motorcycle clutch එක ගැනත් දාමුද?

harithamanohara

Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    motorcycle clutch එක ගැනත් දාමුද?

    chatura සහෝ දාපු වාහන ක්ලච් thread එක

    http://www.elakiri.com/forum/showthread.php?t=1573548

    dekkama කල්පනා උනා motorcycle එකක clutch එකත් වැඩ කරන්නේ මෙහෙමද කියල.
    මට හිතෙන්නේ එකේ මීට වඩා පොඩ්ඩක් වෙනස් කියලා. ඉතින් එළකිරියේ ඉන්න bike වැඩකාරයෝ ටික මතක් උන .

    එහෙනම් ඉතින් සහොල, මේ ගැන පොඩි thread එකක් දාමුද

    රත්තරං, kandyan ............ යන සහෝ ලත් මේගැන අදහස් දක්වනවනම් හොදය්
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    සාමාන්‍ය මෝටර් සයිකල් වල තියෙන්නෙ centrifugal clutch.Start කරල ටිකක් වෙලා ගිහාමනෙ Power transmit වෙලා Wheel කැරකෙන්නෙ.එන්ජිම Start කරල shaft එක කැරකෙද්දි Slide වෙන පෑඩ් වලට කේඳ්‍රාපසාරී බලය(Centrifugal force-රවුමක වංගුවක යද්දි එලියට විසික් වෙන්නට එන බලය) හේතුවෙන් ඉවතට තල්ලු වෙලා friction drum එකේ touch වෙනවා.ටික වෙලාවක් පෑඩ් ඩ්‍රම් එකේ ලිස්සලා( slide වෙලා )බල සමතුලිත වෙනවා..

    centrifugal%20clutch.gif

    chathurachami,රත්තරං ල හරියට කියල දෙයි වෙලාවක් ලැබුනම..
    centrifugal clutch කියල google search කරන්න..
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ත්‍රෙඩ් එකක් දැම්ම නම් හොඳයි තමයි... නමුත් මේ දවස් වල මට වෙලාවක් හොයාගන්න එක ටිකක් අමාරුයි.එකයි ප්‍රශ්නේ. බලමු රත්තරං ගෙන් අහල.

    clutch එක තාක්ෂණය ඕකම තමයි.මෙන්න මේවා තමයි වෙනස් කම්.

    * බොහොමයක් වෙලාවල් වලට බයික් high rev වල පදින නිසා සහ ඉක්මනට speed n power control කලයුතු නිසා flywheel එක වාහන වල තරම් ලොකු නැහැ.ඒ නිසා වාහන වලට සාපේක්ෂව කුඩයි. ඔයාලගේ බයික්ස් වල වම් පැත්තේ විදුලිය ජනනය කරන stator එක වටේට යන රවුම තමයි flywheel එක.එකට magnet එකකුත් බද්ධ කරලා තියන්නේ.

    image004.jpg

    * බයික් වල හැම වෙලාවේම වගේ පාවිච්චි කරන්නේ multiple clutch system එක.මොකද කාර්යක්ෂම වැඩි නිසා.දැන් දැන් wet multiple clutch system එක ඉතාම ජනප්‍රියවෙලා තියෙනවා.

    057.jpg

    ඔය රූපයේ අල්ලාගෙන ඉන්නේ pressure plate එකක්. පහතින් පෙන්නේ clutch plate.

    07_Clutch_Pack_-_Note_Last_one_Medium_.JPG

    * සාමාන්‍යයෙන් අපි දන්නා කියන Hornet වගේ බයික් එකක clutch plates 6ක් සහ pressure plates 6 ක් තියෙනවා.ඒක තමයි එක unit එකක් විදියට එන්නේ.මේ තියන්නේ Suzuki V Strom එකක unit එකක්

    3a+Exploded+Clutch+Assembly.jpg

    • Like
    Reactions: rx_storm_aight

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    සාමාන්‍ය මෝටර් සයිකල් වල තියෙන්නෙ centrifugal clutch.Start කරල ටිකක් වෙලා ගිහාමනෙ Power transmit වෙලා Wheel කැරකෙන්නෙ.එන්ජිම Start කරල shaft එක කැරකෙද්දි Slide වෙන පෑඩ් වලට කේඳ්‍රාපසාරී බලය(Centrifugal force-රවුමක වංගුවක යද්දි එලියට විසික් වෙන්නට එන බලය) හේතුවෙන් ඉවතට තල්ලු වෙලා friction drum එකේ touch වෙනවා.ටික වෙලාවක් පෑඩ් ඩ්‍රම් එකේ ලිස්සලා( slide වෙලා )බල සමතුලිත වෙනවා..

    chathurachami,රත්තරං ල හරියට කියල දෙයි වෙලාවක් ලැබුනම..
    centrifugal clutch කියල google search කරන්න..

    නැහැ මචන් Centrifugal Clutch එන්නේ scooter වලට විතරයි...

