DJ කරන්න ඉගෙන ගමුද 02?? Virtual DJ [MaK]

djminuka

Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    DJ කරන්න ඉගෙන ගමුද 02?? Virtual DJ [MaK]

    කොහොමද කට්ටිය???
    මුලින්ම මේක බාල ඉන්ස්ටෝල් කරන් ඉන්න :yes: ( සොෆ්ට්වෙයා එක නැති අයට දුන්නේ.. තියනවා නම් ඕන නෑ නේ.. :P හැබැයි 7.5 වර්ශන් එක මම යූස් කරන ස්කින්ස්,ඉෆෙක්ට්ස් එහෙම තියනවා :P :P :rolleyes: )

    http://www.mediafire.com/download/ransp0aouxek2f6/Virtual%20Dj%20%5BMaK%5D.zip

    ඔන්න ඉතින් කිව්ව විදියට මගේ කලින් දාපු ඩීජේ කරන හැටි ඉගෙන ගමු ද ත්‍රෙඩ් එකට ලැබුණ ප්‍රතිචාර සලකා බලලා..:love::love: වර්චුවල් ඩීජේ එකෙන් ඩීජේ කරන හැටි කියලා දෙන්නයි හදන්නේ.. :yes:


    මේක ඉගෙන ගන්න කලින් මම කලින් දාපු ඩීජේ කරන හැටි ඉගෙන ගමුද? කියන ත්‍රෙඩ් එක කියවලා ආවොත් හොදටම තේරෙයි මචංලා සිද්ධිය මොකක්ද කියලා. :yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1593689 :yes: :rolleyes:

    මොකෙන් මික්ස් කරත් තියරිය එකයි නේ. :cool:
    මුලින්ම අපි බලමු මචං virtual Dj කියන්නේ මොකක්ද කියලා. :confused:

    මේක ඇවිල්ලා ඩිජේ ඉන්ටර්-ෆේස් සොෆ්ට්වෙයා එකක්.. ඒ කිව්වේ බන් ඇත්තට අපි ඩිජේ කරන සෙටප් එකක තියන ෆීචර්ස් මේකෙත් තියනවා කියන එක.. :shocked:

    මේ සොෆ්ට්වෙයා එක හදලා තියෙන්නේ උඔලාට අපිට නිකන් ආසාවට බාගෙන ඩීජේ කරන්න නෙවේ..මේ සොෆ්ට්වෙයා එන එන්නේ ඇත්ත කොන්සෝල් එකට සපෝර්ට් එකක් හැටියට.. සෙරාටෝ ඩීජේ කියන්නේ මේ ක්‍රමේට.. :eek:

    ඒ කිව්වේ අපි ලැප් එකට සොෆ්ට්වෙයා එක දාලා කොන්සෝල් එකත් සම්බන්ධ කරනවා..(USB එකෙන්) එතකොට සොෆ්ට්වෙයා එක අපිට කොන්සෝල් එකෙන් කන්ට්‍රෝල් කරන්න පුළුවන්.. :yes:

    අපි සොෆ්ට්වෙයා එකෙන් තමා ඩෙක් වලට සින්දු ලෝඩ් කරන්නේ.. ලැප් එකෙන් එන අවුට්පුට් එක තමා ඈම්ප් වලට දෙන්නේ. තේරුණානේ.. මවුස් එක ඕන වෙන්නේ නෑ..

    දැන් ඕක ඔලුවේ තියා ගනින්.. මම කියලා දෙන්නම් කට්ටියට කොන්සෝල් නැතුව ලස්සනට මික්ස් කරන විදිය.. :love::love:

    මේක කියලා දෙන්න කලින් අපි Software එක අදුරගෙන ඉමු..
    ආ ඊටත් කලින් කියන්න ඕන මේ මම තනියම ඉගෙන ගත්තුවා.. මට තේරෙණ විදියට උපරිමේට කියලා දෙන්න තමා මේ ට්‍රයි එක.. :nerd: :)

    මේ ඔබට දිස් වන්නේ config එකයි.. අපිට ඕන ඉතින් මීයාගෙන් ඩීජේ කරන්න නේ.. මවුස් එක දා ගන්න.. මේ විදියට.. :rolleyes:

    setup_1.jpg


    මේ විදියට දාගන්න අවුට්පුට් එක.. :yes:

    setup_2.jpg


    මේක ටිකක් ඇඩ්වාන්ස්.. හෙඩ්ෆෝන් එකක් හෑව් නම්.. 4.1 සවුන්ඩ් කාර්ඩ් එකක් හෑව් නම් හෝ මේ පහල විදියේ කේබල් එකක් තියනවා නම් හදාගන්න.. මේකෙන් පුළුවන් ඔයාලාට PFL එක අහන්න අනික් කොන්සෝල් එකේ (PFL එක ගැන මම කලින් ත්‍රෙඩ් එකේ දැම්මා බන් ගිහින් කියවලා වරෙන් ටක් ගාලා ) :growl::frown::angry:

    setup_3.jpg


    අර PFL ගැන කියවන්න ගිය අය එනකම් මම මේ කේබල් එක ගැන කියලා දෙන්නම්.. මේක ස්ටීරියෝ අවුට්පුට් කේබල් එකක්.. (2 Way stereo cable spliter) ;)

    2e1e2123-d9c3-46ad-8269-d17ec5afd9ba.jpg


    කෙටියෙන්ම කියනවා නම් මෙච්චරයි :D

    මේ කේබල් එක ලැපට/පීසී එකට ගහලා එක පැත්තකට හෙඩ්ෆෝන් එක ගහලා අනික් පැත්තට ඔයාලගේ (සබ් එක,ස්පීකර්ස්,ඈම්ප්) එකට දෙනවා.. දැන් ඔයාලාට පුළුවන් එක Deck එකක් කටිටියට ඇහෙන්න ප්ලේ කරලා අනික් Deck එකේ Track එක හෙඩ්ෆෝන් එකෙන් අහන්න.. ඊලගට මික්ස් කරන සින්දුව තෝරගන්න.. ඔන්න ඕකයි PFL කියන්නේ. :yes:

    හරි මේ ටික හදා ගත්තා නේ..දැන් බලමු අනික් බට්න්ස් ගැන පොඩ්ඩක්..(එක පැත්තයි පෙන්නලා තියෙන්නේ.. දෙපැත්තම එක වගේ.. ලොල්) :lol:

    ඩෙක් එක :rolleyes:

    interface.jpg


    1. ප්ලේ බට්න් එක

    2. පෝස් එක.

    3. කිව් (Cue) එක.. ට්‍රැක් එක අපි කැමති තැන ඉදන් ප්ලේ කරන්න තමා ගන්නේ..

    4. පිච්/ටෙම්පෝ බාර් එක.. බීපීඑම් එක හදාගන්නේ..

    5. පට්ට වැදගත් මේකෙන් වෙන්නේ අපේ ට්‍රැක් ඔටෝ සින්ක්(sync) කරනවා.. ඒ කිව්වේ BPM එක මැච් කරලා දෙනවා..(විනාඩියකට වදින බීට්ස් ගාන) ;)

    6. බිපිඑම්(BMP) පෙන්වන තැන. :nerd:

    7. මේ ඩ්ස්ප්ලේ එකෙන් අපිට ට්‍රැක් එක මික්ස් කරන්න ඕන තැන ගැන අවබෝධයක් ගන්න පුළුවන්.. ඔය 7 ඉලක්කම තියන තැන බලන්න.. පේනවා නේද එතන මියුසික් ඩ්‍රොප් වෙනවා.. බීට් එකත් නෑ.. ඔය පිරිලා වගේ තියෙන්නේ බීට් එක.. :oo:

    පටන් ගන්න යන්නේ!! :dull:

    1st_stt.jpg


    ඔන්න මම දැන් සින්දු දෙකක් ලෝඩ් කරා.. මන් මික්ස් එක පටන් ගන්නේ A ඩෙක් එකෙන්..ඒක නිසා මාස්ටර් ෆේඩර් එක ෆුල් (A) ඒ පැත්තට දාලා තියෙන්නේ.. කට්ටියට මීටර් උනාද ට්‍රැක් දෙකේ ටෙම්පෝ (BPM) එක අවුල් කියලා?? එතකොට මොකද කරන්නේ.. :frown: කෑ ගහලා කියපල්ලා බලන්න.. :lol: අන්න හරි BPM එක මැච් කරන්න ඕන.. මම මුලින් ගහන්නේ එක 138 (BPM) එකක ට්‍රැක් එකක් නේ.. ඉතින් Deck B පැත්තත් එම ටෙම්පෝ එකටම හදා ගන්න ඕන මුලින්.. Deck B පැත්තේ BPM 135 නේ.. ?? හා :P

    ඔන්න මම BPM එක මැච් කර ගත්තා.. දැන් ඩෙක් A එක ප්ලේ කරනවා..

