මිනිසා: බුදු හිමියනි. මට බරපතල බණ කියන්න එපා. මට සරලව කියන්න ඔබවහන්සේ දේශනා කරන්නේ කුමක්ද?”
බුදුහිමි: හොඳයි. මම ඔබට සරලව තේරුම් කර දෙන්නම්. ඔබට පුතෙක් ඉන්නවා නේද?
මිනිසා: ඔව්, ඉන්නවා.
බුදුහිමි: ඔබේ සහෝදරයාටත් පුතෙකු ඉන්නවාද?
මිනිසා: ඔව්. ඉන්නවා.
බුදුහිමි: ඔබේ අසල්වැසියාටත් පුතෙකු ඉන්නවාද?
මිනිසා:ඉන්නවනේ හිමියනි.
බුදුහිමි: ඔබ නොදන්නා අයටත් පුත්තු ඉන්නවා නේද?
මිනිසා: එසේය හිමියනි.
බුදුහිමි: ඔබේ පුතා මැරෙනවා. ඔබට මොන වගේ දුකක්ද ඇති වෙන්නේ?
මිනිසා: ස්වාමීනි, මට දරා ගන්න බැරි තරම් දුකක් ඇති වෙනවා. මගේ මුළු ලෝකයම කඩන් වැටෙනවා. මට මොනවා වේවිද දන්නේ නෑ.
බුදුහිමි: ඔබේ සහෝදරයාගේ පුතා මැරෙනවා. ඔබට මොන වගේ දුකක්ද ඇති වෙන්නේ?
මිනිසා: ස්වාමීනි, යම් දුකක් ඇති වෙනවා. එත් මගේ පුතා මැරුණු තරම් දුකක් ඇති වෙන්නේ නෑ.
බුදුහිමි: ඔබේ අසල්වැසියාගේ පුතා මැරෙනවා. ඔබට මොන වගේ දුකක්ද ඇති වෙන්නේ?
මිනිසා: ස්වාමීනි, ඉතා සුළු දුකක් ඇති වෙනවා. එත් සහෝදරයාගේ පුතා මල තරම් දුකක් ඇති වෙන්නේ නෑ.
බුදුහිමි: ඔබ නොදන්නා කෙනෙකුගේ පුතෙක් මැරෙනවා. ඔබට මොන වගේ දුකක්ද ඇති වෙන්නේ?
මිනිසා: ස්වාමීනි, කිසිම දුකක් ඇති වෙන්නේ නෑ
බුදුහිමි: එහෙනම් දුක කුමකට සාපෙක්ෂයිද?
මදක් කල්පනා කළ මිනිසා මෙසේ පිළිතුරු දෙයි.
මිනිසා: ස්වාමීනි, දුක මම, මගේ කියා සිතින් අල්ලාගන්නා මට්ටමට සාපේක්ෂය.
බුදුහිමි: බොහොම හොඳයි. ඔබ ඔය පුතා පොඩි කාලයේදී මූදු වෙරළට ගිහින් වැලි මාළිගා හදල සෙල්ලම් කළා නේද?
මිනිසා: ඔව් ස්වාමීනි. එහෙම කළා.
බුදුහිමි: මූදේ රැලි ඇවිත් වැලි මාළිගා කැඩිලා යද්දී පුංචි පුතා ඇඩුවාද?
මිනිසා: ඔවුනේ ස්වාමීනි.
බුදුහිමි: ඔබත් ඔහුත් එක්ක ඇඩුවාද?
මිනිසා: නෑ ස්වාමීනි.
බුදුහිමි: ඇයි ඔබ ඇඩුවේ නැත්තේ?”
මිනිසා: ස්වාමීනි, දරුවා අඩන්නේ ඔහු වැලි මාලිගා නිත්‍ය යයි සිතා ඒවායේ ලස්සන දැක ඊට සිතින් දැඩිව බැඳෙන නිසාය. මම වැලි මාලිගාව හදද්දීම එය නිත්‍ය නැති බව දන්නවා. එනිසා එය වැනසී යන විට මා අඬන්නේ නෑ.
බුදුහිමි: බොහොම හොඳයි. ඔබ මොහොතකට පෙර පැවසුවා ඔබේ දරුවා මිය ගියොත් ඔබට දරා ගන්න බැරි තරම් දුකක් ඇති වෙනවා. ඔබේ මුළු ලෝකයම කඩන් වැටෙනවා. ඔබට මොනවා වේවිද දන්නේ නෑ, කියා. ඉතින් මේ දරුවා උපත ලබද්දීම ඔබ දන්නේ නැද්ද මේ දරුවාත් වැලි මාලිගාව මෙන්ම නිත්‍ය නොවන, හේතූන් නිසා හට ගත් සංස්කාරයක් බව?. හේතූන් නැතිව යාමෙන් විනාශ වෙලා යන ස්වභාවයට අයත් කෙනෙක් බව. එනිසා මේ දරුවා මම, මගේ කියා සිතින් දැඩිව අල්ලා ගැනීම තේරුමක් නැති දෙයක් බව ? ඔබට තේරෙන්නේ නැද්ද ඔබ දරුවා කෙරෙහි සිදු කල යුත්තේ මෛත්‍රී කරුණාව දැක්වීම මිස උපාදානය කිරීම( මම, මගේ කියා සිතින් දැඩිව අල්ලා ගැනීම ) නොවන බව?
මිනිසා: ස්වාමිනි, දරුවාත් මිය යන ස්වභාවයට අයිතියි කියලා මම දන්නවා. එත් ඒ දැනුම අවබෝධයේ මට්ටමට මම ගෙනිහින් නෑ. දරුවා මිය ගියාම මම හඬා වැටෙන්නේ එකයි.
බුදුහිමි: අන්න හරි. ඕක අවබෝද කරන්න කියන එක තමයි මම මේ උගන්වන්නේ. ලෝකයේ අනිත්‍ය,දුක්ඛ,අනත්ත යථාර්ථය අවබෝධ කිරීමෙන්, සිත උපාදාන වලින් නිදහස් කර ගන්න කියල තමයි මම උගන්වන්නේ. එහෙම කරලා දුකින් එතෙර වෙන හැටි තමයි මම උගන්වන්නේ. අත හැරීමම නිවන වේ. සිත දැඩි අල්ලාගැනීම් වලින් නිදහස් වුනාම සැනසිල්ල උදා වෙනවා.
බුද්ධ දේශනාව ඇසූ ඒ මිනිසාද සත්‍යාවබෝධ කළේය.
https://rb.gy/vt3i9p