A/L ඉවරයි නේද?
ලියපු අයට කොහොමද දැනෙන්නෙ.ගොඩ කියලා හිතෙනවද?
මේ thread එක ලබන අවුරුද්දේ A/L කරන්න බලාපොරොත්තුවෙන කස්ටියට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. EK යේ threads කීපයක්ම වැටිලා තිබ්බා A/L fail කේස් ගැන.
තාමත් අපේ රටේ පැවැත්වෙන ඉතාමත් තීරණාත්මක විභාගයක්නෙ A/L කියන්නෙ.
මොකද ඔතනින් පස්සේ ගොඩක් අයගෙ ජීවිතේ වෙනස් වෙනවා.
අපි බලමු subjects වලට කණු ගහන්නෙ නැතුව අඩු තරමෙ S3 ක් වත් ගන්නෙ කොහොමද කියලා.
මොකද හැම ළමයෙකුටම A/L pass වෙන්න ඕනෙ නැති උනාට හැම ළමයෙකුගෙම දෙමාපියන්ට ඕන තමන්ගේ දරුවා pass වෙනවා දකින්න.
මං කරේ bio science.ඒ නිසා මං ඒ subjects ගැන විතරයි කියන්න දන්නෙ.
1)බොහෝ විට biology fail වෙන්න නම් හේතුවක් නෑ
2)physics fail වෙන්න හේතුව මං හිතන්නෙ මූලික දැනුම සහ කෙටි ක්‍රම භාවිතය පිළිබඳ දැනුම අඩුකම
3)chemistry fail වෙන්න හේතුව තමයි,theory notes ගොඩක් දිග වැඩියි. පාඩම් කරලා මතක තියාගන්න අමාරුයි.අනික essay paper එකට වෙලාව මදිවෙනවා
ඉතිං මේවට විසඳුම් හොයා ගත්තොත් A/L ගොඩදාගන්න එක අමාරු වෙන්නෙ නෑ. අනිත් එක A/L හොඳ results ගන්නෙ හැකියාව හින්දම නෙමෙයි.උනන්දුව සහ කැපවීම නිසා.
තමන් කොච්චර දක්ෂ උනත් වැඩ කරන්න කම්මැලි නම් ඉතිං වැඩක් නෑ.
ඒ නිසා A/L ඔලුවට බරක් කරගන්නෙ නැතුව,ලොකු ආතතියක් ගන්නෙ නැතුව, හිමිං ටික ටික වැඩ කරලා ගොඩදාගන්න.
1)Biology නම් ඉතිං තමන්ගෙ පාඩම් කිරීමේ හැකියාව මත ගොඩ දාගන්න පුළුවන්. මතක හිටින්න හොඳ ක්‍රමයක් තමයි කෑ ගහලා පාඩම් කරන එක.(ශබ්ද නගා කියවීම)
white board එකක අත්‍යවශ්‍ය දේවල් ලිය ලියා,රූප සටහන් ඇඳ ඇඳ පාඩම් කරනවනං ඒක effective වැඩියි.එතකොට නිදිමත එන්නෙත් නෑ.හැබැයි තමන් බෝඩිමක තව ළමයි එක්ක නම් ඉන්නෙ අනිත් අයට බාධා වෙන විදිහට පාඩම් කරන්න එපා.
set එකක් ඉන්නවනං එකතු වෙලා පාඩම් කරන්නත් පුළුවන්.හැබැයි දන්නවනේ හැමෝම එක වගේ නෑ.ඔන්න මං කිව්වෙ නෑ කියන්න එපා.
නුවර නිශ්ශංක වීරසේකර සර් bio වලට හොඳයි.
2)physics mcq ගොඩ දාගන්න තියන හොඳම ක්‍රමේ තමයි පාඩමෙන් පාඩමට වෙන් වුණ mcq වෙන වෙනම කිරීම.
