Robotics and Automation...Part III

ILSL

Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    හරි එහෙනම් යාලුවනේ ඔන්න අදත් ආවා.......අපි කතාකරමින් ඉන්නේ robo ලා ගැනනේ.....

    එත් ඊට කලින් අපි දැනගන්න ඕනේ දේවල් තියෙනවා කියල මම කිවනේ......

    ඔන්න මගේ කලින් නූල් 2 දැකපු නැති අයට බලාගන්න........

    Robotics and Automation...!!!

    Robotics and Automation...Part II

    අපි පටන් ගත්තනේ මුලික විද්‍යුතය(Basic Electronics) පාඩම.....අපි පසුගිය පාඩමෙන් අවබෝධයක් ගත්ත

    විදුලිය(Electricity)
    වෝල්ටීයතාවය(voltage)
    ධාරාව(Current)
    ප්‍රතිරෝධය(Resistance)
    ඕම්ගේ නියමය(Ohm's Law)


    ඔන්න ඔය දේවල් පිළිබඳව.........

    හරි එහෙනම් අද වැඩේ පටාන් ගම්මු.........

    අද කතා කරන්නේ විද්‍යුත් සන්නායක(Electrical Conductors) ගැන......

    මම ඔයාලට තේරුම් ගන්න ලේසි වෙන්න විද්‍යුත් සන්නායකයක් කියන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝන සහිත මාධ්‍යයක් කියල කිව්වට නිදහස් ඉලෙක්ට්‍රෝනවලට විතරක් නෙමේ සන්නායකතාව ඇති කරන්න පුළුවන්....

    පරමාණුව ගැන දන්නවනේ හැමෝම.....ඒක තමා ඕනෑම පදාර්ථයක තියෙන කුඩාම එහෙමත් නැත්තම් මූලික ඒකකය(Basic unit of Matter).........

    පරමාණුව ප්‍රධාන කොටස් 3යි.

    1) ඉලෙක්ට්‍රෝන(Electron) (- විද්‍යුත් ආරෝපණයක් සහිතය)
    2) ප්‍රෝටෝන(Proton) (+ විද්‍යුත් ආරෝපණයක් සහිතය)
    3) නියුට්‍රෝන(Neutron) (විද්‍යුත් ආරෝපණයක් නැත)


    ඕනෑම පරමාණුවක තියෙන ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන ප්‍රමාණය සමානයි.....ඒ කියන්නේ ඕනෑම පරමාණුවක් විද්‍යුත් වශයෙන් නිෂ්ක්‍රියයි.......

    නමුත් මේ පරමාණු එකතු වෙලා සෑදෙන සංයෝග වල විවිධ වෙනස් ආකාරයේ විද්‍යුත් ගුණ පෙන්නුම් කරනවා......ඒකට හේතුව මේ සංයෝග සැදීමට මේ පරමාණු එකිනෙක බැඳෙන ආකාරයේ තියෙන වෙනස් කම්.....(ඔය ඒ ගැන විස්තර ඇති...මේක රසායන විද්‍යාව පාඩමක් වෙනවා මෙහෙම ගියොත්)

    එතකොට හිතන්න ඔය සෑදෙන සංයෝගයක යම්කිසි හේතුවක් නිසා නිදහසේ ගමන් කල හැකි ඉලෙක්ට්‍රෝන තියෙනවා කියල.......එහෙම එකක දෙකෙලවරට අපි ඉලෙක්ට්‍රෝන වැඩි සහ අඩු කෝෂ අග්‍ර දෙකක් සවි කලොත් එහෙම.....අර ඉලෙක්ට්‍රෝන වැඩි පැත්තේ ඉන්න ඉලෙක්ට්‍රෝන ෆුල් ට්‍රයි එක දෙනවා ඉලෙක්ට්‍රෝන අඩු පැත්තට ගිහින් ඒ අඩුව පුරවන්න....පොඩි කාලේ ඉගෙනගෙන තියෙනවනේ එකම වර්ගයේ ආරෝපණ අතර විකර්ෂණ බල ඇතිවෙනවා කියල....අන්න ඒක නිසා....අර මාධ්‍යයේ ඉන්න නිදහස් ඉලෙක්ට්‍රෝන තල්ලු වෙන්න ගන්නවා අර ඉලෙක්ට්‍රෝන අඩු පැත්තට....එහෙනම් ඔයාලට තේරෙන්න ඕනේ නිදහස් ඉලෙක්ට්‍රෝන වැඩි වෙන තරමට ඔය තල්ලුවේ ප්‍රබලතාව වැඩි වෙනවා කියල.......එහෙමත් නැත්තම් විද්‍යුත් සන්නායකතාව වැඩි වෙනවා කියල.....

