කැප්ටන්~ෆිලිප්ස්

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    කැප්ටන්~ෆිලිප්ස්

    ගොඩ දෙනෙක් දැන් මේ කැප්ටන් ෆිලිප්ස් කියන අලුත්ම චිත්‍ර පටිය බලන්න ඇති කියලා හිතනවා. ඒ චිත්‍ර පටියට අඩංගු කතාව වෙන්නේ 2009 අප්‍රේල් 8 වෙනිදා සෝමාලි මුහුදු කොල්ලකරුවන් මර්ස්ක් ඇලබෑමා කියන නැවේ කෲ එක ප්‍රාණ ඇපේට ගන්න සිදුවීම් මාලාවයි.

    1024px-Container_ship_MV_Maersk_Alabama.jpg

    "මර්ස්ක් ඇලබෑමා"

    Captain-Phillips-Movie-Poster.jpg

    කැප්ටන් ෆිලිප්ස් චිත්‍රපටිය

    මේ චිත්‍ර පටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ "පෝල් ග්‍රීන්ග්‍රාස්" විසිනුයි. පෝල් ග්‍රීන්ග්‍රාස් කිව්වම දැනට හොලිවුඩ් වල ඉන්න ප්‍රධාන අධ්‍යක්ෂක කෙනෙක්. බෝර්න් කතා මාලාවේත් කථා දෙකක් පෝල් අධ්‍යක්ෂණය කරා.

    greengrass.jpg

    පෝල් ග්‍රීන්ග්‍රාස්

    කථාවේ කැප්ටන් රිචර්ඩ් ෆිලිප්ස් හැටියට රඟ පාන්නේ ලෝක පූජිත හොලිවුඩ් නළු ටොම් හෑන්ක්ස් විසිනුයි.

    Tom-hanks-picture-1.jpg

    ටොම් හෑන්ක්ස්

    කථාව සෝමාලි කොල්ල කරුවන්ගේ නායක අබ්ඩුවාලි මුසේ හැටියට රඟ පාන්නේ සෝමාලි ජාතික බර්ඛඩ් අබ්දී විසින්.

    ඇත්ත කතාව පටන් ගන්නේ ඕමානයේ සලාලා නැව් තොටේ ඉඳලා මර්ස්ක් ඇලබෑමා නම් වුනු භාණ්ඩ නැව කෙන්යාවේ මොම්බාසා නුවරට මෙට්‍රික් ටොන් 17,000 සහනාදාර රැගෙන යන අතර තුර සෝමාලියානු මුහුදු තීරයේ කොල්ල කරුවන්ට අසු වීමෙන්. කුඩා ප්‍රමාණයේ මෝටර් බෝට්ටුවක පැමිණෙන කොල්ලකරුවන් 4 දෙනෙක් ඉනිමගක් ආධාරයෙන් තමයි මේ ඇලබෑමා නැවට ගොඩ වෙන්නේ. ඒ වෙලාවේ නැවේ කොල්ලකරුවන් මෙල්ල කිරීමට යොදාගන්නා අධිබල වතුර පොම්ප යොදා ගත්තත් එක තැනක පොම්පයක් හරියට සවිකරලා තිබුනේ නැති නිසා එම ස්ථානයෙන් කොල්ල කරුවන් නැවට ගොඩ වෙනවා. ගොඩවෙන අයුරු නැව් කුටියේ සිට බලා සිටින කපිතාන් ෆිලිප්ස් පහල සිටින කාර්ය මණ්ඩලයට නැවේ එන්ජින් කාමරයේ හැඟෙන ලෙසට අණ කරනවා. මොනම හේතුවකටවත් තමන්ව කොල්ල කරුවන්ට අහුවෙන්න ඉන්න එපා කියලා කපිතාන් අණ දෙනවා.

    Phillips_Richard_Captain.jpg

    කපිතාන් රිචර්ඩ් ෆිලිප්ස්

    මුසේ කපිතාන් ඇතුළු නැව් කුටියේ සිටින හතර දෙනෙක් අවි පෙන්නවා ඔවුන් ප්‍රාණ ඇපේට ගන්නවා. කොහොම නමුත් සැඟවුණු ප්‍රධාන ඉන්ජෙනේරු මයික් පෙරී විසින් මුළු නැවේම විදුලිය විසන්ධි කරන නිසා කොල්ල කරුවන්ට නැව සෝමාලියාව වෙත ගෙනියන්න බැරි වෙනවා. එතනින් පසු බට නොවන මුසේ තවත් සගයකු එක්ක නැව ඇතුලේ අනික් කාර්ය මණ්ඩලය හොයන්න යන අතර වාරයේ මයික් පෙරී මුසේ සමග සටන් වදිනවා. මුසේව ප්‍රාණ ඇපේට ගන්න කාර්ය මණ්ඩලය මුසේව කපිතාන් ෆිලිප්ස් හා අනික් සගයන් මුදා ගැනීමට හුවමාරු කිරීමට අනික් කොල්ල කරුවන් සමග කතා කරනවා. කපිතාන් ෆිලිප්ස්ව නිදහස් කරන නමුත් ඔවුන් කපිතාන් ෆිලිප්ස් සමග නැවේ ජීවිතාරක්ෂක බෝට්ටුවේන් පැන යනවා නැවතත් කැප්ටන් ෆිලිප්ස් ප්‍රාණ අපකරුවෙක් හැටියට රැගෙන යමින්.

    phillips_8col.jpg

    චිත්‍ර පටියේ මුහුදු කොල්ල කරුවන්

    705247-abduwalimuse1.jpg

    අබ්ඩුවාලි මුසේ අත්අඩංගුවට පත් වීමෙන්

    ඇලබෑමා නැවේ SOS පණිවුඩ මගින් පළමුවෙන්ම එහි ළඟාවෙන්නේ යෙමෙන් මුහුදු සීමාවේ ඇමරිකන් ප්‍රහාරක යාත්‍රාවක් වන USS බ්‍රෙයන්බ්‍රිජ් වෙනවා. ඒ අප්‍රේල් 9 වෙනිදා ඇලබෑමා නැවේ SOS පණිවුඩ වලට ප්‍රතිචාරයක් ලෙසයි. බ්‍රෙයන්බ්‍රිජ් නැව එම ස්ථානයට ළඟා වීමට ප්‍රථම නැවේ ස්කෑන් ඊගල් නම් UAV යානය යොදා ගැනුනා. මෙය යොදා ගැනුනේ කොල්ල කරුවන් හා කපිතාන් ෆිලිප්ස් සිටින ජීවිතාරක්ෂක බෝට්ටුවේ ජායාරූප ගැනීම සඳහායි.

    Surveillance_photo_of_Maersk_Alabama_lifeboat,_hijacked_by_pirates_090409-N-0000X-926.jpg

    ස්කෑන් ඊගල් යානයෙන් ගත් චායාරූප

    640px-ScanEagle_UAV_catapult_launcher_2005-04-16.jpg

    ස්කෑන් ඊගල් යානය

    පසුව ඇමරිකන් නාවික හමුදාවේ ප්‍රහාරක යාත්‍රාවක් වන USS හැලිබර්ටන් එම ස්ථානයට පැමිණියා. ප්‍රහාරක යාත්‍රා දෙකෙන්ම උනේ කපිතාන් ෆිලිප්ස් ප්‍රාණ ඇපකරුවන්ගෙන් මුදා ගැනීමයි.

    341px-090413-N-0000X-001-Cmdr_Frank_X_Castellano.jpg

    USS බ්‍රෙයන්බ්‍රිජ් ප්‍රධානියා ෆ්‍රෑන්ක් කස්ටෙලෝ මේ මෙහෙයුමට විශාල දායකත්වයක් දුන්නා

    640px-USS_Bainbridge_%28DDG_96%29_-_close_up.jpg

    USS බ්‍රෙයන්බ්‍රිජ් ප්‍රහාරක නැව

    640px-USS_Halyburton_%28FFG_40%29_does_work-ups_off_the_coast_of_Mayport_2006.jpg

    USS හැලිබර්ටන්

    ජීවිත ආරක්ෂක බෝට්ටුව අසලට පැමිණෙන නාවික හමුදාව කොල්ල කරුවන් සමග කපිතාන් ෆිලිප්ස් මුදා ගැනීමට කථා බහ කරන අතර අප්‍රේල් 10 වෙනිදා කපිතාන් ෆිලිප්ස් මේ ජීවිත ආරක්ෂක බෝට්ටුවෙන් පැන යන්න උත්සහ කරත් නැවතත් කොල්ල කරුවන් ඔහුව අල්ලා ගන්නවා. මුසේ ගේ අතට පිහියකින් සිදු උන තුවාල නිසාවෙනුත් කපිතාන් ෆිලිප්ස් නිදහස් කිරීමට ඕනේ කරන මුදල් ඉල්ලගැනීම සඳහා මුසේ USS හැලිබර්ටන් නැවට නාවික හමුදාව විසින් ගෙන යනු ලබනවා. මේ අතර නාවික හමුදා සීල් ස්නයිපර් කණ්ඩායමක් USS බ්‍රෙයන්බ්‍රිජ් නැවේ සිට ස්ථාන ගත වෙනවා ජීවිත ආරක්ෂක බෝට්ටුවේ ඉන්න ඉතිරි කොල්ල කරුවන් තුන් දෙනාගෙන් කපිතාන් ෆිලිප්ස්ව බේරා ගන්න. දවස් 4 ක මුහුදේ ත්‍රාසජනක අත් දැකීම් මැද අප්‍රේල් 12 වෙනිදා සීල් කණ්ඩායමේ ස්නයිපර් වරුන් විසින් ජීවිත ආරක්ෂක බෝට්ටුවේ සිටින ඉතුරු කොල්ල කරුවන් 3 දෙනා මරා කපිතාන් ෆිලිප්ස් බේරා ගනු ලබනවා. USS බ්‍රෙයන්බ්‍රිජ් නැවේ සිටින මුසේ ඔහුගේ සගයන් මිය ගිය පසු ඇමරිකන් නාවික හමුදාවට යටත් වෙනවා. මේ කොල්ල කෑම සිද්ද කරපු කොල්ල කරුවන් වයස අවුරුදු 17ත් 19ත් අතර වන තරුණයන් උනා.

