ඉතින් කෙලින්ම රිමෝට් කොන්ට්‍රෝල් ප්ලාස්ටික් යුද්ද ටැංකියක් ගනින්කො එතකොට හරිනෙ ... කලින් හදපු දෙයක් අයිත් හදන්නෙ මොකටද, හදපු තැන ඉඳං වැඩි දියුණු කරල අලුත් දෙයක් කරනව මිසක .. ලොල් ... අපේ ගවන්ට්මන්ට් කැම්පස් සහ ඉන්ස්ටිටියුට් වල ඉන්න එවුන් නම් රිසර්ච් සහ ඉන්වෙන්ෂන්ස් කියන දේ තේරුම වත් දන්නවද දන්නෙ නෑ ..., මුන් ජපානෙ Elementary එකකට ගියත් සිහිනැති වෙයි, ඒවල ඉන්න පොඩි එවුන් හදන ඒව දැක්කොත් ...
, එක පාරක් මට මතකයි මොරටුව කැම්පස් ඉන්න සෙට් එකක් , quard-copter එකක් assemble කරල, උන්ගෙ ඉන්වෙන්ෂන් එකක් වගේ හෙන පොර ටෝක් දුන්න ... ලොල් .. ebay එකේ micro-controller, ultrasonic motors සහ remote control ඕනෙ තරම් තොග පිටින් ... පොඩි Programming පාරක් micro-controller එකට දුන්නම එතනින් එහාට එච්චර අමාරුවක් නෑ .... ලොල් ... මට මතකයි මොරටුවෙ අනිත් ෆැකල්ටි වල එවුන් facebook එකේ හරි ආඩම්බරෙන් share කලා නිකන් උන් quard-copter එකක් ලෝකෙට හඳුන්වල දුන්න එවුන් වගේ ... මේවා දකිනකොට අපිට පශ්චාත් භාගයෙනුත් හිනා යනව ...
![]()
උඹ කියන කතාව ඇත්ත, ඒත් නිකම්ම ඒ දේවල් වලට හිනා වෙන්නෙ නැතුව හරියට හිතල බැලුවොත් ඕකට හේතු දෙකක් තියෙනවා. එකක් ලංකාවේ පාසල් අධ්‍යාපනයේ වැරැද්ද. ඒ ලෙවල් කරලා කැම්පස් එකකට යනකන්ම ළමයි ජීවත් වෙන්නෙ පොත් පත් එක්ක. ප්‍රායෝගිකව හෝ තාක්ෂණික කිසිම අධ්‍යාපනයක් නෑ. ඔය එක එක නම් වලින් ඒ දේවල් වලට විෂයන් හදල තිබ්බත් ඒවා කිසිම වැඩකට නැති විෂයන් විතරයි. ඒවා උගන්නන්න ඉන්නෙ අයිස් ගහන සර් ලා. කොල්ලො ඒ පීරියඩ් එක එනකන් ඉන්නෙ සෙල්ලම් කරන්න බලාගෙන. ඇත්තටම ගෙදර තියෙන හෝල්ඩර් එකකට බල්බ් එකක් දාගන්න බැරි/දන්නෙ නැති/කරන්ට් වැදෙයි කියල බයෙන් ඉන්න අවුරුදු 18-20 බබාලා මන් අනන්තවත් දැකල තියෙනවා. ඉතින් ඒ බබාලා කැම්පස් ගියාම හදන්නෙ මේ වගේ ඒවා.
අනිත් කාරනාව තමයි ග්‍රාමීයව ඉන්න ළමයි ගත්තොත් ප්‍රායෝගික කුසලතා අතින් නාගරික බබාලට වඩා ඉහලින් ඉන්නවා, ඒ උනාට ඒ ළමයි රටට ලෝකෙට නිරාවරණය අඩුකම නිසාම ඒ ළමයින්ගේ අතින් වෙන නිර්මාණත් ගොඩක් පහල මට්ටමේ තියෙන්නෙ.
හොඳ අධ්‍යාපන ක්‍රමයක් නැති එක තමයි මේ ඔක්කොටම වැරැද්ද. ඔය ඔක්කොම බාධක තියෙද්දිත් NASA scientists ල 2400 ගණනින් 260+ ක්ම අපේ ලාංකිකයන් කියන එකත් අමතක කරන්නෙපා.

අවශ්‍ය වෙන්නේ අලුත් දෙයක් අලුත් concept එකක්.
