THE LORD OF THE RINGS
Author: J.R.R. Tolkien
Translation: Dark Night of the Soul
මුදු තුනක්, අහස යට දිවි ගෙවන එල්වන් රජවරැන්ට
මුදු හතත් ගල් ශාලාවල් තුළ දිවි ගෙවන ඩ්වෝෆ්-අධිපතිවරැන්ට
මුදු නවයක්, මරණය උරැම කොටගත් මනුශ්යන්ට
එක් මුදුවක්, තම කාලවර්ණ සිංහාසනය මත හිද සිටින කාලවර්ණ රජුට
ජායාවන් නිදන මෝඩෝර් දේශයට
සියළු දෙනා මත බලය පතුරැවීමට එක් මුදුවක්, සියළු දෙනා සොයා ගැනීමට එක් මුදුවක්
සියළු දෙනා කැදවීමට සහ ඔවුන් අදුරෙහි බැද දැමීමට එක් මුදුවක්
ජායාවන් නිදන මෝඩෝර් දේශයට..
BOOK1: THE FELLOWSHIP OF THE RING
පළමු පරිච්චේදය
බිල්බෝගේ සාදය
බිල්බෝ මහතා තම එකසිය එක් වැනි උපන්දින සාදය පිණිස උත්කර්ෂවත් සාදයක් පවත්වන බව දැනගත් විට, හොබිටනයෙහි සිටි හොබිට්ටන් හට එය ඉමහත් කලබලයකට සහ කථා බහට කරැණක් වි ය. බිල්බෝ බොහෝ පොහොසතෙකු වූ අතර, අවුරැදු හැටක කාලයක් තුළ ඔහු ෂයර් ගම්මානයේ විශ්මය වි ය -- ඔහුගේ පුදුම අතුරැදන් වීම සහ හදසියේ ආපසු මතුවීමේ පටන්. ඔහුගේ සංචාරයන්ගෙන් අනතුරැව ඔහු රැගෙන ආ ධනස්කන්ධය ගැන කථාන්තරය, දැන් ඒ පෙදෙසෙහි පුරාවෘත්තයක් වී අවසානය. ප්රසිද්ධ විශ්වාසය වූයේ, එම ධනය, කුඩා කන්දයක් යට තනා ඇති බිල්බෝගේ නිවස තුළ හෑරෑ උමං තුළ සගවා ඇති බව ය.
To Be Continued Soon..
Last edited:



