ආණ්ඩුව CHOGM ගෙනාපු එක ලංකාවට හොඳද?

ආණ්ඩුව CHOGM ගෙනාපු එ&

  • Total voters
    100
ආණ්ඩුව CHOGM ගෙනාපු එක ලංකාවට හොඳද?

ආණ්ඩුව CHOGM ගෙනාපු එක ලංකාවට හොඳද?

CHOGM ගැන ආණ්ඩුව විපක්ෂයෙන් බැණුම් අහන නිසාත් ඒකට යන සල්ලි කන්දරය නිසාත් මොන වගේ අදහස් ද ඕගොල්ලන්ට තියෙන්නේ කියලා දැන ගන්න කැමතියි.
 
Last edited:
මගේ එක නම් මේක, දෙමළ ඩයස්පෝරාවට ලංකාවට මඩ ගහන්න අවස්ථාවක් ලබාදිමක්. ආර්ථිකය ගැන කතාවත් එක්කත් එකඟයි නමුත් ප්‍රබලතම කාරණය තමයි දෙමළ ඩයස්පෝරාව කියන කාරණය.
 
මගේ තර්කය මෙන්න මේකයි,
1. මේ සමුළුව මෙහෙ කරනවා කියන්නේ international media spot light එක ලංකාවට වැටෙනවා කියන එකයි. මෙතෙන්දි වඩාත්ම කතා කෙරෙන මාතෘකාව වෙන්නේ ලංකාවේ යුද්ධය, දෙමළ ජනතාව හා යුධ අපරාධ කියන දේවල්. ඉතින් අපි මෙතන චැනල් 4 වගේ ලංකා විරෝධින් ට ඒ ගැන කතා කරන්න අවස්ථාවක් දීලයි තියෙන්නේ.

2. ආණ්ඩුවට මොලේ තිබ්බා නම් කරන්න ඕනි වැඩිය මීඩියා වලට අහු වෙන්නේ නැතිව low profile වැඩ කරන එක. ඒත් අපේ මහ රජාගේ තියෙන ad එක වීමේ ආසාව නිසා රටක් හැටියට අපි පාඩු ලබනවා කියන එකයි මගේ මතය.
 
Last edited:

Majesty

Member
Jun 18, 2013
1,006
159
0
මගේ එක නම් මේක, දෙමළ ඩයස්පෝරාවට ලංකාවට මඩ ගහන්න අවස්ථාවක් ලබාදිමක්. ආර්ථිකය ගැන කතාවත් එක්කත් එකඟයි නමුත් ප්‍රබලතම කාරණය තමයි දෙමළ ඩයස්පෝරාව කියන කාරණය.

දෙමළ ඩයස්පෝරාවේ අය ලංකාවේ අපි මොනවා කරත් මඩ ගහනවා බං. මතකනේ අයි ෆා වලට වෙච්ච දේ. අපි මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන ලෝකෙට ලංකාවේ සැබෑ තත්වේ පෙන්නමු.
 
3. තමිල් නාඩුවේ ඉන්නේ පොඩ්ඩ ඇත්තම් ලංකාවට විරුද්ධව රෙද්ද උස්සගන්න අය නිසා උන්ට ලංකාවට එරෙහිව වැඩ කරන්න අවස්ථාවක් දීමක්. ඒ වගේම මේක තියෙන අස්සේ ම ඉන්දියන් මහ මැතිවරණය එන නිසා මේ වගේ උද්ඝෝෂණ ඇතිවෙයි කියන එක ලංකා ආණ්ඩුවට තේරෙන්න මොළයක් තියෙන්න ඕනි.
ඉන්දියාවේ congress (දැනට පාලක පක්ෂය) ට අයිති තමිල් නාඩු දේශපාලකයිනුත් මන් මෝහන් සිං ට CHOGM boycott කරන්න කියලා කියනවා. ඡන්දෙත් ළඟ හින්දා මන් මෝහන් සිං ආවේ නැත්තම් තමිල් නාඩුව, දෙමළ ඩයස්පෝරාව ලබපු ජයග්‍රහණයක් වෙනවා. මේ වගේ තත්වෙකට මන මෝහන් සිං පත් වෙන විත්තිය ලංකාවට ඒක අවාසි විත්තියත් ලංකාවේ ආණ්ඩුවට තේරුම් ගන්න මොළයක් තියෙන්න ඕනි.
 