    ලෑස්ති වෙමු ඊලග මික්ස් එකට. :P

    tem_set.jpg


    දැන් කට්ටිය නටනවා පුකවල් උඩ දාන්.. මේ සින්දුව පැය ගනන් යන්නේ නෑ නේ.. අනික මේකටම ගොඩක් වෙලා නටද්දී ඇති වෙනවා නේ!! :lol:

    අනික් ට්‍රැක් එක හදා ගමු?? :baffled::oo:

    ready.jpg


    ඔන්න දැන් තමා සිද්දිය.. පේනවා නේ මචං.. :nerd: A පැත්තේ සින්දුව ප්ලේ වෙලා ඒකේ බීට් එක නැති වෙන්න යන්නේ.. ඔන්න දැන් අපිට අනික් සින්දුව අත අරින්න වෙලාව හරි :dull: ..මම B පැත්තේ සින්දුව මැද ඉදන් මික්ස් කරන්නේ.. පේනවා නේ ඒකෙත් බීට් එක නගින්න හදන්නේ.. :lol: බට් මේ සුදු පාටින් රවුම් කරලා තියන එක දිහා බලන්න.. :nerd::nerd: පේනවා නේද පාට දෙකකින් ට්‍රැක් දෙක පේනවා.. මම B පැත්ත තාම ප්ලේ කරේ නෑ මචං.. පේනවා නේද ඔය ලොකු කොටු කෑලි / පොඩ් කොටු කෑලි තියනවා.. පේනවා නේද උඩට කදු වගේ පෙන්නවා අන්න ඒවා තමා මචං A ට්‍රැක් එකේ කික්(Kick drum) එක.. මම කිව්වා නේ අපි A පැත්තේ සින්දුවේ කික් එකට තමා B පැත්තේ කික් එකත් එක්ක මික්ස් කරන්නේ.. :yes:

    දැන් මෙහෙම ට්‍රැක් දෙකම ප්ලේ කරලා මාස්ටර් ෆේඩරේ මැදට ගෙනාවොත් මොනා වෙයිද?? :eek:මොනා වෙන්නද බන් ගූ වෙනවා මුළු පාර්ටියම.. :angry: :(:sorry::sorry: මික්ස් එකම..ඒ මොකද අපිට අනික් (B) ට්‍රැක් එකේ කික් එක Off beat ඇහෙන නිසා.. (ඒ කිව්වේ මෙහෙම හිතමු..අපි 1 2 3 4 කිය කිය අප්පුඩ් ගහනවා.. :love: දැන් ඒකේ තාලයක් තියනවා නේ මචංලා.. ඔය අතර එකෙක් ඇවිත් අපි 1 කියන්න කලින් අප්පුඩියක් ගහනවා ආයි අපි 2 කියලා අප්පුඩි ගහන්න කලින් මූ අප්පුඩි ගහගෙන ගහගෙන යනවා!! :frown::growl: අන්න දැන් තේරුණා නේ තාලේ අවුල් යනවා කියලා) :yes:

    හේයි ඩීජේ ඩ්‍රොප් ද බීට්!! :lol::lol::lol::lol:

    f_n.jpg


    ම්ම්ම්මෙහෙම කරමු මේ විදියට.. ටක් ගාලා බී පැත්තත් ප්ලේ කරලා sync Button එක ඔබන්න..(ට්‍රැක් දෙකේම ලොකු කොටු පොඩි කොටු මැච් වෙන්න ඕන) (ජොග් වීල් එකෙන් බැලන්ස් කරගන්න) එහෙම වෙලා ප්ලේ වෙනකොට හෙමීට මාස්ටර් ෆේඩර් එක B පැත්තට ගේන්න..(මේ සදහා keyboard එකේ Page Up / Page Down කීස් ඔබලා බලන්න) අඩේ ඔය මික්ස් වෙන්නේ මචං ලෙසටම!! :love::rolleyes: :P හා හා දැන් මේකට මැච් වෙන ට්‍රැක් එකක් A පැත්තට ලොඩ් කරන් ඔය කරපු ටිකම කරන්න.. පාටිය ඉවර වෙනකම් කරන්න තියෙන්නේ ඔය ටික තමා.. :P හැබැයි ඉතින් මික්ස් කරන්න ඕන සින්දු තීරණය කරන්න ඕනේ උඔලාම තමයි.. :sorry: බය වෙන්න එපා ප්‍රැක්ටිස් කරද්දී නිකම්ම තේරෙයි... :D;)

    මම හිතනවා කට්ටියට සිද්ධිය තේරුණා කියලා.. මුලින් ලස්සන මික්ස් කරන්න බැරිවෙයි මචෝ ගණන් ගන්න එපා. හොදට සින්දු අහලා මේ විදියට කරලා බලන්න.. අනිවා වැඩේ අල්ල ගනී උබලා!! :cool::cool:

    එහෙනම් මේ ඇති නේ..මම මේක කරන්න ගොඩක් මහන්සි උනා මචං.. පේනවා ඇති නේ!! පින්තූර අරන් එඩිට් කරලා තේරෙණ විදියට පැහැදිලි කරලා මට පුළුවන් දේ කරා.. :yes:
    වෙලාවක් තියනවා නම් මන් දාපු අනික් ත්‍රෙඩ් ටිකත් බලන්න.. දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙයි අනිවා.. :yes:

    http://www.elakiri.com/forum/search.php?searchid=12922409 ;)

    ප්‍රශ්න ගල්මුල් යෝජනා චෝදනා සතුටින් බාර ගනිමි.. ;)

    එහෙනම් හැමෝටම ජය වේවා.. ;)

    :love:මම මිනුක මැක්:love:
     

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    matath issara oya pissuwa hodatama thibuna..
    aye patan ganna hithenawa..:P:P:P:P
    elakiri machan..
    niyameta kiyala dila thiyenawa..
    rep+
     
    Last edited:
    Mar 4, 2011
    76
    59
    0
    මචන් DJ කරන්න ගන්න ට්‍රැක්ස් ටිකක් ඩාපන්කො මචන්...උබ යූස් කරන ට්‍රැක්ස්.....ලොකු පන්නරයක් වේවි මචන්..උබට පින් මගෙන්......:rolleyes:
     

    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    තෑන්ක්ස් මචන්:yes:
    රෙප්
    අරූ කිව්ව වගෙ බීට් තියනවනම් දාපන්කො 6 8 :P
     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    මාත් කාලයක් ඕකෙම එල්ලිලා හිටියා බන් :yes: දැන් කොහෙද ඕව කරන්නේ :(
    anyway එළකිරි ආ +++++++
    ඒක නෙමේ ඔය real console වල BPM auto sync වෙන system එකක් නැද්ද :confused:
    නැත්නම් බන් පට්ට ගේමක් දෙන්න වෙනවනේ :rolleyes:
     

    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    මාත් කාලයක් ඕකෙම එල්ලිලා හිටියා බන් :yes: දැන් කොහෙද ඕව කරන්නේ :(
    anyway එළකිරි ආ +++++++
    ඒක නෙමේ ඔය real console වල BPM auto sync වෙන system එකක් නැද්ද :confused:
    නැත්නම් බන් පට්ට ගේමක් දෙන්න වෙනවනේ :rolleyes:

    තියනවා සහෝ බට් එහෙම සින්ක් ගහලා ඩීජේ කරන උන්ට තැනක් නෑ.. ඒක නිසා තමන්ම මහන්සියෙන් මික්ස් කරනවා නම් තමා හොද!!
    :yes: :yes::rolleyes:
     

    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    Thanks thankz Thankuu!!!!

    pattai puthe pattai..danatama 2k remix kara...elamakiri

    Thanks for the share :)
    +9 added :)

    You must spread some Reputation around before giving it to djminuka again.

    තෑන්ක්ස් මචන්:yes:
    රෙප්
    අරූ කිව්ව වගෙ බීට් තියනවනම් දාපන්කො 6 8 :P

    මචන් DJ කරන්න ගන්න ට්‍රැක්ස් ටිකක් ඩාපන්කො මචන්...උබ යූස් කරන ට්‍රැක්ස්.....ලොකු පන්නරයක් වේවි මචන්..උබට පින් මගෙන්......:rolleyes:

    ela machan
    +6

    Kiyawanna wela yana nisa comment ekak daalama innam. kiriye dakapu hodama thread keepayen ekak. Macho rep lagadi dila ban ubata.

    තෑන්ක්ස් මචංලා... එළ.. තව ත්‍රෙඩ් එකක් දාන්නම්කෝ ඒ දේවල් ගැන කථා කරලා!! ;)