පෙම් සබඳතාවක් බිඳ වැටූණොත්

coolmanaram

Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    පෙම් සබඳතාවක් බිඳ වැටූණොත්

    break-up-sad-love-wallpapers_zps2e89828c.jpg



    පෙම් සබඳතාවක් බිඳ වැටූණොත් රටට සමාජයට මූහූණ දීමට සිත හදාගන්න හැටි දන්නවාද???
    N11_zps6b41859f.gif


    පෙම් සබඳතාවයක් බිඳ වැටී හඬමින් ලතවෙවී සිටින ඔබට සිය පෙම් සබඳතාව බිඳී යෑම දරා ගනූ බැරි සිත් වේදනාවකි. සති මාස ගණනින් හඬමින් කල්පනා කරන්නේ යළිත් තනිකඩ දිවියට මූහූණ දෙන්නේ කෙසේද යන්න සිතමිනි. තවද සිදුවූයේ කුමක්ද දෙදෙනා අතර මහත් වූ ගැටළුව කුමක්දැයි ඔබට සේම ළඟින් ඇසූරු කළ සැමටම ගැටළුවකි. එහෙයින් මව්පියන් හෝ මිතුරු මිතුරියන් අසන ප්‍රශ්නවලට පිළිතුරු දීම සියල්ලටම වඩා කරදරයකි.

    විවාහවීමට සිතා දිගු කලක් එකට කල් ගෙවීමෙන් ඔහූ/ඇය පිළිබඳව ඥාතීන් සේම මිතුරන් සියල්ලම දනිති. එවිට බස් රියේදී, දුම්රියේදී, කාර්යාලයේදී, අසල් වැසියන් හා ඥාතීන් හමූවූ විටදී ඔහූ පිළිබඳව විමසීම අමතක කිරීමට වෙර දරණ අතීතය යළි සිහිපත් වීමකි.

    මීළඟට සියලු ගමන් බිමන්වල යෙදුනේ ඔහූ/ඇය සමගිනි. ඇඳුම් පැළඳුම් ආයිත්තම් තෝරා දුන්නේ ඔහූ/ඇය විසිනි. මිතුරෙකුගේ සාදයකට හෝ මංගල උත්සවයකට ගියේ ද ඔහූ/ඇය සමගිනි. ඔහූගේ/ඇයගේ ඈත්වීමෙන් ඒ සියලු දේ තනිවම ඉටූකර ගැනීමට සිදුවීමද එක්තරා අන්දමක අභියෝගයකි. එහෙයින් ඔබේ වේදනාකාරී හූදකලා දිවියට අමතරව අලුත් වගකීමක් දැරීමට ද සිදුවෙයි.

    ඒ අයූරින් ඔහූ/ඇය හදිසියේ කුමන හෝ පදනමකින් ඔබෙන් ඈත් වූවොත් අලුත් හූදකලා දිවියට ඔබ ඉකිමනින් හූරුවන්නේ කුමන උපක්‍රම තුළින් දෑයි විමසා බලමූ.

    ඔහූ/ඇය සිතින් පළවා නොහැරීම

    දරා ගනූ බැරි වේදනාවක් හිමිකර දී ඔහූ/ඇය ඔබ හැර ගියේ නම් ඔහූ සිතට බලපාන ආකාරයෙන් ඈත් කිරීමට වෙර දෑරීම සූදුසූ නොවේ. යැයි ප්‍රකට සායනික මනෝ වෛද්‍යවරියක වන වර්කා වූලනී පවසන්නීය. ඒ වෙනූවට කළයූතු වඩාත්ම වැදගත්ම දේ වන්නේ ඔහූ/ඇය හැර ගිය හේතුවට යථාර්ථවාදීව බැල්මක් හෙළීමයි. එය දෙස ශුභවාදී ආකල්පයකින් හෙවත් එය සිදුවූයේ යහපතට බව සිතීමයි. හැරගිය ඔහූ/ඇය යළි සිහිපත් නොකරන්නේ යැයි සිතන තත්ත්පරයකින් යළිත් ඔහූ/ඇය සිහිපත් වීම ස්වාභාවිකයි. එහෙයින් ඔහූ/ඇය අමතක කිරීමට මූලිකවම උත්සාහ නොදරන්න.

