දෙන්නෙක්ගෙ එක වහලක් යට ඉන්න බැරි තරම් නොගැලපීම් තියේනම් හොඳම හොඳම විසඳුම දික්කසාද වෙන එක...අනියම් සම්බන්ධතාවයක් පටන් ගන්න එක නෙමෙයි...අනියම් සම්බන්ධතාවයකින් කරන්නෙ බිරිඳ/සැමියා රවටන එකයි...මේ ලෝකෙ කිසිම කෙනෙක් මොන විදිහකින්වත් රැවටෙන්න කැමති නැහැ....අනික කසාද බැඳපු ගෑනු කෙනෙක් හො පිරිමි කෙනෙක් එක්ක සම්බන්ධයක් කෙනෙක් ගොඩනගාගන්නේ නිකන් නෙමෙයි....මොන විදියක හරි ලාභ ප්‍රයොජන බලාපොරොත්තුවෙන්...අන්තිමේදි තමන් දන්නෙවත් නැතුව වෙන කෙනෙක් නටවන රූකඩයක් බවට පත් වෙනවා...කොහොම වුනත් අනියම් සම්බන්ධයක් කියන්නේ මේ ලෝකෙ තමන්ගේ නීත්‍යානුකූල සහකරුවා/සහකාරියට කරන ලොකු අසාධාරනයයි...ගෑනු කෙනෙක් විදිහට මට මේ මාතෘකාව ගොඩාක් හිතට දැනෙනවා වුනත් මම දන්නවා පිරිමියෙක්ට ඒක ඊට වඩා දැනෙනවා...මොකද ඔහොම දෙයක් පිරිමියා කලොත් සමාජයම ඒ පිරිමියගෙ බිරිඳට අනුකම්පා කලත් ඔය දේම බිරිඳක් කලොත් කලොත් ඒ බිරිඳගේ සැමියාව සරදමට ලක් කරනවා...කොහොම වුනත් අනියම් සම්බන්ධතාවය කියන දේ කිසිම විදිහකින් අනුමත කරන්න බැහැ....ඒකෙන් වෙන්නෙ අන්තිමේදි අහින්සක දරුවො අසරන වෙන එකයි....අනික දෙන්නෙක්ට ආදරය කිරීමෙන් තුන්දෙනෙකුගේ මිනීවලවල් කපන්න වීමයි අවසානෙදි සිද්ධ වෙන්නේ.....
අහන්නත් සතුටුයි මේ වගේ අදහස්.



මෙවන් බිරිඳක් ලද සැමියෙක් මෙවන් මවක් ලද දරුවෙක් ඇත්තටම වාසනාවන්තයි. සතුටුයි ඔයා ගැන අක්කියෝ.... 








