Rail Hike Hatton To Thalawakelle

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    අපේ කට්ටියම නැති උනත් නිවාඩු දවස් ටිකක ලංකාවේ ලස්සනම පැත්තකට යන්න මම තීරණය කලා. ඔයාලා අහලා තිබුනට, කෝච්චියේ යද්දී දැකල තිබුනට මම හිතනවා කව්රුත් මේ ගමන ගිහිල්ල නැතුව ඇති කියලා.

    මගේ දවස් පහක සංචාරයේ පළමු දවස ගෙවුනේ හැටන් සහ තලවකැලේ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ.

    මේ ගමන සඳහා මගෙත් එක්ක එකතු උනේ මගේ හොදම යාලුවෙක් වගේම එළකිරි member TKNanayakkara.

    අපි උදේ තලවකැලේ මගේ යාළුවගේ ගෙදරින් පිටත් උනා. 10.20 ට තලවකැලේ දුම්රිය ස්ථානයට එන කොළඹ බලා ධාවනය වන දුම්රියෙන් තමයි අපේ ගමන ඇරඹුණේ.

    තලවකැලේ පසුකරනවත් එක්කම අපිට හමුවන පළමු tunnel එක. T No 15.

    9640609565_27c538e78b_c.jpg

    9640608655_3195418376_c.jpg

    විනාඩි 30 ක විතර ගමනකින් පස්සේ අපි හැටන් දුම්රිය ස්ථානයට ආවා.

    9640608279_d3906e32e7_c.jpg

    9643843748_2cedf91a2f_c.jpg

    9643843014_4b2507c93a_c.jpg

    ඔන්න එහෙනං කකුල් දෙකට වැඳලා අපේ පළමු ගමන පටන් ගන්නයි හදන්නේ.

    9643843350_edac326a2a_c.jpg

    9640607003_6eba2e7d08_c.jpg

    මේ අපි නෙමෙයි.....:P:P

    9643842448_ba191a1bbe_c.jpg

    හැටන් දුම්රිය ස්ථානයේ ඉදල 200m විතර එනකොට අපේ ගමනේ හොදම අවස්ථාව හම්බවෙනවා.ඒ තමයි ලංකාවේ දිගම tunnel එක. ඔන්න වංගුව හැරෙනවත් එක්කම දිගට දිගේ තියෙනවා.

    9643841984_53ca681964_c.jpg

    මේ tunnel එක හදුන්වන්නේ Singamalay tunnel එක කියලා. දිගින් 530m විතර වෙනවා. 530m කියන්නේ ලේසි පහසු දිගක් නෙමෙයි කියල තේරුනේ ඇතුලේ ඇවිදිනකොට තමයි. යනවා යනවා ඉවරයක් නෑ.

    9640605821_736142aa90_c.jpg

    9643841180_9285ae41b8_c.jpg

    සැහෙන දුරක් ආවට පස්සේ ඔන්න අපිට එලිය පෙන්න පටන් ගත්තා.ඒ වෙලාවේ තමයි මගේ හිතට සැනසීමක් දැනුනේ.

    9643846208_04fb04b0ac_c.jpg

    9643840866_f3d7ee3270_c.jpg

    Tunnel Arts............:baffled::baffled:

    9643846696_af64c2735f_c.jpg

    අපේ ගමන අපි යනවා අපේ පාඩුවේ.....

    9640604595_0ae31da639_c.jpg

    අපිට අගයක් නැති අපේ රටේ ලස්සන......

    9643845204_355ca9c253_c.jpg

    9643844990_c03ac5bb06_c.jpg

    9643840058_65b95e486f_c.jpg

    9640603501_50e73df003_c.jpg

    9640603163_21d5e26ae6_c.jpg

    9643838462_f2122129dd_c.jpg

    9640601703_18ebbbe1e5_c.jpg

    9643837060_e67a9db969_c.jpg

    මේ ගමනේදී දවසකට කෝච්චි 2ක් විතර හම්බවෙනවා. සද්දේ ඇහෙනකොට අයින් වෙන්න පුළුවන් තැනක් හොයාගෙන අයින් වෙලා ඉන්න ඕනේ.....

    මෙන්න පොඩි පිස්සු වැඩ ටිකක්....... ;);)

    9643847056_cd85e25b24_c.jpg

    9643838106_397653a467_c.jpg

    පාලමක්......පාලමක් කිව්වට මේකේ යන්න වෙනම ගේමක් දෙන්න ඕනේ.....

    9643836656_0e95b2faa3_c.jpg

    9643836292_71dc0b4978_c.jpg

    කොටගල දුම්රිය ස්ථානයත් පහුකරලා අපි තලවකැලේ පැත්තට එනකොට පේන දියඇලි ගැන විස්තර වෙනම thread එකකින් දාන්නම්.. ඉතින් දිගටම රේල් පාරේ එනකොට අපිට පේනවා ඉහල කොත්මලේ Dam එක.ඉතින් අපි රේල් පාරෙන් ටිකක් එලියට ඇවිල්ලා ගියා Dam එක උඩින් බලන්න.....

    9643834688_42e350b36f_c.jpg

    අපේ වාසනාවකට එදා වාන් දොරටු ඇරලා තිබ්බේ.

    9640600193_4f7ce0bf19_c.jpg

    9643835568_ba0aa154a9_c.jpg

    9643835154_e960c3611f_c.jpg

    Dam එක බල බල ඉද්දි ඔන්න යනවා උදේ 5.50 ට කොටුවෙන් එන පොඩි මැණිකේ...

    9640598293_078c1e6bde_c.jpg

    9640611505_a0ba0ef867_c.jpg

    මෙන්න මෙහෙම තමයි අපේ පළමු දිනයේ සංචාරය ඉවර උනේ. ඇත්තටම හැමදාම යන තැන්වල යනවට වඩා මේ වගේ ගමනක් ගිහිල්ල අපිට ගොඩක් ලස්සන දේවල් බලාගන්න පුළුවන් උනා.
    මේ අපේ ගමනේ එක දවසක් විතරයි. ඉතුරු දවස් ටිකත් පුළුවන් තරන් ඉක්මනට දාන්න බලාපොරොත්තු වෙනවා....

    ipcu9i.jpg

    Read our all articles and old posts
    http://www.teamtraveler.info

    We Highly Appreciate Your Ideas..
    send your Suggestions and ideas :-

    [email protected]

    Last edited:

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    අඩෝ අපිත් රේල් හයික් එකක් යන්න හිතාගෙන ඉන්නේ මේ මාසේ අන්තිම වගේ,ඉදල්ගස්හින්න පැත්තේ අර කඩියා එහෙම ගිහින් තිබ්බේ,නමුනුකුලත් ට්‍රයි එක දෙනවා,උබ දන්නවත් ඇති අන්තිමටම කඩියා සෙට් කරපු බෙලිහුල් ඔය කැම්පින් ට්‍රිප,හාවගල. මැරෙන්නේ නැතුව ආවේ පෙර පිනකට.මට මතක විදියට එදා පාර අහගන්නද කොහෙද උබට කෝල් කලා බන්ඩා හරි කඩියා හරි. කියන්න වචන නැහැ මචන් මාරම ලස්සනයි. ඉදල් ගස්හින්නේ තව යන්න පුළුවන් උබ දන්නා තැන් දන්නවනම් කියපන්. ෆොටෝස් ටික නම් සුපිරි,තව ටිකෙන් ඒක කියන්න අමතක වෙනවා.
     
    බණ්ඩා මට තමයි කෝල් කලේ මචන්. උබල නිවාඩු තියෙනවා නං වරෙන් හවාගලට ටිකක් එහා තියෙනවා ආදර කන්ද. කිසි අව්ලක් නෑ නගින්න පුළුවන්. හැබැයි දැන් නං වැස්ස පටන් ගත්ත.

    ඉඩල්ගස්හින්නේ බලන්න තව තියෙන්නේ තේ වත්ත පැත්ත තමයි මචන්. හපුතලේ ගියා නං Lipton's seat යන්න පුළුවන්.
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    බණ්ඩා මට තමයි කෝල් කලේ මචන්. උබල නිවාඩු තියෙනවා නං වරෙන් හවාගලට ටිකක් එහා තියෙනවා ආදර කන්ද. කිසි අව්ලක් නෑ නගින්න පුළුවන්. හැබැයි දැන් නං වැස්ස පටන් ගත්ත.

    ඉඩල්ගස්හින්නේ බලන්න තව තියෙන්නේ තේ වත්ත පැත්ත තමයි මචන්. හපුතලේ ගියා නං Lipton's seat යන්න පුළුවන්.

    ආදර කන්ද අනිවා නගින්න ඕන මචන්,නිවාඩු තමයි බන් අවුල නැත්තම් ලංකාවේ බලන්න යන්න තැන් නම් ඕන තරම් තියනවා.ලිප්ටන් සීට් උබ ගියාද? මම නිකම් ලක් දසුන් එකේ බැලුව. පොඩි විස්තරයක් නම් තියනවා. හපුතලේ,බෙලිහුල්ඔය චා වෙලාද වැස්ස ට?
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ආදර කන්ද අනිවා නගින්න ඕන මචන්,නිවාඩු තමයි බන් අවුල නැත්තම් ලංකාවේ බලන්න යන්න තැන් නම් ඕන තරම් තියනවා.ලිප්ටන් සීට් උබ ගියාද? මම නිකම් ලක් දසුන් එකේ බැලුව. පොඩි විස්තරයක් නම් තියනවා. හපුතලේ,බෙලිහුල්ඔය චා වෙලාද වැස්ස ට?
    මේ ටිකේ හවසට ටිකක් වහිනවා මේ පැත්තට. හැබැයි එච්චරම තදට නෑ. හපුතලේ පැත්තෙත් වහිනවා ඇති මෙහෙට වහිනවා කියන්නේ.

    ලිප්ටන් seat මට නං යන්න බැරි උනා. මගේ යාලුවෝ ටිකක් ගියා.තව ඇඩිසම් පැත්තේ යන්නත් පුළුවන් හපුතලේ ගියොත්......