නලින් ද සිල්වා, තොටගමුවේ රාහුල හිමි සමග කත&#35

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    machan 33kotiyak deviyo ne ban....inne 33ilu..me gena katha wuna poya dawaska swarnavahini eke yana discussion eke....33kotiyak kiyanne eke thiyena loku bava angavannalu...deviyonge pilima ehamath lokuwata hadanne ekalu...:yes::yes:

    na machan..man hithanne na eka aththa kiyala..
     
    visitha1

    Member
    Oct 17, 2007
    165
    11
    0
    මේ ඉන්නේ මහා ඉසිවරයෙක් වගේ පඩි රුවනක්.....වදාරන්න දෙවියනේ

    issiwarayek wenna one ne bun oka gena thrum ganna :Poka gena therum ganna uabala wage un dethun denek hitiyama ethi:P
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    නලින් සර් ගෑන මෙහෙම clips එකක් දේකක් බලල තීරන ගන්න එපා කොල්ලනේ. සර්ගෙන් ඉගෙනනත්ත උන්ගෙන් අහලා දෑනගනින්.

    aniwa..

    macho uba nalinda silva kiyanne kawuda kiyalwath dannawada:oo:

    ගොඩක් අය කියන්නන් වාලේ කියනවා මචන්..පුද්ගලයා කවුද කියල වත් දන්නේ නෑ...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    issiwarayek wenna one ne bun oka gena thrum ganna :Poka gena therum ganna uabala wage un dethun denek hitiyama ethi:P

    වදා රන්න දෙවියනි තවත් වදාරන්න.....ඔබ තුමාගේ දැනුම් සම්භාරය පිළිබද මා මුසපත් වී සිටිමි.....
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    තිස්තුන් කෝටියක් දෙවිවරු ඉන්නේ හින්දු ආගමේ බෞද්ධාගමේ දෙවිවරු ප්‍රමාණය කියන්න බෑ. මිනිස්සු ධර්මය පිළිපදින කොට ,මනුෂ්‍යය ලෝකයේ මිනිස්සු ධර්මානූකූල ලෙස හැසිරෙන කොට දිව්‍යය ලෝක පිරෙනවා නමුත් මිනිස්සු අධර්මිෂ්ඨ වෙනකොට දිව්‍යය ලෝකවල දෙවිවරු අඩු වෙනවා. එතකොට දෙවිවරුන්ගේ ප්‍රමාණය නියතයක් වෙන්නේ නෑ.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    issiwarayek wenna one ne bun oka gena thrum ganna :Poka gena therum ganna uabala wage un dethun denek hitiyama ethi:P

    නොදන්නා නිසා අහන්නේ? උබට නලින් ද සිල්වා එක්ක පුද්ගලික තරහක් තියෙනවද? වැරදිලා හරි කැම්පස් එකේදී පස්සට පයින් ගහල උබව එලෙව්වා වත් ද?:baffled:
     
    • Like
    Reactions: hacker T

    visitha1

    Member
    Oct 17, 2007
    165
    11
    0
    වදා රන්න දෙවියනි තවත් වදාරන්න.....ඔබ තුමාගේ දැනුම් සම්භාරය පිළිබද මා මුසපත් වී සිටිමි.....

    wedaruwa Ethi wage bun:P den uba gihilla nilinda sir ta dana gahala wedala budiya ganin:rofl:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    තිස්තුන් කෝටියක් දෙවිවරු ඉන්නේ හින්දු ආගමේ බෞද්ධාගමේ දෙවිවරු ප්‍රමාණය කියන්න බෑ. මිනිස්සු ධර්මය පිළිපදින කොට ,මනුෂ්‍යය ලෝකයේ මිනිස්සු ධර්මානූකූල ලෙස හැසිරෙන කොට දිව්‍යය ලෝක පිරෙනවා නමුත් මිනිස්සු අධර්මිෂ්ඨ වෙනකොට දිව්‍යය ලෝකවල දෙවිවරු අඩු වෙනවා. එතකොට දෙවිවරුන්ගේ ප්‍රමාණය නියතයක් වෙන්නේ නෑ.

