ඕක මචං USB Drive එකේ controller එකේ එන අවුලක්.ඒ කියන්නේ Hardware අවුලක්. නමුත් සමහර වෙලාවට හරියනවා.
හැබැයි ඕක plug කරන හැම PC එකකින්ම ඔය කතාව නම් කියන්නේ ෂුවර් එකටම ප්‍රශ්නයක්.
උඹ DOS වලින් diskpart ගිහිල්ල බැලුව කිව්වා නේද? එහෙනම් commands ටික දන්නවා ඇතිනේ.
කොටින්ම කිව්වොත් attributes change කරන හැටි දන්නවා නම් එක කරලා බලන්න පුළුවන්. නමුත් කවදාවත් attributes change කලාට properties වල capacity නොපෙන්වා ඉන්නේ නැහැ.
එකයි මම කිව්වේ hardware problem එකක් වෙන්න පුළුවන් බොහෝ දුරට කියලා.
කට්ටියට දැනගන්නත් එක්ක මම කෙටියෙන් දාන්නම්.
command promt ගිහිල්ල system32 folder එකට යන්න.
diskpart run කරන්න
පහල commands ටික enter කරන්න
01. list disk (drives ටික පෙන්නයි)
02. select disk x (x යනු අර list එකේ ඔබට අදාළ drive එකේ අකුරයි)
03. attributes disk set readonly ( ඔන්න දැන් වැටෙයි successfully set කියල)
හදිස්සියෙවත් remove කරගන්න ඕන උනොත්
01. 02. steps ගිහිල්ල
04. attributes disk clear readonly (attributes clear කළා)
(තවත් ක්‍රමයක් තියෙනවා registry එක හදන. නමුත් හැම pc එකකම ඔය විදියට පෙන්නනවා නම් එක හදල වැඩක් නෑ)
නමුත් මේක නෙවෙයි නම් ඔයාගේ solution එක අනිවා control chip එක reprogram කරන්න වෙනවා. ඔන්න නුවර ළඟ පාඨක නම් කරලා දෙන්න තිබ්බ......!