පිරානා කුලයට අයත් මත්ස්‍ය රැළක් එල්ල කළ ප්‍රහාරයකට ගොදුරු වී ආජෙන්ටිනාවේ ගංගාවක දිය නාමින් සිටි 70 දෙනෙකුට අධික පිරිසක් තුවාල සිදුවී තිබේ.
මෙම ගංගාව පිහිටා ඇත්තේ ආර්ජෙන්ටිනාවේ මධ්‍යම ප්‍රදේශයේ රොසාරියෝ නගරයේ යි.
ආජෙන්ටිනාවට මේ දිනවල හදිසියේ දැඩි උණුසුම් කාලගුණයක් බලපා ඇති අතර ඉහත කී පිරිස දිවා දාහය නිවා ගනු වස් දිය නෑම සඳහා මෙම ගංගාවට රැස් වී සිට ඇත.
එම අවස්ථාවේ හදිසියේ පිහිනා ආ පිරානා කුලයේ මාළු රංචුවක් විසින් එහි සිටි පිරිසගේ අත් පා සපා කන්නට පටන් ගත් බව වාර්තා වෙයි.
විශේෂඥයන් පවසන්නේ උණුසුම් කාලගුණයක් පවතිද්දී පිරානා වර්ගයේ මත්ස්‍යයන් ඉතා දරුණු විය හැකි බවයි.
source

කරවල්ලු, නයි, කෑලෑවල වළස්සු, දිවියෝ, අලි ඕන තරම් ඉන්නේ.



