"නෙලූ" සොයා ... 2013

nuwanchaminda

Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    නැවත එළකිරි එන්නේ නැතුව ඉන්නයි හිතුවේ හැබැයි වැදගත් දෙයක් නිසා ආයෙත් අවා දිගටම ඉන්න හිතන්නෙත් නැ ...

    වේලාව සවස 2.30 ෆෝන් එක රින්ග් උනා "මචං හෝර්ටන් යනවා එනවද? එනවනම් රැ 7 ට කොටුවට වරෙන්," යාළුවෙක් කථා කලා. "ඕකේ මචෝ මං එනවා." කථා කලේ තරුණ සත්වවේදීන්ගේ සංගමයේ සභාපතිතුමා, හරියටම හත වෙද්දී මම තවත් යාළුවෙක් එක්ක කොටුව ස්ටේෂන් එකට ගියා යනකොට අපි ඔක්කොම අට දෙනෙක් හිටියා
    1452401_10202421883930487_348699901_n.jpg

    මේ ඉන්නේ කට්ටිය එකෙක් ඇවිත් නැ තාම අනිත් එකා තමයි ගත්තේ

    අපේ චාරිකාව උනේ කොටුව සිට බදුල්ල දක්වා රාත්‍රී අටට පිටත් වන දුම්රියෙන් ශ්‍රිලංකාවේ උසින්ම පිහිටි දුම්රිය පොළ වන පට්ටිපොළ දක්වා ගොස් එතැන්සිට හෝර්ටන් පයින්ම ගමන් කිරීමයි හැබැයි ගියේ ඊටත් වඩා වැදගත් දේකට ඉස්සරහදි බලමු

    ලංකාවේ කවදත් වගේ ඔන්න කෝචිචිය පරක්කු උනා එනකොට 8.30යි. යන්න හිතන් ඉන්න කෙනෙක්ට වැදගත් වෙයි. අපි යද්දී ගියේ තෙවන පංතියේ නිදන මැදිරියක කොටුවේ ඉදන් පට්ටිපොළට රු 400යි.

    1472044_10202428222888957_1668258908_n.jpg

    1477346_10202428223528973_1960616143_n.jpg

    1450101_10202428228929108_1274682461_n.jpg

    1477735_10202428229849131_428624598_n.jpg

    1452090_10202428232169189_642546836_n.jpg


    අපි පාන්දර 5.30 වෙද්දී පට්ටිපොළ දුම්රියපොළට ලගා උනා මෙහි විශේෂත්වය නම් ශ්‍රිලංකාවේ උසින්ම පිහිටි දුම්රියපොළ මෙය වීමයි මෙහි උස මුහුදුමට්ටමේ සිට අඩි 6204 කී හැබැයි මෙහි මුලින් සදහන් වෙලා තිබිල තියෙන්නේ අඩි 6203කි අඩියක් වැඩි වෙලා .. ලගදි.
    524583_10202428233489222_1998407873_n.jpg

    1455879_10202428236169289_1139851716_n.jpg

    1452400_10202428235489272_1462939078_n.jpg

    1466250_10202428240449396_839524539_n.jpg


    අපි උදේ කෑම ගත්තේ ළග තිබුණු කඩේකින් අපිට යාලුවෙකුත් හම්බුනා.. මේ ඉන්නේ එයා අම්මයි පුතයි :D
    1469928_10202428242369444_1384809277_n.jpg



    1476501_10202428246129538_2029189886_n.jpg

    මේ අපේ හෝර්ටන් ගමනේ ආරම්බය

    1454817_10202428244489497_602545877_n.jpg


    999291_10202421900090891_497698030_n.jpg

    ජාතික වනෝද්‍යානය පටන්ගන්න තැනට අපි කිලෝමීටර් 6ක් වගේ ඇවිද්දා

    1185650_10202421898050840_1350683712_n.jpg

    මේ ඉන්නේ කිතුල් ඇටයා කියලා සතෙක් මාත් එදාමයි දැක්කේ..

    602085_10202421903370973_448284461_n.jpg

    11221_10202421903810984_778002984_n.jpg

    1462945_10202421906371048_1593094111_n.jpg

    1422391_10202421924091491_2012207680_n.jpg

    1476248_10202421929891636_2110939439_n.jpg

    553866_10202421929731632_1396569092_n.jpg

    මේ වගේ සුන්දරත්වය වාහන වල ගිහින්නම් කවදාවත්ම විදින්න බැ යනවනම් පයින්ම යන්න

    අපි උදේ නවය වගේ වෙද්දී ජාතික වනොදයනයට ඇතුළු උනා ..
    1455150_10202421931291671_374630987_n.jpg


    අපි හෙව්ව නෙලූ අපිට හිතුවෙවත් නැති වෙලාවක අපිට හමු උනා ...මේ තියෙන්නේ නෙලූ
    1480701_10202421937931837_1793064870_n.jpg

