මචන්, විද්‍යාව "බටහිර" වෙලා තියෙන්නේ, ඒකත් එක්ක එන සංස්කෘතියත් දේශපාලනයත් නිසා...සුද්දෝ ඇදුම් නැතුව ඉන්න කාලේ, චීනේ මිනිස්සුන්ට වෙඩි බෙහෙත් හදන්න තාක්ෂණයක් තිබුනා...නමුත් ඔවුන් ඒ තාක්ෂනය පාවිච්චි කරලා, අනිත් රටවල් ආක්‍රමණය කරන්න ගියේ නෑ..ඔවුන්ගේ සංස්කෘතියෙන් එහෙම කරන්න උගන්නලා තිබුනේ නෑ...
නමුත් සුද්දා නැවු වල නැගලා, අනිත් රටවල් වලට ගියේ, ඒවයෙ සිරි නරබන්න නෙමෙයි..ආක්‍රමණය කරලා අයිති කරගන්න..ඒක තමයි උන්ගේ සංස්කෘතියෙන් උන්ට කියල දුන්න දෙය..ඔය හැම නැවකම හිටියා, ක්‍රිස්තියානි පූජකවරු..තමන්ගේ ආගම අදහන්නේ නැති සියලුම දෙනා, මිත්යාදෘෂ්ටිකයෝ කියල තමයි උන්ගේ ඉගැන්වීම උනේ..ඒකනේ තවමත් උන් දෙවියෝ අදහන එක විද්යාත්මකයි, අපි දෙවියෝ ගැන විශ්වාසකරන එක මිත්යාදුෂ්ටිකයි කියල කියන්නේ..
අවි බලෙන් රටවල් යටත් කරගන්න කොට, අර පූජකවරු බලෙන් ඒ මිනිස්සුන්ව ආගමට හරවා ගත්තා..මුළු ලෝකය පුරාම සිද්ධ උනේ ඕකයි..
නමුත් බුදු දහමේ කිසිම වෙලාවක බලෙන් ආගම් ප්‍රචාරණය කිරීමක් වෙලා නෑ...අපේ සංස්කෘතියේ එහෙම උගන්නන්නේ නෑ..මිහිදු හාමුදුරුවෝ ඇවිත් තුවක්කුව තියල, තිස්ස රජතුමාව බුද්ධාගමට ගත්තේ නෑ..එතන උනේ බුද්ධිමය සංවාදයක්..අපේ සංස්කෘතියට අනුව අපේ දැනුම "පෙරදිග" විද්‍යාවක්..එතන තියෙන්නේ මමත්වය සහ ආශාවල් අඩු කරගෙන නිවන් මාර්ගයට යන පාර කියාදෙන විද්‍යාවක්..චීනයේත් ඊට සමාන සංස්කෘතියක් තිබුන නිසා ඔවුන්, තමන්ගේ වෙඩිබෙහෙත් පාවිච්චි කරලා, අනිත් රටවල් අල්ලන්න ගියේ නෑ..නමුත් බටහිර සංස්කෘතියට අනුව "බටහිර" විද්‍යාවෙන් කරන්නේ, මමත්වය ඉස්මතු කරමින්, ආශාවල් පසු පස හබා යන්න පොලබවන විද්‍යාවක්..ඔවුන්ට අනුව ලෝකේ මවල තියෙන්නේ මිනිසාට විතරයි..ඔන්න ඕකයි බටහිර විද්‍යාවයි පෙරදිග විද්‍යාවයි අතර වෙනස...