    USS බොක්සර් නැවේ ඇමරිකාව වෙත ගෙන එන මුසේ එරට අධිකරණය මගින් ඔහුට වසර 33 ක සිර දඬුවම් නියම කරා.

    685px-Lifeboat_of_the_Maersk_Alabama%2C_after_capture.jpg

    USS බොක්සර් නැවට ජීවිත ආරක්ෂක බෝට්ටුව ඔසවමින්

    Maersk-Alabama-lifeboat.jpg

    ජීවිත ආරක්ෂක බෝට්ටුව දැනට නාවුක සීල් කවුතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති අයුරු

    richard-phillips-family-ftr.jpg

    කපිතාන් ෆිලිප්ස් දරුවන් සමග

    කපිතාන් ෆිලිප්ස් අවුරුද්දකට පසුව නැවතත් නැවක කපිතාන් හැටියට සේවයට ගියා. ඔහු ඔහුගේ බිහිසුණු අත්දැකීම "අ කැප්ටන්ස් ඩියුටි" නම් ග්‍රන්ථයකින් එලි දැක්වුවා.

    දැන් හැමෝම දන්නවනේ මේ චිත්‍ර පටියේ පසුබිම් ඇත්ත කතාව. හැමෝම බලන්න වටින චිත්‍ර පටියක් තමයි "කැප්ටන් ෆිලිප්ස්".

     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,021
    113
    Kuwait-Galle
    මේක නම් මචන් පට්ට ෆිල්ම් එක.. 2013 අපු හොදම ෆිල්ම් එකක්.. මේ ෆිල්ම් එකට අදාල උන සීන් එක ඒ දවස් වල ගොඩක් famous උනා. මට මතකයි සෝමාලි කොල්ල කරුවොන්ට ගොඩක් කෙල උනේ මේ සිද්දියෙන් පස්සේ.
    thanks for the Tread machan,,,
    +7
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    good post broo..

    THANK YOU BRO

    pattai machoooool

    ela ela

    elakiri machan

    rep 7+

    thanks machan

    thanx. rep

    elaz

    ela ela down karala balanna ona 13++++

    thank you boss

    good post

    damma DL karaganna oone

    rep added

    langakadi photos ehema gaththe nadda

    puluwan nam honda DL link ekakuth dennako

    link eka dunna machan. gathe plane photo witharai machan. camera eka me dawas wala yaluwekuta dunna. atha kaduwna wage. :sorry:
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    GOOD POST-REP DENNA BEHELU

    rep one na bro. comment ekama athi :yes:

    Good post

    thanks

    තැන්ක්ස් මචන් +

    වේල්කම් මචං

    මේක නම් මචන් පට්ට ෆිල්ම් එක.. 2013 අපු හොදම ෆිල්ම් එකක්.. මේ ෆිල්ම් එකට අදාල උන සීන් එක ඒ දවස් වල ගොඩක් famous උනා. මට මතකයි සෝමාලි කොල්ල කරුවොන්ට ගොඩක් කෙල උනේ මේ සිද්දියෙන් පස්සේ.
    thanks for the Tread machan,,,
    +7

    ඔව් මචං 2009 උන සීන් එකක්. ඔව් දැන් සෝමාලි උන් වැඩිය සීන් එකෙත් නෑ. :yes:

    පට්ට Film එක. ටොම් හැන්ක්ස් ගේ රගපෑම නම් සුපිරි.
    [url]http://kickass.to/captain-phillips-2013-webrip-x264-ac3-millenium-t8268682.html[/URL]

    ආයෙත් අහලා :yes:

    good post

    thanks

    එල පෝස්ට් එක

    තෑන්ක්ස් මචං