හම්මට හුඩු බුදු සාදු ඛෙල්ලේ...!----
අගෝස්තු පාසල් නිවාඩුව එංගලන්තයේ නිම වී ගෙන යන නිසා, මගේ පුතුන් දෙදෙනා රැගෙන 'වැට් ෆෝර්ඩ්' නගරයේ 'ප්‍රයි මාර්කට්' එකට ගියා. අලූත් පාසල් ඇඳුම් ඇඳගෙන පාසල් යන්න හැම දුවා පුතාම අසයි නේ. ඇඳුම් වලට සල්ලි ගෙවන්න කළමනාකරු ලඟට යන කොට මගේ ඉස්සරහ හිටපු සුදු මහතා ගේ ඛෙල්ල, අපේ පුතා මට පෙන්නුවා...
හම්මට හුඩු බුදු සාදු ඛෙල්ලේ......?
ලංකා ඊ නිව්ස් ප්‍රවෘත්තිය මගේ ඔළුවට ආවා. ඒ නිසා පටස් ගාලා මං හොරෙන්ම පිතුරයක් ගත්තා.
මට මේ මනුෂ්‍යය ගැන හරි දුක හිතුනා. මමත් විජහට මුදල් ගෙවා පස්සෙන් දුව ගෙන ගොස් ඔහුට කතා කළා.
"සමාවෙන්න මහත්මයා. ඔබගේ බුද්ධ පච්චය දැකලා කතා කරන්න සිතුනා. ඔබත් බෞද්ධක්ද?"
"ඔව්. ඔව්"
"ඇයි ඔබ බුද්ධ රූපයක් පිටේ මුදුනේ කෙටුවේ?..."
"මම බුද්ධාගම ගැන ඉගෙන ගත්තා. එය හරිම නිවැරදි ආගමක්. ඒ ආගමටත්, අතිගරු බුද්ධ ටත් මම කැමතියි. ආදරෙයි. අපේ රටේ බුද්ධාගම විරල නිසා ඒක ගැන අනෙක් අයට පේන්නටත්, උනන්දුවක් ඇති වීමටත්, මම මේ ආකාරයට බුද්ධාගමට ප්‍රසිද්ධියක් දෙනවා."
අපේ එකෙක් වත් හිතන්නේ නැති කථාවක් මට ඒ මනුස්සයා කීවා
"ඒක බොහොම වටිනා අදහසක්" යයි මා ඔහුට පැවසුවා. සුද්දා පසුව මගෙන් ප්‍රශ්න කරන්න පටන් ගත්තා.
"ඔබ ආසියානු ජාතිකයෙක්, ඔබ කුමන රටේ බෞද්ධයෙක්ද?"
"මම ශ්‍රී ලාංකික බෞද්ධයෙක්. ඔබ ලංකාවට ගොස් තිබේද?" මං ඇහුවා
"නැහැ ලඟදීම යනවා. ඉන්දියාවටත් ගිහිල්ලා තමයි යන්නේ. තායිලන්තයේදී තමයි මම මෙ බුද්ධ පච්චය අන්දවා ගත්තේ." සුද්දා විශාල ශ්‍රද්ධාවකින් මට පැවසුවා.
දැන් මගේ මාතෘකාවට මම පැමිණෙන්නෙමි. මේ අසරනයත් ලංකාවට ගිය විට හරවා එවයි යන්න මගේ මතකයට පැමිණියා.
"දැන් ලංකාවේ ඉන්නේ ආගමන විගමන නිලධාරීන් බුද්ධ රූප මහාචාර්යවරු. ඒ ගොල්ලන් ගේ හිතට ගැලපෙන නියම ආකාරයේ බුද්ධ රූපය ඇෙඟ් හරියට නොතිබුන හොත් ඊලඟ ගුවන් යානයෙන් ඔබව හරවා එවනවා. ඒක නිසා ලංකාවට යන්න කලින් මෙහෙ තියෙන ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයට ගිහිල්ලා, එතන ඉන්න බුද්ධ රූප මහාචාර්ය වීසා නිලධාරියාගෙන් ලිඛිත අනුමැතියක්, ඔබගේ බුද්ධ පච්චය පෙන්නා ලබාගන්න. එසේ කරගෙන යන්න. එහෙම නැතිනම් රෙද්දක් ඛෙල්ලේ ඔතාගෙන හොරෙන් යන්න. බුද්ධ කටයුතු ලංකාවේදී හොරෙන් කළාට පවක් නැහැ. මොකද? ලංකාවට බුද්ධ දන්ත ධාතූන් වහන්සේ ගෙනාවේත් හොරෙන්. ලංකාවේ ඉන්නේ ඔක්කොම 'ටොප් ක්ලාස්' බෞද්ධයෝ. එගොලන්ට අවශ්‍ය නැහැ ඔබ කරන ප්‍රචාරක කටයුත්ත. ඔබට එම පණිවිඩය කීමටයි මට අවශ්‍යය වුනේ. ඔබ මුළු සසර පුරාම, යුරෝපයේම බෞද්ධයෙක් වෙලා ඉපදී නිවන් ලබාගන්න. තෙරුවන් සරණයි."
මම ඔහුගෙන් සමු ගත්තෙමි.
ඔහු ගල් ගැසී මා නොපෙනී යන තෙක්ම බලා සිටියේ මා පැවසූ අන්තිම කථාවට විය හැකියි මට සිතුනි
.
-අජන්ත කාහන්ගහ ආරච්චි විසිනි-
හම්මට හුඩු බුදු සාධු ඛෙල්ලේ" අංක දෙක: "අප්පට සිරි බුදු දහම ඇඟ පුරා..!"
හම්මට හුඩු බුදු සාධු ඛෙල්ලේ මැයෙන් පළ වූ ප්‍රවෘත්තිය කියැවීමෙන් පසු මෙම සේයාරුව එවීමට සිත්විය. මෙය මවිසින් මියන්මාරයේදී ගන්නා ලද සේයාරුවකි. මෙහි දැක්වෙන්නේ බුදු දහමේ හරය සම්බන්ධ ටැටූවක් සිය සිරුරේ විශාල ප්‍රදේශයක පච්චයක් ලෙස කොටා ගෙන සිටින මියන්මාර භික්ෂුවකි. මා මෙය දකින්නේ අතීතයේදී බුදු දහම ප්‍රචලිත කිරීම සඳහා විහාර ගෙවල් වල විවිධ චිත්‍ර ඇන්දාක් මෙන් අද ඒ සඳහා සිය සිරුර භාවිතා කිරීමක් ලෙසය. කෙසේ නමුත් මෙම භික්ෂුව ලංකාවට පැමිණියහොත් එහිමියන්ට ලංකාවට ඇතුළු වීමට ඉඩ දෙනවාද ? නොදෙනවාද ? යන්න මම නොදනිමි.
පුරා විද්‍යා වසවර්ති එල්ලාවල මේධානන්ද මන්ත්‍රී මහතා සිවුර සාරියක් මෙන් අඳින්නේ ඔහුගේ එක් බාහුවක කොටා ඇති පච්චයක් වසා ගන්නට බව මා අසා ඇත. එම පච්චයේ සඳහන් වන්නේ ජනප්‍රිය නිළියකගේ නමක් යැයි එය දුටු අයෙක් මා සමග පවසා ඇත. එහි ඇති සත්‍ය අසත්‍යතාවය මම නොදනිමි. කෙසේ වෙතත් මේ වන විට ලෝකයේ මිනිස් සිරුරේ ටැටූ හෙවත් පච්චා කෙටීම සුලභ දෙයක් වන අතර අවශ්‍ය නම් ඒවා මකා දැමීමද කළ හැකිය. මේධානන්ද මහතාට ද සිවුර සාරිය ලෙස අඳිමින් තම නිකායටද පිටුපා සිවුර අඳිමින් කරදර වෙනවාට වඩා අවශ්‍ය නම් තම නිළි පච්චය මකා දමා ගත හැක. නැතහොත් මෙහි දැක්වෙන මියන්මාර භික්ෂුව මෙන් බුදු දහම ප්‍රචලිත කෙරෙන ලොකු පච්චයක් කොටා නිළි පච්චය වසා දමා ගත හැක.
-රවීන්ද්‍ර ප්‍රතිභා විසිනි-

ඇත්ත කතා කරන්නෙ නැහැ