    1476463_10202421935811784_1811600485_n.jpg

    1456583_10202421943451975_482569499_n.jpg

    නෙලූ කිව්වේ මලක් ... හැබැයි නිකන්ම නිකන් මලක් නෙවෙයි ටිකක් ගණන් උස්සන මලක් මෙයාගේ ප්‍රරබේද 6ක් වගේ තියෙනවා මෙයා පිපෙන්නේ අවුරුදු 12කට සැරයයි. අවසාන වතාවට පිපිලා තියෙන්නේ 2001 වර්ෂයේදී මන් ඔයාලට පෙන්නුවේ නැති දෙයක් තමයි මේ .. පට්ටිපොළ දුම්රිය ස්ථානයේ 2001දි පිපුණු මල්වල පින්තුරයක් එල්ලලා තිබුනා ..
    995555_10202421837449325_2144864802_n.jpg


    1453353_10202421982132942_1529136530_n.jpg

    1451437_10202422003253470_960375234_n.jpg


    නෙලූ අපි හිතුවටත් කලින් හම්බුනා මහන්සිය කොහේ ගියාද කියලා හිතා ගන්න බැ
    1450134_10202421964492501_1633647934_n.jpg

    1000624_10202421964252495_1334674315_n.jpg

    මෙතනින් ටිකට් අරන් තමයි යන්න වෙන්නේ ...:oo::oo: අපිනම් ගියා මොකද හැම අවුරුද්දෙම තොටුපළ කන්දට යන පාර සුද්ද කරන්නේ තරුණ සත්වවේදීන්ගේ සංගමෙන් නිසා අපිව දන්නවා තොටුපළ කන්ද ඉස්සරහට හම්බ වෙනවා ලංකාවේ උසින් තෙවැනි තැන ලැබෙන්නේ මෙයාට
    1422537_10202421972852710_692364129_n.jpg

    ඔන්න තව යාළුවෙක් හම්බුනා මෙයා තමයි අන් කටුස්සා

    අපි නෙලූ මල් අතරින් තොටුපළ කන්දට හැරෙන තැනටම ගියා
    1454647_10202422013973738_2051501828_n.jpg

    580613_10202422028534102_1986499067_n.jpg

    1466297_10202422036534302_1241727414_n.jpg

    1464693_10202421984973013_69966465_n.jpg


    තොටුපළ කන්ද ගාව ඉදන් තමයි ඔන්න ගෙනාව බිස්කට් කෑවේ ...
    1474621_10202421988053090_664704029_n.jpg


    1459919_10202422045734532_65973785_n.jpg

    ඔක්කොම ... ඉන්න පින්තුරය ගත්තේ මෙන්න මෙහෙම තමයි...

    මගදී යාළුවෙක් හම්බුනා...
    734174_10202422044254495_1677354580_n.jpg

    1458628_10202422051454675_137574352_n.jpg


    560125_10202422041774433_1756524032_n.jpg


    ලෝකාන්තය බලන්න ගියේ නම් නැ එහෙම ගියානම් මුළු ගමනම කිලෝමීටර් 31ක් ඇවිදින්න වෙනවා .. යනවනම් වැදගත් වෙයි ඔයාලට ...ආක්‍රමණශීලි ට්‍රෞට් මත්සයන් චිමිනි නදියේ බලන්න පුළුවන් අරංග පොකුණ බලන්න පුළුවන්...වැදගත් රාත්‍රී 9.30 තමයි කෝච්චිය එන්නේ කොටුවෙන් බුක් කරලම යන්න.

    ආයේ නෙලූ පිපෙන්නේ 2025 ... ළමයි එක්ක තමයි මටනම් යන්න වෙන්නේ :P:P වීඩියෝ එකක් කළා ලගදීම දාන්නම්.. ගත්ත පොටෝස් ඔක්කොම දාන්න බැ ගොඩක් තියෙනවා මෙතැනින් බලන්න https://www.facebook.com/nuwan.chaminda.9/media_set?set=a.10202421835689281.1073741843.1295284928&type=3
     
    Last edited:

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    patta machan, yanna aasa hithuna, but ammage asaneepa thathwaya nisa tikak amaaruyi. share karagaththata patta pin
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ඔතන සුදු මහත එකා මහනාමෙට ගිය එකෙක්ද ? නැත්තන් කැලණිය,කඩවත පැත්තේ ඉන්න එකෙක්ද?
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    na ban u moratuwe...

    වෙන්න බෑනේ මේකව මං ඉස්කෝලේ යන කාලේ දැකල තියෙනවා 88 කොහෙද එක්කො මු අපේ ඉස්කෝලේ නැත්තන් අපේ ගෙවල් පැත්තේ :oo: