ඩුකාටි

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    "ඩුකාටි" කිව්වම හැමෝටම මතකෙට එන්නේ රේසින් මෝටර්සයිකල් වර්ගයක් ගැනනේ. මේ කියන්න යන්නේ ඩුකාටි මෝටර්සයිකල් වල ආරම්බය ගැන.

    හිතන්න පුලුවන්ද මුලින්ම ඩුකාටි මෝටර්සයිකල් වලට කලින් ඩුකාටි සමගම නිෂ්පාදනය කරේ රේඩියෝ අමතර කොටස් කියලා?

    1926 දී තමයි ඉතාලියේ බෝලොනාවේ ඇන්ටෝනියෝ කවෙලියෙරි ඩුකාටි හා එයාගේ පුත්තු තුන්දෙනා වන ඇඩ්රියානෝ, මාර්සෙලෝ හා බ්රූනෝ එකතු වීමෙනුයි එවකට "සොසියෙටා සයන්ටිෆිකා රේඩියෝ බ්රෙවෙට්ටි ඩුකාටි" (Società Scientifica Radio Brevetti Ducati) සමාගම පිහිටුවාගෙන රේඩියෝ වලට අවශ්‍ය වැකියුම් ටියුබ්, කොන්ඩේන්සර් හා අනිකුත් රේඩියෝ අමතර කොටස් නිෂ්පාදනය කරේ. 1935 සමාගම දියුණු වීමත් සමගම අලුත් ෆැක්ටරියක් බොර්ගෝ නගරයේ පිහිටුවනු ලැබුවා. හැබැයි දෙවන ලෝක යුද්ද සමයේ මේ ෆැක්ටරිය මිත්‍ර හමුදා බෝම්බ ප්‍රහාරවලට ලක් උනා.

    antonio-cavalieri-ducati.png

    ඇන්ටෝනියෝ කවෙලියෙරි ඩුකාටි

    hermanos-ducati2.png

    ඩුකාටි සහෝදරයන්. ඇඩ්රියානෝ, මාර්සෙලෝ හා බ්රූනෝ

    1024x768_ducatilogo1926.jpg

    "සොසියෙටා සයන්ටිෆිකා රේඩියෝ බ්රෙවෙට්ටි ඩුකාටි" (Società Scientifica Radio Brevetti Ducati)

    640px-Ducati_radio_receiver.jpg

    ඩුකාටි රේඩියෝව

    bombardeo-ducati.png

    බෝම්බ ප්‍රහාරයට ලක් උන ඩුකාටි බොර්ගෝ ෆැක්ටරිය

    1944 ඉතාලියට නිදහස ලැබීමත් සමගම ටියුරින් නුවර ඇල්දෝ ෆර්නේලි විසින් ඔහුගේ පුංචි සමාගමක් වන SIATA මගින් පාපැදි වල සවි කරන්න පුළුවන් පුංචි එන්ජිමක් නිෂ්පාදනය කරනු ලැබුවා. පසුව මේ එන්ජිමට "කුකියෝලෝ" (ඉතාලි භාෂාවෙන් බලු පැටියා) යන නම තැබුවා. මේ කුකියෝලෝ එන්ජිම තනිවම විකිණීමට තුබුණු අතර 1950 SIATA සමගම ඩුකාටි සමාගම සමග එකතු වීමෙන් පළමු කුකියෝලෝ මෝටර්සයිකලය නිෂ්පාදනය උනා. මේ කුකියෝලෝ වර්ගයේ පාපැදි මෝටර් සයිකල් එවකට 200,000 පමණ විකිණුනා.

    history2.jpg

    "කුකියෝලෝ" එන්ජිම

    Ducati_Vilar_Cucciolo_1950.jpg

    "කුකියෝලෝ" පාපැදි මෝටර් සයිකලය

    history1.jpg

    ඩුකාටි කර්මාන්ත ශාලාව

    පසුව ඩුකාටි සමාගම "55M" හා "65TL" මෝටර්සයිකල් නිෂ්පාදනය ඇරඹුවා. අලුත් වේගයෙන් යන මෝටර් සයිකල් වෙළඳ පොළ සමග ඩුකාටි සමාගම 1952 මිලාන් මෝටර් රථ ප්‍රදර්ශනයේ "65TS" යන සුපිරි මෝටර් ස්කූටරය හදුන්වා දෙනු ලැබුවා. නමුත් වැඩි ප්‍රසිද්දියක් ලැබුනේ නෑ.

