Colombo Stock Exchange (Daily Update)

sherlock

Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    NSB ඩොලර් බැඳුම්කරය අලෙවිය අරඹයි


    NSB s US$500mn bond launched: report

    ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පස් අවුරුදු ඩොලර් මිලියන 500 බැඳුම්කර නිකුතුවේ අලෙවි කටයුතු ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.


    මේ බව, බ්ලූම්බර්ග් පුවත් සේවාව විසින් වාර්තා කරන අතර මූලික මිල මාර්ගෝපදේශනය සියයට 9.25 ක් වනබව සඳහන්ය.

    මෙහි අලෙවිකරණ කටයුතු කරන්නේ Barclays, Citigroup සහ HSBC විසිනි.

    බැඳුම්කර නිකුතුවට අදාළ ජාත්‍යන්තර ප්‍රවර්ධන කටයුතු පසුගිය සතියේ අවසන් විය.


    http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1329419883
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    කොටස් වෙළෙඳපොළේ එළු න්‍යාය


    එකමත් එක කාලෙක වෙළෙන්ඳෙක් ගමකට පැමිණ එහි සිටි ගැමියන්ට අපූරු යෝජනාවක් කළේය. ඒ තමාට එළුවන් මිලට ගැනීමට අවශ්‍ය බවත්, එක් එළුවෙකු වෙනුවෙන් රුපියල් 100 බැගින් ගෙවීමට තමා සූදානම් බවත්ය. ඒ වන විට එම ගමට ආසන්න කැලෑ බද ප‍්‍රදේශවල එළුවන් දහස් ගණනක් සිටියේය. ගැමියන් කළේ කැළයට ගොස් එළුවන් අල්ලා ගෙනැවිත් වෙළෙන්ඳාට බාර දීමයි.

    කල් යෑමේ දී වෙළෙන්ඳාගේ එළු පට්ටිය එළුවන් දහස් ගණනකින් පිරී ගියේය. ඒ වන විට රුපියල් 100 ට එළුවන් ඇල්ලීමේ ආශාව ද ගැමියන්ගෙන් ක‍්‍රමයෙන් හීනවෙමින් පැවතුණි.

    ටික දිනකින් වෙළෙන්ඳා කියා සිටියේ තමන් වෙත ගෙනැත් දෙන එළුවෙකුට රුපියල් 150 බැගින් ගෙවීමට තමා සූදානම් බවයි. නැවත වරක් ගැමියන් එළුවන් ඇල්ලීමට පටන් ගත්තෝය. නොබෝ දිනකින් වෙළන්ඳා තමන් සතු එළුවන් ගණන වැඩිකර ගත්තේය. දින කිහිපයකින් පෙර පරිදිම එළුවන් සැපයීමට ගැමියන් තුළ තිබූ උනන්දුව හීන වී ගියේය.

    තවත් දින කිහිපයකට පසුව වෙළෙන්ඳා කියා සිටියේ තමන් එක් එළුවෙකු හට රුපියල් 200 ක් ගෙවන බවයි. ඒ වන විට කැලයේ සිටි එළුවන් ගණන සීමිත වූ අතර ගැමියන් හැකි පමණින් එළුවන් අල්ලා වෙළෙන්ඳා වෙත ගෙනැවිත් දුන්නෝය.

    තවත් දින ගිහිපයක් ගතවීමෙන් අනතුරුව වෙළෙන්ඳා කියා සිටියේ එක් එළුවෙකුට රුපියල් 250 බැගින් ගෙවීමට සූදානම් බවයි. තමන් ටික දිනකට නගරයට යන බවත්, තමා වෙනුවෙන් තමාගේ ගෝලයා එළුවන් මිල දී ගැනීම සිදුකරනු ලබන බවත් ඔහු ගැමියන් වෙත කියා තිබුණි. එහෙත් රුපියල් 250 කට සැපයීමට තරම් ප‍්‍රමාණවත් එළුවන් ප‍්‍රමාණයක් ඒ වන විට කැලය තුළ නොවීය. ගැමියන්ට අල්ලා ගැනීමට හැකිවූයේ එළුවන් තුන් හතර දෙනෙකු පමණි. කැලයේ සිටි එළුවන් සියල්ලම පාහේ ඒ වන විට සිටියේ වෙළෙන්ඳාගේ එළු පට්ටිය තුළය. වෙළෙන්ඳා ගමේ නොසිටි අතර ගෝලයා වෙළෙන්ඳා වෙනුවෙන් එළුවන් මිල දී ගැනීම සිදුකළේය.