    :yes::yes::yes::yes::yes::yes:
     
    visitha1

    Member
    Oct 17, 2007
    165
    11
    0
    නොදන්නා නිසා අහන්නේ? උබට නලින් ද සිල්වා එක්ක පුද්ගලික තරහක් තියෙනවද? වැරදිලා හරි කැම්පස් එකේදී පස්සට පයින් ගහල උබව එලෙව්වා වත් ද?:baffled:

    nalinda silva wage ekak kohoda bun echara deyak karanne:rofl:ubala wage tika denek oka kiyana hema ekakma puka uda dagena piligathth thama hugak un okawa kiyana ewa ganan gan ne:yes:
    mama sir kenekuta ohoma katha karanna kamathi ne machan,eth nalinda silva science gena kiyana borru ehuwama ehema nokara be:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    wedaruwa Ethi wage bun:P den uba gihilla nilinda sir ta dana gahala wedala budiya ganin:rofl:

    ඔබ තුමා රචනා කරපු පුස්තකයන් එහෙම නැද්ද....ඔය දැනුම ලෝකෙට යවමුකෝ....මහා පඩිරුවනක් පහල වෙලා....හරි සතුටුයි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    nalinda silva wage ekak kohoda bun echara deyak karanne:rofl:ubala wage tika denek oka kiyana hema ekakma puka uda dagena piligathth thama hugak un okawa kiyana ewa ganan gan ne:yes:
    mama sir kenekuta ohoma katha karanna kamathi ne machan,eth nalinda silva science gena kiyana borru ehuwama ehema nokara be:P

    එකනේ මේකේ එවුන්ට ඕක තේරෙන්නේ නැහැ .....

    යකෝ විසිත කියන්නේ මෑත වකවානුවේ පහලවුන මහා පඩි රුවනක් නලින්ද කියන්නේ මොකෙක්ද....මෙතුමාගේ මොලේ හැම තැනම ....ප්‍රීති ප්‍රීති ප්‍රීති
     
    visitha1

    Member
    Oct 17, 2007
    165
    11
    0
    ඔබ තුමා රචනා කරපු පුස්තකයන් එහෙම නැද්ද....ඔය දැනුම ලෝකෙට යවමුකෝ....මහා පඩිරුවනක් පහල වෙලා....හරි සතුටුයි

    ubala wage unta ewa therena ekak ne bun ewa:rofl:ube denumata hariyana ewa thiyenawa montessori yana podi un gawa poddak gihila balapan machan:rolleyes:
     
    • Like
    Reactions: mldarshana

    visitha1

    Member
    Oct 17, 2007
    165
    11
    0
    එකනේ මේකේ එවුන්ට ඕක තේරෙන්නේ නැහැ .....

    යකෝ විසිත කියන්නේ මෑත වකවානුවේ පහලවුන මහා පඩි රුවනක් නලින්ද කියන්නේ මොකෙක්ද....මෙතුමාගේ මොලේ හැම තැනම ....ප්‍රීති ප්‍රීති ප්‍රීති

    kohoma kiuwath machan ube avatar eka ubata hariyanawa,nalinda silva wada uba wa ethikarana gatthe:rofl:
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මචන්, විද්‍යාව "බටහිර" වෙලා තියෙන්නේ, ඒකත් එක්ක එන සංස්කෘතියත් දේශපාලනයත් නිසා...සුද්දෝ ඇදුම් නැතුව ඉන්න කාලේ, චීනේ මිනිස්සුන්ට වෙඩි බෙහෙත් හදන්න තාක්ෂණයක් තිබුනා...නමුත් ඔවුන් ඒ තාක්ෂනය පාවිච්චි කරලා, අනිත් රටවල් ආක්‍රමණය කරන්න ගියේ නෑ..ඔවුන්ගේ සංස්කෘතියෙන් එහෙම කරන්න උගන්නලා තිබුනේ නෑ...
    නමුත් සුද්දා නැවු වල නැගලා, අනිත් රටවල් වලට ගියේ, ඒවයෙ සිරි නරබන්න නෙමෙයි..ආක්‍රමණය කරලා අයිති කරගන්න..ඒක තමයි උන්ගේ සංස්කෘතියෙන් උන්ට කියල දුන්න දෙය..ඔය හැම නැවකම හිටියා, ක්‍රිස්තියානි පූජකවරු..තමන්ගේ ආගම අදහන්නේ නැති සියලුම දෙනා, මිත්යාදෘෂ්ටිකයෝ කියල තමයි උන්ගේ ඉගැන්වීම උනේ..ඒකනේ තවමත් උන් දෙවියෝ අදහන එක විද්යාත්මකයි, අපි දෙවියෝ ගැන විශ්වාසකරන එක මිත්යාදුෂ්ටිකයි කියල කියන්නේ..
    අවි බලෙන් රටවල් යටත් කරගන්න කොට, අර පූජකවරු බලෙන් ඒ මිනිස්සුන්ව ආගමට හරවා ගත්තා..මුළු ලෝකය පුරාම සිද්ධ උනේ ඕකයි..
    නමුත් බුදු දහමේ කිසිම වෙලාවක බලෙන් ආගම් ප්‍රචාරණය කිරීමක් වෙලා නෑ...අපේ සංස්කෘතියේ එහෙම උගන්නන්නේ නෑ..මිහිදු හාමුදුරුවෝ ඇවිත් තුවක්කුව තියල, තිස්ස රජතුමාව බුද්ධාගමට ගත්තේ නෑ..එතන උනේ බුද්ධිමය සංවාදයක්..අපේ සංස්කෘතියට අනුව අපේ දැනුම "පෙරදිග" විද්‍යාවක්..එතන තියෙන්නේ මමත්වය සහ ආශාවල් අඩු කරගෙන නිවන් මාර්ගයට යන පාර කියාදෙන විද්‍යාවක්..චීනයේත් ඊට සමාන සංස්කෘතියක් තිබුන නිසා ඔවුන්, තමන්ගේ වෙඩිබෙහෙත් පාවිච්චි කරලා, අනිත් රටවල් අල්ලන්න ගියේ නෑ..නමුත් බටහිර සංස්කෘතියට අනුව "බටහිර" විද්‍යාවෙන් කරන්නේ, මමත්වය ඉස්මතු කරමින්, ආශාවල් පසු පස හබා යන්න පොලබවන විද්‍යාවක්..ඔවුන්ට අනුව ලෝකේ මවල තියෙන්නේ මිනිසාට විතරයි..ඔන්න ඕකයි බටහිර විද්‍යාවයි පෙරදිග විද්‍යාවයි අතර වෙනස...