එක පාඩමක් පාඩම් කරගන්න.ඒකෙ තියන සමීකරණ ටික වෙනම ලියාගන්න (හැඳින්වීම් සමඟ)
අර්ථ දැක්වීම් හා නියම තියෙනවනං එවත් වෙනම ලියාගන්න. ඊට පස්සෙ ආයෙ පාඩම් කරන්නෙ ඒ වෙනම ලියා ගත්ත ටික විතරයි.
ඊට පස්සෙ ඒ පාඩමට අදාළ පසුගිය අවු.20 ක විතර mcq ටික විතරක් එකතු කරගන්න.
ඒ ටික ඔක්කොම කරන්න.
බැරි ඒවා ගුරුවරයෙක්ගෙන් හෝ වෙන ළමයෙක්ගෙන් අහගන්න.(විශ්වාසවන්ත අයගෙන්)
mcq වලට විවරණ ලියන්න.S.R.D රෝසා සර්ගෙ පොත් කීපයක් ගන්න.ඒවගෙ දාලා තියන විවරණත් කියවන්න.
මම නම් වැඩිය කියවල නෑ.මොකද ඊට වඩා කෙටියෙන් mcq හදන්න පුරුදු වුණා, උකුවෙල සර් නිසා.
හැම පාඩමකටම ඔහොම කරලා පුරුදු වෙලා;ඊට පස්සෙ time කරලා papers කරන්න.
structured,essay වලටත් එසේමය.past papers වලට ලියලා පුරුදු වෙන තරමට ප්‍රතිඵල වැඩියි
3)chemistry වල inorganic, organic, physical, general කියලා වෙන් කරගෙන වැඩ කරන්න.
chemistry theory notes දිග වැඩියි.ඒ නිසා revision notes පාඩම් කරනවනං හොඳයි.
කේ.සිරි විතානගේ සහ සමන් එදිරිසිංහ සර්ලා දෙන්නම chemistry වලට හොඳයි.
revision class එකක් තියෙන්නෙ මාස 10/11 ක් විතරනේ.ඒ නිසා අනවශ්‍ය දේවල් අතඇරලා අත්‍යවශ්‍යම දේවල් ටික විතරක් ළමයින්ට උගන්වන්න ගුරුවරුන්ට සිද්ධ වෙනවා.
chemistry වලත් ඉතිං 90% ක්ම වගේ පාඩම් කිරීමේ හැකියාව මත රඳා පවතිනවා.
සමහරු කියනවනෙ කට පාඩම් කරන්න එපා කියලා.මම නම් කියන්නේ කොහොමහරි අවශ්‍ය දේවල් ටික මතක තියාගන්න කියලා.
chemistry mcq,structured.essay ප්‍රශ්ණපත්‍ර අවුරුදු 10ක ඒවවත් අනිවාර්යෙන් කරන්න. chem short notes අනිවාර්යෙන් ගහහන්න.
අනිත් එක කියන්න ඕන chem essay paper එකට වෙලාව මදිවෙනවා.structured එක දිග වැඩියි.
ඒ නිසා සමහරු 4වෙනි ප්‍රශ්ණේ කරන්නෑ. අනිත් එක 5වෙනි රචනා ප්‍රශ්ණෙ; physical වායු වලින් එන එක කරලා අනාගත්ත අය ගොඩක් ඉන්නවා.
ඒ නිසා තමන්ට හොඳටම පුළුවන් කියලා sure නම් විතරක් 5වෙනි ප්‍රශ්ණෙ කරන්න.ප්‍රයෝජනවත් වෙයි කියලා හිතන නිසා chem short notes ටිකක් මෙතන දාන්නම්.
එසේ නම් ඔබට ජය!
ලියපු අයට කොහොමද දැනෙන්නෙ.ගොඩ කියලා හිතෙනවද?මේ thread එක ලබන අවුරුද්දේ A/L කරන්න බලාපොරොත්තුවෙන කස්ටියට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. EK යේ threads කීපයක්ම වැටිලා තිබ්බා A/L fail කේස් ගැන.