‘දෙරණ FM’ මාධ්‍යවේදියා SMS පණිවිඩයෙන් දොට්ට
August 7, 2013 at 4:01 am | lanka C news
රැකියාවේ පත්වීම දුරකථන ඇමතුමකින් ලබා දී කෙටි දුරකථන පණිවිඩයකින් තමා සේවයෙන් පහ කරන ලද බව ශ්‍රී ලංකාවේ මුල් පෙලේ මාධ්‍ය ආයතනයක ගුවන් විදුලි ශිල්පියෙක් පැවසීය.
දෙරණ එෆ් එම් සේවයේ දවසේ පුවත් පත් සමාලෝචන වැඩ සටහනක් ඉදිරිපත් කරමින් සිට වැඩ තහනමට ලක් වූ කැළුම් අමරසිංහ මේ බව කියා සිටියේය.
පත්වීම තහවුරු කැරෙන කිසිදු නිල ලියවිල්ලක් මේ වන තෙක් තමාට ලබා දී නැති මුත් දෙරණ ආයතනය විසින් සම්පත් බැංකුවේ පවත්වා ගෙන යනු ලබන ගිණුම හරහා වේතනය ලබා දුන් බව ගුවන් විදුලි ශිල්පී කැළුම් අමරසිංහ කියා සිටියි.
රතුපස්වල හමුදා ප්‍රහාරය සම්බන්ධව ලංකාදීප පුවත් පතේ පළ වූ ප්රවෘත්ති දෙකක කරුණු ඉදිරිපත් කිරීමේ දී තමා දැක්වූ අදහස් මෙම වැඩ තහනමට හේතු වී ඇති බව ඔහු කියා සිටියේ ය.
වැඩ තහනමින් අනතුරුව කරුණු විමසීමේ දී “අපිට කියල තියෙන්නෙ ජනාධිපති තුමා සහ ආරක්ෂක ලේකම්වරයා හෝ ඔවුන්ට අදාළ කිසිදු දෙයක් විවේචනය කරන්න බෑ කියල,” යන පිළිතුර වැඩසටහන් අධ්යක්ෂවරයාගෙන් තමාට ලැබුණු බව කැළුම් අමරසිංහ ප්‍රකාශ කරයි.
නමුත් එවැනි සම්මතයක් පිළිබඳව මීට පෙර තමා දැනුවත් කර නැති බවත් එය වැඩසටහන් අධ්යක්ෂවරයා විසින් ද පිළිගත් බවත් ඔහු අවධාරණය කර සිටියේය.
තමාගේ වැඩ තහනම දෙරණ ආයතනයේ ප්‍රධානියකු වන දිලිත් ජයවීරගේ නියෝගයෙන් කළ වග වැඩසටහන් අධ්යක්ෂවරයා තමාට දැනුම් දුන් බව ගුවන් විදුලි ශිල්පී කැළුම් අමරසිංහ කියා සිටියි.
- BBC
/

උඹ කොච්චර කැගැහුවත් වැඩක් නැහැ බන්. මේ පාරත් චන්දෙ උඩින්ම දිනන්නේ මහින්ද
අපේ උන්ට ළමයෙක් වඩාගෙන පපුවට ගහල කතා කලාම ඔක්කොම හරි





ප්‍රජාතන්ත්‍රවාදෙ බල්ලට....
අපි මේ පාරත් වයඹ පලාතෙන් 2/3 ක් දීලා සන්ධානෙ දිනවනවා.
පුලුවන්නම් නවත්තපල්ලා.![]()
ප්‍රජාතන්ත්‍රවාදෙ බල්ලට... බල්ලා පළාත් සබාවට..
කටු කන බල්ලන්ට තව කටු


