අසාර්ථක ආරම්භයක් ඇති ක්‍රිකට් ක්‍රීඩකයෝ
මාවන් අතපත්තු - ඉතාමත් අසාර්ථක ටෙස්ට් ආරම්භයක් ලබාගත් මාවන්
ලංකාවේ බිහිවුණු අග්‍රගණයේ පිතිකරුවෙක්. තාක්ෂණයෙන් ඉදිරියෙන්ම ඇති පිතිකරුවන් අතරින් මුල් ස්ථානයක් මාවන්ට නිතරගයෙන් ලැබෙනවා. පළමු ටෙස්ට් තරගයේ 0 ඒවා 2ක්ද දෙවැනි ටෙස්ට් තරගයේ පිළිවලින් 0 හා 1 ද මුහුණ දුන් තුන්වන ටෙස්ට් තරගයේ නැවතත් 0 ඒවා දෙකක් ලබා ගැනීමෙන්ම ඔහුගේ අසාර්ථකභාවය ඔප්පු වේ. නමුත් වසර කිහිපයකින් පසු නැවතත් ටෙස්ට් පිටියට එන මාවන් ඉතාමත් සාර්ථක පිතිකරුවෙක් බවට පත්වෙන්නේ ද්විත්ව ශතක 6 ක් රැස් කරමින්.
ශේන් වොන් - අසාර්ථක පන්දු යවන්නෙක් විදිහට පළමු ටෙස්ට් තරගයේදී හංවඩු ගැහුවත් දැන් ඉතිහාසයේ ඔහු ගැන සඳහන් වෙන්නේ ටෙස්ට් කඩුලු 708ක් ඇති මුරලිට පමණක් දෙවැනි වූ පන්දු යවන්නා හැටියටයි.තම මංගල ටෙස්ට් තරගයේ එකම එක ඉන්දීය කඩුල්ලක් දවා ගත්තත් ඔහු ලකුණු 150ක් ලබා දී තිබුනා. දෙවන ටෙස්ට් තරගයේ දී එකදු කඩුල්ලක්වත් දවා ගැනීමට නොහැකිවුණු වොන් තුන්වන ටෙස්ට් තරගයේ මුල් ඉනිම වන විට පන්දු යැවීමේ සාමන්‍යය 335ක් ලෙස සටහන් වුනා.
ලෙන් හටන් - ක්‍රිකට් රසිකයන් විදිහට මොහු ගැන අහලාවත් නැති කෙනෙක් නැත. ලෙන් හටන් කියන්නේ එංගලන්තයෙන් බිහිවුණු සුපිරි ගනයේ ටෙස්ට් ක්‍රීඩකයෙක්. මුහුණ දුන් මුල්ම ටෙස්ට් තරගයේ දී ඔහුගේ උපන්දිනය්ත් යෙදී තිබුනත් ඔහු රැස් කලේ ලකුණු 0ක් සහ 1ක් පමණයි. නමුත් ඊලග ටෙස්ට් තරගයේදී ශතකයක් වාර්තා කරන හටන් අවුරුද්දකට පසු ත්‍රිත්ව ශතකයක්ද වාර්තා කරනවා.
විව් රිචර්ඩ්ස් - විශ්වාස කරනවද විව් රිචර්ඩ්ස් යන ශ්‍රේෂ්ට පිතිකරුවත් මේ ගණයටම අයත් වන පිතිකරුවෙක් බව. පලවෙනි තරගයේ රැස් කලේ ලකුණු 4ක් සහ 3ක් පමණයි. එත් දෙවැනි ටෙස්ට් තරගයෙදී ඉන්දියාවට එරෙහිව 6 පහරවල් 6ක් ඇතුළුව ලකුණු 192ක් රැස් කරමින් ටෙස්ට් පිටියට අවතීර්ණ වෙනවා.
මර්ව් හියුස් - මර්ව් හියුස් sledging වල ලොක්කා කියලා කිව්වත් වැරද්දක් නෑ. පිතිකරුවන් සමග නිතරම ගැටෙන්න උත්සහ කරන පන්දු යවන්නෙක් ලෙස සලකන හියුස් තම ටෙස්ට් දිවිය නිම කරද්දී ටෙස්ට් කඩුලු 212ක් ලබා ගෙන තිබ්බා. ඔහු ටෙස්ට් ලකුණු 1000ක් ද ලබා ගෙන තිබුනා. නමුත් ඔහුගේ පළමු ටෙස්ට් තරගයේදී ඔහු ලබාගත්තේ එකම එක කඩුල්ලක් පමණයි. එත් ඒ වෙනුවෙන් ලකුණු 123ක් ලබා දී තිබුනා. ඔහු ගන්න හැම විකට්ටුවකින් පස්සේ පිතිකරුවට යමක් කීමට උත්සහ කරයි. ඔහුගේ සුප්‍රසිද්ධම sledge එක තමයි මේ >>> ජාවෙඩ් මියන්ඩාඩ් ඔහුට එක් තරගයකදී “a fat bus conductor”. කියලා කිව්වත් ඔහුව පන්දු කිහිපයකට පසු මර්ව් හියුස් විසින්ම දවා ගන්නා නිසා මර්ව් හියුස් ඔහු ගාවට ගිහින් කිව්වා "Tickets please!" කියලා.
මයිකල් හෝල්ඩින් - කොදෙව්වන්ගේ වේග පන්දු නිමවුමක් වන මයිකල් හෝල්ඩින් ගැන කවුරුත් දන්නේ "Whispering Death" කියලා. ඒ ඔහුගේ අධි වේග පන්දු යැවීම සහ ඔහුගේ පන්දුවලට මුහුණ දෙන්න පිතිකරුවන් බයවෙන නිසා. නමුත් ඔහුගේ පළමු ටෙස්ට් තරගයත් මුල්ම ටෙස්ට් තරගාවලියත් ඉතාමත් අසාර්ථක වුනා. පළමු ටෙස්ට් තරගයේදී ඔහු ලකුණු 127ක් ලබා දී එක් කඩුල්ලක් වත් දවා ගත්තේ නෑ. ටෙස්ට් තරගාවලියේ ඔහුගේ සාමන්‍යය 61.40
සයිඩ් අන්වර් - පාකිස්තානු සුපිරි පිතිකරු සයිඩ් අන්වර් කලකට පෙර සැලකුවේ එක්දින තරගයක වැඩිම ලකුණු ලාභියා ලෙසයි, ඒ ඔහු ලබාගත් 194 නිසා. ඔහුගේ මුල්ම ටෙස්ට් තරගය 1990 දී පැවැත්වුනත් ඔහු ඉනිම් දෙකේම ලකුණු නොලබා දැවී ගියා. කණ්ඩායමෙන් ඉවතට ගිය අන්වර්
කරළියට එන්නේ 1993 දී ඒ නවසීලන්තයට එරෙහිව ලකුණු 169ක් රැස්කරමින්.
tps://www.facebook.com/donbradm