Anura Kumara Facebook Fan page

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    mam kiyanne naha jvp ayata rata karanna denna kiyala, ath jvp eke aya salakiwayuthu pramaanayak paarlimenthuwata yawanna one, mokada un thamayi konda pana thiyaagena aanduwa karana duushana marakam valata kathaa karanne, aka nisaa jvp ekata meeta vadaa minissu chande diya yuthuyi!
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,039
    11,989
    113
    Ohio, USA
    අනුර කුමාර දිසානායක සහෝදරයාට ලියුමක්

    හිතවත් අනුර සහෝදරයා,

    ජනප්‍රිය සංකේතයක් වන ඔබ ජවිපෙ නායකත්වයට පත් වීම ගැන බොහෝ දෙනෙක් කතා කරන්නේ බලාපොරොත්තු සහගතවයි. ඒ අනුව ඇත්තෙන් ම පිම්මක් පැනීම සඳහා අලුත් ගැම්මක් ඇති වී තිබේ. 2004දී පැනගත් ජාතිවාදී පිම්ම වැනි පිම්මක් නොව, වඩා සමාජවාදී පිම්මක් පැනීම සඳහා මෙය ඉවහල් කර ගත හැකි වාතාවරණයක් නිර්මානය වී තිබේ.

    පාර්ලිමේන්තුවේදී විශේෂයෙන් ම ඔබ විසින් කරන ලද කාර්ය භාරය හේතුවෙන් ජවිපෙ නියෝජනය සභාවල තිබිය යුතු ය යන අදහසක් ද සමාජයේ තිබේ. ඒ නිසා ඔබට අහිමි වී තිබෙන ඡන්ද පදනමේ හිස් තැන ද පාවෙන ඡන්දවලින් පුරවා ගත හැකි වනු ඇත.

    එහෙත්, ජවිපෙ තුළ සිදු වූ ඛන්ඩනයෙන් පසු වත්මන් ජවිපෙ කාවන්ධය නැති හිසකි. ‍එසේම පෙර‍ටුගාමී පක්ෂය ගැන කිව හැක්කේ එය හිසක් නැති කාවන්ධයක් ය කියා ය.

    ජවිපෙ කාවන්ධය හිසෙන් ගැලවී ගියේ ඇයි ද යන්න ඔබ ගැඹුරින් සිතා බැලිය යුතු ය. ඔබේ ම භාෂාවෙන් ම කියනවා නම් ජවිපෙ හිස කාලාන්තරයක් තිස්සේ ශරීරයට දුන්නේ ‍ගේම් ය. බලය සඳහා වූ ප්‍රතිගාමී ක්‍රියාමාර්ග ගැනීම සඳහා කුමාර් ගුනරත්නම් ද ඇතුළු ජවිපෙ හිස කඳට අම්බානක් ගේම් දුන්නේ ය. විමල් වීරවංශ වැනි අය නිර්මානය වුණේ ද මෙම ගේම් නිසා ය.

    ඛන්ඩනයට පෙර මුල් කාලයේ ඔබ කුමාර් ගුනරත්නම්ගේ මිනිහෙකි. පක්ෂය තුළ ඔබ ඉදිරියට ගෙන ආවේ කුමාර් ගුනරත්නම්ගේ කණ්ඩායම විසිනි. එහෙත්, ඔබ ඔහු සමග කැඩී නො යන්නට තීරණය කළේ ය. මේ මොහොතේ ඔබට කළ හැකි එක් කාර්යයක් වන්නේ ජවිපෙන් ගිලිහී ගිය කාවන්ධය නැවත සවි කර ගැනීම සඳහා උත්සාහ කිරීමයි. එහෙත් එය පහසු කාර්යයක් නො වේ. ඉතිහාසයක් මුළුල්ලේ ජවිපෙන් ගැලවී ගිය බලවේග ආපසු දිනා ගන්නට සමත් වෙතොත් ජවිපෙට හොඳ අනාගතයක් තිබේ. ඒ සඳහා ජවිපෙ තමන් තුළ ම ලොකු වෙනසක් සිදු කර ගත යුතු ය.

    පළමුවෙන් ම බොරුවෙන් පවතින්නට දරන උත්සාහය අත් හළ යුතු ය. මා සිතන පරිදි නම් වැඩි කරන ලද විදුලි බිලට එරෙහිව මතු වෙමින් පැවති විරෝධය දිය කර හරින්නට පමණක් ඉවහල් වූ ලාල් කාන්ත විසින් නායකත්වය දෙන ලද සංකේත වර්ජනය මේ බොරුවෙන් පැවතීමේ අවසානය සංකේතවත් කළ සිද්ධියක් විය.

    ජවිපෙ සතුව සිටි සම්ප්‍රදායික විප්ලවවාදී බලවේගය පෙරටුගාමී පක්ෂය සමග ගැලවී ගියේ ය. ඔවුන් කුමක්දෝ සංවාදයක් කරන බව කියමින් දීර්ඝ කාලීන සිසිර නිද්‍රාවකට ගොස් සිටින නිසා මේ මොහොතේ එම බලවේගය තුළ සිටින ක්‍රියාකාරිත්වය නැතිව බැරි ඇතැම් අය ආපසු දිනා ගන්නට ඔබට හැකි වන්නට පුළුවන. කලක් ඔබ විසින් ද්‍රෝහීන් ලෙස හඳුන්වන ලද ඇතැමුන් ඔබගේ අ‍පේක්ෂක ලැයිස්තුවල සිටින ආකාරය දුටු විට අපට යම් සතුටක් ඇති වේ. ඒ ඔබ තුළ කිසියම් විවෘතභාවයක් ඇති වී තිබෙන බව දැකීමෙනි.

    ජවිපෙට අනන්‍යතාවක් තිබෙන්නේ පීඩිත ජනතාව වෙනුවෙන් පෙනී සිටින, අයුක්තියට අසාධාරණයට එරෙහිව හඬ නඟන, යහපත් වෙනස්කම් වෙනුවෙන් පෙනී සිටින, සමාජවාදී පක්ෂයක් ලෙසයි. එහෙත්, ජවිපෙ දිය වී ගියේ මේ සියල්ලට යටින්පක්ෂය තුළ ඔඩු දිවූ කුහකත්වය නිසා ය. මේ කුහකත්වය වාමාංශික ජීවිත තුළ ඇති පසුගාමී ලක්ෂණයකි. කෙසේ වෙතත්, පසුගිය කාලයේ පෙරටුගාමී පක්ෂය මෙම සැබෑ ප්‍රශ්නය ආමන්ත්‍රණය කිරීමට උත්සාහ කළ බව කිව යුතු ය. ඔවුන් එය පිටු දුටුව හ. එහෙත්, ඒ සමග ඇති වූ අලුත් තත්වය ඉවහල් වී තිබෙන්නේ අලුත් ක්‍රියාමාර්ග ගනිමින් ඉදිරියට යන්නට නොව තමන් සොයන විකල්පය පැරණි, කුප්‍රකට කුහකයන් තුළින් සොයන්නට යාමට ය.

    සමාජවාදය ගැන අලුතින් ම සිතිය යුතු ය. එහෙත්, ඒ අතරතුර සමාජවාදීන් දේශපාලනය කළ යුතු ය. ජවිපෙ හෝ පෙරටුගාමී පක්ෂය‍ දේශපාලනය කළ යුත්තේ මෙම කරුණ ගැන ගැඹුරින් සිතා ය. මෙම පක්ෂවල දේශපාලනය අලුත් සිතීම්වලට බාධාකාරී නො විය යුතු ය. ඒ වෙනුවට ඒවාට උපකාරී විය යුතු ය. සරළව කියනවා නම්, පෙරටුගාමී පක්ෂ සංකල්පය විසින් පක්ෂ සාමාජිකයාගෙන් ඉල්ලා සිටින මිලිටරි විනය ගැන ජවිපෙ නැවත සිතා බැලිය යුතු ය. ජවිපෙට ඉඩක් තිබෙන්නේ ලිබරල් වාමාංශික පක්ෂයක් ලෙසයි.

    එහෙත්, මේ ලිබරල්කම හේතුවෙන් ඇමති තනතුරු කීපයක් වෙනුවෙන් ආත්මය වුණත් පාවා දෙන තිස්ස විතාරණලාගේ සිට වාසුදේව නානායක්කාරලා දක්වා බලවේගය මට්ටමට ජවිපෙ නො වැටෙන මට්ටමින් තබා ගත යුතු ය.

    සැබෑ මහජන නියෝජනය ජවිපෙට කළ හැකිව තිබෙන ලොකුම මෙහෙයයි. මන්ද, මේ වන විට සෙසු පක්ෂ විසින් කරමින් තිබෙන්නේ පුද්ගලයන්ගේ අවස්ථාවාදී අවශ්‍යතා නියෝජනය කිරීම වීමයි. මහජනයා නියෝජනය කිරීම යනු තමන්ගේ සතුරන් ලෙස හඳුනා ගත් වාමාංශිකයන් ඉවත ලා සෙසු පිරිස් පමණක් නියෝජනය කිරීම නො වේ. ජවිපෙ හා පෙරටුගාමී පක්ෂය උත්සාහ කළ යුත්තේ පීඩිත ජනතාවගේ සැබෑ නියෝජිතයන් වන්නට ය.

    මෙහිදී පීඩිත ජනතාව ද යළි හඳුනා ගත යුතු යයි මට සිතේ. දරුණු ලෙස පාදඩකරණය වී තිබෙන වත්මන් සමාජයේ දේශපාලක සොරුන් ළඟ දනින් වැටී දෙපතුල් ලෙව කෑම උතුම් ලෙස සලකන පාදඩ බලවේගයට සහෝදරත්වය ප්‍රකාශ කරන්නට කුමන හෝ වාමාංශික පක්ෂයක් කලබල විය යුතු නැත. මන්ද, මෙම පාදඩ ස්ථරය දැන් නිර්ධන, මධ්‍යම, ධනපති පංති හා ජාති, කුල ආදිය හරහා ද විහිදී යන පුළුල් බලවේගයකි. ලංකාවේ ලොකු ම සමාජ ගැටලුව මෙම පාදඩයෝ ය. මේ මොහොතේ වාමාංශිකයන්ගේ අරගලය මෙකී පාදඩ ස්ථරයට එරෙහි එකක් විය යුතු ය.

    ජවිපෙ හා පෙරටුගාමී පක්ෂය නියෝජනය කළ යුත්තේ පාදඩයින් නො වන පීඩිතයන්ව ය. එම නියෝජනය ‍ගේම් රහිත සැබෑ නියෝජනයක් විය යුතු ය. නිදසුනක් ලෙස, මෙම ලේඛකයා ජවිපෙ වෙනුවෙන් අතීතයේදී දායකත්වයක් දී ඇති කෙනෙකි. වර්තමානයේදී ද ඔහු ජවිපෙට ඡන්දය දෙන්නෙකි. එහෙත්, ඔහු ජවිපෙ දෙස විචාරාත්මක ඇසකින් බලන්නෙකි. ගේමකින් තොරව අවශ්‍ය තැනදී ජවිපෙ විවේචනය කරන්නෙකි. ජවිපෙ සාමාන්‍යයෙන් නම් පෙනී සි‍ටින්නේ මෙවැනි අයගේ විනාශය වෙනුවෙනි. මා මෙම නිදසුනින් අවධාරණය කරන කරුණ වන්නේ ජවිපෙ තමන්ට ඡන්දය දෙන්නේ කවුුරුද යන්න හඳුනා ගත යුතු බවයි. ජවිපෙට ඡන්දය දෙන්නේ පාදඩ නො වන පීඩිත පංතියයි. ජවිපෙ මහජන සභාවලදී ඔවුන් නි‍යෝජනය කළ යුතු ය.

    මහජන සභා නියෝජනය ධනේශ්වර දූෂණයෙන් තම පක්ෂ පෝෂණය කර ගැනීමේ මාර්ගයක් කර ගැනීම දැන්වත් අවසන් කළ යුතු ය. ඒ කියන්නේ ජවිපෙ මහජන සභා නියෝජනය කළ යුත්තේ පඩිය අරගෙන පක්ෂ අරමුදලට දීමට හා වාහන ටික පක්ෂ භාවිතයට දීමට නො වේ. ජවිපෙ සැබැවින් ම ජනතාව නියෝජනය කළ යුතු ය. එවැනි මහජන නියෝජිත වෘත්තිකයන් බිහි කර ගැනීමට ජවිපෙ උත්සාහ කළ යුතු ය. අනුර කුමාර දිසානායක යහපත් ලක්ෂණ තිබුණු මහජන නියෝජිත වෘත්තිකයෙකි.

    අනුර සහෝදරයාට සුබ පැතුම්!

    Code:
    http://www.w3lanka.com/
     
    • Like
    Reactions: Dinushasankalpa

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura

    :yes::yes::yes:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    සංධාන ආණ්ඩුව කාලේ මුන්ට දුන්න ඇමතිකම් වලින් හරියට වැඩක් කරලා පෙන්නුවද?
    71,89 කරපු ඒවා දන්නවා ඇතිනේ කස්ටිය :growl:
    ඒවා මතක තියෙනකන් මේ කපේදී මුන්ට ගොඩ ඒමක් නැ
    නියම විමුක්තිකාරයෝ 71 දී මරුනා :(
    රට ගොඩගන්න දැන් අලුතෙනම නායකයෙක් මිනිසුන්ගෙන්ම හැදිලා එන්න ඕනේ

