ගිය නොගිය ට්‍රිප් එක ................

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ගිය නොගිය ට්‍රිප් එක ................

    ගිය නොගිය ට්‍රිප් එක ................

    කන බොන එවුන් හැමදෙන එක පන්තියේ
    බොන්නට මත් වතුර දවසක් අපි හදිසියේ
    ආතල් පහට ඔක්කොම ටික බොන රිසියේ
    සෙට් උනා වසලයෝ ටික රෙස්ට් හවුසියේ

    සමහරු බොන්නේ විස්කි බ්‍රැන්ඩි විතරයිලු
    සමහරු බොන්නේ බියර් වයින් විතරයිලු
    සමහරු කන්නේ චිකන් ඩෙවල් විතරයිලු
    සමහරු කන්නේ එළවලු අමුවෙන්ම තමයිලු

    බෝතල් එකින් එක ටික ටික ඉවර උනා
    එල එල ටොපික් ටික ටික මුන් කතා උනා
    දුම් වැටි පැකට් එකින් එක දැවී අළු උනා
    අතල් ටොපික් එකකින් වැඩේ අලුත් උනා

    නිව් ටොපික් එක මුන්ගේ ට්‍රිප් එකක් යන්නටයි
    කට්ටියම එක පයින් හෙට උනත් එල තමයි
    යෝජනා සම්මතයි නුවර එලි යන්නටයි
    ගමන දැන් ස්ථිරයි ප්‍රශ්නේ රථයක් තමයි.

    හරි මචන් ඕක බන් සුළු වැඩක් සිම්පල්නේ
    මම ගානේ වාහනේ ඉතුරු ටික තොපි ගානේ
    කිව් හින්ද අපේ එල බුවෙක් බී මත ගානේ
    දැන් ඉතින් කුමකටද ලතවෙන්නෙ බීපන්නේ

    වාහනේ ලැබෙන්නේ self driving යන්නලු
    හිතවතෙකුගේ හින්ද සල්ලි ප්‍රශ්නයක් නැතිලු
    driver ල ඕන නැහැ අපිම එලවමු මචන් ලු
    කට්ටියගෙ සන්තෝසේ ඉහවහම ගිහින් ලු

    ගමන ස්ථිරයි දවස් හතරයි night තුනයිලු
    හැමදෙනාගේ සිහිය ගමන ගැනම තමයිලු
    රියදුරුට බොන්න බැහැ පොලිසියෙන් අවුල්ලු
    අනික් හැමදෙනාටම බීම ඕනෑතරම් තියේලු

    සැලසුම් සියලු එල එලටම සකස් උනා
    බීපු බිල ගෙවල අපි ගෙවල් වලට කැරකුනා
    කබරයෝ දාන උන් කබරුන් සමග සැතපුනා
    හීනෙනුත් අපේ උන් ට්‍රිප යන්න සෙට් උනා

    දවසින් දවස ට්‍රිප යන දවස ලං වෙන්නේ
    ගමන ගැනමයි හැම දෙන දැන් දොඩවන්නේ
    ඩෙනිම් ටී ෂර්ට් සයිඩ් පොකට් සොයමින්නේ
    මුන් පිස්සන් වගේ ගම රට පෙරලන්නේ

    ටැමරින් සයිඩ් drum කොන්ගෝ බොන්ගෝ ready ලු
    ටී ෂර්ට් ඩෙනිම් සපත්තු කැප් තොප්පි සියල්ල ready ලු
    බියර් බොන උන්ට හිස් බෝතල් cool box ready ලු
    වාහනේ ගේනවා කිව එකා දැන් ටික ටික ගොළුයි ලු

    ඔන්න ඉතින් ට්‍රිප යන දවස හෙට වෙන්නේ
    හැමදෙන බෑග් අහුරාගෙන ready වෙන්නේ
    අපි හෙට ට්‍රිපක් යන බව නන් දොඩවන්නේ
    අපි යන ගමන ගැන දැන් මුළු ගම රට දන්නේ

