එලවලු රොටී මස් රොටි හදමු ...!!!!

asantha punchihewa

Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    එලවලු රොටී මස් රොටි හදමු ...!!!!

    ඔන්න යාලුවනේ ඔයාලට වැදගත් වෙයි කියල හිතලා මම හදපු තවත් කැමක් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා .....ගොඩක් අය දැන් මස් කන්නෙ නැති නිසා ඒ අයට එලවලු විතරක් දාලා සාදා ගන්න පුලුවන්...අපේ ශ්‍රී බෝයිස් සහ දත් කිබුලා සහෝදර වරු මෙය කලින් කියල දුන්නද දන්නෙ නෑ රී පෝස්ට් නම් සමාවෙන්න ...මේ මගේ ස්ටයිල් එකට දැම්මෙ ඕන් :yes::yes:

    මම යොදා ගත්ත දේවල් මෙතන දැම්මට ඔයාලගේ කැමත්ත අනුව අදේශ කරගන්න ( කඩවල් වල නම් හරක් මස් තියෙන්නෙ..ඒ වෙනුවට කලුකුන් මස් ඌරු මස් :rolleyes: යොදාගන්න )

    1.පාන් පිටි කිලෝ 1 ( අපේ සැට් එක වැඩි නිසා මම කිලෝ 2 ක් ගත්තේ )
    2.සීනි මේස හැ. 1 ක් හෝ 2 ක්
    3.ලුනු මේ. හැ. 1ක් හෝ 2ක්
    4.කැරට් ලීක්ස් සහ ලූනු ගෙඩියක්.... ඇත්නම් ගෝවා කැබැල්ලක් (මට හම්බුනේ නැ )
    5.කලුකුන් මස් ග්‍රැම් 750
    6.සැමන් ටින් 1 (රස වැඩි වෙන්න දැම්මෙ )
    7.අල කිලෝ 1
    8.තෙල් අවශ්‍ය ප්‍රමාණයට



    හොදයි දැන් අපි වැඩේට බහිමු...මුලින්ම අල ටික හෝදල තැම්බෙන්න තියන්න ලුනු දාලා

    inlv.jpg


    ඒට පස්සේ පිටි අන්න කලින් වතුර ලීටරයකට පමන සීනි ලුනු හැන්ද බැගින් යොදා කවලම් කරගන්න..පසුව පිටි කුඩා ප්‍රමාණයක් ඉතිරි කර ගෙන අනෙක් සියල්ල ලොකු භාජනයකට දාමා මැදින් වලක් සාදා ගන්න..දැන් වතුර ස්වල්පයක් මැදට දමා පිටි වලින් වසා පසුව හොදින් අනන්න ..ජලය මදි නම් ජලයද ...ජලය වැඩි නම් පිටි ද යොදා අතේ නොඇලෙන සේ පිටි ගුලියක් සාදා ගන්න ...

    sff1.jpg
    bpsr.jpg
    g7x9.jpg
    n05q.jpg
    xohe.jpg


    හොදින් අනා ගත් පිටි ගුලියට තෙල් මේස හැ. 1ක් හෝ 2ක් දමා පිටි ගුලියේ වටේට හොදින් ආලේප කර එම භාජනය හොදින් වසා පැයක් හෝ 2ක් තබන්න ...( පරාටා,කොත්තු,පැටිස්,ගෝදම්බ රොටී කෝකටත් මේ මිශ්‍රණය තමයි යොදා ගන්නේ ) එතකන් අපි එලවලු ටික මස් ටික කපල කොටල ගමු :yes::yes:

    apyk.jpg
    atjj.jpg
    8d9k.jpg
    w0po.jpg



    හොදයි දැන් එහෙනම් අපි මස් කරි එක හදමු....කපා ලුනු,ගම්මිරිස්,මිරිස්,කහ,තුනපහ, අත ගා මද වේලාවක් තබන්න ..පසුව ලුනු,සුදු ලූනු,ඉගුරු,(මස් කරියක් උයන සියල්ල දාන්න )තෙලට දමා මස් ටිකද එකතු කර මද ගින්නෙ පිසගන්න ජලය දාන්න එපා ..මස් හොදින් තැම්බුනු පසු ලුනු අබුල් බලා ගින්දර වැඩි කොට මදක් හිදුවා ගන්න..

    k5vn.jpg
    eiaj.jpg



    දැන් එලවලු කරි එක හදමු...තෙල් ස්වල්පයක් භාජනයකට දමා රත් උන පසු ලූනු සහ කැරට් එක්කරන්න..දැන් එයට ලුනු,කහ,ගම්මිරිස් දමා හොදින් කවලම් කර ගන්න ...දැන් පොඩි කර ගත් සැමන් එක් කර මිනිත්තු 3ක් පමන පිසගන්න දැන් ලීක්ස් සහ අල එකතු කරගන්න...මි. 2ක් 3ක් පිසගන්න ..මෙයටම හොදින් සිදුවා ගත් මස් ( ඉස්මද මද වශයේන් ) එක්කර ලිප නිවා හොදින් කවලම් කරගන්න...අවශ්‍ය නම් දෙහි යුශද එක් කරන්න..

    gfsm.jpg
    k4wb.jpg


    හොදයි දැන් සියල්ල සුදානම්...පිටි ගුලියෙන් ඉතා කුඩා ප්‍රමාණයේ කොටසක් කඩා එය හොදින් බෝල කර තෙල් ස්වල්පයක් ගා රොටියක් ආකාරයට සාදා ගන්න...( ගෝදම්බා රොටියක් සේ විනිවිද පෙනෙන තුරු තුනී කල හැක )මෙයට පහල කෙලවරට සිටින සේ කරි එකෙන් ස්වල්පයක් තබා ඝනකාබයක් අයුරින් සකස් කොට තෙල් නොදා හොදින් පුච්චා ගන්න....

    ykgu.jpg
    hygw.jpg
    n9zm.jpg
    porx.jpg
    wknz.jpg
    01xg.jpg



    ඔන්න එහෙනම් උනු උනු 100 % ක් පිරිසිදු අපිම හදපු මස් රොටී...නිකන් කඩ කාරයෝ පොහොසත් කරන්න ඕන නෑ ගෙදර ඉදන් ම හදාගන්න...

    lorh.jpg


    ඔයාලට වැදගත් උනා නම් කොමෙන්ටුවක් දාන්න...නැතිනම් අනිත් අයට බලාගන්න බම්ප් එකක් වත් දාලා යන්න...මහන්සියක් උනා කියලා හිතෙනව නම් රෙප් එකක් දීල යන්න...තවත් කෑමක් අරන් එනකල් ජය වේවා යාලුවන්ට ....;););););)


    මෙන්න මගේ පරණ ත්‍රීඩ් ....

    mama hadapu podi video ekak (testing :D )
    http://www.elakiri.com/forum/showthread.php?t=1594465

    pizza,pasta,lasagna කොකටත් උවමනා සල්සා හදමු
    http://www.elakiri.com/forum/showthread.php?t=1593347

    නිවසේදිම මාලු බනිස් හදමු ...
    http://www.elakiri.com/forum/showthread.php?t=1584052
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    thanks machooo rep ++

    මම කැමතිම කෑමක් බන්. ඕක හදන්න දන්නේ නැතුව හිටියේ. දැන් ඉතින් testing පාරක් දාන්න ඕනේ. කඩවල්වල තියෙන ජරාව සල්ලි දීල කනවට වඩා කොච්චර හොඳද ගෙදර හදාගෙන කන එක? ගොඩක්ම ස්තුතියි මචන්... :yes::yes::yes:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    මම කැමතිම කෑමක් බන්. ඕක හදන්න දන්නේ නැතුව හිටියේ. දැන් ඉතින් testing පාරක් දාන්න ඕනේ. කඩවල්වල තියෙන ජරාව සල්ලි දීල කනවට වඩා කොච්චර හොඳද ගෙදර හදාගෙන කන එක? ගොඩක්ම ස්තුතියි මචන්... :yes::yes::yes:

    :yes:
     

    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    මම කැමතිම කෑමක් බන්. ඕක හදන්න දන්නේ නැතුව හිටියේ. දැන් ඉතින් testing පාරක් දාන්න ඕනේ. කඩවල්වල තියෙන ජරාව සල්ලි දීල කනවට වඩා කොච්චර හොඳද ගෙදර හදාගෙන කන එක? ගොඩක්ම ස්තුතියි මචන්... :yes::yes::yes:

    aniwa machoooo loku gemak ne hadala rasa kiyannako.. mas eka rasata heduwoth mulu curry ekama rasai :)