DIY project HELP - HONDA RESTORATION

kukkupatiya

Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මචන්ලා මට හම්බ උනා පරණ හොන්ඩා ජුලෝනා බයික් එකක් CM125T එකක් 1986 හදපු පට්ට බාන්ඩයක්

    44fe0a56-44e3-11e2-81f4-123143013573.jpg


    HONDA JAPAN CM125 1986 NON CUSTOM RESTORATION PROJECT HELP :(

    මේකේ එන්ගිමේ පිස්ටන් දෙකම මාරු කරනන් ඕන. හරියට වැඩේ කරනා බාස්කෙනෙක් හැමතනම බැලුව හොයාගන්ට නැහැ. හෙමින් සීරුවේ මේක හදාගන්න තමයි ඕනි. මන් කියන්නේ තිතටම හදාගන්න ඕනි. තිත කියන්නේ ෆැක්ටරියෙන් අලුතෙන් ගත්තු ගානට හදාගන්න.

    හැම බාසටම බඩයන හදිස්සිය නිකන් අමුණලා දාන්න තමයි උන් බලන්නේ. බාස්ගේ ගාන 800යි එත් මේක ලක්ෂ ගානක් පැදලා තියෙන නිසා එන්ගිමේ ඔක්කොම චෙක් කරගන්න.. තිතටම හදාගන්නකන් හිතට අප්සට් වගේ. බාස්ලා උඩින් පල්ලෙන් බලන්නේ.

    මන් කල්පනා කරා මේක ගොඩගන්න DIY project එකක් විදිහට සම්පුර්ණයෙන් restore කරන්න. CD125, CD185, CD200 CM125, CM250, CB 250, වගේ පරණ සද්දන්ත ඉන්ලයින් ට්වින් එන්ගින් තියෙන හැමෝටම ලොකු උපකාරයක් වෙයි කියල මන් හිතනවා.


    හැමෝටම ප්‍රොයෝජනවත් වෙන දෙයක් නිසා Youtube VIDEO project එකක් වගේම step by step වෙබ් එකට දාන්න හිතාගෙන ඉන්නේ.

    project ප්ලෑන් එක

    1) එන්ගිම මස් කිරීම - අඩුපාඩු බැලීම
    2) චැසිය පෑස්සීම
    3) මද්ගාඩ් සහ අනික් කොටස් ක්‍රෝම් ආලේපිත කිරීම
    4) 12v CDI කිරීම - මේ බයික් එක එන්නේ 6v සිස්ටම් ප්ලැට්නම් ඉග්නිසියන් සිස්ටම් එකක් ඉතින් බැටරිය මාස 6න් සවුත්තු වෙනවා හරියට චර්ජ් වෙන්නෙත් නැහැ කල්පනා කලේ මේක 12v කරන්න CDI වලට මාරු කරන්න. එන සතියේ ඉඳල මන් වයරින් ටික ගෙදරම හදන්න බලාපොරොත්තු වෙනවා.
    5) ගෙදරදීම පේන්ට් කිරීම

    මේ ප්‍රොජෙක්ට් එක තනියම කරගන්න මට කාගෙන් හරි මෙටිකට උදව්වක් ඕනි වෙනවා.

    1) එන්ගිම පලු කරන්න මන් ගාව අවශ්‍ය උපකරණ (ටුල් කිට්) එකක් නැහැ (තියෙන බඩු මදි)
    2) එන්ගිම මස්කරන්න යන්තම් තාක්ෂණික දැනුම ඇති කෙනෙක් ඕනි

    මට මේක කරගන්න ලොකු උදව්වක් වෙන්න පුළුවන් යාලුවෙක් ඉන්නවා නම් මට PM එකක් දාන්න :baffled: කන්න බොන්න දීලා හොඳට සලකන්නම් :P
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,360
    22,008
    113
    Gotland
    හොන්ඩා ජුලෝනා = ජුන්ඩා හොලවනා

    උඹේ කතැහිත.. එකා හෙලෙව්වයි කියල මක්කයි වෙන්නෙ
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ade maru macho.meke kastiya oyata udaw karai. macho ooke chorme paint karanne kohomada ? bump
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ade maru macho.meke kastiya oyata udaw karai. macho ooke chorme paint karanne kohomada ? bump

    ක්‍රෝම් පේන්ට් එක තියෙනවා නැත්නම් නිකල් කරන්නත් පුළුවන් (විද්‍යුත් විච්චේදනය :eek:) මාලිගාවත්තේ තැන් තියෙනවා මචං :rofl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,360
    22,008
    113
    Gotland
    ක්‍රෝම් පේන්ට් එක තියෙනවා නැත්නම් නිකල් කරන්නත් පුළුවන් (විද්‍යුත් විච්චේදනය :eek:) මාලිගාවත්තේ තැන් තියෙනවා මචං :rofl:

    ක්‍රෝම් පේන්ට් එකෙහි මිල ගණන් කොහොමද ?

    විද්‍යුත් විච්චේදනයෙන් ප්ලේට් කීරමක් අත්හදා බැලීමට සිතේ. ඒ සඳහා ක්රෝමික් ඇසිඩ් ලංකාවේ මිලදී ගැනීමට තිබේද ?
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    හොන්ඩා ජුලෝනා = ජුන්ඩා හොලවනා

    උඹේ කතැහිත.. එකා හෙලෙව්වයි කියල මක්කයි වෙන්නෙ

    ඔය බයික් දැක්කම පොළවල් වල මුදලාලිලා හොන්ඩ ජුලව ජුලව එන්නේ :lol::lol:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,359
    17,282
    113
    Auckland
    ඕක නුවර අරන් ආව නම් බ්‍රෑන්ඩ්නිව් වගේ කර ගන්න පුලුවන්. අපේ එවුන් ඉන්නව XR එකත් ගෙදරම මස් කරල ගොඩ දාපු එවුන්. මගෙත් තියනව ජුලවාලා 128- CG125 එකක්. එකෙ engine නම් සුපිරි. පොඩි වැඩ තියනව. දත තමා නැත්තෙ ගොඩ දාගන්න. ඒක මගේ යාලුවෙක් මාලබෙ උස්සන් ගියා පදින්න:lol:
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ඕක නුවර අරන් ආව නම් බ්‍රෑන්ඩ්නිව් වගේ කර ගන්න පුලුවන්. අපේ එවුන් ඉන්නව XR එකත් ගෙදරම මස් කරල ගොඩ දාපු එවුන්. මගෙත් තියනව ජුලවාලා 128- CG125 එකක්. එකෙ engine නම් සුපිරි. පොඩි වැඩ තියනව. දත තමා නැත්තෙ ගොඩ දාගන්න. ඒක මගේ යාලුවෙක් මාලබෙ උස්සන් ගියා පදින්න:lol:

    cg එකත් රී ස්ටෝරේ කළා නම් මරු
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,359
    17,282
    113
    Auckland
    cg එකත් රී ස්ටෝරේ කළා නම් මරු

    eka restore karannama thiyana ekak. Duwala na ,mokakda charity ekakin brandnew aran paththaka dala thibba ekak. Engine 99% 1 kick start. Chrom karala paint karala Cafe racer karanna puluwan. Mage plan ekak thibba. Eth salli na okata danna.