    ටික දිනකින් වෙළෙන්ඳාගේ ගෝලයා ගැමියන් වෙත කියා සිටියේ, වෙළෙන්ඳා නැවත ගමට ආපසු රුපියල් 500 බැගින් එළුවන් මිල දී ගැනීමට සූදානම් බවයි. අවශ්‍ය නම් දැනට තමා සතු එළුවන් රුපියල් 350 බැගින් විකිණීමට හැකි බව ත් ඔහු කීවේය.

    ගැමියන් තමන් සන්තක වූ සියලූ මුදල් වැය කර ගෝලයාගෙන් එළුවන් මිල දී ගත්තෝය. ඒ එක් එළුවෙකු වෙනුවෙන් රුපියල් 350 බැගින් ගෙවීමෙනි. ඇතැම් ගැමියෝ ණයට මුදල් ගෙන ද, තම ගෙවල් දොරවල් උකසට තබා මුදල් සොයා ගනිමින් ද ගෝලයාගෙන් එළුවන් මිල දී ගත්තෝය.
    දින කිහිපයක් ගත වුවත් වෙළෙන්ඳා නැවත ගමට පැමිණියේ නැත. ඔහුගේ ගෝලයා ද සොයා ගැනීමට නොවීය.

    (මෙය facebook හරහා share වූ post එකක සිංහල අනුවර්තනයකි.)


    http://www.lankabusinessnews.com/13.09.September/135.Stock.html
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    NSB ඩොලර් බැඳුම්කරය අලෙවිය අරඹයි


    NSB s US$500mn bond launched: report

    ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පස් අවුරුදු ඩොලර් මිලියන 500 බැඳුම්කර නිකුතුවේ අලෙවි කටයුතු ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.


    මේ බව, බ්ලූම්බර්ග් පුවත් සේවාව විසින් වාර්තා කරන අතර මූලික මිල මාර්ගෝපදේශනය සියයට 9.25 ක් වනබව සඳහන්ය.

    මෙහි අලෙවිකරණ කටයුතු කරන්නේ Barclays, Citigroup සහ HSBC විසිනි.

    බැඳුම්කර නිකුතුවට අදාළ ජාත්‍යන්තර ප්‍රවර්ධන කටයුතු පසුගිය සතියේ අවසන් විය.

    http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1329419883
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    JKH හා පැකර්ගේ කැසිනෝ හෝටල් වලට සහන අනුමතයි


    ජෝන් කීල්ස් සමාගම් සමූහය සහ ඕස්ට්‍රේලියානු කැසිනෝ රජෙකු වන ජේම්ස් පැකර්ද කොටස් කරුවෙකු වන ලේක් ලෙෂර් සමාගම විසින් කොළඹ සිදුකිරීමට යන කැසිනෝ පහසුකම් සහිත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති සඳහා සහන සැලසීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.


    මේ අනුව, කොළඹ 02, ග්ලෙනි වීදියේ විනිසුරු අක්බාර් මාවතේ පිහිටි වෝටර් ෆ‍්‍රන්ට් ප්‍රොපර්ටීස් ලිමිටඩ් සමාගම යටතේ ස්ථාපිත කිරීමට යෝජිත ඒකාබද්ධ සංචාරක කර්මාන්තය ආශ‍්‍රිතව ජොන් කීල්ස් හෝල්ඩින්ග්ස් පී.එල්.සී. සමාගම විසින් සිදු කරන ව්‍යාපෘති සඳහා 2008 අංක 14 දරණ ක‍්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති (සංශෝධිත පනත ප‍්‍රකාරව) සහන සැලසීමට, අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

    සුඛෝපභොභෝගී හෝටලයක්, සම්මේලන මධ්‍යස්ථානයක්, විනෝදාස්වාදය මෙන්ම සූදු හා ඔට්ටු ඇල්ලීමේ පහසුකම්, සාප්පු සංකීර්ණයක්, සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක්, කාර්යාලීය ඉඩපහසුකම් ආදීන්ගෙන් සමන්විත මෙම ව්‍යාපෘතිය සඳහා ඇ.ඩො. මි. 650 ක ආයෝජනයක් කිරීමට නියමිතය.

    මෙම ව්‍යාපෘතිය යටතේ 3000-4000 ත් අතර පුද්ගලයන්හට ඍජු රැකියා අවස්ථා ලැබෙන අතර තවත් 3000 ට පමණ වක‍්‍ර ආකාරයෙන් රැකියා ලැබෙනු ඇත.

    මීට අමතරව, දේශීය ව්‍යාපාරික රවී විජේරත්න හා ජේම්ස් පැකර් විසින් ඒකාබද්ධව පිහිටුවාගෙන තිබෙන ලේක් ලෙෂර් හෝල්ඩින්ග්ස් සමාගමේ ව්‍යාපෘතිය යටතේ ඇ.ඩො. මි. 350 ක ආයෝජනයෙන් යුත් අවම වශයෙන් කාමර 400 ක් රැස්වීම් හා සම්මේලන මධ්‍යස්ථානයක් , සූදු හා ඔට්ටු ඇල්ලීමේ පහසුකම්, අලංකාර යෝජිත ශාලා හා වෙනත් ආශ‍්‍රිත පහසුකම් ඩී.ආර්. විජේවර්ධන මාවතේ ඉදිකිරීමට නියමිතය.

    මෙම ව්‍යාපෘතිය 2008 අංක 14 දරණ ක‍්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති (සංශෝධිත පනත යටතේ) ව්‍යාපෘතියක් ලෙස හඳුනාගෙන ඒ යටතේ සහන ලබාදීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී තිබේ.

    http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1903500991
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    NSB, 8.875% ක පොලියට ඩොලර් මිලියන 750ක් ගනී


    Sri Lanka NSB raises 750mn at 8.875-pct

    ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳ පොළ ආරංචි මාර්ග වලින් අනාවරණය වන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව සියයට 8.875 ක පොලී අනුපාතයට ජාත්‍යන්තර වෙළඳ පොළින් ඩොලර් මිලියන 750 ක මුදලක් බැඳුම්කර නිකුතුව මගින් රැස්කර ගෙන තිබෙන බවයි.


    මෙම බැඳුම්කර නිකුතුවේ මිල මාර්ගෝපදේශනය සියයට 9.25 ක්වූ අතර පසුව ඇතිවූ වැඩි ඉල්ලුම හමුවේ පොලී අනුපාතය සියයට 8.875 ක් දක්වා අඩුවී තිබේ.

    බැංකුව විසින් ඩොලර් මිලියන 500 ක් රැස්කර ගැනීමට වෙළඳ පොළට ගිය අතර ඩොලර් බිලියන 2.0 ක් වටිනා ලංසු ඉදිරිපත් වූ බව ආරංචි මාර්ග අනාවරණය කරයි.

    හෙළිවන ආකාරයට ලංකා බැංකුවේ බැඳුම්කර මිලදීගෙන තිබූ සමහර ආයෝජකයින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ බැඳුම්කර මිලදී ගැනීමට ඒවා විකුණා දමා තිබේ.

    http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1976867858
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    bump :D

    machan thawa finance company 4k red alert wage watenna onna menna kiyala thibba paththare
    aranchiyak nadda monada kiyala


    පොලී ගෙවන බව CIFL සැකකාර අධ්‍යක්ෂවරු කියති


    නඩුව 23 වනදා යළි කැඳවේ

    අර්බුදයට පත්ව තිබෙන සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගමේ තැන්පතු කරුවන්ට පොලී මුදල් නොගෙවීමට එරෙහිව ගොනුකර තිබූ නඩුවේදී සැකපිට අධිකරණයට ඉදිරිපත් කර තිබූ සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද ඇප ලබාදුන්නේය.


    මෙහිදී, ඇප ලබාදුන්නේ එක් අයෙකුට රුපියල් දස ලක්ෂයේ ශරීර අප දෙකක් බැගිනි.

    සැකකාර අධ්‍යක්ෂවරුන් තිදෙනා අධිකරණයට දැනුම් දුන්නේ අදාළ මුදල් ගෙවන බවටයි. මෙම නඩුව ලබන 23 වැනිදා යළි කැඳවේ.


    http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1775569810
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    NSB නිකුතුව ගැන මහ බැංකු අධිපති කතා කරයි

    Sri Lanka external accounts stabilized by $750mn bond sale: CB Governor

    ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් ඩොලර් මිලියන 750 ක් රැස්කර ගැනීමත් සමග මෙරට විදේශීය ගිණුම ශක්තිමත් වන ඇති බවත් ගෙවුම් ශේෂයේ අතිරික්තයක් ඇතිවනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා කියයි.


    ජාතික ඉතිරි කිරීමේ බැංකුව ජාත්‍යන්තර වෙළඳ පොළින් ඩොලර් මිලියන 750 ක මුදලක් පස් අවුරුදු බැඳුම්කර නිකුතුව මගින් රැස්කර ගැනීමට සමත්ව තිබෙන්නේ සියයට 8.875 ක පොලී අනුපාතයකටයි.

    ඩොලර් බිලියන 2.0 කට වැඩි ලංසු ඉදිරිපත් වී තිබෙන මෙම නිකුතුව පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසන්නේ මේ වනවිට තිබෙන තත්ත්වය අනුව ගත්විට පොලී අනුපාතය හොඳ එකක් බවයි.

    ගෝලීය මූල්‍ය වෙළඳ පොළේ තිබෙන අවිනිශ්චිතතාවය අනුව ගත්විට මෙතරම් ලංසු ප්‍රමාණයක් ලැබීම ජයග්‍රහණයක් බව අධිපතිවරයා කියයි.

    මෙම මුදල් නිසා මෙරට විදේශ සංචිතය ඉහළ නගිනු ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය

    http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=258262184
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    NSB සල්ලි වලින් මහ බැංකුවේ මල්ල පිරේ


    ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් ජාත්‍යන්තර වෙළඳ පොළින් රැස්කර ගත් ඩොලර් මිලියන 750 ක මුදල මගින් විදේශ සංචිතය තර වනු ඇතැයි මහ බැංකුව පවසා තිබේ.


    මේ අනුව, මහ බැංකුව සඳහන් කරන්නේ වසර අවසාන විදේශ සංචිතයේ ඉලක්කය වන ඩොලර් බිලියන 7.0 ක ප්‍රමාණයට මේ නිසා ගමන් කළ හැකි බවයි.

    ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් සියයට 8.875 ක පොලී අනුපාතයට ජාත්‍යන්තර වෙළඳ පොළින් මෙම මුදල් පසුගියදා රැස්කර ගන්නා ලදී.

    මෙම බැඳුම්කර නිකුතුවේ මිල මාර්ගෝපදේශනය සියයට 9.25 ක්වූ අතර පසුව ඇතිවූ වැඩි ඉල්ලුම හමුවේ පොලී අනුපාතය සියයට 8.875 ක් දක්වා අඩුවිය.

    බැංකුව විසින් ඩොලර් මිලියන 500 ක් රැස්කර ගැනීමට වෙළඳ පොළට ගිය අතර ඩොලර් බිලියන 2.0 කට වැඩි ලංසු ඉදිරිපත් වී තිබුණි.

    http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1539164128
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    මෙන්න! ඩයලොග්ට ෆිච් දුන්න ඇගයීම

    Sri Lanka Dialog Axiata AAA(lka) rating confirmed: Fitch

    ෆිච් රේටින්ග්ස් ණය වර්ගීකරණ ආයතනය විසින් ඩයලොග් ආසිආටා සමාගමේ AAA(lka) ණය ශ්‍රේණිය ස්ථාවර ඉදිරි දැක්මක් සහිතව සහතික කර තිබේ.


    මෙම ණය ශ්‍රේණිය මගින් සමාගමේ සියයට 83 ක කොටස් හිමි මැලේසියානු ආසිආටා සමාගම් සමූහය විසින් අවශ්‍ය අවස්ථාවන් වලදී ඩයලොග් වෙත සහාය දැක්වීම පිළිඹිබු වනබව ෆිච් පවසා ඇත.

    සම්පූර්ණ ණය ඇගයීමේ වාර්තාව මෙන්න

    Fitch Affirms Sri Lanka s Dialog Axiata at AAA(lka) /Stable

    13 Sep 2013 4:05 AM (EDT) Fitch Ratings-Colombo-13 September 2013: Fitch Ratings has affirmed Sri Lanka-based telecoms company Dialog Axiata PLC s (Dialog) AAA(lka) National Long-Term rating. The Outlook is Stable.

    Key Rating Drivers

    Parent support: Dialog s rating reflects Fitch s expectations that its 83%-parent, Axiata Group Berhad of Malaysia (Axiata), is likely to provide support if required, given operational and strategic linkages between the companies. Linkages include a common brand name and common creditors which can result in reputation risk to Axiata if Dialog fails.

    Support has been forthcoming from Axiata, both during the normal course of business and during periods of financial stress. In July 2013 Axiata provided deficiency support to Dialog for an off-shore syndicated bank facility of USD200m which will help Dialog fund its ongoing capex at a lower cost. Axiata also provided a corporate guarantee on Dialog s debt and a shareholder loan in 2009 when Dialog was under financial stress.

