පොපි මලක්...

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    එන්න ඇතුලටම.........



    lest-we-forget.jpg


    1012472_10201894781025445_997699039_n.jpg

    අද,එහෙමත් නැත්තන් නොවැම්බර් 11 කියන්නේ පොපි සැමරුම් දිනය,එනම් තමුන්ගේ මාතෘභූමිය වෙනුවෙන් ස්වර්ණමය අල්තාරයක් බඳු වූ මහී කාන්තාවගේ තුරුලේ තමුන්ගේ අවසන් හුස්ම පොදත් පූජා කරපු ඒ අමරණීය,උදාර මිනිසුන් සිහිකරමින් ලොව වටා ජනයා පොපි මලකින් තමන්ගේ ඇඳුම සරසාගෙන කරන නිහඬ බුහුමන් දැක්වීම නොහොත් ගෞරව පුද කරන දවස.
    බොහොමයක් දෙනා අමතක උනා වගේ හිටියට මේක මුළු මහත් සකල ශ්‍රීලාංකික වාසී හැමදෙනාටම අතිමහත් වැදගත්කමක් තියෙන දවසක්,ඒ මොකද කියනවනං පුරා වසර තිහක් ඔස්සේ රුදුරු ත්‍රස්තවාදීන් සමග දේශයේ ස්වෛරී භාවය වෙනුවෙන් දහසක් පියවරුන්,සොයුරන්,සොයුරියන්,පෙම්වතුන්,පෙම්වතියන්,මිතුරන්,මිතුරියන් කී දහසක් නම් අපිට අහිමි වෙන්නට ඇත්ද,
    ඉතින් මුළු ලෝකෙම සමරන මේ පොපි දිනය ගැන හොයල පොඩ්ඩක් අතීත මතක පොතේ පිටු කීපයක් පෙරලන්න හිතුන මේ සුවිශේෂී වූ දවසේ,දහසකුත් එකක් වැඩ මධ්‍යයේ උනත්.

    මේකේ ඉතිහාසය පළමු ලෝක යුද්ධ කාලය වෙත දිව යනවා.මේ විශේෂ සිදුවීම උනේ 1918 වසරේ,ප්‍රංශයේ උතුරු දිග ෆ්ලාන්ඩර්ස් සහ පිකාඩි පළමු ලෝක මහා සංග්‍රාමයේ දරුණු ප්‍රහාරයට මැදිවෙලා ගම්බිම්, ගොඩනැගිලි වගේම සාරවත්ව තිබ්බ ගොවිබිම් හිටන් නිසරු වෙලා,මඩ ගොහොරු බවට පත් වෙලා තිබුණා විතරක් නෙවෙයි,තමුන්ගේ මාතෘ භුමිය වෙනුවෙන් දිවි පුදපු සිය දහසක් විරුවන්ගේ ප්‍රාණය නිරුද්ධ සිරුරු ඒ පස් තට්ටු වලට යටින් තැන්පත් වෙලා තිබුනේ භුමියේ අයිතිය කියා පාන්න වගේ.
    බැලු බැලූ ඇත තිබුනේ යෝධ හිස් පිට්ටනි වගේ දිස්උණ විශාල සුසානයන් විතරයි......
    මේ අතරතුර විශේෂ යමක් මේ පාලු සුසාන භූමි වල සිදුවෙමින් පැවතුනා....මියගිය සොල්දාදුවන්ගේ සිරුරු මිහිදන් වෙලා තිබුන ඒ බිම පස් කඳු මතින් ලෝහිත වන් කළාලයක් වැන්නක් දිස්වෙමින් පැවතුනා.ලක්ෂ ගණනින් පොපි මල් පීදිලා යුධ ගින්නෙන් දැවුණ තුරු විටප පිසගෙන හමා එන මඳ පවනේ ලෙළදෙන්නට උනා.
    ඔය අතරේ රාජකීය කැනේඩියානූ යුද හමුදාවේ කාලතුවක්කු රෙජිමේන්තුවේ වෛද්‍ය ඒකකයේ සේවය කළ ලුතිතන් කර්නල් ජෝන් ඇලෙක්සැන්ඩර් මැක්ක්‍රේ (John Alexander McCrae- November 30, 1872 – January 28, 1918) මේ ප්‍රදේශයේ වූ යුද ව්‍යසනය නිසා සෑහෙන කම්පා උනා, ඔහු තමන්ගේ දින පොතේ මෙන්න මෙහෙම තමුන්ගේ සිතුවිලි,වචන වල දියකර හැරියා...


