සැඟවී සිටි සෙබළියෝ දෙදෙනා දැලේ එක් කතක්‌
හමුදාවෙන් පලාවිත් නිවසක් කුලියට ගෙන
සැඟවී සිටි සෙබළියෝ දෙදෙනා දැලේ
එක් කතක් පිරිමි වෙස්ගෙන ඉඳලා
ගාල්ල - ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි
යුද හමුදවෙන් පලාගිය යුද හමුදා සෙබළියන් දෙදෙනකු ඉමදුව කෝදාගොඩ ප්රදේශයේ කුලී නිවසක එකට ජීවත්වෙමින් සිටියදී ඉමදුව පොලිසිය මගින් පෙරේදා (30 දා) අත්අඩංගුවට ගෙන ඇත.
විසි දෙහැවිරිදි වියේ පසුවන මෙම හමුදා සෙබළියන් දෙදෙනා කෝදාගොඩ හා දික්වැල්ල ප්රදේශයේ පදිංචිකාරියෝ වෙති. මෙම යුවතියන් දෙදෙනා යුද හමුදාවට කාන්තා සෙබළියන් ලෙස බැඳී ඇත්තේ මීට වසර දෙකකට පමණ ඉහතදීය. යුද හමුදාවේදී ද මෙම සෙබළියන් දෙදෙනා එකම බළකායක සේවයකොට ඇත.
පළමුව හමුදාවෙන් පලාගොස් ඇත්තේ කෝදාගොඩ ප්රදේශයේ පදිංචි හමුදා සෙබළියයි. ඊට පසු දික්වැල්ලේ පදිංචි හමුදා සෙබළිය හමුදාවෙන් පලාගොස් ඇත. පසුව මේ යුවතියන් දෙදෙනා කෝදාගොඩ පදිංචි යුවතියගේ නිවසේ පදිංචිව සිට ඇත. මොවුන් දෙදෙනා මෙම නිවසේ පදිංචිව සිටින අතරේ එයට දෙමව්පියන්ගේ දැඩි විරෝධය එල්ලවී තිබේ.
ඔවුන් දෙදෙනා එම නිවසින් පලවාහැර තිබේ. ඉන්පසු මෙම යුවතියන් දෙදෙනා ඉමදුව කෝදාගොඩ ප්රදේශයෙන් මාසිකව රුපියල් 2500 ක මුදලකට නිවසක් කුලියට ගෙන එහි පදිංචිව සිට ඇත. මාස අටක් තිස්සේ මෙම නිවසේ මොවුන් පදිංචිව සිට ඇත.
කෝදාගොඩ පදිංචි යුවතිය පිරිමි අයකු මෙන් ප්රදේශයේ තැන් තැන්වල කුලී වැඩ කොට ඇත. දික්වැල්ලේ යුවතිය කෑම උයා පිහා ගනිමින් නිවසේ සිට ඇති අතර කෑම බීම ඇඳුම් පැළඳුම් ආදිය පිරිමි වෙස්ගෙන සිටි යුවතිය ගෙනැවිත් දී ඇත. එම යුවතිය කොටකලිසමකින් හා ටීෂර්ටයකින් සැරසී නිවාසවල තීන්ත ගෑම, වතුවලව වැඩ ආදී කුලී වැඩ කොට මුදල් උපයාගෙන ඇත.
ප්රදේශවාසීන්ද සිතා ඇත්තේ මෙම යුවතිය පිරිමි අයකු බවය. ඇගේ හැසිරීම හා කරන කියන වැඩ අනුව කාන්තාවක් කියා හඳුනා ගැනීම ගම්වාසීන්ටද අපහසුවී ඇත. මොවුන් දෙදෙනා මෙම කුලී නිවසේ එකට දිවිගෙවා ඇත.
මේ අයුරින් මෙම යුවතියන් දෙදෙනා එකට ජීවත්ව ඇත්තේ කුමන හේතුවකටද යන්න පිළිබඳ පොලිසිය පරීක්ෂණ පවත්වයි. හමුදාවෙන් පලායැම සම්බන්ධයෙන් මෙම තරුණියන් දෙදෙනා ඉමදුව පොලිස් මුරපළ මගින් අත්අඩංගුවට ගෙන අහංගම පොලිසියට භාරදී තිබේ.
මෙම යුවතියන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම ඉමදුව පොලිස් මුරපළේ ස්ථානාධිපති උ. පො. ප. ගාමිණී ශාන්ත, පො. සැ. 22206 ජනසිරි, පො. කො. 674 අශෝක, කා. පො. කො. 3541 යන නිලධාරීහු ද එක්වූහ.
ආශ්චර්ය තමා