නලින් ද සිල්වා ඇතුළු කණ්ඩායම තවමත් කියා සිටින්නේ වකුගඩු රෝගයට හේතුව ආසනික් බව තමන් දැනගත්තේ නාථ දෙවියන්ගෙන් බවයි. ලංකාවේ සිටින අද්භූත කතා විමසා බැලීමකින් තොරව පිලිගන්නා මිනිසුන්ටද එය පරම සත්‍යයක්ම විය. එසේ වන්නට ඇත්තේ දෙවියන් සිටිනා බවත් දෙවියන් මිනිසුන් සමග ගණුදෙනු කරනා බවටත් විශ්වාසයක් ශතවර්ෂ ගණනක් තිස්සේ පවතින නිසා විය හැක. නමුත් ආසනික් කථාව නාථ දෙවියන්ගෙන් දැනගත් බව කී ගැහැණිය කර ඇත්තේ තනිකරම බොරුවක් බව පහත සාක්ෂි විමසා බැලීමෙන් පාඨක ඔබට වැටහෙනු ඇත.
දකුණු ආසියාතික රටවල්වල වකුගඩු රෝග පිලිබඳව අන්තර්ජාලයේ සෙවීමක් සිදුකල විට අවශ්‍යතරම් කරුණු සොයා ගත හැක.
නාථ දෙවියන්ගෙන් ආසනික් ගැන දැන ගත්තා යයි නලින් ද සිල්වා බොරුවක් කීවේ ඇයි?
මා සිතන්නේ මෙය හිතාමතා කල බොරුවක් නොවන බවයි. භාවනා කර හිත දියුණු කර ගත්තා යයි කියන ගැහැණිය අන්තර්ජාලය ඔස්සේ මේ පිලිබඳව තොරතුරු සොයාගෙන ඒය තමන් නාථ දෙවියන්ගෙන් දැනගත් බවට කියන්නට ඇතැයි උපකල්පනය කල හැක.
බංග්ලාදේශයේ ආසනික් ප්රශ්නය වෙනත් පඬියෙකුට සොයා ගන්නට බැරි උනේ ඇයි?
ලංකාවේ රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය යාන්ත්‍රණය හා බැඳුණු ප්රශ්නයකි. ඔවුන්ට රැකියාව යනු ජීවනෝපායක් පමණකි.
වකුගඩු ප්‍රශ්නයට විසඳුම මොකක්ද?
බංග්ලාදේශය වැනි මේ ප්‍රශ්නයට මුහුණ දෙන රටවල් මේවන විට ගෙන ඇති පියවර විමසා බලා සුදුසු විසඳුමකට යා යුතුය.