    විද්‍යාව කියන්නෙ එකක්. ආගම / සංස්කෘතිය කියන්නෙ තව එකක්. වෙන් කරලා තේරුම් ගන්න මචන්.

    විද්‍යාත්මක ක්‍රමය කියන එකට ජාති බේද නෑ. ආගම බේද නෑ.

    ප්ලේන් උඩ යන්නෙ, සබ්මැරින් මුහුද යටින් යන්නෙ, මිනිස්සු හඳට යන්නෙ, අභ්‍යවකාශයට යන්නෙ, මොබයිල් ෆෝන් වැඩ කරන්නෙ, ඉන්ටනෙට් වැඩ කරන්නෙ, ශබ්දයෙ වේගයට වඩා වේගයෙන් ගුවන් යාන යන්නෙ විද්‍යාව හින්දා.

    ඒකෙන් මිනිස්සුන්ගෙ තණ්හාව වැඩි වෙනවද නැද්ද කියන එක සංස්කෘතියෙ ප්‍රශ්නයක්.

    'බටහිර විද්‍යාව' කියල දෙයක් නෑ. බටහිර සංස්කෘතියක් තියෙනවා අපේ එකට වඩා වෙනස්. පරමාණුවෙ හැසිරීම, ජීවීන්ගේ පරිණාමය, පයිතගරස් ප්‍රමේය කාටත් එකයි.

    හම සුදු ද නැද්ද, ප්‍රමේය හොයා ගත්තෙ ඇමරිකන් කාරයෙක්ද නැද්ද කියන එක අදාළ නැහැ.

    උඹට වෙලා තියෙන්නෙ අර මම මුලින් කිව්වා වගේ විද්‍යාව කියන්නෙ මොකද්ද කියලා පැහැදිලි වැටහීමක් නැති එක.

    ඒකනේ තවමත් උන් දෙවියෝ අදහන එක විද්යාත්මකයි, අපි දෙවියෝ ගැන විශ්වාසකරන එක මිත්යාදුෂ්ටිකයි කියල කියන්නේ..

    මේකට face palm image එකක් දාන්නත් ගිහිල්ල දැම්මෙ නෑ උඹ හොඳින් කතා කරන හින්දා

    මෙහෙම විද්‍යාඟයෝ කියන්නෙ නෑ මචන් උඹට බොරු කියලා තියෙන්නෙ කියපු කෙනෙක්. බටහිර රටවල සාමාන්‍ය මිනිස්සු දෙවියො විශ්වාස කරාට විද්‍යාඟයෝ ඒක අනුමත කරන්නෙ නෙ.

