මසිත රිඳවා ගියද හැරදා
මගේ ලෝකේ නුඹයි සැමදා
මසිත පිදුවා නුඹට පෙරදා
මගේ මතකේ රැඳෙයි සැමදා
දෙදෙනා ආලෙන් ගෙවූ කාලේ
අපේ ලෝකේම සොඳුරුයිනේ
ඔබට බැඳි මා හදේ ආලේ
කෙසේ අමතක කලේ ළඳුනේ
සතුට මා ගාව නිම් නොවනා
සිටින විට මා ඔබේ ලෝකේ
සිහිනයක් නමුදු ඉටු නොවනා
විඳිමි මා ඒ බොළඳ සිහිනේ
මගේ ලෝකේ නුඹයි සැමදා
මසිත පිදුවා නුඹට පෙරදා
මගේ මතකේ රැඳෙයි සැමදා
දෙදෙනා ආලෙන් ගෙවූ කාලේ
අපේ ලෝකේම සොඳුරුයිනේ
ඔබට බැඳි මා හදේ ආලේ
කෙසේ අමතක කලේ ළඳුනේ
සතුට මා ගාව නිම් නොවනා
සිටින විට මා ඔබේ ලෝකේ
සිහිනයක් නමුදු ඉටු නොවනා
විඳිමි මා ඒ බොළඳ සිහිනේ










