මරණ දණ්‌ඩනය වසර විස්‌සයි!

johnd82

Member
Oct 3, 2013
128
10
0
මරණ දණ්‌ඩනය වසර විස්‌සයි!

මරණ දණ්‌ඩනය වසර විස්‌සයි!
ජනපති පැමිණි පසු තීරණයක්‌
ගන්නා බව නීතිඥ නාමල් මන්ත්‍රී කියයි
බෝගම්බර වහළ උඩින් සිරකරුවෝ බිමට බසිති

සමන් ගමගේ සහ සිරිල් විමලසුරේන්ද්‍ර

නාමල් ඊයේ මහනුවරදී..
පින්තූරය- සිරිල් විමලසුරේන්ද්‍ර
මරණීය දණ්‌ඩනයට යටත්ව මෙරට බන්ධනාගාර තුළ දීර්ඝ කාලයක්‌ තිස්‌සේ රඳවා සිටින සියලු රැඳවියන්ගේ දඬුවම විසි අවුරුදු සිර දඬුවමක්‌ බවට පත් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග සාකච්ඡා කර තීරණයක්‌ ගන්නේ යෑයි හම්බන්තොට දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ නාමල් රාජපක්‍ෂ මහතා ඊයේ (06 වැනිදා) බෝගම්බර බන්ධනාගාරයට ගොස්‌ කළ දැනුම් දීමකට අනුව තෙදිනක්‌ පුරා එහි වහළයක්‌ මත නැගී මාරාන්තික උපවාසයක නිරතව සිටි රැඳවියෝ උපවාසය අත්හරිනු ලැබූහ.

මේ වන විට පන්සියයකට ආසන්න පිරිසක්‌ මරණීය දණ්‌ඩනයට යටත්ව මෙරට බන්ධනාගාර තුළ රඳවා සිටිති.

මරණ දඬුවම නියම වී බෝගම්බර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් අතරින් 40 ක පමණ පිරිසක්‌ දඬුවමට අනුව තමන් මරා දැමීමට හෝ නැතිනම් සහනයක්‌ ලබා දීමට කටයුතු කරන ලෙස බලධාරින්ගෙන් ඉල්ලා සිටිමින් ඉකුත් 03 වැනිදා සිට එහි "ඩී" වාට්‌ටුවේ වහළය මත නැගී උපවාසයක්‌ ආරම්භ කරනු ලැබීය. ඊට සහාය පළ කරමින් මරණ දඬුවම සහ ජීවිතාන්ත සිර දඬුවම් විඳිමින් සිටි රැඳවියෝ තෙදිනක්‌ පුරා ආහාර වජනයකද නිරත වූහ.

මරණ දඬුවමට යටත්ව බෝගම්බර බන්ධනාගාරයේම රඳවා සිටි එක්‌තරා ඇමැතිවරයකුට සම්බන්ධ පුද්ගලයන් පස්‌ දෙනකුගේ දඬුවම දැනට වසර එකහාමාරකට පමණ ඉහත විසි අවුරුදු සිරදඬුවමක්‌ දක්‌වා ලිහිල් කිරීමට පියවර ගැනීම සහ බෝගම්බර බන්ධනාගාරය වසා දැමීමට රජය ගෙන ඇති තීරණය අනුව අධික තදබදයක්‌ සහිතව වෙනත් බන්ධනාගාර තුළ ගාල් වීමට සිදුවීම යන කරුණු ද මොවුන් මෙසේ උපවාසයක්‌ ආරම්භ කිරිමට ප්‍රබල ලෙස හේතු වී තිබිණ.

එහිදී විවිධ පුවරු ප්‍රදර්ශනය කරමින් උපවාසයේ නිරත වූ රැඳවියෝ පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්‍ෂ මහතා සමග සාකච්ඡා කිරීමට අවස්‌ථාවක්‌ ලබා දෙන තුරු උපවාසය අත් නොහරින බවද පැවසූහ.

මේ අනුව නියෝජ්‍ය බන්ධනාගාර ඇමැති සරත් මුතුකුමාරණ, බන්ධනාගාර ලේකම් ජී. එස්‌. විතානගේ සහ බන්ධනාගාර කොමසාරිස්‌ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම යන මහත්වරුන්ද සමග ඊයේ (6 දා) පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්‍ෂ මහතා බෝගම්බර බන්ධනාගාරයට ගොස්‌ උපවාසයේ නිරතවූවන් හමුවී ඇති අතර ඒ අවස්‌ථාවේ උපවාසයට එක්‌ව වහලය මත නැගී සිටි රැඳවියන් අතරින් සිව් දෙනකු පැමිණ මුලින්ම මන්ත්‍රිවරයා මුණගැසී සාකච්ඡා පවත්වා ඇත.

එහිදී දැනට විදේශගතව සිටින ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙරටට පැමිණීමෙන් පසු අධිකරණ ඇමැති රාවුµa හකීම් මහතා සහ බන්ධනාගාර ඇමැති චන්ද්‍රසිරි ගජධීර යන මහත්වරුන්ගේද සහභාගිත්වයෙන් මරණීය දණ්‌ඩනයට යටත්ව බන්ධනාගාරගතව සිටින පුද්ගලයන්ගේ දඬුවම විසි අවුරුදු සිරදඬුවමක්‌ දක්‌වා ලිහිල් කිරීමට සාකච්ඡා කරන්නේ යෑයි තමන් ඔවුන්ට දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්‍ෂ මහතා "දිවයින" ට පැවසීය.

එම සාකච්ඡාවෙන් පසු ගනු ලබන තීරණය ලබන පහළොස්‌ වැනිදාත් විසි වැනිදාත් අතර දිනකදී යළිත් බෝගම්බර බන්ධනාගාරය වෙත පැමිණ රැඳවියන් මුණගැසී දැනුම් දීමට කටයුතු කරන බවද නාමල් රාජපක්‍ෂ මහතා මෙහිදී පවසා ඇත.

ඔවුන්ගේ දඬුවම විසි අවුරුදු දක්‌වා ලිහිල් කිරීමට සාකච්ඡා කරන බව තමන් ප්‍රකාශ කරනු ලැබුවේ එම රැඳවියන් කළ ඉල්ලීමකට අනුව බවද නාමල් රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

මන්ත්‍රිවරයා එසේ පැවසීමත් සමග මුලින්ම වහලයෙන් බැස ඔහු මුණගැසීමට පැමිණි රැඳවියන් සිව් දෙනා ඒ බව උපවාසයේ නිරතව සිටි අනෙක්‌ පිරිසටද පවසා ඇති අතර ඒ සමගම සියලු දෙනා ඊයේ (6 දා) පෙරවරු 11.00 ට පමණ උපවාසය අතහැර ඔවුන් රඳවා සිටි ස්‌ථාන වෙත ගොස්‌ තිබේ.

මේ අන්දමින් ජනාධිපතිවරයා සමග කෙරෙන සාක්‌ච්ඡාවෙන් පසු මරණ දඬුවමට යටත්ව සිටින පුද්ගලයන්ගේ දඬුවම විසි අවුරුදු දක්‌වා ලිහිල් කරනු ලැබුවහොත් මෙතෙක්‌ දඬුවම් විඳි කාලය අනුව රැඳවියන් සැලකිය යුතු පිරිසකට නිදහස හිමිවීමට ද නියමිතය.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ලොහාන් රත්වත්තේ, දිලුම් අමුණුගම සහ මහනුවර පුරපති මහින්ද්‍ර රත්වත්තේ, මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති එච්. එන්. බී. අඹන්වල, නියෝජ්‍ය පොලිස්‌පති පී. බී. පෙරමුණේ, පොලිස්‌ අධිකාරි දිනේෂ් කරුණානායක, බන්ධනාගාර කොමසාරිස්‌ ජී. බී. කුලතුංග සහ බෝගම්බර බන්ධනාගාර අධිකාරි තිස්‌ස ජයසිංහ යන මහත්වරුද මේ අවස්‌ථාවට සහභාගි වී සිටියහ.
 

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    එල අවුරුදු 20දී තරහ කාරයෝ ඔක්කොම මරලා 40න් එලියට එන්න පුලුවන්. ASSචර්යයේ තවත් පුවතක්.
     
    Last edited:

    johnd82

    Member
    Oct 3, 2013
    128
    10
    0
    අපරාදකාරයන්ගේ දඩුවම අඩුවෙන්න අඩුවෙන්න රටේ අපරාද වැඩිවෙනවා.එල්ලුම් ගහ ක්‍රියාත්මක නොකිරීම නිසා තමයි අද මෙච්චර අපරාද වෙන්නේ.
     

    johnd82

    Member
    Oct 3, 2013
    128
    10
    0
    එල අවුරුදු 20දී තරහ කාරයෝ ඔක්කොම මරලා 40න් එලියට එන්න පුලුවන්. ASSචර්යයේ තවත් පුවතක්.

    උන්ට ජීවිතාන්තය දක්වා ඉන්න බැරිනම් කඹයක් දුන්නනම් ඉවරයි සිය දිවි නසාගන්න කියලා.ඇමරිකාවේනම් මේ වගේ දීර්ඝකාලීන අයට සිය දිවි නසාගන්න ඕන අයිටම් ටික දෙනවා.මතකද රාහුල් කස්ත්‍රො කරගත්ත දෙය.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එල අවුරුදු 20දී තරහ කාරයෝ ඔක්කොම මරලා 40න් එලියට එන්න පුලුවන්. ASSචර්යයේ තවත් පුවතක්.

    ඔව් බන්. දැන් බය නැතුව මිනී මැරුව හැකි. :yes::yes::yes:
    අපේ පැත්තේ අවුරුදු 20ට ගියපු එකෙක් 6න් ආවා යහපත් කල්කිරියාව හා දේශපාලන සීන් නිසා. ඒ කියන්නේ මිනී මරල 6ක් ඉඳලා එන්න පුළුවන්. අය්යෝ හසන්ත... :D
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    අපරාදකාරයන්ගේ දඩුවම අඩුවෙන්න අඩුවෙන්න රටේ අපරාද වැඩිවෙනවා.එල්ලුම් ගහ ක්‍රියාත්මක නොකිරීම නිසා තමයි අද මෙච්චර අපරාද වෙන්නේ.


    :yes::yes::yes:
     

    sampat1980

    Banned
    Mar 25, 2013
    515
    51
    0
    උන්ට ජීවිතාන්තය දක්වා ඉන්න බැරිනම් කඹයක් දුන්නනම් ඉවරයි සිය දිවි නසාගන්න කියලා.ඇමරිකාවේනම් මේ වගේ දීර්ඝකාලීන අයට සිය දිවි නසාගන්න ඕන අයිටම් ටික දෙනවා.මතකද රාහුල් කස්ත්‍රො කරගත්ත දෙය.

    OKUN OKKOMA IWARA KARANNAI ONA.MOKATADA KANNA DIDI TIYA GANNE