A/L pass wemu(science)

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේක දාන්න තිබ්බේ මීට අවුරුදු ගානකට කලින්. කිසිම මගුලක් හරියට දැනගන්නේ නැතුව AL maths කරන්න ගිහිල්ලා කෙලෝ ගත්තා. ඒ කාලේ පාඩම් කරන්න ඕන කොහොමද කියලා කියන්න කවුරුවත් හිටියේ නෑ. ඕලෙවල් වලට ඒ 8 ක් තිබ්බ හින්දා හිතුවා කොල්ලා එකෙන්ම මොරටුවේ eng යනවා කියලා. අයියෝ සල්ලි.
    මොනා උනත් ඉස්සරහට ඉගෙනගන්න ඉන්න නංගිලා මල්ලිලාට හොඳ උපදෙස් ටිකක්.
     
    • Like
    Reactions: Good Heart

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    bump kukul
    thanx for the bump kukul
    GOOD POST:cool:
    :cool:
    elaz.. np:D
    thanx mottayo:D
    මේක දාන්න තිබ්බේ මීට අවුරුදු ගානකට කලින්. කිසිම මගුලක් හරියට දැනගන්නේ නැතුව AL maths කරන්න ගිහිල්ලා කෙලෝ ගත්තා. ඒ කාලේ පාඩම් කරන්න ඕන කොහොමද කියලා කියන්න කවුරුවත් හිටියේ නෑ. ඕලෙවල් වලට ඒ 8 ක් තිබ්බ හින්දා හිතුවා කොල්ලා එකෙන්ම මොරටුවේ eng යනවා කියලා. අයියෝ සල්ලි.
    මොනා උනත් ඉස්සරහට ඉගෙනගන්න ඉන්න නංගිලා මල්ලිලාට හොඳ උපදෙස් ටිකක්.
    ehemada.man danne a/l karala iwara.aulak nane.thanx for the comment:)
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    1st page

    NH4+ අයන හඳුනා ගැනීම

    • NH4+, භෂ්ම සමඟ රත් කළ විට NH3 වායුව පිට කරයි
    • NH4Cl(aq) + NaOH(aq) ---------→ NaCl(aq) + H2O(l) + NH3(g)
    • (NH4)2SO4(aq) + KOH(aq) ---------→K2SO4(aq) + H2O(l) + NH3(g)

    පිටවන NH3 හඳුනා ගැනීම

     රතු ලිට්මස්-------→ නිල් පාට
     HCl බෝතලේ මූඩිය අසළ දී සුදු දුමාරයක් (NH4Cl) ලබාදේ.
     නෙස්ලර් ප්‍රතිකාරකය සමඟ දුඹුරු පාටක් ලබාදේ


    සියළුම NH4+ ලවණ ජල ද්‍රාව්‍ය වේ. මේ නිසා අවක්ෂේපන ක්‍රම වලින් NH4+ ලවණ හඳුනාගත නොහැක.

    ගොනුවේ ලෝහ කැටායන ජලීය ද්‍රාවණ වලදී දක්වන වර්ණ

     Sc3+ , Zn2+} අවර්ණ
     Ti3+ , Cr3+ , Mn3+ , V2+} දම්
     Fe2+ , Ni2+ , V3+ } කොළ
     Cu2+} නිල්
     Fe3+} කහ
     Co2+ , Mn2+}රෝස
     Cr2+} නිල් පාටයි. ස්ථායි නැත
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    2nd page

    ඇනායන සඳහා පරීක්ෂණ

    තනුක අම්ල සමඟ වායු පිටකරන ඇනායන

    1) S 2- + H+ ----------→ H2S
    2) SO3 2- + H+ --------→ SO2
    3) S2O3 2- + H+ ---------→ SO2 + S ↓ (ලා කහ පාට)
    4) CO3 2- + H+ ----------→ CO2
    5) NO2 - + H+ ----------→ NO2 (දුඹුරු)
    අමතරව,
    6) HS- + H+ -----------→ H2S
    7) HSO3- + H+ -----------→ SO2
    8) HCO3- + H+ -----------→ CO2


    පිටවන වායු තහවුරු කිරීම

    1) H2S බව

     H+/KMnO4 + H2S --------------→ S තැන්පත් වේ. දම්-----→ අවර්ණ
     H+/Cr2O7 2- + H2S ------------→ තැඹිලි -----→කොළ
     Pb(CH3COOH)2 + H2S ---------→ කළු (PbS) / Cd(CH3COOH)2 + H2S -------→CdS (කහ)

    2) SO2 බව

     H+/Cr2O7 2- --------→තැඹිලි ---→ කොළ පාට වී පසුව පැහැදිලි ද්‍රාවණයක් ලැබේ.
     වර්ණවත් මල් පෙති + SO2 ------→ විවර්ණ
     H+/MnO4- + SO2 ------------→ දම් ----→ අවර්ණ

    3) CO2 බව

     CO2 වායුව හුණු දියර [Ca(OH)2 ] තුළට යැවූ විට , හුණු දියර කිරි පාට වී පසුව අවර්ණ ද්‍රාවණයක් ලබාදේ.
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    3rd page

    සාන්ද්‍ර H2SO4 සමඟ වායු පිටකරන ඇනායන

    1) Cl- -----------→ HCl (g) [ සාන්ද්‍ර H2SO4 වලට ඔ'කරණය කළ නොහැක ]
    2) Br- ----------→ Br2 (g) රතු දුඹුරු පාට
    3) I- ----------→ I2 (g) දම්
    4) C2O4 2- ---------→ CO2 (g) + CO (g)
    5) CH3COO- -------→ CH3COOH (g)
    6) NO3- ------------→ NO2 (g) දුඹුරු

    පිටවන වායු තහවුරු කිරීම

    1) HCl

     AgNO3 තුළට යවා NH3 යෙදීම → AgCl ↓ සුදු
     NH3 බෝතලේ මූඩිය සමඟ → NH4Cl සුදු දුමාරය

    2) Br2

     SO2 තුළට යැවීම → Br2 වල රතු දුඹුරු පාට නැතිවී යයි
     භෂ්ම (NaOH) තුළට යැවීම → Br2 වල රතු දුඹුරු පාට නැතිවේ

    3) I2

     පිෂ්ඨය සමඟ → දම් පාටක් ලබාදේ
     KI (aq) සමඟ → KI3 (රතු දුඹුරු පාට සංකීර්ණය)
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    4th page

    සල්ෆර් වල ඹක්සි ඇනායන හඳුනාගැනීම


    1) SO3 හඳුනාගැනීම

     SO3 2-(aq) + තනුක HCl(aq) --------→ SO2 පිටවේ.
     SO3 2-(aq) + Pb(CH3COO)2(aq) ------→ PbSO3 ↓(s) -------∆------→ PbSO4(s) ↓ සුදු

    2) SO4 2- හඳුනාගැනීම

     SO4 2- (aq) + BaCl2(aq) --------- වැඩිපුර තනුක HNO3------→BaSO4 (s)↓ සුදු

    3) SO4 2- හා SO3 2- වෙන්කර හඳුනාගැනීම

     SO4 2-(aq) + BaCl2 (aq) --------→ BaSO4(s) සුදු--------- තනුක HNO3--------→BaSO4(s) ↓ සුදු
     SO3 2- (aq) + BaCl2 (aq) --------→ BaSO3(s) සුදු--------- තනුක HNO3--------→ දියවී යයි

    4) S2O3 2- හඳුනාගැනීම

     S2O3 2-(aq) + තනුක HCl (aq)-------------→SO2(g) පිටවේ. S තැන්පත් වේ
     S2O3 2-(aq) + Pb 2+(aq) ---------------→PbS2O3(s) ↓ සුදු -------∆------→PbS (s) ↓ කළු + SO3 (g)
     S2O3 2- (aq) + Ag+ (aq) ---------→ Ag2S2O3(s) ↓ සුදු + H2O (l) ------→Ag2S (s) කළු + H2SO4(aq)
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    5th page

    I- හඳුනාගැනීම

     (aq) + AgNO3(aq) ----------→AgI(s) කහ + NO3-(aq)
     AgI (s) + වැඩිපුර සාන්ද්‍ර NH3(aq) ----------→ x

    I- , Cl2 හා CCl4

     2I- (aq) + Cl2 (aq) -------------→ I2 (CCl4 තුළ) + 2Cl-(aq)

    PO4 3- හඳුනාගැනීම

     මිශ්‍රණය /ලවණය →වැඩිපුර සාන්ද්‍ර HNO3 සමඟ දුඹුරු පාට වායුව පිටවීම නතර වනතුරු රත් කිරීම→ වැඩිපුර(NH4)2MoO4 සමඟ රත් කිරීම→(NH4)3PO4.12MoO3.6H2O(ඇමෝනියම් පොස්ෆො මොලිබ්නේට්) කහ පාට ↓

    හේලයිඩ අයන හඳුනාගැනීම

    1) Cl - හඳුනාගැනීම

     Cl - (aq) + AgNO3(aq) -----------→ AgCl(s) සුදු + NO3 -(aq)
     AgCl (s) + වැඩිපුර තනුක NH3(aq) -----------→ Ag(NH3)2Cl (aq)අවර්ණ

