අපේ නංගිලා අක්‌කලා මොන විදියට
මොඩ් වුණත් ඒ අයට තියෙන්නේ චීත්ත මුහුණක්
- සංගීතවේදී සහන් රන්වල
මොඩ් වුණත් ඒ අයට තියෙන්නේ චීත්ත මුහුණක්
- සංගීතවේදී සහන් රන්වල
අපේ රටේ තරුණියක්, ජපානෙට ගිහින් කිමෝනාවක් ඇඳගෙන ඒ රටේ පාරක ගමන් කළොත් ඇයව දකින කවුරුත් හිතන්නේ නැහැ මේ යන්නේ ජපන් ළඳක් කියල. මොකද අපේ නංගිලා, අක්‌කලා මොන විදියට මොඩ් වෙලා ගියත්, ඒ අයට තියෙන්නේ චීත්ත මූණක්. ඒක තමයි අපේ රටේ අනන්‍යතාව" යෑයි ප්‍රවීණ ජනසංගීතවේදී, සහන් රන්වල මහතා බණ්‌ඩාරගමදී පැවසීය.
2013 ජාතික සාහිත්‍ය කලා මහෝත්සවයට සමගාමීව, බණ්‌ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්‌කෘතික අංශය මගින් සංවිධානය කළ 2013 සාහිත්‍ය කලා මහෝත්සවයේ ප්‍රධාන ආරාධිත දේශනය පවත්වමින් සහන් රන්වල මහතා එසේ පැවසීය.
divaina