    බොහෝ පෙම් සබඳතා බිඳී යන්නේ හදිසි සිදුවීමක් ලෙසිනි. එම හැර යාමට අවශ්‍ය මූලික ස්ථාවරත්වයක් මාස ගණනකට පෙර සිටම ක්‍රියාත්මක වේ. ඒ අතර මූලින්ම ඇත්තේ දෙදෙනා අතර ඇති කුමන හෝ නොගැලපීම්ය. එය මානසික, ධනය, රැකියාව රුචි අරුචිකම් උගත්කම ආදී වශයෙන් විවිධාකාර වූ නොගැළපීම් වීමට හැකියි.

    එහෙයින් එම සබඳතාවය අමතක කිරීමට ඇති පහසූම මඟවන්නේ සබඳතාවය පවතිද්දී ඉස්මතු වූ නොගැළපීම් හා එයින් දෙදෙනා අතර මතු වූ ගැටීම්ය. ඒවා දිගින් දිගටම නිරන්තරයෙන්ම සිදුවූ අන්දම සිහිපත් කළ විටදී එය නොගැළපෙන සම්බන්ධතාවයක් බව ඔබට වැටහේ. එයට අමතරව විවිධ මත ගැටූම් හා අදහස් නොගැළපීමෙන් ඔබට සිදු වූ ලැජ්ජාවත් හා හැඬූ දිනයන් සිහිපත් කරද්දී එම ඈත්වීම් සියූම් සාධාරණයක් හා යහපතකකි. මීළඟට ඔබ සිතිය යූත්තේ ඔහූ/ඇය සමග දිගින් දිගටම ඇසූරු කළේ නම් හෝ විවාහ වූයේනම් විඳින්නට සිදුවන හිරිහැර හා මානසික වේදනාවන්ය. එවිට ඔබේ සිතින් එම සබඳතාව බිඳ යෑමෙන් ඇති වූ වේදනාව දුරුවේ.

    එහෙයින් පෙම් සබඳතාවයක් බිඳීගිය විටදී ඔබට මෙම උපක්‍රම කිහිපයත් අනූගමනය කිරීමට හැකියි.

    1. සූපූරුදු පරිසරය අත් හැර අලුත් පරිසරයකට ඇතුළුවන්න.
    2. අලුත් මිතුරන් පිරිසක් අතරට එක්වන්න
    3. කාර්යාල සේවිකාවක්/සේවකයෙක් නම් හැකිතරමින් රාජකාරියේ නිතරවන්න.
    4. වසරක තරම් කාලයක් සහමූලින්ම යෙදිය හැකි අලුත් ප්‍රයෝජනවත් පාඨමාලාවක් හදාරන්න.
    5. සබඳතාවය බිඳීගිය අලුතදීම ජංගම දුරකතනය අක්‍රීය කර තබන්න. නොමැති නම් ඔබ තත්ත්පරෙන් තත්ත්පරය එදෙස බලන්නේ ඔහූගෙන්/ඇයගෙන් ඇමතුමක් ලැබී ඇතිද යන්නයි. එය මතකය අලුත් කරගැනීමකි.
    6. තොරතුරු විමසීමට සහෝදර හෝ මිත්‍රකමට කතා බහ කිරීමට හෝ දුක පැවසීමට සේම ඇසීමට ඔහූට/ඇයට දුරකතනයෙන් නොඅමතන්න. ඔහූගේ/ඇයගේ ඇමතුම්වලට සවන් නොදෙන්න. ඔබ තරයේම සිතිය යූත්තේ කුමන පදනමක් මත හෝ ඔහූට/ඇයට නොඅමතන ලෙසිනි. එයට හේතුව ලෙසින් දෑක්විය යූත්තේ එය අනවශ්‍ය සබඳතාවයක් බවයි.
    7. ඔහූ/ඇය ඔබ පිළිබඳ විවිධ පූද්ගලයන් සමග පැවසූ දේවල්වලට උත්තර බැඳීමටද ඉදිරිපත් නොවන්න.

    නිතර හමූවන්න වූනොත්

    ඇතැම් පෙම් සබඳතා බිඳ යෑමෙන් පසූව විඳින සිත් වේදනාව ප්‍රබල වශයෙන් දෙදෙනාට දැනෙන්නේ තව දුරටත් නිතර හමූවීමට සිදුවීම නිසාය. එකම කාර්යාලයේ, නිවෙස අසල සිටින දෙදෙනෙකු මිතුරෙකු සොයූරෙකු ආදී වශයෙන් වූ විටදීද නිතර හමූවීමක් සිදුවේ. එවන් අවස්ථාවලදී ඔබට කළ හැකි දේ.