    මටනම් මචන් ජනේලේ අයිනක් ඕනේ
    මටනම් මචන් පසුපස ආසනේ ඕනේ
    මටනම් ඉතින් driving හරි සිම්පල්නේ
    මම වැඩිමල් මචන් මට ඉස්සරහ ඕනේ

    මෙතන ඉඳන් උඹ මාතරට එලවාපන්
    එතන ඉඳන් මම තිස්සට එලවන්නම්
    තිස්සේ ඉඳන් ඇල්ලට තෝ එලවපන්
    ඇල්ලේ ඉඳන් උඩහට උඹ එලවාපන්

    ගමන හෙටයි මුන් දැන් ෆුල් චූන් වෙලා
    සමහරු රියදුරු අසුනේ ජයට රජ වෙලා
    මුන් ඔක්කොම මනෝ ලෝකේ සිහින බලා
    වාහනේ ගේන එකා නැහැ ඌ ගොළු වෙලා

    ගමන හෙටයි අද ටික ටික හවස් උනා
    වාහනේ ගෙන එකාගේ දුරකථන ගොළු උනා
    හැමදෙනාගේ ගොන් ඔලු ටික අවුල් උනා
    nonstop අරුගේ නොම්බරේ dial උනා

    ගමනට කලින් දා දවස රෑ උනා නොදැනිම
    කෝල් එකක් ආව sponsor යාලුවගෙන්ම
    වාහනේ ගෙනත් තියෙන්නේ ගෙදර මිදුලටම
    අද දැන්නම් එන්න බැහැ මම එන්නම් උදෙන්ම

    අද රැ මට වැඩ මම හොඳටම බිසී මචන්
    කව්රුහරි ඇවිත් වාහනේ අරන් පලයන් මචන්
    එහෙම නැතත් මම උදේ 5 වෙද්දී එන්නම් මචන්
    මම නාවත් වාහනේ උදේට එනවා මචන්

    අගමුල නැති කතා මු දැන් දොඩවන්නේ
    මු එන්නැති වගක් නැහැ මුන්නම් පිළිගන්නේ
    අපි ට්‍රිප යන වග දැන් මුළු ගම රට දන්නේ
    යන්නට නොවුන හොත් අපි හැම වහ කන්නේ

    සියල්ල අවුල් වේගෙන දැන් මේ එන්නේ
    එකෙකුට ඉතින් ඩොලක්කියක් සිහිවෙන්නේ
    හෙට ගමනට ඩොලක්කියක් ඔනෙමනේ
    කියමින් මු මොටෝවෙන් යලි ඉගිලෙන්නේ

    තනියම නෙවෙයි මේ ගමන මු යන්නේ
    උගේ mango friend ගමනට කැඳවන්නේ
    වැඩි දුරක නෙවෙයි මුන් දැන් මේ යන්නේ
    හනිකට එන්න මුන් දෙන්නා ඉගිලෙන්නේ

    mango friend උන්නෙම හරි සන්තෝසෙන්
    වැඩි දවසක් නැහැ මු වේලිලා ආලෙන් පළමුවෙන්
    සත්‍ය ප්‍රේම මනෝ ලෝකේ රජ කරමින්
    ඌ උන්නේ ප්‍රේමි සමග මනෝමයෙන්

    ඩොලක්කිය තියෙන්නේ යාලුවෙකුගේ ගෙදරකලු
    එහෙට යන්නනම් ගාලු පාර හරහා යන්න ඕනෙලු
    කළුවර හින්ද පසුපස මුකුත් පේන්නෙම නැහැලු
    mango friend ට කිව්වේ පස්ස හරිද බලන්නලු

    mango ඉන්නේ ප්‍රේමෙන් දැන් ඔද වැදිලා
    එලෝ මෙලෝ නැහැ ඌ ආලෙන් අන්ද වෙලා
    mango බැලුව පසුපස යන්තම් හැරිලා
    කිව්වා වාහන දෙකක් එනවා මචන් කියලා

    හෙට යන නොයන ට්‍රිප හින්දා හරි ජොලියෙන්
    මොටෝව පද්ද ඌ උන්නෙත් අව සිහියෙන්
    mango කිව්ව වාහන දෙක ගිය විගසින්
    දැම්මා පාර හරහා ඌ නොබලාම විගහින්

    මහා ලොකු සද්දයක් එක්කම පාර මැදට යන්නට
    වැදුනා මොටෝව තඩි ලොරියක හරි මැදට වෙන්නට
    ලොරිය ගියා මොටෝවත් අරන් තාපෙත් කඩන් වත්තට
    mango friend විසිඋනා කාණුවට උගේම ගල් වෙලාවට

    ආලය හින්ද mango ට වයර් මාරු වෙලා
    ආලය අන්ද බවනම් ඌ සහතිකම කළා
    දෙකයි තුනයි mango friend ට මාරු වෙලා
    වාහන දෙකක් නෙවෙයි යකුනේ තුනක් ඇවිල්ලා

    ඩොල්කිය ගන්න ගිය එකා ඉස්පිරිතාලේ නතර උනා
    අත පය හතර ලෙලි ගිහිල්ල උගේ පන ඉතුරු උනා
    mango friend ට මුකුත් සීරීමක්වත් නැති උනා
    ට්‍රිප් එක ගැන තිබුණු පැතුමන් සියල්ල කුඩුම උනා

    ගමන යන්න වාහන නම් නැහැ ආවේ
    උගේ පොරොන්දු සියලුමදේ බොරු වුයේ
    අන්තිමේ එකෙකුගේ අත පය ලෙලි වුයේ
    අන්තිමේ මටයි ලොකු පාඩුව සිදුවුයේ

    මුන් හැප්පුවේ මගේ තාත්තගේ honda එකය
    දැන් ඉතින් මට ගෙදරින් ලැබෙන්නේ පරිප්පුවය
    කල පව් එලව එලවා පල දෙන්න එනවාය
    දැන් ඉතින් මට ඉතුරු honda ජුලෝනාය

    බයිසිකලේ හදන්න බැහැ කුඩු පට්ටම් වෙලාලු
    මට ගෙදර යන්න බැහැ උත්තර දෙන්න වෙනවලු
    මොටෝව හදල දෙනකම් වෙන එකක් තාත්තට ඕනෙලු
    දැන් ඉතින් කාපන් පරිප්පු මම දැන් තනියමලු

    දහදාහක් දීල කටුවක් අරගෙන දුන්නා
    හැප්පුන එක හදන්නට යකඩයා ට දුන්නා
    බඩු ගන්නට මුදලින් තිස්දාහක් දුන්නා
    එකතුව හතළිහයි මගේ පපුවම රිදුම් දුන්නා

    හැමදාමත් වගේ මටමයි හැමදා වෙන්නේ
    තොපිට විනෝදේ මටමයි නැතිවෙන්නේ
    mango friend උඹට හැමදාමත් පැටලෙන්නේ
    දෙක තුන මාරු නොවුනානම් නැහැ කෙලවෙන්නේ

    මේ සිද්දිය වෙලා අවුරුදු පහළොවක් වෙලා
    අද ඊයේ වගෙයි කිසිවක් නැහැ අමතක වීලා
    සියලුම පාඩුව මට එදා හතලිස් දාහක් වෙලා
    හිතාගනිල්ලා ට්‍රිප මා ගානේ ගියාම කියලා
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    patta kiyanne patta pata pata ...maxa machan :D:D:D:D:D

    You must spread some Reputation around before giving it to polwattacom again
     
    පට්ට මචන්
    thumbs+up+happy+face.jpg