    Centrifugal clutches are often used in mopeds, underbones, lawnmowers, go-karts, chainsaws, mini bikes, and some paramotors

    -wikipedia
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :):):)
    ඔය තියෙන්නේ කැන්ඩියනුයි සන්ජීවයි හොද විස්තරයක් දාලා,,,
    ඉඩ තියන වෙලාවක කැන්ඩියන් හොද ත්‍රෙඩ් එකක් දායි ....
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    නැහැ මචන් Centrifugal Clutch එන්නේ scooter වලට විතරයි...

    Centrifugal clutches are often used in mopeds, underbones, lawnmowers, go-karts, chainsaws, mini bikes, and some paramotors

    -wikipedia

    බොහොම ස්තුතියි මචං.
    මං හිතං හිටියෙ බයික් එක pickup වෙන්ට වෙලා යන්නෙ,centrifugal clutch එක හින්ද කියල..වැඩිය හොයන්නෙ බලන්නෙ නැතිව හිතල පොර වගේ දැම්මෙ..
    හැබැයි බයසිකල් ක්ලච් එක්කො friction හරි centrifugal හරි නැත්තං ඒ දෙකෙන් derive වෙච්ච ඒව නෙවෙයිද?
    වෙලාවක් තිබ්බහම එළ නූලක් දාන්ඩකෝ....!
     
    Last edited:

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy

    බොහොම ස්තුතියි මචං.
    මං හිතං හිටියෙ බයික් එක pickup වෙන්ට වෙලා යන්නෙ,centrifugal clutch එක හින්ද කියල..වැඩිය හොයන්නෙ බලන්නෙ නැතිව හිතල පොර වගේ දැම්මෙ..
    හැබැයි බයසිකල් ක්ලච් එක්කො friction හරි centrifugal හරි නැත්තං ඒ දෙකෙන් derive වෙච්ච ඒව නෙවෙයිද?
    වෙලාවක් තිබ්බහම එළ නූලක් දාන්ඩකෝ....!

    නෑ උඹ කිව්ව දේ වරදක් නැහැ.... අර plates සහිත clutch කතාවට අදාළ නැති එක ගැනයි මම කිව්වේ.
    scooter pickup වෙන්ට වෙලා යන්නෙ,centrifugal clutch එක හින්ද

    උඹ ඔය දාල තියෙන system එකට තමයි gearless bikes (අලුත් super cub) සහ scooter වල power transmit කරන්නේ.මොකද ඒවගේ clutch plates කතාවක් නැහැ.
    නමුත් තවම 99% බයික් වල Use කරන්නේ friction method එක.
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    :):):)
    ඔය තියෙන්නේ කැන්ඩියනුයි සන්ජීවයි හොද විස්තරයක් දාලා,,,
    ඉඩ තියන වෙලාවක කැන්ඩියන් හොද ත්‍රෙඩ් එකක් දායි ....

    11.gif
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    ත්‍රෙඩ් එකක් දැම්ම නම් හොඳයි තමයි... නමුත් මේ දවස් වල මට වෙලාවක් හොයාගන්න එක ටිකක් අමාරුයි.එකයි ප්‍රශ්නේ. බලමු රත්තරං ගෙන් අහල.

    clutch එක තාක්ෂණය ඕකම තමයි.මෙන්න මේවා තමයි වෙනස් කම්.

    * බොහොමයක් වෙලාවල් වලට බයික් high rev වල පදින නිසා සහ ඉක්මනට speed n power control කලයුතු නිසා flywheel එක වාහන වල තරම් ලොකු නැහැ.ඒ නිසා වාහන වලට සාපේක්ෂව කුඩයි. ඔයාලගේ බයික්ස් වල වම් පැත්තේ විදුලිය ජනනය කරන stator එක වටේට යන රවුම තමයි flywheel එක.එකට magnet එකකුත් බද්ධ කරලා තියන්නේ.

    image004.jpg

    * බයික් වල හැම වෙලාවේම වගේ පාවිච්චි කරන්නේ multiple clutch system එක.මොකද කාර්යක්ෂම වැඩි නිසා.දැන් දැන් wet multiple clutch system එක ඉතාම ජනප්‍රියවෙලා තියෙනවා.

    057.jpg

    ඔය රූපයේ අල්ලාගෙන ඉන්නේ pressure plate එකක්. පහතින් පෙන්නේ clutch plate.

    07_Clutch_Pack_-_Note_Last_one_Medium_.JPG

    * සාමාන්‍යයෙන් අපි දන්නා කියන Hornet වගේ බයික් එකක clutch plates 6ක් සහ pressure plates 6 ක් තියෙනවා.ඒක තමයි එක unit එකක් විදියට එන්නේ.මේ තියන්නේ Suzuki V Strom එකක unit එකක්

    3a+Exploded+Clutch+Assembly.jpg

    ඔය තියන්නේ...!!
    ක්ලච් ප්ලේට් කිහිපයක් එන්න හේතුව තමයි තනි ප්ලේට් එකකට එන්ජිමේ ව්‍යවර්තනවා දරාගන්න බැරි එක. ඒ වගේම ප්ලේට් කිහිපයක් දාල එක ප්ලේට් එකක අරය අඩු කරගන්න පුළුවන්.
    මෙතැනදී ක්ලච් ප්ලේට් වහනෙක වගේම ගියර් පද්දතියට සම්බන්දයි. මැද තියන රින්ග් එන්ජිම එක්ක සම්බන්ධයි. මේ ඔක්කොම ස්ප්‍රින්ග් 4 (හෝ කිහිපයක්.) ක් මගින් එකට තද වෙලා තියන්නේ. ක්ලච් ප්ලේට් සහ රින්ග් අතර තියන ඝර්ෂණය නිසා ඔක්කොම එකට කැරකෙනවා. අපි ක්ලච් එක තද කරපුවම මේ ප්ලේට් සහ රින්ග් ඈත් වෙනවා. එහෙම වෙච්ච ගමන් එන්ජිමයි ගියර් පද්දතියයි අතර සම්භන්දය නැති වෙලා එන්ජිම නිදහසේ කරකැවෙනවා.

    මේ ඔක්කොම තියන්නේ එන්ජින් ඔයිල් වල ගිලිලා. (මොකද ඔය ඝර්ෂණය නිසා ඇති වෙන තාපය උරාගන්න.) වැදගත්ම දේ තමයි මේ ඔයිල් වල දුස්රාවිතාව වෙනස් උනාම ක්ලච් එක ලිස්සන්න ගන්නවා. ඒ වගේම තමයි ගියර් මාරු කරලා ක්ලච් එක අතාරිද්දී පැන පැන ඉස්සරහට යනවා. (ක්ලච් එක හරියට දෙනවා නම්.) ඒ නිසා කලට වෙලාවට ඔයිල් මාරු කරන්න ඕන.

    centrifugal clutch එක ගැන නම් වෙනම කියන්නම්. ඔය කියල තියනවා වගේ ඕක එන්නේ ස්කුටර් වල වගේ ඔටෝ ගියර් එන බයික් වල. මේක හරියටම විස්තර කරන්න ඔටෝ ගියර් ගැනත් පොඩි විස්තරයක් කරන්න ඕන. වෙලාවක් ලැබුණු හැටියේම ඒ ගැනත් විස්තර කරන්නම්
    .
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    ඔය තියෙන්නේ kandyan සහෝ රූපත් එක්කම විස්ටර කරලා. sup එක දීපු අනිත් සහෝ {07sanjeewakaru NUWAN BUWA urajdrlk } ලට thanx .
    chathurachami ව්ස්තරේත් එල. thanx ඔක්කොටම. ඉඩ තියන වෙලාවක හොද ත්රෙඅඩ් එකක්
    දාපන් මචන්ලා. දාල මට vm එකකුත් දාන්න.

    රත්තන් අය්යත් මේ පැට්ටට එවි මට හිතෙන්නේ මේ දවස් වල free eke ඉන්න නිසා fb account එකකුත් හදාගෙන අපිත් ඔන්න ෆුල්ල් sup එක දුන්නා.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හොඳ විස්තරයක් දාල තියෙන්නේ මචෝ..:D:D
    හොඳ ත්‍රෙඩ් එකක් වැටෙයි ලඟදිම.:yes::yes:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    මට පොඩි ප්රිශ්න ටිකක් තියෙනවා. මේ රූපේ තියෙන විදියට

    3a+Exploded+Clutch+Assembly.jpg

    1. හබ් එක gearbox එකත් එක්ක සම්බන්ද වෙන්නේ කොහොමද ?

    මේ රූපේ තියෙන විදියට

    ktm-2009-450-505-sx-atv-clutch-basket.jpg

    2.basket eke තියෙන පොඩි දැතිරෝදය හා ලොකු දැතිරෝදය සම්බන්ද වෙන්නේ කොහාටද ?
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මට පොඩි ප්රිශ්න ටිකක් තියෙනවා. මේ රූපේ තියෙන විදියට

    3a+Exploded+Clutch+Assembly.jpg

    1. හබ් එක gearbox එකත් එක්ක සම්බන්ද වෙන්නේ කොහොමද ?

    මේ රූපේ තියෙන විදියට

    ktm-2009-450-505-sx-atv-clutch-basket.jpg

    2.basket eke තියෙන පොඩි දැතිරෝදය හා ලොකු දැතිරෝදය සම්බන්ද වෙන්නේ කොහාටද ?

    01. ඔය රුපයේ පෙන්නලා තියෙන්නේ crank එකට set වෙන wheel එක විතරයි.අනිත් එක තියෙන්න ඔය මැදින් යන axle එකේ.එක වැහිලා තියන්නේ.

    02.ඔය ලොකු දැති රෝදය සම්බන්ධ වෙන්නේ crank එකට.clutch එක engage උනාම gear box එකට සම්බන්ධ වෙන්නේ ඔය මැද තියෙන පොඩි දැති රෝදයයි.මෙන්න මට සැමදා සරණ වෙන google දෙයියන්ගේ පිහිටෙන් හොයාගත්ත ෆොටෝ එකක්......!

    P6BsZki.jpg

    122_0909_02_z%2B2010_honda_vfr1200%2Bengine_cross_section.jpg
     
    Last edited: