නලින් ද සිල්වා, තොටගමුවේ රාහුල හිමි සමග කත&#35

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මූ ඔය අහන්න කියල දීල තියෙන කතාවෙම නලින් ද සිල්ව කියනව බුදු හාමුදුරුවන්ගෙ ධාතු හොරෙන් හරි ලංකාවට අරන් එන එක හොඳයි ඒකෙන් අපිට අරාක්ෂාවක් ලැබෙනව කියල

    ඒ එක්කම කියනවා නේද, මේක නිදන් හොරුන්ට හොද කතාවක් නෙමෙයි කියල?
    ඒ කතාව අල්ලගෙන තේරුමක් තියෙනවද? කතාවට අදාළ දෙය විතරක් විවේචනය කරපන් බං..
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මට කියන්න තියෙන්නෙ මෙච්චරයි.

    නලින් ද සිල්වා ඔය කියන ගොන් කතා පිළිගන්න කෙනෙක් ඉන්නවනම්, ඒ කෙනා විද්‍යාව කියන්නෙ මොකද්ද කියලා තේරුම් නොගත්ත කෙනෙක්.

    'බටහිර විද්‍යාව' කියලා දෙයක් ලෝකෙ නෑ. තියෙන්නෙ විද්‍යාව කියලා දෙයක් විතරයි.

    නලින් ද සිල්වා බටහිර විද්‍යාව කිය කිය කෑ ගහන්නෙ මිනිහව ලෝකෙ අනිත් විද්‍යාඟයෝ තඹේකට ගනන් ගන්නෙ නැති හින්දා.

    'බටහිර විද්‍යාව', 'විද්‍යාත්මක ක්‍රමය' වැරදි නම් ඒක ඔප්පු කරන්න ඕනා. දොරමඬලාවෙ ඇවිල්ලා ගැලරියට කැස්සට වැඩක් නෑ.



    මට නම් අල්ලන්නෙ නැත්තෙ මෙයා කියන 'බටහිර විද්දියාව' බොරුවක් කියන කතාව (ITN දොර්මඩලාව)'බටහිර විද්දියාව' බොරුවක් නම් මේ දැන් තියෙන TV,Computer,Automobile,... etc තියෙන්නෙ කොහොමද බන් :cool:

    :yes::yes:
     
    Last edited:

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මූ ඔය අහන්න කියල දීල තියෙන කතාවෙම නලින් ද සිල්ව කියනව බුදු හාමුදුරුවන්ගෙ ධාතු හොරෙන් හරි ලංකාවට අරන් එන එක හොඳයි ඒකෙන් අපිට අරාක්ෂාවක් ලැබෙනව කියල

    අනිත් රටවල උන්ට හෙන ගැහුවත් කමක් නැතුව ඇති නේ බං? :P:P
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මට කියන්න තියෙන්නෙ මෙච්චරයි.

    නලින් ද සිල්වා ඔය කියන ගොන් කතා පිළිගන්න කෙනෙක් ඉන්නවනම්, ඒ කෙනා විද්‍යාව කියන්නෙ මොකද්ද කියලා තේරුම් නොගත්ත කෙනෙක්.

    'බටහිර විද්‍යාව' කියලා දෙයක් ලෝකෙ නෑ. තියෙන්නෙ විද්‍යාව කියලා දෙයක් විතරයි.

    නලින් ද සිල්වා බටහිර විද්‍යාව කිය කිය කෑ ගහන්නෙ මිනිහව ලෝකෙ අනිත් විද්‍යාඟයෝ තඹේකට ගනන් ගන්නෙ නැති හින්දා.

    'බටහිර විද්‍යාව', 'විද්‍යාත්මක ක්‍රමය' වැරදි නම් ඒක ඔප්පු කරන්න ඕනා. දොරමඬලාවෙ ඇවිල්ලා ගැලරියට කැස්සට වැඩක් නෑ.
    බටහිර විද්යාව කියලා සර් හෑමදාමත් කිව්වේ scientific concept එකකට වඩා cultural concept එකකට. විද්යාත්මක කරමේ වෑරදි කියලා සර් කියන්නේ නෑ..