    තව මෙන්න මේ විදියටත් විද්‍යුත් සන්නායක මාධ්‍යක් හැදෙන්න පුළුවන්.....හිතන්න ද්‍රාවණයක් ගැන....අපි උදාහරණයකට ලුණු ජලය ගමු.....NaCl(aq)....

    ලුණු ද්‍රාවණයක Na+ සහ Cl- විදියට අයන වලට වෙන්වෙලා පවතින NaCl යම්කිසි ප්‍රමාණයක් තියෙනවා......මේ අයන වලටත් හැකියාව තියෙනවා විද්‍යුත් ආරෝපණ එහා මෙහා ගෙනියන්න...ඒ කියන්නේ මේ වගේ අයන සහිත මාධ්‍යවලත් විද්‍යුත් සන්නායක ගුණ අඩංගු වෙනවා......

    එතකොට මොකද්ද ඔය අකුණු ගහනවා කියන්නේ.....අකුණු ගහනවා කියන්නේ....වලාකුළුවල අධික ඉලෙක්ට්‍රෝන ඝනත්වය සහ පොලවේ අඩු ඉලෙක්ට්‍රෝන ඝනත්වය හේතු කොට ගෙන ඇතිවෙන විභව අන්තරය නිසා.....වලකුලේ තියෙන ඉලෙක්ට්‍රෝන අධික වේගයෙන් පොලවට පැනීම.....

    දැනුමට යමක්......

    මිනිසෙකුට මරණය ගෙන දෙන්න පුළුවන් 30mA ධාරාවක් ශරීරය හරහා ගමන් කලොත්.....සාමාන්‍ය වියළි මිනිස් ශරීරයක ප්‍රතිරෝධය 100,000Ω පමණ වෙනවා......

    එහෙනම් V= IR වලට අනුව V = (30 x 10^-3).(1 x 10^5) V = 3000V

    3000V විභව අන්තරයකට සාමාන්‍ය වියළි මිනිහෙක් මරණයට පත් කරන්න පුළුවන්.....

    සාමාන්‍ය තෙත මිනිස් ශරීරයක ප්‍රතිරෝධය 1,000Ω පමණ වෙනවා......

    එහෙනම් V= IR වලට අනුව V = (30 x 10^-3).(1 x 10^3) V = 30V

    30V විභව අන්තරයකට සාමාන්‍ය තෙත මිනිහෙක් මරණයට පත් කරන්න පුළුවන්.....

    සැයු: ඒක හින්ද නාන ගමන් ඉන්න උන්ට current වද්දන්න එහෙම යන්න එපා....හිරේ ගිහින් තමා නවතින්න වෙන්නෙ....

    හැබැයි ඔය අතරේ අසාමාන්‍ය මිනිස්සුත් ඉන්නවා......:shocked::shocked::shocked:



    ඔයාලට මතක ඇති මම සන්නායක ගැන කියද්දී කිව්වා විද්‍යුත් සන්නායකත් කොටස් කීපයකට වෙන් කරලා දක්වන්න පුළුවන් කියල........

    අපි බලමු ඒ වර්ග මොනවද කියල.......

    මේ වර්ග කිරීම සිදු වෙන්නෙ ද්‍රව්‍ය සතුව පවතින නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය මතයි....

    විද්‍යුත් සන්නායක (Good Conductors)
    විද්‍යුත් පරිවාරක (Bad Conductors)
    අර්ධ සන්නායක (Semiconductors)
    සුපිරි සන්නායක (Superconductors)


    අපි ඊළඟ පාඩමෙන් තව විස්තර දැන ගනිමු......අදට මම ගියෝ.......
    වැඩේට ඉතින් ලොකු මහන්සියක් වෙනවා....සලකල යන්න ඉතින්......:yes::yes::yes:
     

    ILSL

    Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    මෙන්න අලුත් පාඩම දැම්ම..:):):).කට්ටිය බලල හොදද කියන්ඩකෝ වැඩේ.....වැඩේ දිගටම කරන් යන්න හොද සප් එකක් ඕනේ ඉතින්.....:yes::yes::yes:

    දන්නවනේ කොහොමද සප් එක දෙන්නේ කියල......;););)
     
    • Like
    Reactions: elama tama

    tharindunisal

    Member
    Dec 12, 2008
    1,009
    95
    0
    Sri Lanka
    එලකිරි අය්යේ
    11.gif
    11.gif
    11.gif

    5+