    Strong standalone profile: Dialog is the market leader in domestic mobile telecommunications with a subscriber market share of 38% at end-March 2013. Dialog is one of two quad-play service providers domestically. Its market share in fixed line and broadband is evolving, but it is the leader in the paid TV segment. Fitch assesses Dialog s standalone rating to be AA+(lka) based on its low business risk profile relative to its domestic peers and the agency s expectation that Dialog s funds flow from operations net leverage will be below 1.75x over the medium-term (end-Q213: 2.0x).

    High capex expected: Fitch expects Dialog s capex to remain high at between 30% and 40% of projected revenue in 2013 and 2014, mostly for expanding its data capacity and quality. Part of Dialog s capex will be spent on securing alternative access to international bandwidth through the Bay of Bengal submarine cable, which will be operational by end-2014, and will provide Dialog with cheaper access to the rest of the world. Fitch estimates that this could boost Dialog s EBITDAR margins by up to 100bps, all else remaining equal. Dialog spent over LKR14bn in capex in H113, nearly half of which was for acquisitions of spectrum for launching fourth generation services.

    Data growth pressure margins: Fitch estimates that data revenue will account for between 20% and 25% of Dialog s mobile revenue in 2015, up from 10% in Q213 and 5% in Q211. However, data has lower margins than voice services and therefore Fitch expects that Dialog s operating EBITDAR margins may reduce by about 50bp annually over the medium-term, but are likely to remain above 30%. Data revenue grew by over 60% year-over-year in Q213.

    Satisfactory liquidity: In Q313 Dialog will refinance over 70% of its group debt, including most of its current maturities that were outstanding as at end-June 2013, using the USD200m syndicated facility. The USD loan will have a two-year grace period on capital repayment which will benefit Dialog s liquidity profile. Fitch expects that Dialog will generate negative free cash flow in 2013 and 2014 due to its significant capex. However, Dialog s liquidity is supported by a strong credit profile and access to domestic bank funding. Dialog has sufficient foreign currency earnings to repay medium-term maturities of its USD debt.

    Rating Sensitivities

    Negative: Future developments that may individually, or collectively, lead to a further negative rating action include:

    A material dilution in Axiata s ownership or board control in Dialog, removal of the common brand name, or a weakening of the current strategic and operational ties between the companies

    Positive: There is no scope for an upgrade as Dialog is at the highest rating on the Sri Lankan National scale.


    http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1919510434
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    ටෙස් ඇග්‍රෝ, මිලියන 117ක් රැස් කිරීමට යයි

    Tess Agro in Rs117mn cash call

    සිය යුරෝපීය අලෙවිකරණ අංශය සහ දේශීය ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 117 ක මුදලක් රැස්කර ගැනීමට සැකසූ මසුන් අපනයනය කරන ටෙස් ඇග්‍රෝ සමාගම සූදානම් වේ.


    මේ අනුව, සමාගම සඳහන් කරන්නේ එකක් රුපියල් 1.50 ක් බැගින් වන කොටස් මිලියන 60 ක් නිකුත් කරන බවත් දැනට සිටින කොටස් කරුවන්ට තමන්ට හිමි කොටස් තුනකට එකක් බැගින් මෙම නව කොටස් මිලදී ගත හැකි බවයි.

    මීට අමතරව, එකක් ශත 90 බැගින් වන ඡන්ද රහිත කොටස් මිලියන 30 ක් දැනට තිබෙන කොටස් හයකට එකක් බැගින් විකිණීමටද සමාගම සැලසුම් කර ඇත.


    http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=674519400
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    පීපල්ස් ලීසිං වෙත ෆිච් දුන් ඇගයීම මෙන්න

    People s Leasing B+ international rating confirmed: Fitch

    පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමට ලබාදී තිබෙන B+ ජාත්‍යන්තර ඇගයීම ස්ථාවර ඉදිරි දැක්මක් සහිතව සහතික කළබව ෆිච් රේටින්ග්ස් ණය වර්ගීකරණ ආයතනය කියයි.


    මීට අමතරව, සමාගමට ලබාදී තිබෙන AA(lka) දේශීය ණය ඇගයීමද ෆිච් විසින් සහතික කර තිබේ.

    පීපල්ස් ලීසිං, මහජන බැංකුවට අනුබද්ධ සමාගමකි.

    සම්පූර්ණ ඇගයීමේ වාර්තාව මෙන්න.

    Fitch Affirms People s Leasing s International Ratings at B+/Stable Ratings Endorsement Policy

    17 Sep 2013 7:20 AM (EDT) Fitch Ratings-Colombo-17 September 2013: Fitch Ratings has affirmed Sri Lanka-based People s Leasing & Finance Company PLC s (PLC) Long-Term Issuer Default Rating (IDRs) at B+. The agency has also affirmed PLC s National Long-Term Rating at AA-(lka). The Outlook on the IDRs and National LT Rating is Stable. A full list of PLC s ratings can be found at the end of this commentary.

    KEY RATING DRIVERS

    PLC s IDRs, National Long-Term Rating, and National Short-Term Rating on its outstanding commercial paper issues reflect Fitch s view that PLC s parent, the state-owned and systemically important People s Bank (PB, AA+(lka)/Stable), has a high propensity but limited ability to provide extraordinary support to PLC if required, because PLC is strategically important to PB and due to other linkages.

    These linkages include PB s majority ownership and board representation, including a common chairman, a common brand and PLC s association with PB s franchise. In 2012, PLC accounted for over 10% of PB s group assets, and contributed to over 26% of its post-tax profits. Apart from its own branches, PLC also operates over 125 window offices within PB s branches.

    PB s limited ability to provide support to PLC stems from its own AA+(lka) rating, which is in turn derived from the government of Sri Lanka s limited ability to provide support to PB, as reflected in the sovereign rating of BB-/Stable. PB is fully owned by and is a key lender to the government of Sri Lanka. PB is systemically important because it is the second-largest bank in the country with a share of banking system assets and deposits at 18% in 2012.

    It is likely that state support will flow to PLC through PB, due to their strong linkages. PLC s association with the PB brand and therefore with the state, and the consequent reputation risk to the state should PLC fail, also supports Fitch s view.

    The two-notch differential between the National Long-Term ratings of PLC and PB reflect Fitch s view that timely support from the state may be constrained by regulatory restrictions between the entities (such as maximum exposure limits) or administrative delays usually seen in layered support structures.

    PLC s outstanding senior unsecured redeemable debentures are rated in line with its National Long-Term Rating, because the instruments do not have any going concern- or gone-concern loss-absorbing features, and are therefore expected to be repaid in line with PLC s other senior creditors in the event of a liquidation.

    RATING SENSITIVITIES

    PLC s ratings may be downgraded if PB gives up its majority stake in PLC, or if PB s ability to provide support weakens, or if PLC s strategic importance to PB diminishes over time.

    Fitch does not expect PLC s standalone credit profile to improve above its Long-Term IDRs, primarily due to higher business and financial risks than companies that are rated higher than PLC. Therefore Fitch does not expect PLC s ratings to be upgraded, unless PB s ratings are upgraded.


    http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=294912445
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    බැඳුම්කර නිකුතුව අභිමුව DFCC වෙත ඇගයීමක්



    බැඳුම්කර නිකුතුවකට සූදානම් වන ඩී.එෆ්.සී.සී. බැංකුවට ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ණය වර්ගීකරණ ආයතනය විසින් B ජාත්‍යන්තර වර්ගීකරණයක් ලබාදී තිබේ.


    ඩී.එෆ්.සී.සී. බැංකුව ඩොලර් මිලියන 250 ක බැඳුම්කර නිකුතුවක් කිරීමට සැලසුම් කර ඇත.

    පසුගියදා ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් ජාත්‍යන්තර වෙළඳ පොළින් සියයට 8.875 ක පොලී අනුපාතයට ඩොලර් මිලියන 750 ක් රැස්කර ගැනීමට කටයුතු කළේය.

    සම්පූර්ණ ඇගයීම් වාර්තාව මෙන්න

    DFCC Bank Assigned B/B Rating Outlook Stable

    SINGAPORE (Standard & Poor s) Sept. 19, 2013--Standard & Poor s Ratings Services said today that it had assigned its B long-term and B short-term counterparty credit ratings to Sri Lanka-based DFCC Bank. The outlook on the long-term rating is stable. We also assigned our B long-term issue rating to the bank s proposed senior unsecured notes. The rating on the notes is subject to our review of the final issuance documentation.

    Standard & Poor s bases its ratings on DFCC s adequate business position, moderate capital and earnings, moderate risk position, below average funding, and adequate liquidity, as defined under our criteria. The bank s stand-alone credit profile is b.

    DFCC is a licensed specialized bank (LSB) focused on term project lending with consolidated assets of Sri Lanka rupee 151 billion as of March 31, 2013. It has 99.1% stake in a commercial bank DFCC Vardhana Bank PLC with operational synergies.

    DFCC s business position reflects our view of the bank s satisfactory business stability, diversification, management, and strategy compared with that of peers in emerging markets, said Standard & Poor s credit analyst Amit Pandey.

    DFCC s deposit market share is about 1.7% of the entire banking industry. Like that of most other Sri Lankan banks, the majority of DFCC s loans emanate from Sri Lanka. DFCC s revenue base is stable, with net interest income of 72% of operating revenues and fee income of 6% of operating revenues for the past five years. The bank also earns dividends from its 14.8% stake in Commercial Bank of Ceylon.

    Our assessment of the bank s capital and earnings reflects our expectation that the pre-diversification risk-adjusted capital (RAC) ratio will fall to 6%-6.5% and into the moderate category in the next two years. The ratio is 7.4% as of March 31, 2013. The risk management practices of DFCC are evolving, in our view. The bank s risk position reflects its higher exposure to small and medium enterprises and project finance, which are susceptible to economic downturns and execution risks.

    DFCC s funding and liquidity profile reflects the bank s smaller branch network and lower deposit funding profile. DFCC s status as an LSB prohibits it from raising savings and demand deposits. Nevertheless, the bank benefits from funding support from multilateral and bilateral institutions. DFCC s sizable holdings of government bonds and securities as well as central bank and interbank balances underpin its liquidity.

    We see a moderate likelihood that the government of Sri Lanka would provide timely and sufficient extraordinary support to DFCC in the event of financial distress. This is because of the bank s moderate systemic importance, given its size in Sri Lanka and our assessment of the government as supportive. However, there is no uplift benefit from this factor on our ratings on DFCC, in line with our criteria.

    The stable outlook reflects our view that DFCC will maintain its financial profile over the next 12 months, despite a slight weakening in its asset quality and capitalization, said Mr. Pandey.

    We could upgrade DFCC if its funding profile or asset quality improves to a level that is in line with the industry or its pre-diversification RAC ratio goes above 10%. We could lower the ratings if the bank s capitalization deteriorates such that its pre-diversification RAC ratio goes below 5%, which is unlikely in the next 24 months at least.


    http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1272346054
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    කොමර්ෂල් ක්‍රෙඩිට් රුපියල් මිලියන 119ක ලාභාංශයක් නිවේදනය කරයි



    කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී. විසින් 2013/14 මූල්‍ය වර්ෂය සඳහා සිය කොටස්කරුවන් වෙත ශත 50 ක අතුරු ලාභාංශයක් ප්‍රකාශයට පත්කර තිබේ. මේ අනුව ගෙවනු ලබන මුළු ලාභාංශ මුදල රුපියල් මිලියන 119 කි. මෙම ලාභාංශය 2013 ඔක්තෝබර් 10 වන දින ගෙවීමට මේ වන විට කටයුතු යොදා ඇත. මෙසේ සමාගම විසින් ලාභාංශ ප්‍රකාශයට පත් කරනු ලැබුවේ 2013 මාර්තු මාසයේ දී සිය සංචිත ප්‍රාග්ධනීකරණය කරමින් සෑම කොටස් 10.9 කටම එක් කොටස බැගින් ප්‍රදානය කිරීමෙන් අනතුරුවය.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලියාපදිංචි මෙරට ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන කොමර්ෂල් ක්‍රෙඩිට්, වසර 30 කට අධික කාලයක් පුරාවට මූල්‍ය සේවා කර්මාන්තයේ නිරත සමාගමකි. පසුගිය 2013 ජූනි 30 වන දිනෙන් අවසන් කාර්තුව සඳහා ප්‍රකාශයට පත්කරනු ලැබූ අතුරු මූල්‍ය වාර්තාවට අනුව සමාගමේ වත්කම් පදනම මේ වන විට රුපියල් බිලියන 20 සීමාව ඉක්මවා තිබේ.

    දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම පාහේ සිය සේවාවන් ව්‍යාප්ත කර ඇති කොමර්ෂල් ‍ක්‍රෙඩිට්, අද වන විට සේවා ස්ථාන 60ක් දක්වා සිය සේවා ජාලය ව්‍යාප්ත කර ඇත. සිය ගනුදෙනුකරුවන් වෙනුවෙන් ලබාදෙන අතිවිශිෂ්ට සේවය අගයනු වස් 2012 ස්ලිම් සන්නාම විශිෂ්ටතා සම්මාන ප්‍රදානයේ දී වසරේ හොඳම සේවා සන්නාමය සඳහා පිරිනැමෙන රන් සම්මානය දිනාගැනීමට කොමර්ෂල් ක්‍රෙඩිට් සමත් වූ අතර මෙම කාලයේ දී තවත් දේශීය මෙන්ම අන්තර්ජාතික සම්මානයන් රැසකින් පිදුම් ලැබීමට ද කොමර්ෂල් ක්‍රෙඩිට් සමත් විය.




    http://www.lankabusinessnews.com/13.09.September/179.COCR.html
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    NDB ජාත්‍යන්තර බැඳුම්කරේ ඇගයීම මෙහෙමයි

    NDB proposed bonds rated B+

    ජාතික සංවර්ධන බැංකුව විසින් සිදුකිරීමට යන ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුව සඳහා ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය විසින් B+ ඇගයීමක් ලබාදෙයි.


    මේ අනුව, බැංකුව සැලසුම් කර තිබෙන්නේ මේ වසරේදී ඩොලර් මිලියන 250 බැඳුම්කර නිකුතුවක් කිරීමටයි. ජාතික ඉතිරි කිරීමේ බැංකුව පසුගියදා සියයට 8.875 ක පොලියකට ජාත්‍යන්තර වෙළඳ පොළින් ඩොලර් මිලියන 750 ක් රැස්කර ගත්තේය.

    සම්පූර්ණ ඇගයීමේ වාර්තාව මෙන්න

    National Development Bank PLC s Proposed Senior Unsecured Notes Assigned B+ Rating

    SINGAPORE (Standard & Poor s) Sept. 23, 2013--Standard & Poor s Ratings Services today assigned its B+ long-term rating to a proposed issue of senior unsecured notes by National Development Bank PLC (NDB: B+/Stable/B). The rating on the notes reflects the long-term counterparty credit rating on NDB.

    The proposed notes will constitute direct, unconditional, unsecured, and unsubordinated obligations of NDB, and shall at all times rank equally with all other unsecured obligations of the bank.

    The rating on the proposed notes is subject to our review of the final issuance documentation.


    http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1217136003
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    ඇමරිකානු සමාගමක් සමග NDB සමූහය අළුත් වැඩක


    ඇමරිකාවේ Zephyr Management LP සමාගම සමග ඒකාබද්ධව පුද්ගලික කොටස් ආයෝජන සමාගමක් ආරම්භ කිරීමට ජාතික සංවර්ධන බැංකු සමූහයට අයත් NDB Capital Holdings Plc සමාගම සූදානම් වේ.


    මෙම පුද්ගලික කොටස් කළමනාකරණ සමාගම ආරම්භ කිරීමේ ව්‍යුහමය කටයුතු ගොඩනැගීම සිදු කරන්නේ NDB Capital Holdings Plc සමාගම විසිනි.

    මේ පිළිබඳව අදහස් දක්වමින් NDB Capital Holdings සමාගමේ ප්‍රධාන විධායක, වජිර කුලතිලක මහතා පවසන්නේ ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන පුද්ගලික කොටස් අරමුදල් නිර්මාණය කිරීම මෙහි අරමුණ බවයි.

    මෙම සමාගම සඳහා නියාමන අවසරය ලබාගත යුතුව තිබේ.


    http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1897486275
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    ටච්වුඩ් අධ්‍යක්ෂ ධූරයකට, දුමින්ද සිල්වා


    අර්බුදයට පත්ව තිබෙන ටච්වුඩ් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගමේ විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස ආරක්ෂක අධීක්ෂණ මන්ත්‍රී, ආර්. දුමින්ද සිල්වා මහතා පත්කර තිබේ.


    මෙම පත්කිරීම සැප්තැම්බර් 23 වනදා සිට බලපැවැත්වෙන පරිදි සිදුකර තිබෙන අතර මෙම පුවතින් පසුව ටච්වුඩ් ඉන්වෙස්ට්මන්ට්ස් කොටස් මිල අද උදෑසන වැඩිවෙන්නට පටන්ගෙන තිබේ.

    මීට අමතරව, මෙම සමාගමේ විධායක අධ්‍යක්ෂවරයා ලෙස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අනුමත ඛනිජ අපනයන සමාගමක ප්‍රධානියෙකු වන ලංකා විජේන්ද්‍ර කිවුලේගෙදර මහතා පත්කර ඇත.


    http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=57403240