    හී හී.. සර්ව ලොකේ පිලිගන්නේ නෑ කියලා උබනේ කියන්නේ. පොඩ්ඩක් සර්ගේ research papers ටිකක් හොයලා බලපන්.. දෑන් ඒවා ලොකේ කොහේද තියෙන්නේ කියලා බලපන්.. :D
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    Ane uba owa vishwasa karanawa ne bun:Pmath 53 idan issarahata thamai beluwe ape lanka we mithyawa adahana un inna nisa hodai :Pwena rataka num okkawa gahala pannanwa oya kiyana gon kathwalata
    :rofl:

    මචන්, ඇමරිකාවේ ඉන්න මිනිහෙක් පල්ලියට ගිහින් දෙවියන්ට යාතිකා කියන එක විද්‍යාත්මක වෙන්නත්, ලංකාවේ ඉන්න මිනිහෙක් පන්සලකට ගිහින් දෙවියන්ට බාරයක් ඔප්පු කරන එක මිත්‍යාදෘෂ්ටික වෙන්නත් හේතුව කියන්න පුලුවන්ද? දෙගොල්ලොම වදින්නේ දෙවියන්ව..වෙනස, ඇමරිකන්කාරයා හිතනවා ලෝකෙටම ඉන්නේ යෝහොවා දෙවියා විතරයි කියලා...බෞද්ධයන් විශ්වාස කරනවා, 33 න් කෝටියක් දෙවියන් ඉන්නවා කියල...එතකොට වැරැද්ද, දෙවියෝ ඉන්න/ නොඉන්න එකේ නෙමෙයි..ඉන්න ප්‍රමානයේද?
    උබ දන්නවද, මුළු ලෝකෙම පුරා සංසරණය වන හැම ඩොලර් නෝට්ටුවකම උඩින්ම print කරලා තියෙන්නේ මොකක්ද කියල? "In God We Trust" කියල...කොතනද වැරැද්ද තියෙන්නේ?
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    බටහිර විද්යාව කියලා සර් හෑමදාමත් කිව්වේ scientific concept එකකට වඩා cultural concept එකකට. විද්යාත්මක කරමේ වෑරදි කියලා සර් කියන්නේ නෑ..





    විද්‍යාත්මක ක්‍රමය = scientific method

    උඹ ඕනෙනම් බලපන් මෙයාගෙ article වල තැන් කීයක් මෙයා 'so-called scientific method' කියලා කියනවද කියලා. ඔය 'so-called' කියලා කියන්නෙ අවඟාවට කියලා තේරුම් ගන්න පුලුවන් තරමෙ ඉංග්‍රීසි දැනුමක් උඹට තියෙනවා කියලා මම විශ්වාස කරනවා.

    මෙන්න මෙතන තියෙනවා scientific method එක, එයාගෙ වචනයෙන්ම, 'පට්ට පල් බොරුවක්' කියලා.

    http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=33064


    හී හී.. සර්ව ලොකේ පිලිගන්නේ නෑ කියලා උබනේ කියන්නේ. පොඩ්ඩක් සර්ගේ research papers ටිකක් හොයලා බලපන්.. දෑන් ඒවා ලොකේ කොහේද තියෙන්නේ කියලා බලපන්.. :D


    හොයලා බලලා තමයි මචන් කතා කරන්නෙ. මිනිහගෙ research papers තියෙන්නෙ ලෝකෙ වෙන කොහෙවත් නෙමේ. ලංකාවෙ.

    මෙන්න මිනිහගෙ site එකේම තියෙනවා.

    http://www.kln.ac.lk/science/maths/page/staff/Nalinda.html


    ගිහිල්ලා උඹම බලපන් මචන් මෙතන 1976න් පස්සෙ research papers කීයක් international conference/journal වල publish වෙලා තියෙනවද කියලා?
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අනිත් රටවල උන්ට හෙන ගැහුවත් කමක් නැතුව ඇති නේ බං? :P:P

    :D

    ඒ එක්කම කියනවා නේද, මේක නිදන් හොරුන්ට හොද කතාවක් නෙමෙයි කියල?
    ඒ කතාව අල්ලගෙන තේරුමක් තියෙනවද? කතාවට අදාළ දෙය විතරක් විවේචනය කරපන් බං..

    මට කියන්න ඕන උනේ තමන්ට හිතට එන ඕන දෙයක් මනුස්සය එළියට දාල ඒක සාධාරණීකරණය කරගන්නව කියන එක ... ඒක මේ කතාවට අදාලයි ... අනික් කාරණෙ තමයි නලින්ද සිල්ව ඒ කාලෙ හෞතික වාදියෙක් .. පුළුවන්නම් ඉස්සර එයා ලියපු ලිපි හොයාගෙන කියවන්න ... ඒව ඔක්කොම ලිව්වෙත් තමන්ට වඩා දන්න කෙනෙක් මේ ලෝකෙ නෑ කියල තමයි ... ඊට පස්සෙ එක පාරටම බුද්ධාගම පැත්තට හැරිල සිංහල බෞද්ධ නූතනත්වයක් ගැන කතාකරන්න පටන් ගට්ත ... ඊට පස්සෙ බටහිර දේවල් වලට ගහල දාන්න පටන් ගත්ත ... හැබැයි එතුමට doctorate එක තියෙන්නෙ cosmology ... ළමයි පිටරටවලින් ඉගෙන ගන්නව අපිට දේශීය චින්තනයක් උගන්නනව

    නැවත ප්‍රශ්ණෙට ආවොත් මම මේක උපුටා ගත්තෙ පල්ලෙහා තියෙන බ්ලොග් එකෙන් ... මේවට උත්තර දෙන එක ඔබගේ පාර්ශවයෙ වගකීමක්
    http://radicaladahas.wordpress.com/2012/10/23/god-naatha-deceit/

    නලින් ද සිල්වා ඇතුළු කණ්ඩායම තවමත් කියා සිටින්නේ වකුගඩු රෝගයට හේතුව ආසනික් බව තමන් දැනගත්තේ නාථ දෙවියන්ගෙන් බවයි. ලංකාවේ සිටින අද්භූත කතා විමසා බැලීමකින් තොරව පිලිගන්නා මිනිසුන්ටද එය පරම සත්‍යයක්ම විය. එසේ වන්නට ඇත්තේ දෙවියන් සිටිනා බවත් දෙවියන් මිනිසුන් සමග ගණුදෙනු කරනා බවටත් විශ්වාසයක් ශතවර්ෂ ගණනක් තිස්සේ පවතින නිසා විය හැක. නමුත් ආසනික් කථාව නාථ දෙවියන්ගෙන් දැනගත් බව කී ගැහැණිය කර ඇත්තේ තනිකරම බොරුවක් බව පහත සාක්ෂි විමසා බැලීමෙන් පාඨක ඔබට වැටහෙනු ඇත.




    දකුණු ආසියාතික රටවල්වල වකුගඩු රෝග පිලිබඳව අන්තර්ජාලයේ සෙවීමක් සිදුකල විට අවශ්‍යතරම් කරුණු සොයා ගත හැක.

    arsenic2.png


    නාථ දෙවියන්ගෙන් ආසනික් ගැන දැන ගත්තා යයි නලින් ද සිල්වා බොරුවක් කීවේ ඇයි?
    මා සිතන්නේ මෙය හිතාමතා කල බොරුවක් නොවන බවයි. භාවනා කර හිත දියුණු කර ගත්තා යයි කියන ගැහැණිය අන්තර්ජාලය ඔස්සේ මේ පිලිබඳව තොරතුරු සොයාගෙන ඒය තමන් නාථ දෙවියන්ගෙන් දැනගත් බවට කියන්නට ඇතැයි උපකල්පනය කල හැක.

    බංග්ලාදේශයේ ආසනික් ප්‍රශ්නය වෙනත් පඬියෙකුට සොයා ගන්නට බැරි උනේ ඇයි?
    ලංකාවේ රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය යාන්ත්‍රණය හා බැඳුණු ප්‍රශ්නයකි. ඔවුන්ට රැකියාව යනු ජීවනෝපායක් පමණකි.

    වකුගඩු ප්‍රශ්නයට විසඳුම මොකක්ද?
    බංග්ලාදේශය වැනි මේ ප්‍රශ්නයට මුහුණ දෙන රටවල් මේවන විට ගෙන ඇති පියවර විමසා බලා සුදුසු විසඳුමකට යා යුතුය.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    මමත් මෙක කාලයකට කලින් එළකිරි එකේ දැම්මා,එළකිරි :)
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තවම අහනවා.......එල එල....සුදට පුක දෙන එවුන්ට ගොඩක් රිදෙයි
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara

    visitha1

    Member
    Oct 17, 2007
    165
    11
    0
    nalinda silva wage manisaka ledek kiyana hema ekakma piliganna unta hodai athal ekata:P:P
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    http://en.wikipedia.org/wiki/Nalin_de_Silva#Speeches_.26_Talks

    මෙන්න මෙතන මම එතුමාගේ තියන ඔක්කොම ඔඩියෝ ටික පිලිවලට දාලා තියනවා,අහන්න :)

    එල එල....තැන්ක්ස් මචන්.....මම කැම්පස් ඉන්නකොට එක සැරයක් sir ගේ දේශනයක් ඇහුවා....පිස්සු හැදෙනවා....
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මට කියන්න තියෙන්නෙ මෙච්චරයි.

    නලින් ද සිල්වා ඔය කියන ගොන් කතා පිළිගන්න කෙනෙක් ඉන්නවනම්, ඒ කෙනා විද්‍යාව කියන්නෙ මොකද්ද කියලා තේරුම් නොගත්ත කෙනෙක්.

    'බටහිර විද්‍යාව' කියලා දෙයක් ලෝකෙ නෑ. තියෙන්නෙ විද්‍යාව කියලා දෙයක් විතරයි.

    නලින් ද සිල්වා බටහිර විද්‍යාව කිය කිය කෑ ගහන්නෙ මිනිහව ලෝකෙ අනිත් විද්‍යාඟයෝ තඹේකට ගනන් ගන්නෙ නැති හින්දා.

    'බටහිර විද්‍යාව', 'විද්‍යාත්මක ක්‍රමය' වැරදි නම් ඒක ඔප්පු කරන්න ඕනා. දොරමඬලාවෙ ඇවිල්ලා ගැලරියට කැස්සට වැඩක් නෑ.





    :yes::yes:


