The Lord of the Rings

Dark_Night_of_the_Soul

Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    The%2BFellowship%2BOf%2BThe%2BRing%2B(2001)%2B3.jpg

    THE LORD OF THE RINGS
    Author: J.R.R. Tolkien
    Translation: Dark Night of the Soul

    මුදු තුනක්, අහස යට දිවි ගෙවන එල්වන් රජවරැන්ට
    මුදු හතත් ගල් ශාලාවල් තුළ දිවි ගෙවන ඩ්වෝෆ්-අධිපතිවරැන්ට
    මුදු නවයක්, මරණය උරැම කොටගත් මනුශ්‍යන්ට
    එක් මුදුවක්, තම කාලවර්ණ සිංහාසනය මත හිද සිටින කාලවර්ණ රජුට
    ජායාවන් නිදන මෝඩෝර් දේශයට
    සියළු දෙනා මත බලය පතුරැවීමට එක් මුදුවක්, සියළු දෙනා සොයා ගැනීමට එක් මුදුවක්
    සියළු දෙනා කැදවීමට සහ ඔවුන් අදුරෙහි බැද දැමීමට එක් මුදුවක්
    ජායාවන් නිදන මෝඩෝර් දේශයට..

    BOOK1: THE FELLOWSHIP OF THE RING

    පළමු පරිච්චේදය

    බිල්බෝගේ සාදය

    බිල්බෝ මහතා තම එකසිය එක් වැනි උපන්දින සාදය පිණිස උත්කර්ෂවත් සාදයක් පවත්වන බව දැනගත් විට, හොබිටනයෙහි සිටි හොබිට්ටන් හට එය ඉමහත් කලබලයකට සහ කථා බහට කරැණක් වි ය. බිල්බෝ බොහෝ පොහොසතෙකු වූ අතර, අවුරැදු හැටක කාලයක් තුළ ඔහු ෂයර් ගම්මානයේ විශ්මය වි ය -- ඔහුගේ පුදුම අතුරැදන් වීම සහ හදසියේ ආපසු මතුවීමේ පටන්. ඔහුගේ සංචාරයන්ගෙන් අනතුරැව ඔහු රැගෙන ආ ධනස්කන්ධය ගැන කථාන්තරය, දැන් ඒ පෙදෙසෙහි පුරාවෘත්තයක් වී අවසානය. ප්‍රසිද්ධ විශ්වාසය වූයේ, එම ධනය, කුඩා කන්දයක් යට තනා ඇති බිල්බෝගේ නිවස තුළ හෑරෑ උමං තුළ සගවා ඇති බව ය.

    To Be Continued Soon..
     
    Last edited:

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මචං... හොඳ උත්සාහයක්... දිගටම කරගෙන යන්න....

    පුංචි අදහසකුත් දෙන්නම්.

    J R R Tolkien ලියපු Lord of The Rings කතා ත්‍රිත්වය සරල කතාවක් නෙමෙයි. ඒ කතාව Hollywood වල අය පවා හඳුවන්වන්නෙ මේතාක් කාලෙකට නිර්මාණය කෙරුණු සංකීර්ණම fantasy ලෝකයක් ගැන කතාවක් විදිහටයි. Harry Potter එකම කතාවකටවත් ඒ තරම් තත්වයකට ආසන්න වෙන්න ලැබුණෙ නැහැ.

    මේ කතාව සිංහලට පරිවර්තනය කරනව නම්... Tolkien යොදපු වචනවල තියෙන අරුත 100% ක්ම සිංහලෙන් පැහැදිලි කරන්න වචනෙකින් දෙකකින් නම් අමාරු වේවි. දිගට ලියාගෙන යද්දි සමහර විට හිතෙන්න පුළුවන් කලින් ලියපු විදිහ ආයෙ ටිකක් වෙනස් කලොත් හොඳයි වගේ කියල. පරිවර්තනයේ උදාහරණය කියවල බලද්දි මට හිතුන සමහර තැන් අත හැරල ලියන්න අදහස් කරනව ඇති කියල.

    කොහොම වුනත්... කියවන කෙනෙක්ට තේරුම් ගන්න පහසු සරල භාෂා ශෙලියක් පාවිච්චි කරන්න. ඒ වගේම මේ කතාවේ එක එක ජාතීන් වර්ග ගොඩක් ගැන කියවෙනව. ඒ ජාතීන්ගේ ස්වභාවය ලියල තියෙන භාෂා ශෙලියෙන් වෙන් කරල රචනා කලොත්... කියවන කෙනෙක්ට ඒ වෙනස හොඳට හිතට වදින විදිහට තියේවි.

    අදහසක් විතරයි.
    උත්සාහය හොඳින් සාර්ථක වෙන්නට සුබ පැතුම්.
    Best of luck.! :)

    ඉස්තූතියි අදහසට. පුළුවන් තරම් උත්සාහයක් දාලා ලියන්නම්