කල යුතුම දේ යුධ අපරාධ සිදුවූ බව පිලිගෙන කල අය සොයා ලංකාවේ අපරාධ නීතිය ඇතුලේ ඔවුන්ට දඩුවම් දීම.. ඒ හැර වෙන විකල්පයක් නෑ.. නමුත් ආණ්ඩුව යුධ අපරාධවලට කෙලින්ම සම්භන්ද නිසා ඒක මේ රජය තියෙන තුරු වෙන්නේ නෑ.. නමුත් ඒ දෙය කරනකම් නෝනිස් මොනවා කිව්වත් ජාත්‍යන්තර අපකීර්තිය වහන්න බෑ...
මේක ආන්ඩුව "ලංකාව හා ඩයස්පෝරාව අතර තියෙන ප්‍රෂ්නයක්ය/ බටහිර හා සිංහලයා අතර තියෙන ප්‍රෂ්නයක්ය/ බෙදුම්වාදය හා දේෂප්‍රේමය අතර ප්‍රෂ්නයක්ය" වගේ පෙන්වන්න හැදුවාට ඇත්තටම යුධ අපරාධ වලට දඩුවම් කිරීම යනු ලංකාවේ යුක්තිය හා අයුක්තිය අතර තියෙන ප්‍රෂ්නයක්..
ඒය නිවැරදිකරන්නට හැකි රටේ අපරාධ නීතියෙන්ම පමනයි.. බ්‍රිතාන්‍ය, කැනඩාව, ඇමරිකාව, ඉන්දියාව වගේ ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් ඉන්නේ එතැන.. ඒ දෙය සිදුනොවෙන නිසා තමා ඔය ජාත්‍යන්තර පරීක්ෂන කියන කතාව එන්නේ..
Facebook
යුද්ධයකදී සිදුවන්නේ මිහිරී දේවල් පමණකය යන මිථායාවෙන් මිදෙන්න. ඇමරිකාව එංගලන්තයද යුධ අපරාධ සිදුවූ බව හෙලිවුණ විට එවාට වැරදිකරුවන් නම් කර දඩුවම් දෙනු ලැබේ.