    :yes::yes::yes::yes::yes:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    තාත්තයි පුතයි:P

    picture.php

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    PAST OCCUPATION Anura Kumara Dissanayake made his entry into politics with his participation in student political activities associated with the Janatha Vimukthi Peramuna (JVP) in 1988 at the Peradeniya University, at a time of great ferment in student politics. He later moved to the University of Kelaniya where he graduated with a B.Sc degree in physics. After the violent period of 1988-89 when student activists were under great threat, his involvement in youth politics intensified following the changes that took place in 1994, and the defeat of the UNP after 17 years. He was associated with the launch of the Samajavadi Shishya Sangamaya (Socialist Students’ Society), and functioned as its national organizer in 1994. His commitment to political activity saw him elected to the central committee of the JVP in 1996. From 1998 he has been a member of the JVP’s Political bureau, its key policy making body. Dissanayake entered parliament from the JVP’s National List in 2000. He was elected to parliament as a JVP representative from the Kurunegala District in April 2004. He was the former Cabinet Minister of Agriculture, Livestock, Lands and Irrigation, areas that have a far-reaching impact on the lives of the masses of this country. CURRENT OCCUPATION President of the all Ceylon farmers’ organization. Elected as a national list MP in the 11th parliament. Source: JVP (captured 2004-11).
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    සංධාන ආණ්ඩුව කාලේ මුන්ට දුන්න ඇමතිකම් වලින් හරියට වැඩක් කරලා පෙන්නුවද?
    71,89 කරපු ඒවා දන්නවා ඇතිනේ කස්ටිය :growl:
    ඒවා මතක තියෙනකන් මේ කපේදී මුන්ට ගොඩ ඒමක් නැ
    නියම විමුක්තිකාරයෝ 71 දී මරුනා :(
    රට ගොඩගන්න දැන් අලුතෙනම නායකයෙක් මිනිසුන්ගෙන්ම හැදිලා එන්න ඕනේ

    karapu wada oya danne nathnam danna kenekgen ahaganna. dan amathiwaru 22k inna ministry 4k anura thaniyama run kale. ra 12 , 1 wenakam wada kale. dan inna amathila wage banner cutots gahuwe na wada karanna kalin :frown::frown:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    1270337_239828212837464_1977613313_o.jpg

    හිරු ටීවී හාඩ් ටෝක් හමුවේ සමාජවාදීන් චොර වෙයි !
    කොටින්ම කීවොත් අඤ්ඤකොරොස් වෙයි!

    හිරු ටීවී ප්‍රවෘත්ති අතරතුර විකාශය වන හාර්ඩ් ටෝක් විශේෂාංගයේදී මෙවර මැතිවරනයේදී ඇපත් නැතිවු ජනතා විමුක්ති පෙරමුණේ නායක යැයි කියාගත් සෝමවංශ අමරසිංහගෙන් ප්‍රශ්න කිහිපයක් යොමු කරන ලදී.එහිදී සෝමවංශට කට උත්තර නැතිවු ප්‍රශ්න කිහිපයක්ම විය.එයින් ජාතියක් ජන්මයක් නැති සමාජවාදීන්ගේ හෙළුව රටක් ඉදිරියේ දිස් වුනේ මෙසේය...

    හිරු - ඔබට දරුවන් කී දෙනෙක් ඉන්නවාද?
    සෝමේ - එක්කෙනයි.
    හිරු - එයා කොහෙද ඉන්නේ?
    සෝමේ - එංගලන්තේ
    හිරු - බලාගෙන ගියාම ඔබලා ධනවාදීයිනේ
    සෝමේ - ඔබ අසාදාරණ ප්‍රශ්නයක් ඇහුවේ.

    ආගම ජාතිය පමණක් නොව තම මව පියා සහෝදර සහෝදරියන් පවා නොහදුනනා, මාක්ස්වාදි ගැට්ටෝ බිහිකරමින් දිළින්දා වෙනුවෙන් යැයි කැමොර දෙන ජනතා විමුක්ති පෙරමුණේ නායකයා මෙසේ නම් පක්ශය ගැන කවර කතාද.මෙවර මැතිවරණයේදී කුජීතම වු ඔව්න් ඡන්ද පදනම ස්ථීරයැයි කියති.දේශපාලන වේදිකාවේ හිගන්නන් බවට පත්වු ඔවුනගේ මහ එකාගේ රෙද්ද රටක් ඉදිරියේ කඩා වැටුනේය...

    source FB
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :yes::yes::yes::yes:
     
    moda athal :lol::lol:

    ubala wage kuhaka ewun ekka me rata kawadawathma goda ganna ba