සුලලිත සුළඟේ - ඔබ නැලවෙද්දී
ඔබ සිලිලයි - මා රැල්ලයි
[ඇයි මී වද පැණි රස වෙන්නෙ?
මී මැස්සන්ගෙන් අහන්නකෝ
ඇයි මගෙ හද පැණි බර වෙන්නේ?
ඇයි ඒ?
කියන්න බැරි දේ හිතන්නකෝ]
වෙරළේ වැටකේ - මලකට පෙරළෙන
මඳ සුළඟයි - මල් සුවඳයි
එක අනිකට මුසු වී පා වෙද්දී
හද දඟලයි - ඔබ සිහිවී
අහසයි අප බිම - ඉසිතිජයයි ඉම
හද දඟලයි - ඔබ සිහිවී
[අහසේ තරු මල් පිපී වගේ
අහා ඇයි ඒ?
මගේ හිත ඇතුළෙත් ඒ වාගෙයි
ඔහෝ ඇයි ඒ?
කියන්න බැරි දේ හිතන්නකෝ]
සුලලිත සුළඟේ - ඔබ නැලවෙද්දී
ඔබ සිලිලයි - මා රැල්ලයි
නන්දා මාලිනි - ටෝනි රණසිංහ / මර්සලීනු ජයකොඩි පියතුමා / ප්‍රේමසිරි කේමදාස
1967 දී තිරගත වුණු 'මනමාලයෝ' චිත්‍රපටයෙන්