ජල හිඟයට පිළියම් යෙදිය හැකිද?

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    ජල හිඟයට පිළියම් යෙදිය හැකිද?



    ඕස්ටේ‍්‍රලියානු විද්‍යාඥයන් විසින් සොයා ගෙන තියෙනවා, සාගර පත්ලට යටින් ඇති අති විශාල මිරිදිය තැන්පතුවක්! ඔවුන් විශ්වාස කරන විධියට එය අනාගත පරම්පරාවල පානීය ජල අවශ්‍යතා සපුරා ලන්නට යොදා ගත හැකියි.

    ඕස්ටේ‍්‍රලියානු විද්‍යාඥයන් විසින් සොයා ගෙන ඇති ආකාරයට අනුව මේ මිරිදිය තැන්පතුව ඝන කිලෝමීටර් 500,000ක් (ඝන සැතැපුම් 120,000ක්) පමණ වෙනවා. මෙය පිහිටා ඇත්තේ ඕස්ටේ‍්‍රලියාව, චීනය, උතුරු ඇමරිකාව හා දකුණු අපි‍්‍රකාව යන කලාපවලට අයත් සාගර පත්ලේ ඇති මහාද්වීප තටකවලට යටිනුයි.

    මෙම සොයා ගැනීම සිදු කෙරුණේ එක්සත් ජාතීන් විසින් කරන ලද ඇස්තමේන්තුවලට අනුව සමස්ත ලෝකයේ ජල පරිභෝජනය ජනගහන වර්ධනය වේගයට ගිය සියවසේ පැවතියාට වඩා දෙගුණයකටත් වැඩි වේගයකින් ඉහළ යන්නේ යැයි ප‍්‍රකාශ කිරීමත් සමගයි.

    1.jpg


    මහාද්වීප තටකයට යටින් දැවැන්ත මිරිදිය ජල තට්ටුවක් ඇතැයි ඕස්ටේ‍්‍රලියානු විද්‍යාඥයන් විසින් සොයා ගෙන තියෙනවා.

    මේ පර්යේෂණයට උර දුන් මූලිකයා වූ ෆ්ලින්ඩර්ස් විශ්ව විද්‍යාලයේ වින්සන්ට් පෝස්ට් (Vincent Post) කියන්නේ, ”මේ සොයා ගෙන ඇති ජල සම්පත කොයිතරම් විශාල ද කීවොත් වසර 1900 සිට මේ දක්වා මහ පොළොවේ මතුපිටට ආසන්න කොටසෙන් අප ලබා ගත් මුළු මිරිදිය ප‍්‍රමාණය මෙන් සිය ගුණයකටත් වඩා එය විශාලයි” කියලයි.

    ”අපේ ග‍්‍රහයා සතු මිරිදිය ප‍්‍රමාණය එන්න එන්න ම අඩුවෙමින් පවතිනවා. ඒ නිසා වෙරළෙන් එපිට ඇති මිරිදිය සංචිතයක් සොයා ගැනීම ඇත්තෙන් ම සැලකිය යුතු ජයග‍්‍රහණයක්. එයින් අනාගතයේ දී අපේ පොළොවේ ඇති නියඟයන්ට හා ජල හිඟයට පිළියම් යෙදීමට හැකි වේවි.”

    එක්සත් ජාතීන්ගේ ජල සම්පත් පිළිබඳ ඇස්තමේන්තුවලට අනුව පසුගිය සියවසේ ජනගහන වර්ධන අනුපාතයට අනුව මිරිදිය භාවිතය දෙගුණයකටත් වැඩි වී තියෙනවා. එයට හේතු වී ඇත්තේ කෘෂිකාර්මික වාරි කර්මාන්තය හා මස් නිෂ්පාදනය පුළුල් වීම නිසා ඒ සඳහා වැඩියෙන් ජලය අවශ්‍ය වීමයි.

    ලෝක ජනගහනයෙන් සියයට 40කටත් වැඩි ප‍්‍රමාණයක් දැනටමත් ජීවත් වන්නේ ජලය ඉතා හිඟ ප‍්‍රදේශවලයි. එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තුවලට අනුව 2030 වන විට ලෝක ජනගහනයෙන් සියයට 47කට වැඩි ප‍්‍රමාණයකට උග‍්‍ර ජල හිඟයකට මුහුණපාන්නට සිදු වෙන බවයි කියවෙන්නේ.

    2.jpg


    විද්‍යාඥයන් විශ්වාස කරන විධියට මෙම භූගත ජල සංචිතය සොයා ගැනීම මහාද්වීපවල පවත්නා ජල හිඟයටත්, නියං තත්වයන්ටත් පිළියම් යෙදිය හැකි මඟක් පාදා දේවි.

    පෝස්ට් කියන්නේ ඔහුගේ කණ්ඩායම විසින් කළ මෙම සොයා ගැනීමට මඟ පෑදුණේ විද්‍යාත්මක කටයුතුවලට පමණක් නොව, තෙල් හා ගෑස් ගවේෂණවලදී සාගර පත්ල විද කරන ලද අධ්‍යයනයන් විමසා බැලීමේදියි.

    ”මේ අධ්‍යයනවලදී ලබා ගත් තොරතුරු එකිනෙකට සම්බන්ධ කිරීමේදී අපට පෙනී ගියා, සාගර පත්ලට යටින් ඇති පිරිසිදු ජලය පිහිටීම, ඉතා කලාතුරකින් හමුවන, විශේෂ තැන්වලට සීමාවූවක් නොව බොහෝ දුරට පැතිරුණු එකක් බව.” ඔහු කියනවා.

    ඔහු පවසන ආකාරයට මෙම ජල තැන්පතු සෑදී ඇත්තේ වසර සිය දහස් ගණනක් ඈත එපිට කාලයක් තිස්සේයි. ඒ කාලයේ මුහුදු මට්ටම ඉතා පහත්ව පැවති අතර, ගොඩබිම දැනට වඩා විවෘතව තිබෙන්නට ඇති. දැනට මුහුදුවලට යට වී ඇති ප‍්‍රදේශ එදා ගොඩබිම් වශයෙන් පවතින්නට ඇති. ඒ ප‍්‍රදේශවලට වට වැසි පොළොවට අවශෝෂණය වී අනුක‍්‍රමයෙන් පොළොව යට ජලාශ ඇති වෙන්නට ඇති.

    මීට වසර 20,000කට පෙර ධ්රුවවල අයිස් තට්ටු දියවන්නට පටන් ගන්නට ඇති. ඒ නිසා මේ මුහුදු වෙරළ තීර වතුරෙන් යට වෙන්නට ඇති. ඒ ජලධර මැටි හා අවසාදිත තට්ටුවලින් විනාශ නොවී ආරක්ෂා වෙන්න ඇති.

    පොස්ට් කියන විධියට මුහුදු ජලයෙහි ඇති ලූණු ඉවත් කර පවිත‍්‍ර කර ගැනීමට වඩා අඩු වියදමකින් මේ අවසාදිත තැන්පතු යට ඇති ජලය ලබා ගැනීම කළ හැකියි.

    කොහොම වුනත් මේ සඳහා නල ළිං කැණීම වියදම් සහිත වුවත්, ඒ කි‍්‍රයාවලියේ දී පොළොව යට ඇති මේ ජලධර දූෂිත නොවීමට වග බලා ගැනීම සියල්ලට ම වඩා වැදගත්.

    මේ ජල සම්පතෙහි ඇති වටිනාකම කිව නොහැකි තරම් කියලයි, ඔහු කියන්නෙ.

    ”අප ඒවා පාවිච්චි කළ යුත්තේ ඉතා පරිස්සමෙන්. ඒවා අවසන් වූ පසු නැවත එවැනි ජලධර ඇති වීමට නම් මුහුදු මට්ටම යළි පහත වැටෙන්න ඕනෑ. ඒක සිදු වෙන්න නම් දිගු කලක් ගත වෙනවා.” පෝස්ට් අවසාන වශයෙන් කියනවා.



    පෝස්ට් අවසාන වශයෙන් ඒහෙම කිව්වට මට අවසාන වශයෙන් කියන්න තියන්නෙ මේ පොස්ට් එක ගේඩිය පිටින්ම මල්කෑකුලු එකෙන් ඉස්සුවා කියලා :rolleyes:

    හොදනම් Rep + දීලා පලයල්ලා නෑත්නම් නිකන් හිටපන් මට මොකො :P
     
    Last edited:

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    rep +++++
    You must spread some Reputation around before giving it to djjaya again. :sorry:
    You must spread some Reputation around before giving it to D.shan again.
    same to you machan :sorry:
    rep +++++
    ♥-Aurora-♥;16074245 said:
    Thanks for sharing! :cool:
    6+ ~♥~
    rep +++++
    ela machan. thanks for sharing!! rep++
    rep +++++
    good post.. rep+++
    rep +++++
    bump rep+
    rep +++++
    You have given out too much Reputation in the last 24 hours, try again later. :sorry:
    elaz rep+
    You have given out too much Reputation in the last 24 hours, try again later. :sorry: