මේක ඉස්සර රේඩියෝ එකේ උදේ ප්රවෘත්ති යන්න කලින් යන සිංදු වලට යනවා අහලා තියනවා..මා ඉපදුනු මගේ රටට සේවය කරලා..
ජීවිතයේ පරම සුවය සදහට සොයලා..
රට වෙනුවෙන්
දැය වෙනුවෙන්
දා බිදු හෙලලා..
පියවර පෙරමගට තබමු
ජය ගී ගයලා..
එඩිතර සිංහල විරුවන් ගිය මග යන්නේ..
ඒ දස්කම් විස්කම් නෑ අමතක වෙන්නේ..
ජාතික අනුරාගෙන් හදවත් පිබිදෙන්නේ..
අප ජීවත්වන රට සුරපුර හෙළයන්නෙ..
මහවැලි කළු කැළණි මහා ගංගා හඩදී..
බැස යන නාදෙට හැම රාවෙම ලොව පරදී..
මහ වැව් දාගැබ් හැදුවේ අපමය පෙරදී..
ඒ බව සිහිකොට පෙරටම දිවයමු පිබිදී.