    1. හැකිනම් වෙන කාර්යාලයකට මාරුවක් ගැනීම
    2. ඔහූව/ඇයව හැකිතරම් මඟහැරීම, දුටූවත් නොදුටූවාසේ යාම,
    3. මිතුරන්ට ඒ බව දෑන්වීමෙන් ඔවූන් ඔබේ සහයට ඉදිරිපත් වී සිතට අවශ්‍ය ශක්තිය සැපයේ.
    4. පෙර සේ එක්ව රාජකාරි කටයූතුවල නොයෙදීම
    5. දෙදෙනා එකිනෙකාට දුන් සියලු දේ ආපසූ හූවමාරු කර ගැනීම.

    වරදක් බව සිතන්න

    පෙම් සබඳතාව බිඳී පෙම්වතිය හැර යාමෙන් මද කලකට පසූව ඔහූගේ/ඇයගේ සිතේ සියූම් කලකිරීමක් හෝ පසූතැවීමක් ඇති වේ. එයට හේතුව වන්නේ කුමන වැරදි තිබූණද ඔබේ යහපත් ගතිගුණ අලුත් පෙම්වතා/පෙම්වතිය ළඟ නොමැති වීමෙනි. එවිට ඔහූ කරන්නේ විවිධ පාපොච්චාරණයන් කිරීමට ඔබව හමූවීමට, සූහදව කතා බහ කිරීමට, සමීපව ඇසූරු කිරීමට ප්‍රියවීම හා ඒ බව දෑන්වීමය. බොහෝ කතුන්/පිරිමින් ඒ උගුලට අසූවේ. මන්ද ඔබ තවමත් ඔහූට/ඇයට ආදරය කරන හෙයින් ප්‍රතික්ෂේප කිරීමේ නොහැකියාවක් ඇතිවීමයි. නමූත් මෙහිදී ඔබ තේරුම් ගත යූත්තේ ඔහූ/ඇය හැරගියේ ඔබව සහමූලින්ම පිළිකුල් වීමෙන් හෝ අන් යූවතියකට ආදරය කිරීම හේතුවෙනි ඔබ අද තනිවී සිටියද ඔහූට එසේ තනිකමක් නොවේ. එහෙයින් ඔබ යනූ ඔහූට/ඇයට තව අයෙකු පමණි. එහෙත් තවමත් ඔබ ඔහූට ආදරය කරන හෙයින් ඔහූට සමීපවීමට ඉඩ ලබාදෙමින් සිදුවන්නේ ඔහූව/ඇයව අමතක කිරීම අසීරු වීමයි.

    මෙම උපක්‍රමත් පිළිපදින්න.
    හැරගිය ඔහූ/ඇය වෙනූවෙන් දුක්වීම අත්හැර දමා අලුත් සිතක් ගොඩනගා ගැනීමට මෙම උපක්‍රමයන්ද ඔබ අනූගමනය කරන්න.


    1. ඔහූ/ඇය අමතක කිරීමට උත්සාහ නොකර ඔබ දෙදෙනාගේ සබඳතාවේ ස්වභාවය තක්සේරු කර බලන්න. ඔහූට/ඇයට දොස් පැවරීමට නොසිතන්න. මන්ද එය ක්‍රියාත්මක නොවේ. ඔහූ/ඇය සමග පැවති සබඳතාවේ ස්වභාවය තක්සේරු කරද්දී නිරායාසයෙන්ම ඔහූ/ඇය ඔබේ සිතින් ගිලිහී යෑමක් සිදුවේ.
    2. ඔහූට/ඇයට වෛර කිරීමට නොසිතන්න. ඒ වෙනූවට ඔහූ/ඇය සමග බෙදාගත් සූන්දර අවස්ථාවන් නිබඳවම සිහිපත් කරන්න. එවිට ඉක්මනින්ම එය සිතට නැඟීම අවසන් වේ.
    3. මද කලක් ගතවෙනතුරුම අලුත් සබඳතාවයක් ඇරඹීමට නොපෙළඹෙන්න. මූලින්ම ඔහූගේ/ඇයගේ හැරයාමට බලපෑ ඔබේ වැරදි අවබෝධ කරගැනීමට තරම් අවංක හා විවෘතවන්න නොමැති නම් මීළඟ පෙම්වතාද/පෙම්වතියද එම වැරදිවලට ඔබව හැරයනූ ඇත.
    4. එම අත්දෑකීම් අධ්‍යයනය කරන්න. එවිට ඔබට නොගැලපෙන හා ගැලපෙන පිරිමින් පිළිබඳව වැටහීමක් ඇති කර ගත හැක.