    915-major-john-alexander-ross-rmc-1911-1914-150x150.jpg


    In Flanders fields the poppies blow
    Between the crosses, row on row,
    That mark our place; and in the sky
    The larks, still bravely singing, fly
    Scarce heard amid the guns below.

    We are the Dead. Short days ago
    We lived, felt dawn, saw sunset glow,
    Loved and were loved, and now we lie
    In Flanders fields.

    Take up our quarrel with the foe:
    To you from failing hands we throw
    The torch; be yours to hold it high.
    If ye break faith with us who die
    We shall not sleep, though poppies grow
    In Flanders fields.


    "ෆ්ලාන්ඩර්ස් පෙදෙස පුරා පොපි මල් පූදියි
    සනිටුහන් කරයි පෙළින් පෙළ
    කුරුස අතරින් අප සෙහොන් කොත්
    ඉඳහිට අහසේ අභීත ව ගැයෙනා
    ගී නද කොවුලන්ගේ
    ඇසෙයි හඬ අවි අතරින් අවි දැරූ දෙරණේ


    පෙර දිනකට පෙර මියැදුණේ වෙමු අපි
    ජීවත්වීමු, විඳ ගතිමු අරුණෝදය
    නැරඹුවෙමු බැබලෙන බැසයන හිරු
    ආදරය කළ හා ආදරය ලද අපි
    වැතිර සිටින්නෙමු දැන්
    ‍ෆ්ලාන්ඩර්ස් බිම් යායේ


    සතුරා සමඟ අරගලය භාරගනු මැන
    ඇද වැටෙන අත්ලෙන්
    ඔබ දෙසට විසි කරන
    ඉහළට එස වූ ගිනි සිළුව ඔබේ විය යුතුය
    මියැදුණ අප කෙරෙන් විශ්වාසය කඩ කළොත් ඔබ
    වැඩුණත් පොපි ෆ්ලාන්ඩර් බිම් යායේ
    නිදි නොගන්නෙමු සදහට ම අපි

    අවාසනාවකට මේ නිලදරුවත් කුරිරු යුද්ධයේ තවත් බිල්ලක් බවට පත් උනා 1918 ජනවාරි 28 වෙනිදා.
    ඒ වසරේම,ඒ කියන්නේ 1918 11 වෙනි මාසේ 1100 පැයට මුළු ලෝකෙම සලිත කළ කුප්‍රකට පළමු ලෝක යුද්ධය අවසන් උනේ,යුද්ධයේ කුරිරු බැවින් පීඩිත සකල ලෝකවාසී හැමදෙනාගේම හිත් වලට සාමයේ සිහිල් නල රැල්ලක් හමා යමින්.

    ලුතිතන් කර්නල් මැක්ක්‍රේගේ සේවය පසසමින් ‍අමෙරිකානූ තරුණ සංගමයක යුද ලේකම්වරියක ලෙස කටයුතු කරපු මොයිනා මිචෙල් (Moina Belle Michael - August 15, 1869 - May 10, 1944) මහත්මිය "දැන් රතු පොපි සහ ගිනි සිළුව පළඳින්නෙමු, ප්‍රණාමය ලෙස අප මියැදුණන්ගේ " ලෙසින් පිළිතුරු පැදි පෙළක් නිර්මාණය කළා.

    Oh! you who sleep in Flanders Fields,
    Sleep sweet - to rise anew!
    We caught the torch you threw
    And holding high, we keep the Faith
    With All who died.
    We cherish, too, the poppy red
    That grows on fields where valor led;
    It seems to signal to the skies
    That blood of heroes never dies,
    But lends a lustre to the red
    Of the flower that blooms above the dead
    In Flanders Fields.
    And now the Torch and Poppy Red
    We wear in honor of our dead.
    Fear not that ye have died for naught;
    We'll teach the lesson that ye wrought
    In Flanders Fields.
    In Flanders Fields we fought​

    "සැතපෙන ඔබ ෆ්ලාන්ඩර්ස් බිම් යායේ
    නිදිගන්න සැපසේ නැගිටින්න ප්‍රමුදිත ව
    ඉහළට ඔසවා තබන ලෙස
    විසි කළ ගිනි සිළුව ඔබ
    අල්ලා ගතිමු අපි
    තබන ලෙස විශ්වාසය
    මියැදුණ ඔබ විරුවන්ගේ