    1953 දී ඩුකාටි සමාගම ඩුකාටි මෙකානිකා හා ඩුකාටි ඉලෙක්ට්‍රොනිකා කියලා දෙකට බෙදෙන අතර මෝටර්සයිකල් මෙකානිකා අංශය විසින් නිෂ්පාදනය කරන අතර රේඩියෝ අමතර කොටස් ඉලෙක්ට්‍රොනිකා අංශය මගින් නිෂ්පාදනය කෙරුණා. දොස්තර ගුයිස්පේ මොන්ටානෝ සමාගමේ මෙකානිකා අංශයේ අධ්‍යක්ෂක තනතුරට පත්වීමෙන් පසුව ඉතාලි රජයේ මැදිහත්වීමෙන් සමාගම නවීකරණ වී 1954 දිනකට මෝටර් සයිකල් 120 නිෂ්පාදනය කිරීමට සමාගම සමත් උනා.

    1960 ඩුකාටි සමාගම 250cc මෝටර් සයිකලයක් නිෂ්පාදනය කිරීමෙන් සමාගමේ අලුත් පිටුවක් ආරම්බ කරා. 1970 දී සමාගම අලුත් v වර්ගයේ එන්ජිමක් නිර්මාණය කර එයා 1973 දී නිෂ්පාදනය කරනු ලැබුවා.

    ducati-250-desmo.jpg

    ඩුකාටි 250cc ඩේස්මෝ

    1985 දී ඉතාලියේ තවත් මෝටර්සයිකල් සමාගමක් වන "කැගීවා" (Cagiva) ඩුකාටි සමාගම මිලට ගනු ලැබුවා. කැගීවා ඉතාලියේ පමණක් ජනප්‍රිය උනත් ඩුකාටි නාමය ඒ අයුරින්ම ගෙනියන්න ඕනේ උනා.

    1996 දී ඩුකාටි සමාගමේ 51% ඇමරිකාවේ ටෙක්සාස් පැසිෆික් සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 325 කට මිලට ගන්න අතර ඉතුරු 49% 1998 දී මිලට ගනු ලබනවා.

    2005 දෙසැම්බර් වලදී නැවතත් ඉතාලි ජාතික කාර්ලෝ හා ඇන්ඩ්රියා බෝනොමි දෙදෙනාගේ සමාගම විසින් ටෙක්සාස් පැසිෆික් සමාගමෙන් ඩුකාටි සමාගමේ කොටස් පවරා ගැනෙනවා.

    2012 අප්‍රේල් මාසයේ ජර්මනියේ audi සමාගම ඩුකාටි සමාගම යුරෝ මිලියන 860ක මිලකට ගැනෙනවා.

    ඩුකාටි ලාංජන

    Heritage_Ed_D1920_Storia-logo_01_logo-1926_634x357.mediagallery_output_image_%5B750x423%5D.png

    1926

    Heritage_Ed_D1920_Storia-logo_01_logo-1931_634x357.mediagallery_output_image_%5B750x423%5D.png


    Heritage_Ed_D1920_Storia-logo_01_logo-1953_634x357.mediagallery_output_image_%5B750x423%5D.png

    1931

    Heritage_Ed_D1920_Storia-logo_01_logo-1956_634x357.mediagallery_output_image_%5B750x423%5D.png


    Heritage_Ed_D1920_Storia-logo_01_logo-1957_634x357.mediagallery_output_image_%5B750x423%5D.png

    1957

    Heritage_Ed_D1920_Storia-logo_01_logo-1962_634x357.mediagallery_output_image_%5B750x423%5D.png

    1962

    Heritage_Mod_A1962-78_Scrambler_01_serbatoio_634x357.mediagallery_output_image_%5B750x423%5D.png


    Heritage_Ed_D1920_Storia-logo_01_logo-1967_634x357.mediagallery_output_image_%5B750x423%5D.png

    1967

    Heritage_Ed_D1920_Storia-logo_01_logo-Giugiaro_634x357.mediagallery_output_image_%5B750x423%5D.png

    1975 - 1984

    Heritage_Ed_D1920_Storia-logo_01_logo-Castiglioni_634x357.mediagallery_output_image_%5B750x423%5D.png

    1985

    Heritage_Ed_D1920_Storia-logo_01_logo-Ducati-D-Dinamica_634x357.mediagallery_output_image_%5B750x423%5D.png

    1997

    Heritage_Ed_D1920_Storia-logo_01_logo-Old-DucatiCorse_634x357.mediagallery_output_image_%5B750x423%5D.png

    1999

    Heritage_Ed_D1920_Storia-logo_01_logo-Attuale_634x357.mediagallery_output_image_%5B750x423%5D.png

    2009

    Heritage_Ed_D1920_Storia-logo_01_logo-Attuale-DucatiCorse_634x357.mediagallery_output_image_%5B750x423%5D.png

    2010



    ;);););)
     

    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    මමත් දැම්මා මචං Ducati Bike ගැන!! TFS!! good post!! !REP!
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    තව ටිකකින් මේ Site එකේ Admin අයියාත් මේ Thread 1කට Comment එකක් දෙයි. ඕන ඔට්ටුවක් බොරුද කියලා බලන්න කෝ.