    එම ප්‍රේමය බිඳී යෑම පෞද්ගලිකව බලපාන්නක් බවට පත් කර නොගන්න. එසේ කළහොත් ඔබ ප්‍රබල මානසික බිඳීමකට පත්වීමකට හැකියි. එය සහමූලින්ම නොගැලපීමක් මත සිදුවූවක් හා ඔහූගේ වැරදි ක්‍රියාවක් මත සිදුවූවක් යැයි සිතන්න. එවිට ඔබට තවත් පූද්ගලයෙකු සමග සබඳකමක් ඇති කරගැනීමට හැකිවේ.

    ------------------------------------------------------------------------------------
    උපුටා ගැනීමකි

    REPOST නම් මගේ බලවත් කණගාටුව ප්‍රකාෂ කරනවා
    NHeadbanger_zps9d61f237.gif


    මගේ කලින් POST වලට හොද ප්‍රතිචාර ලැබුනා..
    NHug_zpsf3300a9b.gif

    නොබලපු අයට මෙන්න ලින්කු....

    http://www.elakiri.com/forum/showthread.php?t=1582909
    http://www.elakiri.com/forum/showthread.php?t=1581961
    http://www.elakiri.com/forum/showthread.php?t=1581894
    http://www.elakiri.com/forum/showthread.php?t=1581734
    http://www.elakiri.com/forum/showthread.php?t=1581307
    http://www.elakiri.com/forum/showthread.php?t=1582948
    http://www.elakiri.com/forum/showthread.php?t=1583071
    http://www.elakiri.com/forum/showthread.php?t=1583264
    http://www.elakiri.com/forum/showthread.php?t=1583283

    -------------------------------------------------------
     
    Last edited:

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    Elaz... nice tips... hamotama thamage mattamin thama oka vida dara ganna wenne... thamantama avenika kramekin thama goda ennath puluwan...
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    Can not be generalized. Depends on the person and the circumstance :yes: Denata awurudu 5kata withra kalin boot ekak kewa. Eth dan hithenawa ehema wechcha eka hondayi kiyala cz dan mata raththaran kellek labila thiyenawa :)
     

    ksndhr

    Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    එළ...දැනට නම් ඕන වෙලා නෑ.:cool:.
    ඕන වෙන්නෙත් නැතිවෙයි කියල හිතමු.;) :P


    You must spread some Reputation around before giving it to coolmanaram again.
     

    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    උබ කියපු ගොඩක් දෙවල් නම් ඇත්ත මචන්.. මට මේ වෙලාවේ ගොඩක් වටිනා ත්රෙඅඩ් එකක් :P:P
    දුක් වෙනවට වඩා යතාර්ථවාදී විදිහට බලන එක තම හොදම දේ.
    වෙන කෙනක්ට ආදරේ කරන්න කලින් තමන් තමන්ට ආදරේ කරලා ඉන්න ඕනේ. :D:D
     
    උබ කියපු ගොඩක් දෙවල් නම් ඇත්ත මචන්.. මට මේ වෙලාවේ ගොඩක් වටිනා ත්රෙඅඩ් එකක් :P:P
    දුක් වෙනවට වඩා යතාර්ථවාදී විදිහට බලන එක තම හොදම දේ.
    වෙන කෙනක්ට ආදරේ කරන්න කලින් තමන් තමන්ට ආදරේ කරලා ඉන්න ඕනේ. :D:D
    කවුද ඒ වාසනාවන්තිය?? ;);)
     

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    උබ කියපු ගොඩක් දෙවල් නම් ඇත්ත මචන්.. මට මේ වෙලාවේ ගොඩක් වටිනා ත්රෙඅඩ් එකක් :P:P
    දුක් වෙනවට වඩා යතාර්ථවාදී විදිහට බලන එක තම හොදම දේ.
    වෙන කෙනක්ට ආදරේ කරන්න කලින් තමන් තමන්ට ආදරේ කරලා ඉන්න ඕනේ. :D:D

    Thnx mchn :)
    ow ube kathawath eththa...
    cool

    NGreat_zpseb6bef80.gif