    අන්න ආයිත් පාරක් විද්‍යාව හා සංස්කෘතිය / ආගම අතර වෙනස

    මෙන්න මේ අයගෙ කතා ටිකක් අහන්නකො / පොතක් දෙකක් කියවන්නකො ශුවර් ම නැත්තම්

    Stephen Hawking
    Richard Dawkins
    Neil DeGrasse Tyson
    Christopher Hitchens

    In god we trust කියලා ගහන එකට මුල අන්ධ භක්තික මිනිස්සු. විද්‍යාඟයෝ නෙමෙයි. බටහිර ආගමෙයි , විද්‍යාව කියන එකෙයි වෙනස තේරුම් ගන්න

    දෙවෙනි කරුණ තමයි නලින් ද සිල්වා ව අනිත් විද්‍යාඥයෝ පිළිගන්නේ නෑ කියන කාරණය..ඔහුව පිළිගන්න/නොපිළිගන්නා එක ගැන නම් ඔහුට කිසිම ගානක් නෑ..නමුත් අනිත් අයට දැනගන්න කියන්න ඕන, ඔහුට එන්ගලන්තයේ සසෙක්ස් විශ්වවිද්‍යාලයෙන් ඉඩ දුන්න ඔහුගේ ආචාර්ය උපාධිය අවුරුද්දකට කලින් ඉවර කරන්න අවස්තාව..මේ වෙනකන් එහෙම විශේෂ වරප්‍රසාදයක් ඒ විශ්වවිද්‍යාලයෙන් වෙන කෙනෙක්ට දීලා නෑ.. විශ්වයේ පරිනාමය ගැන තමයි ඔහු ආචාර්ය උපාධිය ගත්තේ...ඉතින් ඊට වඩා තව සැලකිලි තියෙනවද? මේ රටේ ඉන්න අනිත් මොන මහාචාර්යවරයටද පිටරට විශ්වවිද්‍යාලයකින් එහෙම වරප්‍රසාදයක් හම්බෙලා තියෙන්නේ?

    ඔව් මචන් ඉතින් ගනන් ගන්නෙ නැති කෙනෙක් කවදාවත් ඔව් මාව අනිත් කට්ටිය ගනන් ගන්නෙ නෑ ඒක මට මාර අවුල් කියලා කියන්නෙ නෑනෙ! :P:P

    අනිත් එක සැලකිලි තියෙන කෙනෙක් කවදාවත් කියයිද මාව කවුරුවත් ගනන් ගත්තත් නැත්ත මට ප්‍රශ්නයක් නෑ කියලා?

    අරවින්ද ද සිල්වා කවදාවත් කියයිද හහ්. මේ රටේ මිනිස්සු මාව ගනන් ගත්තත් නැත්ත මට කමක් නෑ කියලා?

    ගනන් ගන්නෙ නැති කෙනාට තමයි ඔහොම කතා කියන්න වෙන්නෙ

    මම amilaxp ට දාපු රිප්ලයි එකේ තිබ්බ ලින්ක් එකට ගිහිල්ලා බලපන් 76න් පස්සෙ මෙයාව ලෝකෙ ලංකාවෙ ඇරෙන්න මෙලෝ තැනක පිළිගෙන තියෙනවද කියලා? තියෙන හරියක publication තියෙන්නෙ කැළණිය කැම්පස් එකේමයි! හයියෝ සල්ලි.

    බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් කියන දේ තර්කානුකූලව කියනවා, මේ video එකේ...තව විස්තර ඕන නම් kaalaya.org එකට ගිහින් බලන්න..

    ආයිත් කියනවා බටහිර විද්‍යාවක් ගැන. ඕක ඔච්චර බොරු නම් ඔය උඹ පාවිච්චි කරන පරිගණකය, සම්බන්ධ වෙලා තියෙන අන්තර් ජාලය, ඕක පණ ගන්වන විදුලිය, උඹ ඇඳන් ඉන්නෙ පොලියෙස්ටර් ඇඳුමක් නම් ඒ ඇඳුම, උඹේ කාමරේ වැඩ කරන ඒ/සී එක හෝ ෆෑන් එක, කාමරේ ලයිට් එක වැඩ කරන්නෙ කොහොමද බං?

    ගෙදර තියෙන ෆ්‍රිජ් එක, මයිකොර්වේව් එක, ටී.වී එක, අවන් එක, අයන් එක - මේවා වැඩ කරන්නෙ විද්‍යාත්මක සිද්ධාන්ත උඩ.

    දැන් ඔය බටහිර විද්‍යාව පට්ට පල් බොරු නම් මේවා වැඩ කරන්නෙ කොහොමද? නැත්තම් මේවා බටහිර විද්‍යාවට අයත් නැද්ද?

    කොහොමද බං උඹලා මේවට රැවටෙන්නෙ? ඉස්කෝලෙ විද්‍යාව ඉගෙන ගත්තෙ නැද්ද?

    මීටර් කෝදුවක් දෙපැත්තෙ හුලං පුරවපු බැලුමකුයි හුලං පුරවපු නැති බැලුමකුයි හයි කරලා පෙන්නුවෙ නැද්ද වාතයට බරක් තියෙනව කියලා?

