ලෝසක හිමි....

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    සිඟමනින් ජීවත් වූ කුඩා දරුවෙක් සැරියුත් ස්වාමීන් වහන්සේ කරුණාවෙන් පැවිදි කල අතර මොහු නමින් ලෝසක හිමි විය. ඒ හිමිට කිසි දිනක කුස පිරෙන්නට ආහාරයක් ලැබුණේ නැත. ඒ හිමියන් සමඟ වැඩියොත් සැරියුත් හිමියන්ටවත් දානය ලැබෙන්නේ නැත. එතරම් අවාසනාවන්ත වුවත් පෙර පිරූ පාරමී තිබූ පින් බලයෙන් රහත් විය. නමුත් දානය බෙදන්න මිනිසුන් ගෙනෙන විට පාත‍්‍රය පිරී දානය තිබෙන සේ පෙනුන ද දානය බෙදුවේ ද ඒවා වියළී යයි. ජීවත්වීමට පමණක් ස්වල්පයක් ඉතිරි වේ. පිරිනිවන්පාන තුරු කුස පිරෙන්න ආහාරයක් නො ලැබුණේය. මෙය දැනගත් සැරියුත් හිමියෝ පිරිනිවෙන දිනයේ ප‍්‍රණීත දානයක් භික්ෂුවක් අතේ එවන්නට යෙදුණා. දානය ගෙනා භික්ෂුව එය මඟදී වළඳා එය ද නො ලැබුණි. මෙය දැනගත් විට සැරියුත් හිමියෝ සංවේග වී චතුමධුර පාත‍්‍රයක් ගෙන තම අතේ තිබිය දී ම ලෝසක හිමිට එය වළදන්නට දුන්නේ ය. මෙදින මුළු ජීවිත කාලයේ ම කුස පිරෙන්න ආහාරයක් ලත් දිනය විය. මේ හිමිගේ පූර්ව කර්මය බුදු නුවණින් දැක මෙසේ වදාළේ ය.

    මේ ලෝසක හිමි කාශ්‍යප බුදු සසුනේ පැවිදිව හොඳින් සිල් ගුණ පුරමින් භාවනා කළේ ද ලාභාශාවෙන් රහත් හිමි නමක ගේ සිව්පසය වැළකුවේ ය. තම දායකයෝ එම රහත් හිමිට සිව්පසයෙන් සලකන විට කැමති නො වුණි. රහත් හිමිට දෙන්න යැයි දුන් කිරිබත් පාත‍්‍රය ද තරහ සිතින් ගිනි අඟුරෙහි ලා පුළුස්සා දැම්මේ ය. මේ ¥ෂිත කර්මයෙන් අපායෙහි ඉපිද අවුරුදු ලක්ෂ ගණනක් දුක් වින්දේ ය. ආත්ම පන්සීයක්ම පිළිවෙලින් යක්ෂයෙක් වී ඉපදුනි. ඒ ජාති පන්සීයෙහි ම බඩපුරා කෑවේ එක ම දවසක ය, කෑවේ ද ගැබ්මළ ගොඩකි. එයින් පසු තවත් ආත්ම පන්සීයක් ම සුනඛව ඉපදුණි. ඒ ජාති පන්සීයෙහි ම බඩ පුරා කෑවේ එකම දවසක් ය. එදා ද කෑවේ වමනය කළ බත් අසූචියකි. මනුලොව ද ඉපිද බොහෝ දුක් විඳි අතර මේ අවසන් ආත්මයේ ද පිළිසිඳගත් දින පටන් මුළු ප‍්‍රදේශයේ ම කටයුතු පිරිහී ගියේ ය. මිනිසුන් කාලකණ්ණියා කවුදැ යි සොයා මේ මව ගමින් ද පන්නා දැමීය. ඕ තොමෝ ඉන්නට තැනක්, කන්නට බතක්, බොන්නට දියක්, අඳින්නට වතක්, යන්නට මඟක් නො වූයෙන් දුකින් දුකට ම පත් වූවා ය. පසුව මොහු ලොවට බිහිකොට පයින් ඇවිදින්න හැකි වෙන තෙක් හදා කබලක් දී පාරේ අතහැර දැමූ අතර එදා සිට ඉඳුල් කා හැදුණේ ය.

    බලන්න සත්පුරුෂයෙනි, එක් දිනක රහත් හිමි නමක ගේ ලාභයක් වැළැක් වූ පවින් බුද්ධාන්තරයක් ම දුක් දුන්නේ ය. එබැවින් කර්මයට බිය වෙත්වා!

