නෑ මචං මේකයි වුනේ මම කොහොමත් වාහනේ සර්විස් කරණකල් ලග ඉන්නවා. ඒත් ඔටෝ මිරාජ් එකට දැම්මම ලග ඉන්න එපා ගිහිල්ලා ඉදගෙන ඉන්න කියලා කියනවා. දෙවෙනි පාරත් මම ඒක අහන්නේ නැතුව ඉන්නකොට වැඩ වැඩ කරන පොරක් ආයිත් කිව්වා ගිහින් ඉදගෙන ඉන්න කියලා. ඉතිං මට බලෙන්ම ඔත ඉන්න බෑනෙ මචං. ඒකයි මම ගිහින් හිටියේ. සතියකට විතර පස්සේ ගරාජ් එකේ බාස් තමයි පෙන්නුවේ පරණ ෆිල්ටර් එකක් දාලා කියලා. එදයින් පස්සේ මම ඔටෝ මිරාජ් යන්නෙ නෑ. ඒ වගේම මගේ යාලුවන්ට යන්න දෙන්නෙත් නෑ. දැන් ඔය සිද්ධිය වෙලා අව්රුද්ධක් විතර වෙනවා. එදයින් පස්සේ තාම බොඩිවොෂ් එකකට වත් ඕකට කාර් එක දැම්මෙ නෑ. එලකිරියේ ඔටෝ මිරාජ් එකට සම්බන්ධ අය ඉන්නව නම් ඔයාලගේ බ්රාන්ච් වල වෙන මේ වැරදි හොයලා බලන්න කියලා කියන්න කැමතී.