    අන්න විද්‍යාත්මක ක්‍රමය. මේක 'පට්ටපල් බොරුවක්' වෙන්නෙ කොහොමද?

    මචන් තේරුම් ගනින්. පරමාණුව ගැන මානව වර්ගයා හොයාගෙන තියෙන දේවල් බොරු නෙමෙයි. ඒකෙන් කරන්නෙ විදුලිය ජනනය කරන එකද බෝම්බ හදන එකද කියන එක සංස්කෘතියෙ / ආකල්ප වල ප්‍රශ්නයක්.

    'බටහිර විද්‍යාව බොරු' කියලා කියනවනම් පරමාණු බෝම්බයක් ටෙස්ට් කරන තැනකට ගිහිල්ලා කියපන් තොපිලා ඔය කියන ඔක්කොම බොරු ඕකෙන් මුකුත් වෙන්නෙ නෑ කියලා.

    දැනටත් වෙලාව නාස්ති කරගත්ත ඇති. ත්‍රෙඩ් එකට මගේ දායකත්වය නිමි.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    අනේ බං නාථ දෙය්යෝ උබ දැන්ද කිව්වේ වකුගඩු රෝගේ හැදෙන්නේ ආසනික් වලින් කියල
    මෙච්චරකල් උබ හිටිය මිනිස්සු මැරුණා ලෙඩ උනා කිව්වේ නෑ.
    ඇයි යකෝ අන්තිමට කිව්වේ :angry::angry:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    විද්‍යාව කියන්නෙ එකක්. ආගම / සංස්කෘතිය කියන්නෙ තව එකක්. වෙන් කරලා තේරුම් ගන්න මචන්.

    විද්‍යාත්මක ක්‍රමය කියන එකට ජාති බේද නෑ. ආගම බේද නෑ.