    ක්රෝමයිල් ක්ලෝරයිඩ් පරික්ෂාව

    Cl – (aq) + K2Cr2O7(aq) + සාන්ද්‍ර H2SO4(aq) --------→ CrO2Cl2(g) රතු දුඹුරු
    CrO2Cl2(g)------NaOH යෙදීම-------→NaCrO4(s) කහ -------BaCl2 යෙදීම ------→BaCrO4(s) කහ

    2) Br- හඳුනාගැනීම

    Br -(aq) + AgNO3 (aq) -------------→ AgBr(s) සුදු + NO3 –(aq)
    AgBr(s) + වැඩිපුර සාන්ද්‍ර NH3(aq)---------→Ag(NH3)2Br(aq) අවර්ණ
    Br - + Cl2 + CCl4 යෙදීම
    2Br –(aq) + Cl2(aq) --------→Br2(CCl4) රතු දුඹුරු / තැඹිලි + 2Cl –(aq)

    3) NO3- හඳුනාගැනීම

     NO 2- හෝ NH4+ නොමැති නිදර්ශකයකට Al කුඩු(Zn/Deverda) සහ NaOH යොදා රත් කළ විට NH3 වායුව පිටවේ නම් එහි NO3 - ඇත.
     දුඹුරු වලය පරික්ෂාව → NO3 - ජලීය ද්‍රාවණයකට සීතල FeSO4 යොදා එයට පරික්ෂා නලයේ බිත්තිය දිගේ ගලාගෙන එන පරිදි සාන්ද්‍ර H2SO4 දමන විට ද්‍රාවණ 2 හමුවන ස්ථානයේ දුඹුරු වලයක් ඇතිවේ.[Fe(NO)SO4]
     NO3 – (aq) + සාන්ද්‍ර H2SO4 ---------→ NO2 (g) ↑ දුඹුරු
     NO3 - + සාන්ද්‍ර H2SO4 -------→ලැබෙන ද්‍රාවණය (HNO3) --------තඹ කැබලි/සුරුටු --------→ Cu(NO3)2 නිල් පාට ද්‍රාවණය + NO2 (g) ↑ දුඹුරු
     සියළුම NO3 - ලවණ ජල ද්‍රාව්‍ය වේ
     REMEMBER !!! NO3- සහ Br- වලට සාන්ද්‍ර H2SO4යෙදූ විට දුඹුරු පාට වායු පිටවේ (NO2,Br2)
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    6th page

    කැටායන සඳහා පරීක්ෂා

    විශ්ලේෂණික කාණ්ඩ අංක 1 හි කැටායන තහවුරු කිරීම

    1) AgCl ↓සුදු -------- වැඩිපුර NH4OH-----→[Ag(NH3)2]Cl අවර්ණ
    2) PbCl2 ↓සුදු * උණු ජලයේ දියවන අතර සුදුපාට අවක්ෂේපය සිසිල් වන විට ඉඳිකටු වැනි අවක්ෂේප සෑදේ
    3) Hg2Cl2 ↓සුදු -------- වැඩිපුර NH4OH-----→ Hg ↓ කළු

    * AgCl සුදු අවක්ෂේපය වැඩිපුර ජලීය NH3(NH4OH)වල සම්පූර්ණයෙන් දියවී අවර්ණ ද්‍රාවණයක් ලබාදේ.

    *අවක්ෂේපයක Pb වල හේලයිඩ උණු ජලයේ හොඳින් දියවේ

    පහන්සිළු පරීක්ෂාව

    ලෝහය දැල්ලේ වර්ණය

    • Li - රතු
    • Na - කහ
    • K - දම්
    • Rb - තද රතු
    • Cs - ලා නිල්
    • Ca - තැඹිලි
    • Sr - ක්‍රිම්සන් රතු
    • Ba - ලා කොළ
    • Cu - තද කොළ

    පරීක්ෂාව........................................Fe2+............................................Fe3+

    1) NH4OH හෝ NaOH යෙදීම.... Fe(OH)2 ↓ කොළ..........................Fe(OH)3↓ දුඹුරු
    2) (NH4)2S යෙදීම .................. FeS ↓ කළු.....................................Fe2S3 ↓ තද කළු
    3) K3[Fe(CN)6] යෙදීම ............. KFe[Fe(CN)6](aq) ප්‍රශියන් නිල්.......Fe[Fe(CN)6] (aq)දුඹුරු
    4) K4[Fe(CN)6] යෙදීම ............. K2Fe[Fe(CN)6] ↓ සුදු.......................KFe[Fe(CN)6](aq) ප්‍රශියන් නිල්
    5) NH4SCN යෙදීම ...................X.................................................[Fe(SCN)n]-m n=1,2,3,4 ලේ රතු
    6) සැලිසිලික් අම්ලය යෙදීම..........X................................................. දම් පාටක් ලැබේ

    Al 3+ හඳුනාගැනීම

    1)අඟුරු කුට්ටි පරික්ෂාව

    ලවණය + අඟුරු කුට්ටිය + ∆------→ ශේෂය------Co(NO3)2(aq) + ∆----→CoO.Al2O3(s) තේනාඩ් නිල්

    2) Al3+(aq) -----NH4Cl , NH4OH---→ Al(OH)3 සුදු (s)↓------- වැඩිපුර NH4OH---→ දිය නොවේ

    3) Al3+(aq) --------NaOH-----→Al(OH)3 (s)↓ සුදු --------------- වැඩිපුර NaOH -----→ දියවේ

    Sb 3+ හඳුනාගැනීම

    Sb3+(aq) ------ තනුක HCl , H2S---→Sb2S3 (s)↓ තැඹිලි------ වැඩිපුර HCl---→ දියවේ ( දියවී අවර්ණ ද්‍රාවණයක් ලබාදේ)
    Sb3+(aq)-----(i) වැඩිපුර HCl , (ii) ජලය යෙදීම----→SbOCl (s) සුදු↓ (SbO+ Cl-)
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    7th page

    Cu 2+ සඳහා පරීක්ෂා

    a) Cu2+(aq) ------H2S--------→CuS (s) කළු
    b) Cu2+(aq)------NaOH(aq)-----→Cu(OH)2 (s)නිල්-- වැඩිපුර NaOH---→ දිය නොවේ
    Cu(OH)2 (s)නිල්---------∆--------→CuO (s) කළු ↓
    c) Cu2+ (aq)------NH4OH(aq)------→Cu(OH)2 (s) නිල්----- වැඩිපුර NH4OH---→[Cu(NH)4]2+(aq)

    Cr 3+ සඳහා පරීක්ෂා

    a) Cr3+ ----NH4OH(aq) , NH4Cl----→Cr(OH)3 කොළ ----- වැඩිපුර NH4OH---→ දිය නොවේ
    b) Cr3+----NaOH (aq) ----→ Cr(OH)3 කොළ-------- වැඩිපුර NaOH----→ දියවේ. හේතුව-:Cr3+ උභය ගුණී නිසා Na3CrO3 / NaCrO2 ලවණය සෑදේ.( ඔ'කරණ අංකය වෙනස් නොවේ)
    c) Cr3+--------NaOH(aq) , H2O2----→CrO4 2-(aq) කහ
    CrO4 2-(aq) කහ----H+ --→Cr2O7 2- තැඹිලි------OH- ------→ CrO4 2-(aq) කහ

    Co 2+ සඳහා පරීක්ෂා

    1)ජලීය NH3(aq)/(NH4OH) ක්‍රමයෙන් එකතු කිරීම→ රෝස / නිල් පාට අවක්ෂේපයක් ලැබී වැඩිපුර යෙදූ විට දියවී කහ දුඹුරු පාට ද්‍රාවණයක් ලැබේ. Co(OH)2(s) රෝස------→[Co(NH3)6]2+ (aq) කහ දුඹුරු
    2)NH4OH වලින් භාෂ්මික කර H2S යෙදීම→ CoS වල කළු අවක්ෂේපය ලැබේ.
    3)ඩයි මීතයිල් ග්ලයොක්සීම් යෙදීම→ දුඹුරු පාට ද්‍රාවණයක් ලැබේ

    Ni 2+ සඳහා පරීක්ෂා

    1)ජලීය NH3(aq)/(NH4OH) ක්‍රමයෙන් එකතු කිරීම→ නිල් / කොළ පාට අවක්ෂේපයක් ලැබී වැඩිපුර යෙදූ විට දියවී තද නිල් පාට ද්‍රාවණයක් ලැබේ.Ni(OH)2 (s) කොළ-------→[Ni(NH3)6]2+(aq) තද නිල්
    2)NH4OH වලින් භාෂ්මික කර H2S යෙදීම→ NiS වල කළු අවක්ෂේපය ලැබේ
    3)ඩයි මීතයිල් ග්ලයොක්සීම් යෙදීම→ රතු / රෝස පාට ද්‍රාවණයක් ලැබේ. Ni(DMG)2 (aq)
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113