මම මේක Root කරලා නෑ,
එතකොට පොඩි පොඩි අවාසි තියෙනවා
සිංහල fonts පේන්නේ නෑ (මට තියන ලොකුම අවුල ) සිංහල fonts දාන්නroot කරන්න ඕනේ මගේ හිතේ
USB on the go, Read කරන්න පුලුවන් Write කරන්න බෑ (usb convertor cable එක වෙනම ගන්න ඕනා)
වාසි කියනවා නම් ආයි Full HD හිර වෙන්නේ නැතුව කිසිම ගින්නක් නැතුව play කරන්න පුලුවන්
WIFI, Bluetooth , NFS වැඩ
UPDATES පට්ට ඉක්මනට එනවා
ඇත්තටම මාර FAST tab එකක්, Spec එක මත depend වෙලා කියනවා නෙමෙයි... සුපිරි,හිරවෙන්නේ නැතුව ඕන බර කරත්තයක් අදින්න පුලුවන්...
touch points දහයම වැඩ, පියානේ ගහන්න එහෙම පට්ට
පට්ට කම් නම් නිමක් නෑ ,අනික් android tab එක්ක බලද්දී, අර back කැමරා එක නැති එක,No memory card slot තමයි අවුල. ඉස්සරහ කැමරා එක නම් ශේප්
බැටරිය නම් මෙච්චර වෙලා අල්ලනවා කියලා කියන්න මම බලලා නෑ,ඒ උනාට බැටරිය සෑහෙන්න වෙලා පාවිච්චි කරන්න පුලුවන්
දැනට බැලුවම 45% බැටරි තියෙනවා, 3d 8h 2m 24s on battery, 34% for the screen
DHL එකෙන් දවස් 3න් ගේන්න මම හිතන්නේ 4000ක් විතර ගියා
ඕක ගෙනාපු දවසේ එකේ DHL ලොකෙම මොකක්ද case එකක් වෙච්ච දවසක්. මගේ tracking update උනේ නැති නිසා මම DHL Sri lanka office ekata complain කළා, ඊට පස්සේ call කරලා ඇහුවම ෆයිට් එක දැන් මොන රටට උඩින්ද එන්නේ කියලත් කියනවා... දවස් තුනෙන් බඩු ගෙදර. DHL maxxa Service, totally worth it !!!
Sri Lanka Customs tax එක හරියටම 2166
මම ජිවිතේ මිලදී ගත්ත හොඳම, ගෙවූ මුදලටත් වඩා වටිනා කමක් ඇති ඉලෙක්ට්‍රොනික උපකරණය කිව්වොත් නිවැරදී...