අති පණ්ඩිත උපුල් ශාන්ත සර්
මේකේ උපුල් ශාන්ත සර් ගෙ පන්ති ගිය අයත් ඇති.මම නම් ගිහිල්ලා නෑ තමයි. දන්න අය කියන්නේ මෙතුමා හරිම උඩගු පුද්ගලයෙක් කියලා. රූපවාහිණී වැඩසටහන් වලින් ඒක මටත් තේරිලා තියනවා. එතුමා හොද ටියුෂන් ගුරුවරයෙක් වෙන්න පුලුවන්. ඒත් අපේ රටේ දහම් පැසැල් ගැන මේ කරණ කතාව නම් අනුමත කරන්න බෑ. බලන්න මේ විමලෙගේ සයිට්එකේ තිබුන නිව්ස් එක. ඒක අරගෙන තියෙන්නේ මවුබිම පුවත්පත එක්ක තිබුන සම්මුඛ සාකච්චාවකින්.
ඉරිදා පෞද්ගලික පන්ති පැවැත්වීම නීති ගෙනවිත් එය නතර කලහොත් ආණ්ඩුව පෙරළා දමන බව ප්‍රකට පෞද්ගලික උපකාරක පන්තු ගුරුවරයකු වන උපුල් සාන්ත සන්නස්ගල මහතා ප්‍රකාශ කරයි. මවුබිම පුවත්පත සමග සම්මුඛ සාකච්චාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ. එසේ වුවහොත් දෙමව්පියන් තම දරුවන් දහම් පාසලට යැවීම කෙසේ වෙතත් පන්සලට දෙන දානයදම් නවතා දමනු ඇතැයි ඔහු ප්‍රකාශ කරයි.
රටේ අපචාර හා දුරාචාර වැඩිපුර සිදුවන්නේ පෞද්ගලික පන්ති තුල නොව ආගමික ස්ථානවලදී බව පවසන සන්නස්ගල මහතා පෞද්ගලික පන්ති නැවැත්වීම වෙනුවට හැකිනම් ඒවා නවත්වන ලෙඩ අභියෝග කරයි. එහිදී අදහස් පලකරන ඔහු “ඇතැමෙක් විශ්වාස කරන්න පුළුවන් දහම් පාසල් ගියහම දරුවෙක් හදාගන්න පුළුවන්. ඒ දරුවාගේ අනාගතය යහපත් කරගන්න පුළුවන්. දරුවාගේ ජීවිතයෙ සාරධර්ම ටික ගොඩනඟාගන්න පුළුවන් කියලා.ඇතැම් කෙනෙක් හිතන්න පුළුවන් දරුවා දහම් පාසල් ගියහම විනාශ වෙනවා කියලා. මම උදාහරණයක් කියන්නම්. ලංකාවේ සමහර ආගමික ස්ථාන තියෙනවා. පාතාල මධ්‍යස්ථාන. ඒ වගේ දහම් පාසලකට යැව්වොත් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදියෙක් වගේ දරුවෙක් හදාගන්න පුළුවන්.
ලංකාවේ ළමා අපචාර, ළමා දූෂණ වැඩිපුරම සිද්ධ වෙලා තියෙන්නේ ටියුෂන් පන්තිවලද ඉස්කෝලවලද මේ දෙකේම නෙවෙයි.පූජනීය ස්ථානවල. ඒක නිසා ටියුෂන් පන්තියට, පාසලට, පොලිසියට, හමුදා කඳවුරට වැඩිය නරක තැනක් විදියට පූජනීය ස්ථාන හඳුන්වන්න පුළුවන් ඉඩකඩක් වර්තමානයේ අපේ රටේ නිර්මාණය වෙලා තියෙනවා. මේ හදන්නේ මේ රට ආසියාවේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානය කරන්න නෙවෙයි ආසියාවේ ආගමික ගුබ්බෑයම කරන්න. “ යනුවෙන් අදහස් පළ කර තිබේ.
මුදලට මුවා වෙලා නිකන් දෙන, දහම් අධ්‍යාපණය හෑල්ලු කරණ එක වැරදී කියන එක තමයි මගේනම් අදහස.

Last edited: