මචං මෙහෙමයි. ඇයි එහෙනම් චන්දේ ගැනලා ඔක්කොම ඉවර වෙලා මැතිවරණ කාර්යයාලයව යවලත් ඉවර වෙලා ඒ චන්ද එකතුව ප්රකාශ කරන්න පහුගිය ජනාධිපතිවරණයේ පැය ගණනාවක් ගියේ.? අනික ඔතන ගැණලා මැතිවරණ කාර්යයාලයට යැව්වම එතනින් වෙනදේ 100 % ක් හරියි කියලා සහෝට කියන්න පුලුවන්ද.? හොරචන්ද දාන්නේ නැහැයි කියලා සහෝටත් එක හෙලාම කියන්න පුලුවන්ද කියන එක මට ප්රශ්නයක්...
මැතිවරණ ලේකම් කාර්යාලයට යවන්නම ඕනේ නෑ ඒ ඒ පක්ෂ වලට තමන්ට හම්බ වෙලා තියන ඡන්ද ප්රතිෂතය ගනන කොච්චරද කියන්න.
ඡන්ද ගනන් කරන මධස්තාන 10ක් තියනවා නම්... ඒ 10ම පක්ෂ නියෝජිතයෝ ඉන්නවා.
ඔය හැම මධ්යස්තානයකින්ම ගැනපු ඡන්ද ගැන ඔක්කොම තොරතුරු ඒ අය ලග තියනවා. ඔයා විශ්වාස කරනන්නේ සමස්ත ප්රතිපලය පරක්කු උනා කියලා නම්..
තමන්ගේ පක්ෂ නියෝජිතයන්ගෙන් ගන්න තොරතුරු එකතු කරලා තමන්ගේ පක්ෂේට ලැබුණ ඡන්ද ගැන කියන්න පුලුවන්. ඒකයි කියන්නේ හැම තැනදිම ක්රොස් චෙක් කරන්න සිස්ටම් එකක් තියනවා කියලා.
එහෙම තමන්ගේ නියෝජිතයෝ දුන්න තොරතුරුයි, ප්රකාශිත නිල තොරතුරුයි වැරදිලා කියලා කොහෙවත් කවුරුත් චෝදනා කරලා නෑ.
ගොඩක් වෙලාවට වෙන්නේ ඇත්ත ප්රොසෙස් එක දන්නේ නැතුව, මිනිස්සු නිර්මානය කරනවා. මම පැහැදිලිව කියනවා ඡන්ද ගනන් කරන අයගෙන් නම් අහල වැඩක් නෑ. මොකද එතනින් එහාට ඒ අයට අවබෝදයක් නෑ.
ඇත්තටම හොර ඡන්ද දාන්න නම් බෑ මචන්.
Last edited:








