2014 Feb 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    පේන්න නං නෑ.. පුංචි ලිදේ ද දන්නෑ :(

    ඕකා පුංචි ලිං වලටලු ආස :lol:
    3025-if-you-know-what-i-mean.png
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    මුළු නුවරම නිදි ගත් මේ මොහොතේ
    ඔබ පමණක් අවදිව ඇත යහනේ
    එකම හඳක් එක තරුවක් යට
    ඔබ ඔබේ පැලේ - මම මගේ පැලේ

    වන උයන් පුරා මල් සමය උදා වේ
    දිය දම් දිනිතිය යොවුන් වියේ
    අප මධුර මිලනයේ තියු ගී රාවේ
    ප‍්‍රාර්ථනා කරන්නේ
    කවදාද අප හමු වන්නේ
    ඔබ ඔබේ පැලේ - මම මගේ පැලේ

    පෙර ආත්මයක මධු සුවඳ සිනා සී
    ඉඟි කරනා කල රාති‍්‍රයේ
    හද සොවින් වලප්නා
    නිදි නොලබා මාළිගා මවන්නේ
    උන්මාද චිත‍්‍රා දෝ මා
    ඔබ ඔබේ පැලේ මම මගේ පැලේ

    ගායනය - නන්දා මාලිනී
    සංගීතය - ලයනල් අල්ගම

    මුළු නගරයම නිදයි. එ නමුත් ඔබ යහනේ අවදිව සිටියි. මේ පාළුව දැනෙනුයේ ඔබත් මමත් වෙන්ව සිටින බැවිනි. වන උයන් පුරා වසන්ත සමයේ මල් පිපී, මියුරු ගීත ඇසුණත් අප හමුවන්නේ කවදාදැයි අප නොදනිමු. පෙර ආත්මයක සිට පැවතෙන බැඳීමක් ලෙස දැණුන ද, මේ පාළු රාත‍්‍රියේ හද සොවින්, නිදි නොලබා වැලපෙන මම උන්මාද චිත‍්‍රා දැයි මට සිතේ. ඒ ඔබත් මමත් එක්ව නොසිටින බැවිනි.

    නන්දා මාලිනිය විසින් කප් සුවහස් කල් ගීත සමුච්චය උදෙසා ගායනා කරන ලද මෙම ගීතය ශ‍්‍රී ලාංකික ගායිකාවකගේ ගායනයෙහි මුදුන් මල්කඩ ලෙස හඳුන්වා දීම වරදක් නොවේ. මෙය එතරම්ම පිරිපුන් ගීතයක් වන බැවිනි. ගීතය පුරාවට දිවෙන්නේ තනිකමේත් වියෝගයේත් වේදනාවයි. පරිසරයේ අසිරියට මෙම විෂයය නොගැලපෙන අන්දමට දිවෙන වේදනාව මින් ධ්වනිත වෙයි.

    කවියාගේ පෙම්වතා නිදි නොලබා පැලෙහි තනිව සිටිනුයේ මුළු නුවරක් ම නිදිගත් මොහොතක, එකම හඳකුත් එකම තරුවකුත් යට ය. සඳ හා තරුව පවා තනිව සිටින බව කීමෙන් ගීතය පුරා දිව යන තනිකම පිළිබඳ හැඟීම තීව‍්‍ර වේ. මුළු පරිසරයම මෙම යුවළගේ පේ‍්‍රම සමාගමයට සැදී පැහැදී සිටින බවක් කවියාට දැනේ. ඔවුන්ගේ මධුරතර වූ එක් වීම සඳහා සොබාදම විසින් ගයනු ලබන ස්තුති (තියු) ගීත රාවය කවදා අසන්නේ දැයි කවියා තැවෙන්නේ ය. කවදා ද අප හමු වන්නේ යන පදය දෙවරක් ගායනා කිරීමෙන් අදහස තව දුරටත් තීව‍්‍ර කරනු ලැබේ. ඉන් පසුව ඔබ ඔබේ පැලේ - මම මගේ පැලේ යන්නෙන් මෙම වෙන්වීම උච්චස්ථානයක් දක්වා ගෙන එනු ලබයි. මෙම යුවළට ඔවුන් පෙර ආත්මයක සිට ඔවුනොවුන් පතා පැමිණි බවක් හැගේ. නමුත් නිදි නොලබා සිහින මාළිගා තනමින් සිත සොවින් වැලැපේ. දීඝ ගාමිණි වෙතින් සඟවනු ලැබූ උන්මාද චිත‍්‍රා තමා දැයි කවියා නැවත ප‍්‍රශ්න කර සිටින්නීය.