    (ජාතකට්ඨ කථා - ලෝසක ජාතකය 209 පිට)

    වර්තමාන සමාජය විසින් කරනා අකුසලයන්හි ප‍්‍රතිඵලයන් කෙසේ වේදැයි උගත් බුද්ධිමත් ඔබ නුවණින් විමසා බලා පවින් වැළකෙත්වා!
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මෙව්වා දැම්මට අද කාලේ කියවල ඔලුවට අරන් අනික් උදවියට බලන්න bump කරන්න තරම් ගුණවත් එවුන් මේ එළකිරියේ බොහොම අඩුයි. පිට ජාතියකට හරි ආගමකට හරි අපහාස කරන්න උන්ගේ වැරදි හොයන්න ත්‍රෙඩ් එකක් දැම්මනම් එක පැයට බම්ප් 50ක් 100 ක් වැටෙනවා. සසර කෙටි කරගන්න පාර අපේ එවුන්ට බුදුරජානන් වහන්සේ පෙන්නලා දීල තියෙද්දිත් අපේ එවුන් යන්නෙම සසර දික් කරගන්න පාරේම තමයි.
     
    • Like
    Reactions: Iron Monger

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    මෙව්වා දැම්මට අද කාලේ කියවල ඔලුවට අරන් අනික් උදවියට බලන්න bump කරන්න තරම් ගුණවත් එවුන් මේ එළකිරියේ බොහොම අඩුයි. පිට ජාතියකට හරි ආගමකට හරි අපහාස කරන්න උන්ගේ වැරදි හොයන්න ත්‍රෙඩ් එකක් දැම්මනම් එක පැයට බම්ප් 50ක් 100 ක් වැටෙනවා. සසර කෙටි කරගන්න පාර අපේ එවුන්ට බුදුරජානන් වහන්සේ පෙන්නලා දීල තියෙද්දිත් අපේ එවුන් යන්නෙම සසර දික් කරගන්න පාරේම තමයි.

    ekkenek hari inna eka sathutak:)
     
    • Like
    Reactions: chalirox

    dinushamotion

    Active member
  • Aug 5, 2009
    382
    64
    28
    colombo
    මෙව්වා දැම්මට අද කාලේ කියවල ඔලුවට අරන් අනික් උදවියට බලන්න bump කරන්න තරම් ගුණවත් එවුන් මේ එළකිරියේ බොහොම අඩුයි. පිට ජාතියකට හරි ආගමකට හරි අපහාස කරන්න උන්ගේ වැරදි හොයන්න ත්‍රෙඩ් එකක් දැම්මනම් එක පැයට බම්ප් 50ක් 100 ක් වැටෙනවා. සසර කෙටි කරගන්න පාර අපේ එවුන්ට බුදුරජානන් වහන්සේ පෙන්නලා දීල තියෙද්දිත් අපේ එවුන් යන්නෙම සසර දික් කරගන්න පාරේම තමයි.
    සියලු සත්වයෝ සුවපත් වේවා...! වර්තමාන සමාජය දෙස බලනකොට අපට පෙනෙන්නේ මිනිසුන් බොහෝ දුරට අසිහියෙන් මුදල් තකා,ආත්ම අභිමානය තකා,මෙම තාවකාලික අස්ථිර වූ කය පිනවීම සඳහා කරන්නා වූ වෑයමක් පමණි.එවැනි මිනිසුන් හට ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය කෙසේ නම් අවබෝධ වන්නද??දියුණුවනවා යැයි සිතන බොළඳ තාක්‍ෂණය ගැන සිහින දකින මිනිසුන්ට ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ‍‍විශිෂ්ඨ වූ තාක්‍ෂණය කෙසේ නම් අවබෝධ කරන්නද?රට තුල ධර්මය ශාසනය පිරිහී යන මොහොතක මෙවැනි දෙයක් පළ කිරීමට සිතුනි..දිවයින පුවත්පතේ මහ රහතුන් වැඩි මඟ ඔස්සේ ලිපි මාලාව ලියූ පූජණීය භික්‍ෂුව පැවසූ වටිනා වැකි කිහිපයකි..පහළ තියන Link එකෙන් Download කරගන්න. හිස්,කාමයන් වැඩෙන දේ සඳහා මිඩංගු කරනා කාලයෙන් මොහොතක් වත් මෙම භවයේදීම උතුම් නිර්වාණය අවබෝධය පිණිස වැය කරන්න.තෙරුවන් සරණයි!

    http://www.mediafire.com/download/64...RUWAN+WEKI.rar

    • Like
    Reactions: rashee_irosh

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth

    TFS ++
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    නියමයි සහෝ.බෞද්ධ ධර්මය හෑල්ලු කරන ත්‍රේඩ් අතරෙ මේ වගේ ත්‍රේඩ් හුඟක් වටිනවා.
    11.gif
    rep​
     
    • Like
    Reactions: Iron Monger

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ධර්ම දානයට ගොඩක් පිං සහොදරයා... (+2)

    දැන් ඉන්න බෞද්ධයො ගොඩක් අය දැන් ඔය කර්මය විශ්වාස කරන්නෙ නැ නෙ සහො. උන්ට පේන්නෑලුනෙ ඒක.
     
    • Like
    Reactions: Iron Monger

    suranga034

    Well-known member
  • Jan 2, 2011
    982
    134
    63
    "සබබ දානං ධම්ම දානං ජිනාති" - ධර්ම දානය සියලු දානයන් දිනන්නේ ය