දෙමළ ඩයස්පෝරාවේ අය ලංකාවේ අපි මොනවා කරත් මඩ ගහනවා බං. මතකනේ අයි ෆා වලට වෙච්ච දේ. අපි මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන ලෝකෙට ලංකාවේ සැබෑ තත්වේ පෙන්නමු.

මචං මෙතන මඩ ගැහීමක් විතරක් වෙන්නේ නෑ. උන් ටික ටික උන්ගේ අරමුණට ළගා වෙනවා. උන් ගේ අරමුණ මොකක්ද තියලා උඹ දන්නවා නේ.
දුක තමයි මචං අපි, ලංකාව යුද්ධෙන් පස්සේ තිබ්බ යුද්ධෙන් අපි පැරදිලා.

ලංකාවේ යථා තත්වය රටවල් දන්නවා, ලෝකේ මාධ්‍ය දන්නවා. ඒත් උන් ඒවා හරියට පල කරන්නේ නෑ. මොකද උන් agenda එකකට වැඩ කරන්නේ. අනිත් එක රටේ විශේෂයෙන්ම ආණ්ඩුවේ සමහර වැඩ ගැන උන් කියල කතා ඇත්ත නේ බං. මේ කෙන් වෙන්නේ ලංකාවට තවත් මඩ ගහන්න ද.ඩ අපි චාන්ස් එකක් දීලා තියෙන්නේ.
මේ ආණුඩුව කරපු මෝඩම වැඩ වලින් එකක් තමයි මේ කෙහෙල්මල් චොගමෙ
අයිෆා එකත් චොගමෙ වගේම මෝඩ වැඩක් තමයි. අපිට මොනාද ලැබුණෙ?
 
Last edited:

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මගේ තර්කය මෙන්න මේකයි,
    1. මේ සමුළුව මෙහෙ කරනවා කියන්නේ international media spot light එක ලංකාවට වැටෙනවා කියන එකයි. මෙතෙන්දි වඩාත්ම කතා කෙරෙන මාතෘකාව වෙන්නේ ලංකාවේ යුද්ධය, දෙමළ ජනතාව හා යුධ අපරාධ කියන දේවල්. ඉතින් අපි මෙතන චැනල් 4 වගේ ලංකා විරෝධින් ට ඒ ගැන කතා කරන්න අවස්ථාවක් දීලයි තියෙන්නේ.

    ඔය CHOGM එක තිබ්බත් නැතත්. දෙමළ ඩයස්පෝරා එක ලන්කාවට මඩ ගහත එක නතර කරන්නේ නෑ. එන්ගලන්තෙ ඇතලු රටවල් ලන්කාවට මඩ ගහන එක නතර කරන්නෙත් නෑ. ඉතින් CHOGM තිබ්බා නැතා කියල අපිට අන්තර්ජාතිකව තව නැතිවෙන්න දෙයක් නෑ.

    2. ආණ්ඩුවට මොලේ තිබ්බා නම් කරන්න ඕනි වැඩිය මීඩියා වලට අහු වෙන්නේ නැතිව
    low profile වැඩ කරන එක. ඒත් අපේ මහ රජාගේ තියෙන ad
    එක වීමේ ආසාව නිසා රටක් හැටියට අපි පාඩු ලබනවා කියන එකයි මගේ මතය.

    බිස්නස් කරනව නන් ඉතින් ඇඩ් එක නැතව බෑ නෙ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දුක තමයි මචං අපි, ලංකාව යුද්ධෙන් පස්සේ තිබ්බ යුද්ධෙන් අපි පැරදිලා.

    නෑ අපි පැරදිලා ‍නෑ. අපි පරදින්නේ කොටි උන්ගෙ අරමුණ දිනුවට පස්සෙයි. ඒ කියන්නේ දෙමළ ඊළම W;=re නැගෙනහිර පිහිටෙව්ව‍ට පස්සෙයි. එහෙම නැතිව අපි පැරදිලා කියන එක ඇත්ත නෙ‍මේ.

    මේ ආණුඩුව කරපු මෝඩම වැඩ වලින් එකක් තමයි මේ කෙහෙල්මල් චොගමෙ
    අයිෆා එකත් චොගමෙ වගේම මෝඩ වැඩක් තමයි. අපිට මොනාද ලැබුණෙ?

    අයිෆා එකයි චොගමෙ එකයි කියන්නේ දෙකක්. අයිෆා එක කියන්නේ ඉන්දිය‍ාවට විතරක් සීමා වෙව්ව සිනමා උත්සවයක්. ඕක ගැන ඉතින් වැඩි දෙනෙක් කතා කරන්නේ නෑ. ඒත් චොගමෙ කියන්නේ ලෝකේ බලවත් රටවල් කීපයක් වගේම තව රටවල් ගානක් සහභාගි වෙන විසාල දේශපාලන ගේම් එකක්. ඕවගේ ඒවා ලේසියකට හම්බුවෙන්නේ නෑ තියන්න. ඒ නිසා චාන්ස් එකක් ලැබුනම ඒකන් උපරිම m%fhdacfk a ගන්න ඕන.
     
    ඔය CHOGM එක තිබ්බත් නැතත්. දෙමළ ඩයස්පෝරා එක ලන්කාවට මඩ ගහත එක නතර කරන්නේ නෑ. එන්ගලන්තෙ ඇතලු රටවල් ලන්කාවට මඩ ගහන එක නතර කරන්නෙත් නෑ. ඉතින් CHOGM තිබ්බා නැතා කියල අපිට අන්තර්ජාතිකව තව නැතිවෙන්න දෙයක් නෑ.

    යකෝ දෙමළ ඩයස්පෝරාව අපිට මඩ ගහන එක හැම තිස්සෙම කරනවා. හැබැයි උන්ට ඒකට platform එකක් හැම තිස්සෙම හම්බෙන්නේ නෑ. උන්ට සාමාන්‍යෙයන් හම්බෙන platform එක තමයි UN resolution. ආණුඩුව ඒකට අමතරව තවත් එකක් ලබා දෙනවා.
    ඕනිම international news network එකක් අරන් බලහං ලංකාවේ යුධ අපරාධ ගැන කතා වෙන්නේ UN resolution හරි ලංකාවේ මොකක් හරි හුට පටයක් සිද්ධ වුණාම විතරයි. නැත්තම් ලංකාවත් තියෙනවා ද කියලාවත් දන්නේ නෑ. චොගම් එකෙන් වෙන්නේ ලෝකේ මීඩියා වල ෆෝකස් එක ලංකාවට එන එක විතරයි.
    මේ චොගම් එකෙන් කොටින්ට උපරිම වාසි ගන්න ආණ්ඩුව උදව් කළා.
    ඔව් අපිට මඩ ගහනවා. යකෝ අපේ රට යුධ අපරාධකාරයෙක් කියලා හංවඩු ගහන එක අපිට අවාසියි. ආණ්ඩුව මීට වඩා මොළය පාවිච්චි කරන්න ඕනි.

    බිස්නස් කරනව නන් ඉතින් ඇඩ් එක නැතව බෑ නෙ.

    අනේ යකෝ ආණ්ඩුවේ බිස්නස්. ආණ්ඩුව ට බිස්නස් කරන්න බෑ බොල. ආණ්ඩුව දාන මෝඩ ඇඩ් වලට රැවටෙන්නේ මේ රටේ ගොබ්බ ජනතාව විතරයි. පිටරට එවුන් රැවටෙන්නේ නෑ.
    ඇත්තමයි යුද්ධෙන් පස්සේ තිබ්බේ gov business mind vs tamil business mind war එකක්. ඒකෙන් උන් දිනලා අපි ට ඉස්සරහින් ඉන්නේ. ආණ්ඩුවේ ගොන් බිස්නස් අයිඩියා හින්දා අපි නරක තැනක ඉන්නේ!

    මම මෙක උඹෙන් විතරක් නෙමෙයි අහන්නේ මෙතන හැමෝගෙන්ම දෙමළ ඩයස්පෝරාවේ එවුන්ගේ strategy and target එක මොකක්ද, ඒකට තමිල් නාඩුව කොහොමද බලපාන්නේ කියලා උඹලා කාටද කියන්න පුළුවන්!
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117

    උඹ විතරක් මේ මතේ ඉන්න නිසා වැදගත්කමක් නැහැ:rolleyes:
     
    නෑ අපි පැරදිලා ‍නෑ. අපි පරදින්නේ කොටි උන්ගෙ අරමුණ දිනුවට පස්සෙයි. ඒ කියන්නේ දෙමළ ඊළම W;=re නැගෙනහිර පිහිටෙව්ව‍ට පස්සෙයි. එහෙම නැතිව අපි පැරදිලා කියන එක ඇත්ත නෙ‍මේ.

    සිරාවට? අනේ යකෝ මට උඹලා ගැන දුකයි. ලංකාව මීඩියා වෝ එක පැරදිලා ඉවරයි. ඒකට බොහෝ දුරට ආණ්ඩුව වග කියන්න ඕනි.

    1. ලංකාව යූ. එන් රෙසලුෂන් 2 ක් පරාදයි. තවත් එකක් මග එනවා. ඒකෙ තියෙන්නේ INTERNATIONAL war crimes investigations එකක් කරන්න ඕනි කියලා.

    2. අද යූකේ PM david camaron says he is for a international investigation. ඒක රාජ්‍ය නායකයෙක් එහෙම ප්‍රකාශයක් කරපු පළමු අවස්ථාව! අඩුම ගානේ US වලින් වත් කියලා නෑ. ඒක international stage එකේ ලංකාවට අහිතකර විදිහට වෙච්ච ලොකු වෙනසක්.

    3. තමිල්නාඩු බලපෑම් වැඩි හින්දා ඉන්දියාවත් ඒකට එකඟ වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි. නවිපිල්ලේත් එහෙම කිව්වා එයාගේ ලංකා සංචාරයෙන් පස්සේ.
    4. චැනල් 4 තවත් වීඩියෝ එකක් එලියට දැම්මා.
    5. ඩයස්පෝරාවට හැකි වෙලා තියෙනවා 40000 ක් යුද්දේ අන්තිමට මැරුණා කියලා ලෝකෙ පුරා මතයක් ස්ථාපිත කරන්න. ලංකාවේ යුධ අපරාධ සිද්ධ වුණා කියලා ලෝක මතයක් ඇති කරන්න පුළුවන් වෙලා තියෙනවා.
    6. යකෝ වැඩිය ඕනි නෑ චැනල් 4 හින්දා ආණ්ඩ්ව නන්නත්තාර වෙලා තියෙන්නේ. ඒකටයි පරාජය කියන්නේ.

    උඹලා අවුරුදු 2 ට 1ට කලින් කිව්වේ මොකක්ද? 13 දෙන්නේ නෑ මයි කියලා. ගෝඨාභයත් කිව්වේ ඒකයි. දැන් ආණ්ඩුවට දෙන්න වුණේ නැද්ද? අන්න ඒක තමයි යකෝ පරාජය කියන්නේ. දමිල ඩයස්පෝරාව ආණඩුවේ අත අඹරනවා හිටු කියලා. මුන්ට කරන්න දේකුත් නෑ කරන්න දෙයක් දන්නෙත් නෑ.
    (ඇත්තටම ඒක දෙන්න CHOGM එකත් බලපෑවා. )

    අයිෆා එකයි චොගමෙ එකයි කියන්නේ දෙකක්. අයිෆා එක කියන්නේ ඉන්දිය‍ාවට විතරක් සීමා වෙව්ව සිනමා උත්සවයක්. ඕක ගැන ඉතින් වැඩි දෙනෙක් කතා කරන්නේ නෑ. ඒත් චොගමෙ කියන්නේ ලෝකේ බලවත් රටවල් කීපයක් වගේම තව රටවල් ගානක් සහභාගි වෙන විසාල දේශපාලන ගේම් එකක්. ඕවගේ ඒවා ලේසියකට හම්බුවෙන්නේ නෑ තියන්න. ඒ නිසා චාන්ස් එකක් ලැබුනම ඒකන් උපරිම m%fhdacfk a ගන්න ඕන.

    මම අයිෆා හා චොගම අතර සන්සන්දනයක් උඹෙන් ඇහුවේ නෑ. මම ඇහුවේ ලංකාවට හම්බෙච්ච දේ මොකක්ද කියලා??
     
    උඹ විතරක් මේ මතේ ඉන්න නිසා වැදගත්කමක් නැහැ:rolleyes:

    මම විතරක් නෙමෙයි මචං ඒ මතයේ ඉන්නේ ලංකාව ගැන දැනුමක් තියෙන හැමෝම! උඹලා ඉතින් වෙන කිසිම දෙයක් දන්නේ නැතිව අයි.ටී.එන් නිව්ස් බල බල ඉන්න නිසා දන්නේ නෑ තමයි.
    උඹට පුළුවන් නම් මම කියන්නේ බොරුයි කියලා ඔප්පු කරහන්කෝ මොන්ටිසෝරි කතා කියන්නේ නැතිව!