ඒ ලෙවල් හොඳයි කියන තරමටම උඹලව ගොනා කරලා තියෙන්නේ. නිදහස් අධ්‍යාපනයෙන් brain wash වෙච්ච එවුන් ටික දැන් මට කියපල්ලා බලමු ඒ ලෙවල් වලට ගන්න පුළුවන් විෂයන් කීයක් තියෙනවද කියලා ? උඹලා දන්නේ නැහැ ඇයි ආණ්ඩුව ඒ ලෙවල් වලින් උඹලව හලන්නේ කියලා. ලංකාව තුන්වෙනි ලෝකේ රටක්. ආණ්ඩුවට බැහැ හැම කෙනාටම විශ්ව විද්‍යාලයේ සීට් දෙන්න. ලංකාවට ඕවා කරන්න සල්ලි නැහැ. ඒකයි උඹලව ඒ ලෙවල් වලින් හලන්නේ. දැන් කියන්න එපා ඒ ලෙවල් ෆේල් වෙන අය මෝඩයෝ කියලා. ඒ ලෙවල් ෆේල් වෙන අය මෝඩයෝ නෙවෙයි. ලංකාවේ ඉන්න හැමෝම ඩොක්ටර්ලා, එන්ජිනියර්ලා කරන්න බැහැනේ. අද ඒ ලෙවල් වලට ගන්න පුළුවන් විෂයන් දිහා පොඩ්ඩක් බලන්න. ඒ ලෙවල් කරන එකාට ගන්න වෙන්නේ commerce,maths , science නැත්තම් arts තමයි. යකෝ මේ subjects වලට එහා මේ රටේ වෙන කරන්න දෙයක් ඇත්තෙම නැද්ද ? මෙහෙම ගියොත් මේ රටේ accountantsලා, ඩොක්ටර්ස්ලා ,එන්ජිනියර්ලා විතරයි බිහි වෙන්නේ. කෙනෙක් මේ විෂයන් වලට දුර්වල වෙන එකෙන් අදහස් වෙන්නේ නැහැ එයා වෙනත් විෂයන් වලිනුත් දුර්වලයි කියලා. අද ඒ ලෙවල් කරන අයට තියෙන්නේ සීමිත විෂයන් ගානක්. university යන්නත් ඒ ලෙවල් high points වලින් සමත් වෙන්න ඕනේ. අනිත් රටවල් වගේ ලේසියෙන් university යන්න දෙන්නේ නැහැ. නිදහස් අධ්‍යාපනය හැමෝටම දෙන්න සල්ලි නැත්තම් ඒකට වෙන විසඳුමක් හොයා ගන්න ඕනේ. ශිෂ්‍යයෝ මේ වගේ අමාරුවේ දාන්න හොඳ නැහැ. මේ ක්‍රමයෙන් මේ රට දැනටමත් විනාශ වෙලයි තියෙන්නේ. අද ආසියාවේ අඩුවෙන්ම විශ්ව විද්‍යාලයට ඇතුල් වෙන සිසුන් ඉන්න රට ලංකාව. මේ ගැන අපි ලජ්ජා වෙන්න ඕනේ. දැන් කල්පනා කරපල්ලා ඇයි අපිට මෙහෙම වුනේ කියලා. තව දුරටත් යල් පැන ගිය නිදහස් අධ්‍යාපනයෙන් මත් වේගෙන ඉන්නේ නැතුව ළිඳෙන් එලියට ඇවිත් කල්පනා කරන්න ඉගෙන ගනිල්ලා.පුද්ගලික විශ්ව විද්‍යාල වලට යන අයට ඊරිසියා කරන්න එපා.
Last edited:
ලේසි නෑ 
, eth eka lesi na kiyala thama mama kiwwe




ekatath kata uththara nane..