යකෝ අදද මේ ශෝ එක කරන්නෙ... 
දිනූෂ සංකල්ප,
නිසදැස් හා කාව්‍ය අංශය.
එළකිරි.කොම්.
20-12-2013
නිවේදක දත් කිඹුලා මහතාණෙනි,
ගරු මර්සලින් ජයකොඩි නි.ම.නි පියතුමා හා උදාවන නත්තල වෙනුවෙන් සකසනු ලැබූ විශේෂ සසල හද විල්තෙර වැඩසටහන අද විකාශය වන බව මා දැනගත්තේ මීට ස්වල්ප මොහොතකට පෙරය. මෙවන් වැඩසටහනක් කිරීම පහසු නොවේ. එයට සූදානම් වීම සදහා මෙහි නිවේදක තැන්පත් කිඹුලා මහතා දැරූ ප්රයත්නයන් බොහෝමයක් මා දැන උන්නෙමි. තොරතුරෙන් තොරතුර ලබාගැනීමට කෙතරම් අපහසු වීද යත් සමහර දත්තයා ලැබෙන තුරු සති කීපයක් බලා සිටීමටද ඔහුට සිදුවිය. කරන්නං වාලේ රේඩියෝ කරනවාට වඩා සති කීපයකට වරක් හෝ මෙවන් වැඩසටහනක් කිරීමේ වැදගත්කම ඔබට වැටහෙනු නොඅනුමානය.
මා මෙම ලිපිය ලිවීමේ අරමුණ කුමක්දැයි ඔබ විමසිලිමත් වනවා නොඅනුමානය.
ඔබ සැම දන්නා පරිදි නත්තල උදාවීමට තව ඇත්තේ දින කීපයක කාලයකි.
අප දේවස්ථානයේ පැවැත්වෙන කැරොල් ගීත ගායනා කිරීමේ අවස්තාවකට සහභාගී විමට මා යා යුතුව ඇත. මග හැරිය නොහැකිම අවස්ථාවක් නිසා මා රේඩියෝ වැඩසටහනත් කැරොල් ගීතත් අතර විනාඩි කීපයක්ම දෝලනය වීමෙන් අනතුරුව මෙම ලිපිය ලිවීමට හිත හදා ගත්තෙමි. ජීවිතයේ අප බලාපොරොත්තු වන සෑම දෙයම අපට ලැබෙන්නේ නැත.
කෙසේ වෙතත් නිවේදක තැනගේ හෙඩ් ඔපීසියට නුදුරු දිනකදී ගොස් මෙම වැඩසටහනේ සංස්කරණය නොකල සජීවී පටිගතකිරීම ලබා ගැනීමට මා අදහස් කරමි.
ඉතිං මා ප්‍රිය කිඹුලාණෙනි.ශ්රාවකයාට හුස්ම ගැනීමට අමතක වන තරමට වැඩසටහනේ ජීව ගුනය රැක ගැනීමට ඔබ තුල ඇති අති විශිෂ්ඨ දක්ශතාවය යලිත් සිහිපත් කරමින් මා සමු ගනිමි. ඔබට සුවබර රාත්‍රියක්.
ඔබේ හිතාදර
දිනූෂ සංකල්ප