    විද්‍යාව කියන්නේ ආගමෙන්, සංස්කෘතියෙන් ස්වායත්ත දෙයක් කියල තමයි බටහිර විද්‍යාවෙන් අපිට උගන්නන්නේ..නමුත් ඒ දේම තමයි සිද්ධ නොවෙන්නෙත්..පොලොව ගෝලාකාරයි, පොලොව සූර්යා වටේ පරිභ්‍රමණය වෙනවා කිව්වම ඒ දවස් වල පල්ලියෙන් කීදෙනෙක්ව එල්ලලා මැරුවද? ඒකට හේතුව උනේ පල්ලියේ ඉගැන්වීමට විරුද්ධ අදහසක් දැරීම විතරමයි..ඉතින් තවදුරටත් කියනවද විද්‍යාව, ආගමෙන් ස්වායත්තයි කියල?
    නලින් ද සිල්වා, ඔහුගේ හැම දේශනයකම වගේ කියන්නෙත් ඔය දේම තමයි..මිනිස්සුන්ගේ ඔලු වලට දාල තියෙනවා, බටහිර විද්‍යාව සර්වසම්පූර්ණ,සර්ව සාධාරණ ස්වායත්ත දෙයක් කියල..ඊට විරුද්ධව හිතන එකා මෝඩයා, මිත්යාදෘෂ්ටිකයා කියලා...
    ඔය දේම තමයි මීට සියවස් ගණනකට කලින් සිද්ධ උනේ..ඒකෙ ප්‍රගමනයක් තමයි දැන් සිද්ධ වෙන්නෙත්..සුද්දට ඕන උනේ පෙරදිග කලාපය තුල උන්ගේ ආගම පතුරුවන්න..ඒ සදහා උන් යුධ බලය පාවිච්චි කළා..දැන් කරන්නෙත් ඒ ටිකමයි..වෙනස තියෙන්නේ, යුධ බලය වෙනුවට උන්ගේ අධ්‍යාපනය යොදා ගන්න එක..
    ඔය ගැලීලියෝ ලා පෘතුවිය කා වටෙද යන්නේ කියල හොයන්නත් කලින්, පෙරදිග හිටපු ඍෂිවරු නැකත් බැලීම පවා කළා..අපි දන්නවා, රාවනා රජු කාලේ අපේ රටේ හිටපු පුලතිසි කියන
    ඍෂිවරයා තමයි මුළු පෙරදිගටම වෙලාව ගණනය කලේ කියල..ඔහුගේ හෝරා යන්ත්‍රය තිබුනේ සීගිරි ගල මුදුනේ...ඒක වෙනම කියන්න ඕන කතාවක්...කොහොම හරි ඒ විද්‍යාත්මක ක්‍රමයක් පාවිච්චි කරලා නෙමෙයි පෙරදිග අය දැනුම ලබා ගත්තේ...අධ්‍යාත්මික බලයෙන්..පසුකාල වල පෙරදිගට ආපු සුද්දෝ මේ දේවල් දැනගත්තා...නමුත් උන්ගේ ආගම තුල,අධ්‍යාත්මික දේවල් වලට තැනක් තිබුනේ නෑ..උන්ට අධ්‍යාත්මික බලයක් තිබුනෙත් නෑ...ඉතින් තමන් පෙරදිගින් දැනගත්ත කරුණු විස්තර කරන්න උන්, උන්ගේම ප්‍රවාද හැදුවා...නිකන් සුරංගනා කතා වගේ..ඒ ක්‍රමය තමයි අද බටහිර විද්‍යාව කියල හදුන්වන්නේ...මොනවා හරි සිදුවීමක් දැක්කම, ඒක විස්තර කරන්න කතාවක් හදනවා..ඉලෙක්ටෝනය ගැන විතරක් මොන තරම් කතා ගොඩක් හදල තියෙනවද? එක කතාවක් බොරු වෙනකොට, ඒකට තව කතාවක් හදනවා..නමුත් කවදාවත් මොවුන් ප්‍රත්‍යක්ෂයෙන් ඒ දේ අවබෝද කරගෙන නෑ...නමුත් තවමත් අපේ වෙද මහත්වරු බෙහෙත් සීට්ටුවක් ලිව්වත්, අන්තිමට ලියන්නේ,'අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි' කියල..ඒ ප්‍රත්‍යක්ෂ දැනුම අපිට ලැබුනේ සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගේ..ඒක භාවිතා කිරීම නිසා ඇතිවන විශ්වාසය නිසා තමයි 'අත්දුටුවයි' කියල කියන්නේ..
    බටහිර විද්‍යාව කියල තියෙන්නේ අන්තිමට කතා ගොඩක් විතරයි..අපිට ඉස්කෝල වල උගන්නනවා, ඒ සුරංගනා කතා විස්වාස කරපන් කියල..ඊට විරුද්ධව හිතන්න දෙන්නේ නෑ..
    නලින් ද සිල්වා මේකට ගන්න හොදම උදාහරණ දෙක තමයි, ගුරුත්වාකර්ෂණය සහ ඉලෙක්ට්‍රොන..ඔහු අහනවා ගුරුත්වාකර්ෂණය දැනෙන්නේ අපේ මොන ඉන්ද්‍රියටද කියල..:D නමුත් විද්‍යාත්මක ක්‍රමයේම තියෙනවා, ඒ ක්‍රමය තුල හිතළු වලට ඉඩ නෑ, ඕනෑම දෙයක් පන්චේන්ද්රියන්ට දැනෙනව නම් විතරක් පිළිගන්න කියල..(ඒකනේ මෙහෙ ඉන්න ගොඩ සුද්දෝ කෑ ගහන්නේ දෙවියෝ කෝ? පේන්නේ නෑ නේ..එහෙනම් දෙවියෝ කියල දෙයක් නෑ කියල..)
    නමුත් ගුරුත්වාකර්ෂණය කාටවත් දැනෙන අවයවයක් නෑ..ඒ වගේම ඉලෙක්ට්‍රෝනයක් පියවි ඇසින් හෝ අන්වීක්ෂයක් තුලින් දැකපු මිනිහෙක් මේ ලෝකේ නෑ..තියෙන්නේ ගණනය කිරීම් ටිකක් විතරයි...නමුත් අපිට කියනවා එහෙම තියෙනවා කියල විස්වාස කරපන් කියල..ඒ එක්කම අපේ දෙවියන් ගැන අවිස්වාස කරපන් කියල..නමුත් උන්ගේ යෝහොවා දෙවියන්ව විශ්වාස කරපන් කියල..ඉතින් ඔය කියන බටහිර විද්‍යාව, මොන තරම් පැටලුන , සුරංගනා කතාවක්ද කියල තේරෙන්නේ නැද්ද? මොන තරම් බටහිර විද්‍යාව, සර්ව සාධාරණද කියල තේරෙනවද?
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අනේ බං නාථ දෙය්යෝ උබ දැන්ද කිව්වේ වකුගඩු රෝගේ හැදෙන්නේ ආසනික් වලින් කියල
    මෙච්චරකල් උබ හිටිය මිනිස්සු මැරුණා ලෙඩ උනා කිව්වේ නෑ.
    ඇයි යකෝ අන්තිමට කිව්වේ :angry::angry:

    ඒක ඉතින් දෙවියන්ගේ වැරැද්ද නෙමෙයි...දෙවියන් එක්ක අදහස් හුවමාරු කරගන්න තරම් අධ්‍යාත්මික දියුණුවක් ලබන්න අපි පහු උන එකේ වැරැද්ද...දැන් හරි ඒකට විසදුමක් ලැබිල තියෙනවනේ..බටහිර විද්‍යාවෙන් අවුරුදු 20 කට කරන්න බැරි උන දෙය..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    මචන්, විද්‍යාව "බටහිර" වෙලා තියෙන්නේ, ඒකත් එක්ක එන සංස්කෘතියත් දේශපාලනයත් නිසා...සුද්දෝ ඇදුම් නැතුව ඉන්න කාලේ, චීනේ මිනිස්සුන්ට වෙඩි බෙහෙත් හදන්න තාක්ෂණයක් තිබුනා...නමුත් ඔවුන් ඒ තාක්ෂනය පාවිච්චි කරලා, අනිත් රටවල් ආක්‍රමණය කරන්න ගියේ නෑ..ඔවුන්ගේ සංස්කෘතියෙන් එහෙම කරන්න උගන්නලා තිබුනේ නෑ...
    නමුත් සුද්දා නැවු වල නැගලා, අනිත් රටවල් වලට ගියේ, ඒවයෙ සිරි නරබන්න නෙමෙයි..ආක්‍රමණය කරලා අයිති කරගන්න..ඒක තමයි උන්ගේ සංස්කෘතියෙන් උන්ට කියල දුන්න දෙය..ඔය හැම නැවකම හිටියා, ක්‍රිස්තියානි පූජකවරු..තමන්ගේ ආගම අදහන්නේ නැති සියලුම දෙනා, මිත්යාදෘෂ්ටිකයෝ කියල තමයි උන්ගේ ඉගැන්වීම උනේ..ඒකනේ තවමත් උන් දෙවියෝ අදහන එක විද්යාත්මකයි, අපි දෙවියෝ ගැන විශ්වාසකරන එක මිත්යාදුෂ්ටිකයි කියල කියන්නේ..
    අවි බලෙන් රටවල් යටත් කරගන්න කොට, අර පූජකවරු බලෙන් ඒ මිනිස්සුන්ව ආගමට හරවා ගත්තා..මුළු ලෝකය පුරාම සිද්ධ උනේ ඕකයි..
    නමුත් බුදු දහමේ කිසිම වෙලාවක බලෙන් ආගම් ප්‍රචාරණය කිරීමක් වෙලා නෑ...අපේ සංස්කෘතියේ එහෙම උගන්නන්නේ නෑ..මිහිදු හාමුදුරුවෝ ඇවිත් තුවක්කුව තියල, තිස්ස රජතුමාව බුද්ධාගමට ගත්තේ නෑ..එතන උනේ බුද්ධිමය සංවාදයක්..අපේ සංස්කෘතියට අනුව අපේ දැනුම "පෙරදිග" විද්‍යාවක්..එතන තියෙන්නේ මමත්වය සහ ආශාවල් අඩු කරගෙන නිවන් මාර්ගයට යන පාර කියාදෙන විද්‍යාවක්..චීනයේත් ඊට සමාන සංස්කෘතියක් තිබුන නිසා ඔවුන්, තමන්ගේ වෙඩිබෙහෙත් පාවිච්චි කරලා, අනිත් රටවල් අල්ලන්න ගියේ නෑ..නමුත් බටහිර සංස්කෘතියට අනුව "බටහිර" විද්‍යාවෙන් කරන්නේ, මමත්වය ඉස්මතු කරමින්, ආශාවල් පසු පස හබා යන්න පොලබවන විද්‍යාවක්..ඔවුන්ට අනුව ලෝකේ මවල තියෙන්නේ මිනිසාට විතරයි..ඔන්න ඕකයි බටහිර විද්‍යාවයි පෙරදිග විද්‍යාවයි අතර වෙනස...

    දෙවෙනි කරුණ තමයි නලින් ද සිල්වා ව අනිත් විද්‍යාඥයෝ පිළිගන්නේ නෑ කියන කාරණය..ඔහුව පිළිගන්න/නොපිළිගන්නා එක ගැන නම් ඔහුට කිසිම ගානක් නෑ..නමුත් අනිත් අයට දැනගන්න කියන්න ඕන, ඔහුට එන්ගලන්තයේ සසෙක්ස් විශ්වවිද්‍යාලයෙන් ඉඩ දුන්න ඔහුගේ ආචාර්ය උපාධිය අවුරුද්දකට කලින් ඉවර කරන්න අවස්තාව..මේ වෙනකන් එහෙම විශේෂ වරප්‍රසාදයක් ඒ විශ්වවිද්‍යාලයෙන් වෙන කෙනෙක්ට දීලා නෑ.. විශ්වයේ පරිනාමය ගැන තමයි ඔහු ආචාර්ය උපාධිය ගත්තේ...ඉතින් ඊට වඩා තව සැලකිලි තියෙනවද? මේ රටේ ඉන්න අනිත් මොන මහාචාර්යවරයටද පිටරට විශ්වවිද්‍යාලයකින් එහෙම වරප්‍රසාදයක් හම්බෙලා තියෙන්නේ?

    බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් කියන දේ තර්කානුකූලව කියනවා, මේ video එකේ...තව විස්තර ඕන නම් kaalaya.org එකට ගිහින් බලන්න..

    මචං උබ ඔය පටලවාගෙන තියෙන්නේ නලින් ලොක්කගේ විෂබීජය ඔලුවට වැටිලා
    උබ බටහිර උන්ගේ විද්‍යාව සහ අපේ සංස්කෘතිය සන්සන්ධනය කරන්නේ
    අපෙත් විද්‍යාවක් තිබ්බ. එක බටහිරද නැගෙනහිරද කියල කොහොමද බං කියන්නේ
    අපේ සංස්කෘතිය නම් පෙරදිග. එක බටහිරට වඩා වෙනස්. එත් විද්‍යාව එහෙම වෙන්නේ කොහොමද ?
    සන්නායකයක් හරහා ධාරාවක් ගලයි - දැන් මේක බටහිර එකක්ද නැගෙනහිර එකක්ද ?
    මේක බටහිර නම්, නලින් ලොක්කට අනුව බටහිර පට්ටපල්බොරු නම් සන්නායකයක් හරහා ධාරාවක් නොගලයි ? :rolleyes:

    රජරට අපේ මුටුන්මිට්ටන් වාරිමාර්ග කරම හදා තිබේ
    ඇලක් දිගේ ජලය ගෙනියද්දි ජලය පහලට ගුරුත්වය නිසා ගමන් කරනබව ඔව්න් දැනසිටියහ
    දැන් මේක බටහිරයන්ගේ එකක් නේ නිව්ටන්ගේ නියමය. එසේ නම් ලංකාවේ ඒ ජලය පහලාට ගමන් කරන්නේ නාථ දෙවියන්ගේ බලපමෙන්ද ?

    ඉස්සර ලංකාවේ රෝගීන් සුවපත් කිරීමට ශල්‍ය කර්ම පවා කර තිබේ
    බටහිර යැයි කියන උන් කරන්නෙත් ඒකය
    එතකොට ලංකාවේ ඒ කාලේ කලේ විෂ්ණු දෙවියන් විසින්ද ?

    බටහිරුන් විද්‍යාව+සංස්කෘතිය මගින් උබ කියනා ලෙස අනිත් රටවල් ආක්‍රමය කළේය
    අනේ අපේ පෙරදිග උන් නිකන් හිටියනෙ
    ඉන්දියාවේ උන් ඇවිත් අපිට පහරදුන්නේ බටහිර දනුමෙන්ද බං ? ජපානේ ආක්‍රමණ ? චීන ආක්‍රමණ ? මේවා බටහිර විජාතික කුමන්ත්රණ ද ?

    වෙඩි බෙහෙත් සොයා ගට්ටේ චීනයේ ය. දැන් බටහිරුන් වෙඩි බෙහෙත් පෙරදිග සොයාගැනීමක් කියා වෙන බෙහෙත්වර්ගයක් භාවිත කරයිද ?

    එංගලන්තේ සසෙක්ස් විශ්ව විද්‍යාලය කවද ඉදන්ද පෙරදිග දැනුම ලබාදෙන එකක් උනේ ? එකේ දැන් බටහිර විද්‍යාව උගන්වන්නේ නැද්ද ?

    පොඩ්ඩක් මොලෙන් හිතපන් බං
    විද්‍යාවේ මුලධර්ම වලට න්‍යායන්වලට පෙරදිග බටහිර ආගම් ජාති බෙධයක් නෑ මොකා හොයාගත්තත් එක විද්‍යාව. හැබැයි සංස්කෘතියේ පෙරදිග බටහිර වෙනස්කම් තිබේ.

    නලින් ලොක්කගේ ලණු කාල නිකන් පිස්සෝ වෙන්න එපා බන්ල
    පොර හෙට අනිද්දා මැරිලා යයි
    උබල පොරගේ න්‍යායන් ඔප්පු කරගන්න බැරුව ඉදි ඉදිරි වසර 100 ත්