කරපිංචා......

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    කරපිංචා කොළ කිහිපයක් ව්යංොජනයට එකතු කරන්නේ ආහාරය රසගැන්වීමටයි. ඒ අතින් කරපිංචා යනු කුළුබඩුවකි. එහෙත් කරපිංචා කොළය පිඟානෙහි ඉතිරිකොට අහක දමන පිරිස බොහෝය. ඒ සියලු දෙනා කරපිංචා ශාකයේ ගුණය හඳුනන්නේ නැත. ඒ අතින් සලකා බැලීමේදී කරපිංචා යනු ඔෟෂධීය ශාකයකි.

    * මේදය අධික
    (කොලෙස්ටර්රෝල්) ඔබට
    කරපිංචා දිව්යර ඔෟෂධයකි
    කරපිංචා කොළ හොඳින් වේළා මඳ පවනේ වේළන්න. එයට ඉඟුරුපියලි කිහිපයක් එකතු කොට වතුර ස්වල්පයක් එක්කර තම්බා බොන්න.
    කරපිංචා පොතු, මුල්, නැටි ගෙන අරළු, බුළු, නෙල්ලි සමඟ තම්බා පානය කරන්න.
    කරපිංචා කොළ කොටා යුෂගෙන හීනැටි හාල් සමඟ මිශ්රය කොට තම්බා බොන්න. කරපිංචා කොළ, උම්බලකඩ, රතුලූනු, පොල් දමා සම්බෝලයක් සේ සකස් කරගෙන ප්රෂධාන ආහාර වේල සමඟ ආහාරයට ගන්න.

    * රුධිරය පිරිසුදු වීමට
    කරපිංචා පොතු, සුදුලූනු, උළුහාල්, ගම්මිරිස්, මිශ්රසකොට තම්බා බොන්න.
    කරපිංචා ලුනු වතුරෙන් සෝදා තෙලෙන් බදින්න. පසුව කිරි හොද්දක් සකස් කර එයට බැදගත් කරපිංචා දමා පිස ආහාරයට ගන්න.

    * සර්ප විසට
    සර්පයකු දෂ්ට කළ වහාම කරපිංචා කොළ කිහිපයක් කොටා යුෂ බීමට සැලැස්වීමෙන් විෂ නැසෙයි.
    කරපිංචා කොළ, කොහොඹ කොළ, එළ මුත්රාම සමඟ කොටා ඉස්ම පෙවීමෙන් විස නැසේ.

    * ස්නායු දුර්වලවීම, වායුගෙඩි
    හට ගැනීම සහ බඩදැවිල්ලට
    කරපිංචා කොළ, නැටි, පොතු, බාර්ලි වතුරෙන් තම්බා බොන්න.

    * අර්ශස්, මලපහ පහසුවට.
    කරපිංචා කොළ, කොහිල අල හීනියට කපා ගන්න. උළුහාල්, සුදුලූනු රතුලූනු දමා තම්බන්න. උදේ හිස්බඩට පානය කරන්න.

    * පිපාසයට
    කරපිංචා කොළ වේළා කරාබු නැටි, කුරුඳු පොත්තක් සමඟ හොඳින් කුඩුකරගෙන, කෝපි මෙන් පානය කරන්න.

    * කෘමි කරදරේට
    කරපිංචා පැළයක් ‍ෙදාරකඩ සිටුවීමෙන් ඉන් වහනය වන සුවඳට කුරුමිණියන් වැනි කෘමීන් අඩුවේ.

    * දරුවන් වදන මවුවරුන්ට
    කරපිංචා කොළ, ගම්මිරිස්, ඇට, ගොරකා කැබැල්ලක්, මිරිස් කරලක්, අඹරා කෑමෙන් ගර්භාෂයේ තෙතමනය අඩුවෙයි. දරුවා බිහි කිරීමේදී වේදනා ගතිය දුරුවෙයි.
    කරපිංචා යොදා කරන කෙම්

    * ඇස්වල වේදනාවට
    කරපිංචා කොළ, ‍ෙදාඹ කොළ ගොටුකොළ තැඹිලි වතුරෙන් කොටා කතා නොකර උදෑසන 6.30 - 8.00 අතර විනාඩි 45ක් පමණ එය ඇස මත තබන්න. පසුව තැඹිලි වතුරෙන් සෝදා හරින්න. මෙය කතා නොකර සිදුකරන්න.

    * කක්කල් කැස්සට
    කරපිංචා දලු කිහිපයක් කතා නොකර කැඩීමෙන් හින්දාගත් පොල්තෙල්වලට දමා නැවත මඳ පවනේ වේළා පපුව ප්ර්දේශයේ හා බෙල්ලේ තවරන්න. (කතා නොකර)

    * නිය පිරිත්ත දියවීමට හා පැසවීම
    කතා නොකර කරපිංචා නැටි ගලක තබා තළා දෙහි ඇඹුලෙන් උරගාන්න. එයට කොහොඹ තෙල් ස්වල්පයක් එකතු කොට එම නියට බඳින්න.

    * කල්ගිය හිසරදයට
    කතා නොකර කරපිංචා දලු, කරාබුනැටි, ඉඟුරු, දෙහි ඇඹුලෙන් අඹරා කතා නොකර නළලට පැලැස්තරයක් මෙන් තබන්න.

    * පණුගාය, බඩපිපීම, පෙකණිය වටා වේදනාව සහ කැසීම (කුඩා දරුවන්ටත් සුදුසුයි)
    කරපිංචා පොත්ත ගසෙන් කපන්න. එවිට කරපිංචා ගසට හිතින් නමස්කාර කරන්න (කරපිංචා ගසේ ගුණෙන් රෝග සුවවේවා යැයි සිතින් ප්රාකර්ථනා කරන්න.) පසුව මී පැණියෙන් ගල ගා දෙහි ඇඹුල් දමා පෙකණිය වටා සහ උදරය අවට ගාන්න.




     

    rasikadarshi

    Active member
  • Jul 31, 2010
    731
    160
    43
    තවත් අදහසක් තියනවලු කරපිංචා වල විෂ උරා ගැනීමේ හැකියාවක් තියනවා කියල....
    ඒ නිසා දැන් ව්‍යංජන වලට දාන කරපිංචා කන්න එපා කියල
    ඇතැම් විට ඇත්ත වෙන්න පුළුවන් ඉස්සර වගේ නෙවෙයි දැන් එළවලු වල ගොඩක් විෂ තියනවානේ....මම නම් හරියටම දන්නේ නෑ... දන්න කියන කෙනෙක්ගෙන් අහල දැනගන්න
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ෆට්ට
    අදම ගෙ වටෙටම ගස් 10ක් විතර හිටවනවා
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    Tfs mach rep added:)

    තවත් අදහසක් තියනවලු කරපිංචා වල විෂ උරා ගැනීමේ හැකියාවක් තියනවා කියල....
    ඒ නිසා දැන් ව්‍යංජන වලට දාන කරපිංචා කන්න එපා කියල
    ඇතැම් විට ඇත්ත වෙන්න පුළුවන් ඉස්සර වගේ නෙවෙයි දැන් එළවලු වල ගොඩක් විෂ තියනවානේ....මම නම් හරියටම දන්නේ නෑ... දන්න කියන කෙනෙක්ගෙන් අහල දැනගන්න

    TFS machan :cool:
    +9

    tfs
    rep +

    good post rep +2

    good post !
    TFS !

    ෆට්ට
    අදම ගෙ වටෙටම ගස් 10ක් විතර හිටවනවා


    :)
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    වටින පොස්ට් එකක් මචන්.. මම නම් කරපිංචා සම්බෝලයක් නිතරම බත් එක්ක කනවා.. අඹරල ෆ්‍රිජ් එකේ දාල උනත් ඕන කාලයක් තියාගන්න පුළුවන් ..
     
    • Like
    Reactions: Iron Monger

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    machan කොලෙස්ටර්රෝල්adu wenda kiyala guli hadan kanda epa.mokada ita passe giya කොලෙස්ටර්රෝල්tika ganda th apahu kanda wenawa