබුනා. ඒ පිළිබඳව විස්තර දන්නවද ? අර වැඩසටහන් බාගත කරගත හැකිද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මං 31 හුයක සටහනක් ලියන්න කියලා හිටියේ, නමුත් නොසිතු ලෙස එදා ගොඩක් කාර්ය්‍ය බහුල වුනා. එත් මං හිතුවා ඔබ හෝ සස්ලිට් හුයක් දාලා ඇති කියලා. මොකද මං දන්නවා ඔබ දෙපළ දැඩි පේ‍්‍රමකීර්ති රසිකයන් කියලා. එත් එදා හවස තමයි එළකිරි මට එන්න පුලූවන් වුනේ, ඒ වේලාවේ මං මේ හුයේ සටහනක් තැබුවා.

    මාත් විශ්වාස කරනවා මීට වඩා වැඩි යමක් විය යුතුව තිබුනා කියන එක මං හිතනවා 25 වෙනි පේ‍්‍රමකීර්ති සමරු වැඩසටහන් ලබන වසරේ අපි එකතු වෙලා එළකිරියේ කරමු.

    පේ‍්‍රමකීර්ති පිළිබඳව සිනමා පටයක් කරන්න සුදානමක් තියෙන බව දැන ගන්න ලැබුනා. ඒ පිළිබඳව විස්තර දන්නවද ? අර වැඩසටහන් බාගත කරගත හැකිද?

    මෙන්න ඔබේ රසවින්දනය සදහා වැඩසටහනේ සබැදිය............

    CB6Gf1Q.png

    ryXBQHi.png

    Click Here to Download

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ප්‍රේමකීර්ති ද අල්විස් ජීවත්ව සිටියානම්...... ලාංකීය සංගීතය සහ නිවේදන කලාව මේ වන විට වැටී සිටින මඩගොහොරුවට නොවැටෙනු ඇත.......

    ප්‍රේමකීර්ති ද අල්විස් සැමරීම වෙනුවෙන් ත්‍රෙඩ් එකක් වෙන්කළ ඔබට ස්තුතිය........

    :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    2013-03-02 දින sasliit අ‍යි‍යගේ රේඩි‍යෝ වැඩසටහනේ එතුමා ගැන කි‍යැවුනු වැකි‍යක් මගේ මතක‍යට ආවා.......

    වෙඩි පහරකින් නිසල කල පෑන් තුඩක දැවටුනු මනුස්සකම

    ඔහුව නිසල කර වසර 24ක් ගත වුනත් ඔහුගේ පෑන් තුඩින් ලි‍යැවුනු දේ සහ ඔහුගේ හඬින් සමාජ‍යට ලැබුනු දේ තවත් වසර ගණනාවක් ‍යනතුරු පවතිනු ඇති.......
    මේ ජින්ගල් එක රචනා කලේ ද, හඩ ලබා දුන්නේ ද, නිර්මාණය කලේ ද මම ය.
    එය ඔබේ හදට වැදීම ගැන මම අතිශයින් සතුටු වෙමි...........!!!!
    :D:D:D:cool:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මෙන්න ඔබේ රසවින්දනය සදහා වැඩසටහනේ සබැදිය............

    සස්ලිට් සහෝදරයාගේ වැඩසටහන ඊයේ රාත‍්‍රියේ මම සවන් දුන්නා. හොඳින් වැඩසටහන ඉදිරිපත් කරලා තියෙනවා. ගොඩක් වටිනවා ස්තූතියි ලින්කුව ලබාදුන්නාට
    11.gif
    11.gif

    කුඩා කාලේ පේ‍්‍රම් මාමාගේ වැඩසටහන් වලින් ලබාගත්ත රසවින්දනය තමයි අදත් මා තුල තියෙන්නේ කියලා මම විශ්වාස කරනවා. පේ‍්‍රමකීර්ති කියන්නේ මගේ ජිවිතයේ වීරයෙක් මෙම වැඩසටහනට පේ‍්‍රමකීර්ති ප‍්‍රකාශයට පත් කල විශේෂ ප‍්‍රවෘත්තියක් වන 1988.02.16 වන දින ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයෙන් පසුව ප‍්‍රකාශයට පත්කල ජනප‍්‍රිය නළුවෙක් වන විජය කුමාරණතුංග වෙඩි තබා ඝාතනය කල ප‍්‍රවෘත්තිය ඒක් කලා නම් වටිනවා. ඊට වසරකට පසු පේ‍්‍රමකීර්තිව එසේ වෙඩි තබා ඝාතනය කිරිම දෛවෝපගත සිදුවිමක් නොවන්නේද? මේ චරිත දෙකම ලංකාවේ ජනතාවගේ හදවතට ලංවු සොඳුරු චරිත දෙකක්

    පේ‍්‍රමකීරිති විජයට ලියනවා සහරාවේ සිහිනය වෙනුවෙන් "වළාකුලක් ගෙන" ගීතය නමුත් මේ චිත‍්‍රපටය තිරගත කරනකොට මේ
    චරිත දෙකම අප හැරගොස්, මේ ගීත රචනය වෙනුවෙන් පේ‍්‍රමකීර්ති සම්මාන හිමි වුනා නේද?
     
    Last edited:

    sanjeew1974

    Junior member
  • Feb 2, 2011
    93
    14
    8
    ප්‍රේම් ලියූ ගිත අතර මා අතිශය භාවමය කැළඹීමකට ලක් කල ගීතයක් වූයේ මෙයයි. මේ දියණියක ලද පියෙකු කවදා හෝ විදින අත්දැකීමකි. මම ද මෙය වින්දෙමි...........ඒ මගේ දඅයැණිය නිසාය.......
    අප පරිනත වන්නට වන්නට ප්‍රේම් ගේ ගීත අපට තවත් ලංවේ.............

    සුරංගනීට දුක හිතුණා..............

    තාත්තාට දුක හිතුනා