    අගයමු අපිත් පොපි රත් පැහැය
    වැඩෙනා බිමෙහි විකුම් පෑ වර්ණයෙන් ලෝහිත ව
    දිස්වන අහස් කුස සලකුණක් සේ
    ඒ විරුවන්ගේ රුධිරය සදා නොමියෙනු ඇත


    සිරුරු මත පිපෙනා ඒ රතු මල්
    පුද දෙයි ගෞරවය ෆ්ලාන්ඩර්ස් බිම් යාය පුරාවට


    පළඳින්න ගිනි සිළුව සමඟ ලෝහිත පොපි මල
    අපෙන් සමුගත් විරු කැළ සදා සමරනු ලෙස
    බියක් නොතකන ලෙසින් සමුගත්
    ඔබේ හැඟුමෙන් අපි උගත්තෙමු
    ෆ්ලාන්ඩර්ස් බිම් කෙත පුරාවට
    ඔබගේ ඒ ආදර්ශය"


    9759_111731364881.jpg




    පළමු වතාවට යුද්ධයෙන් මියගිය රණවිරුවන් සිහිකරලා ඇය විසින් පොපි මලක් පළඳින්නට උනා.ඒ විතරක් නෙවෙයි තමුන්ගේ මිතුරන් අතරේ පොපි මල් විකුණලා ඒ ලැබුන මුදලින් මියගිය රණවිරුවන්ගේ පවුල් වලට ආධාර කරන්නට උනා.
    ඇයව තවත් දිරිමත් කරමින් ප්‍රංශ ජාතික මෙදෙස්හි ගෝරින්ග් නමැත්තිය විසින් කෘත්‍රිම පොපි මලක් නිපදවා ඒවා විකුණලා ඒ මුදල් රණවිරු පවුල් වල සුභසාදනයට යෙදෙව්වා.
    ඔන්න ඔය විදියට තමයි පොපි සැමරුම ආරම්භ වෙලා තියෙන්නේ.
    Recruitingsign_1920s.jpg

    බ්‍රිතාන්‍යයේ 1921දී තමයි පොපි සැමරුම ආරම්භ කරලා තියෙන්නේ,එදා ඉඳන් සියලුම පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල් නිහඬව පොපි මල් පලඳීමින් ඒ අචීත රණවිරුවන් සැමරීම කරගෙන යනවා.
    ශ්‍රී ලාංකිකයන් ලෙස අපි පොපි මලක් පැළඳ ඔවුන්ට බුහුමන් දැක්විය යුත්තේ අපි පොදුරාජ්‍ය මණ්ඩලීය රටක් හින්ද නම් නෙවෙයි,ඉහතදී මම කිව්වා වගේ පුරා වසර තිහක් මුළුල්ලේ රටක් හඬවපු කුරිරු පර සතුරන් නසලා කෝටි දෙකකට ආසන්න ජනතාවක් එකම කොඩියක් යට එක්සේසත් කිරීමේ උත්තම කාර්‍යය වෙනුවෙන් රුහිරු පුදකළ ඒ උතුම් මිනිසුන් වෙනුවෙන් අපි අපිට හැකි විදියකින් කෘත ගුණ දැක්විය යුතු හන්දයි.
    එදා....ඔවුන් හැකි උපරිමෙන් තම මව්බිම වෙනුවෙන්,අපි වෙනුවෙන් ඔවුන්ගේ යුතුකම් ඉටුකලා.
    ඒත්...........අද ඉන්නේ අපි විතරයි,ඔවුන් වෙනුවෙන් අපි අපේ යුතුකම ඉටු කරමු.අඩුම තරමේ එක පුංචි රුපියලක් දීලා පොපි මලක් අරගෙන ඔවුන්ට අපේ නිහඬ කෘතවේදීත්වය පිරි නමමු.


    SetWidth735-SetWidth735-1HomeSolider3.jpg



    බලලා බම්ප් එකක් වත් දාගෙන යන්න අනිත් යටත් සිහිකැඳවන්න
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උතුමනි...............
    මාගේ උත්මාචාරය.............
    ආහ්. කොහොමද? උතුමානන් කිව්වම මට මතක් උනේ. 2009ට කලින් උත්තමාවියනි කියලනේ ඔය ත්‍රිවිද හමුදාව කිව්වේ. ඒ උත්තමාවි දැන් ලොස්ට් වෙලා.