    මෙම ගීතයෙහි ගායන විලාශය සලකා බලන විට ඉතා පුළුල් ස්වර පරාසයක ගැයෙන පද මෙයට ඇතුලත් ය. කට හඬෙහි දක්වන භාව ප‍්‍රකාශය ද ඉතා ඉහළ මට්ටමක පවතී. එකම හඳක් එක තරුවක් යට යන පද ගැයෙන විට තනිකම පිළිබඳ භාවයත් ඔබ ඔබේ පැලේ - මම මගේ පැලේ යන පදය ගැයෙන විට වෙන් වීම පිළිබඳ භාවයත් මනාව පිළිබිඹු වේ. ගීය අවසානය වන විට විප‍්‍රයෝගයෙහි වේදනාව දක්වා සිටින මුත් ඔවුන් දුරස් වීමට හේතු ඉදිරිපත් නොකරයි. ඇත්තෙන්ම ගීය අවසන් වන විට රසිකයා එම හේතුව දැන ගැන්මට උනන්දු නොවන තත්ත්වයක පසුවෙයි. ගීය එතරම් ම සිත තුළට එවිට කිඳා බැස ඇති බැවිනි.
    උපුටා ගත්තෙ බ්ලොග් එකකින්
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :lol::lol: පනුවො කාපු දත් තියෙනවා නං ගලවයි
    දිරන්න ඔන්න මෙන්න ති‍යන දතක් ති‍යනවා..... ඒක ගලව‍යිද.....:baffled:
    naha ain wune naha, wada kala ban niwaduwak nathi wama. mata mawama nathi wenakan dhanunewath naha :(
    මටත් ඔ‍ය සෙතේ වෙමින් පවතින්නේ බන්.....දැනටමත් බාගෙට පිස්සෙක් වෙලා ඉන්නේ......:dull:
    ai ban...mama rasa widinawa ban:P
    වින්දට කමක් නෑ.....විඳවන්න එපා......:rofl:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඔව් බං.
    ඊලග වටේට යවමු කොහොම හරි :(
    ආයේ අමුතුවෙන් යවන්න දෙයක් නෑ,ඕක වටේ යනවනේ කොහොමත්
    ඔව්.. ලනුව කොටයි ලු නේ :dull:

    ඇයි බං මූ නෙ අර "ලනුව කොටයි ලිඳ ගැඹුරුයි" පොත ලිව්වේ
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    දිරන්න ඔන්න මෙන්න ති‍යන දතක් ති‍යනවා..... ඒක ගලව‍යිද.....:baffled:

    මටත් ඔ‍ය සෙතේ වෙමින් පවතින්නේ බන්.....දැනටමත් බාගෙට පිස්සෙක් වෙලා ඉන්නේ......:dull:

    වින්දට කමක් නෑ.....විඳවන්න එපා......:rofl:
    aye loweth ne ban..pissuwak athee:oo:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දිරන්න ඔන්න මෙන්න ති‍යන දතක් ති‍යනවා..... ඒක ගලව‍යිද.....:baffled:

    මටත් ඔ‍ය සෙතේ වෙමින් පවතින්නේ බන්.....දැනටමත් බාගෙට පිස්සෙක් වෙලා ඉන්නේ......:dull:

    වින්දට කමක් නෑ.....විඳවන්න එපා......:rofl:
    පෙන්නුවොත් ගලවයි :baffled:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    මුළු නුවරම නිදි ගත් මේ මොහොතේ
    ඔබ පමණක් අවදිව ඇත යහනේ
    එකම හඳක් එක තරුවක් යට
    ඔබ ඔබේ පැලේ - මම මගේ පැලේ

    වන උයන් පුරා මල් සමය උදා වේ
    දිය දම් දිනිතිය යොවුන් වියේ
    අප මධුර මිලනයේ තියු ගී රාවේ
    ප‍්‍රාර්ථනා කරන්නේ
    කවදාද අප හමු වන්නේ
    ඔබ ඔබේ පැලේ - මම මගේ පැලේ

    පෙර ආත්මයක මධු සුවඳ සිනා සී
    ඉඟි කරනා කල රාති‍්‍රයේ
    හද සොවින් වලප්නා
    නිදි නොලබා මාළිගා මවන්නේ
    උන්මාද චිත‍්‍රා දෝ මා
    ඔබ ඔබේ පැලේ මම මගේ පැලේ

    ගායනය - නන්දා මාලිනී
    සංගීතය - ලයනල් අල්ගම

    මුළු නගරයම නිදයි. එ නමුත් ඔබ යහනේ අවදිව සිටියි. මේ පාළුව දැනෙනුයේ ඔබත් මමත් වෙන්ව සිටින බැවිනි. වන උයන් පුරා වසන්ත සමයේ මල් පිපී, මියුරු ගීත ඇසුණත් අප හමුවන්නේ කවදාදැයි අප නොදනිමු. පෙර ආත්මයක සිට පැවතෙන බැඳීමක් ලෙස දැණුන ද, මේ පාළු රාත‍්‍රියේ හද සොවින්, නිදි නොලබා වැලපෙන මම උන්මාද චිත‍්‍රා දැයි මට සිතේ. ඒ ඔබත් මමත් එක්ව නොසිටින බැවිනි.