    මචන්, විද්‍යාව "බටහිර" වෙලා තියෙන්නේ, ඒකත් එක්ක එන සංස්කෘතියත් දේශපාලනයත් නිසා...සුද්දෝ ඇදුම් නැතුව ඉන්න කාලේ, චීනේ මිනිස්සුන්ට වෙඩි බෙහෙත් හදන්න තාක්ෂණයක් තිබුනා...නමුත් ඔවුන් ඒ තාක්ෂනය පාවිච්චි කරලා, අනිත් රටවල් ආක්‍රමණය කරන්න ගියේ නෑ..ඔවුන්ගේ සංස්කෘතියෙන් එහෙම කරන්න උගන්නලා තිබුනේ නෑ...
    නමුත් සුද්දා නැවු වල නැගලා, අනිත් රටවල් වලට ගියේ, ඒවයෙ සිරි නරබන්න නෙමෙයි..ආක්‍රමණය කරලා අයිති කරගන්න..ඒක තමයි උන්ගේ සංස්කෘතියෙන් උන්ට කියල දුන්න දෙය..ඔය හැම නැවකම හිටියා, ක්‍රිස්තියානි පූජකවරු..තමන්ගේ ආගම අදහන්නේ නැති සියලුම දෙනා, මිත්යාදෘෂ්ටිකයෝ කියල තමයි උන්ගේ ඉගැන්වීම උනේ..ඒකනේ තවමත් උන් දෙවියෝ අදහන එක විද්යාත්මකයි, අපි දෙවියෝ ගැන විශ්වාසකරන එක මිත්යාදුෂ්ටිකයි කියල කියන්නේ..
    අවි බලෙන් රටවල් යටත් කරගන්න කොට, අර පූජකවරු බලෙන් ඒ මිනිස්සුන්ව ආගමට හරවා ගත්තා..මුළු ලෝකය පුරාම සිද්ධ උනේ ඕකයි..
    නමුත් බුදු දහමේ කිසිම වෙලාවක බලෙන් ආගම් ප්‍රචාරණය කිරීමක් වෙලා නෑ...අපේ සංස්කෘතියේ එහෙම උගන්නන්නේ නෑ..මිහිදු හාමුදුරුවෝ ඇවිත් තුවක්කුව තියල, තිස්ස රජතුමාව බුද්ධාගමට ගත්තේ නෑ..එතන උනේ බුද්ධිමය සංවාදයක්..අපේ සංස්කෘතියට අනුව අපේ දැනුම "පෙරදිග" විද්‍යාවක්..එතන තියෙන්නේ මමත්වය සහ ආශාවල් අඩු කරගෙන නිවන් මාර්ගයට යන පාර කියාදෙන විද්‍යාවක්..චීනයේත් ඊට සමාන සංස්කෘතියක් තිබුන නිසා ඔවුන්, තමන්ගේ වෙඩිබෙහෙත් පාවිච්චි කරලා, අනිත් රටවල් අල්ලන්න ගියේ නෑ..නමුත් බටහිර සංස්කෘතියට අනුව "බටහිර" විද්‍යාවෙන් කරන්නේ, මමත්වය ඉස්මතු කරමින්, ආශාවල් පසු පස හබා යන්න පොලබවන විද්‍යාවක්..ඔවුන්ට අනුව ලෝකේ මවල තියෙන්නේ මිනිසාට විතරයි..ඔන්න ඕකයි බටහිර විද්‍යාවයි පෙරදිග විද්‍යාවයි අතර වෙනස...

    දෙවෙනි කරුණ තමයි නලින් ද සිල්වා ව අනිත් විද්‍යාඥයෝ පිළිගන්නේ නෑ කියන කාරණය..ඔහුව පිළිගන්න/නොපිළිගන්නා එක ගැන නම් ඔහුට කිසිම ගානක් නෑ..නමුත් අනිත් අයට දැනගන්න කියන්න ඕන, ඔහුට එන්ගලන්තයේ සසෙක්ස් විශ්වවිද්‍යාලයෙන් ඉඩ දුන්න ඔහුගේ ආචාර්ය උපාධිය අවුරුද්දකට කලින් ඉවර කරන්න අවස්තාව..මේ වෙනකන් එහෙම විශේෂ වරප්‍රසාදයක් ඒ විශ්වවිද්‍යාලයෙන් වෙන කෙනෙක්ට දීලා නෑ.. විශ්වයේ පරිනාමය ගැන තමයි ඔහු ආචාර්ය උපාධිය ගත්තේ...ඉතින් ඊට වඩා තව සැලකිලි තියෙනවද? මේ රටේ ඉන්න අනිත් මොන මහාචාර්යවරයටද පිටරට විශ්වවිද්‍යාලයකින් එහෙම වරප්‍රසාදයක් හම්බෙලා තියෙන්නේ?

    බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් කියන දේ තර්කානුකූලව කියනවා, මේ video එකේ...තව විස්තර ඕන නම් kaalaya.org එකට ගිහින් බලන්න..


     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    nalinda silva wage manisaka ledek kiyana hema ekakma piliganna unta hodai athal ekata:P:P

    මේ ඉන්නේ මහා ඉසිවරයෙක් වගේ පඩි රුවනක්.....වදාරන්න දෙවියනේ
     

    visitha1

    Member
    Oct 17, 2007
    165
    11
    0
    කලු පූසා;15982613 said:
    umbala wage molakarayiwa kauruth ganan ganne nehene ban aula kiyanne :rofl::rofl::rofl:

    Kauda bun ganan ganna kiyanne :rofl::rofl:ubata nalinda silva gena etha kiuwama riddunada :P:P