    නන්දා මාලිනිය විසින් කප් සුවහස් කල් ගීත සමුච්චය උදෙසා ගායනා කරන ලද මෙම ගීතය ශ‍්‍රී ලාංකික ගායිකාවකගේ ගායනයෙහි මුදුන් මල්කඩ ලෙස හඳුන්වා දීම වරදක් නොවේ. මෙය එතරම්ම පිරිපුන් ගීතයක් වන බැවිනි. ගීතය පුරාවට දිවෙන්නේ තනිකමේත් වියෝගයේත් වේදනාවයි. පරිසරයේ අසිරියට මෙම විෂයය නොගැලපෙන අන්දමට දිවෙන වේදනාව මින් ධ්වනිත වෙයි.

    කවියාගේ පෙම්වතා නිදි නොලබා පැලෙහි තනිව සිටිනුයේ මුළු නුවරක් ම නිදිගත් මොහොතක, එකම හඳකුත් එකම තරුවකුත් යට ය. සඳ හා තරුව පවා තනිව සිටින බව කීමෙන් ගීතය පුරා දිව යන තනිකම පිළිබඳ හැඟීම තීව‍්‍ර වේ. මුළු පරිසරයම මෙම යුවළගේ පේ‍්‍රම සමාගමයට සැදී පැහැදී සිටින බවක් කවියාට දැනේ. ඔවුන්ගේ මධුරතර වූ එක් වීම සඳහා සොබාදම විසින් ගයනු ලබන ස්තුති (තියු) ගීත රාවය කවදා අසන්නේ දැයි කවියා තැවෙන්නේ ය. කවදා ද අප හමු වන්නේ යන පදය දෙවරක් ගායනා කිරීමෙන් අදහස තව දුරටත් තීව‍්‍ර කරනු ලැබේ. ඉන් පසුව ඔබ ඔබේ පැලේ - මම මගේ පැලේ යන්නෙන් මෙම වෙන්වීම උච්චස්ථානයක් දක්වා ගෙන එනු ලබයි. මෙම යුවළට ඔවුන් පෙර ආත්මයක සිට ඔවුනොවුන් පතා පැමිණි බවක් හැගේ. නමුත් නිදි නොලබා සිහින මාළිගා තනමින් සිත සොවින් වැලැපේ. දීඝ ගාමිණි වෙතින් සඟවනු ලැබූ උන්මාද චිත‍්‍රා තමා දැයි කවියා නැවත ප‍්‍රශ්න කර සිටින්නීය.

    මෙම ගීතයෙහි ගායන විලාශය සලකා බලන විට ඉතා පුළුල් ස්වර පරාසයක ගැයෙන පද මෙයට ඇතුලත් ය. කට හඬෙහි දක්වන භාව ප‍්‍රකාශය ද ඉතා ඉහළ මට්ටමක පවතී. එකම හඳක් එක තරුවක් යට යන පද ගැයෙන විට තනිකම පිළිබඳ භාවයත් ඔබ ඔබේ පැලේ - මම මගේ පැලේ යන පදය ගැයෙන විට වෙන් වීම පිළිබඳ භාවයත් මනාව පිළිබිඹු වේ. ගීය අවසානය වන විට විප‍්‍රයෝගයෙහි වේදනාව දක්වා සිටින මුත් ඔවුන් දුරස් වීමට හේතු ඉදිරිපත් නොකරයි. ඇත්තෙන්ම ගීය අවසන් වන විට රසිකයා එම හේතුව දැන ගැන්මට උනන්දු නොවන තත්ත්වයක පසුවෙයි. ගීය එතරම් ම සිත තුළට එවිට කිඳා බැස ඇති බැවිනි.

    මුළු නුවරම මුල් ගීතය වාදනය කලාට කිඹුලාට ස්තූතියි
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිරාවට ඕකා ඔය වහලෙං හරි ප්‍රෙයා්ජනේ ගන් නෑ නෙ අම්මපා.. :(
    පාටියක් දාමුකො :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආලවඩන අකුරු පහේ තේරවිල්ල සකි
    රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකි
    ආලේ බිදුන දා කුමකට කදුළු හෙලනු සකි
    ආලවඩන යන තේරුම බෝසත්කම සකි
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කුඩා ගමේ මද්දහනේ අවු රස්නේ නිවා
    හුරී කඳු පෙතේ දඩ මං දිගේ ගියා මෙමා
    එවන් ගමන් මා නම් ගියෙ සෙනෙහස ගැන සිතා
    නුඹේ කරට රිදී පොටක් පළඳන්නයි සුභා

    මගේ පැලට නුඹ කැන්දන් පැමිණි දොහේ එදා
    මල් ගෝමර පිපුණු ළමැද වසා ගනින් කියා
    මගේ අතින් දුන් සළුවෙන් ළමැද වසා ගියා
    රිදී පොටක් කර ලන්නට වරම් නැතුව ගියා

    ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකි
    රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකි
    ආලේ බිඳුණු දා කුමකට කඳුළු හෙළනු සකි
    ආල වඩන යන තේරුම බෝසත් කම සකි

    ගී පද - ධර්මසිරි ගමගේ
    ගී තනු වික්ටර් රත්නායක
    ගායනය - සුනිල් එදිරිසිංහ
    චිත්‍රපටය - හුලවාලි (1976 )